උකනව දාල.. මටත් ඔය වගේ සීන් එකක් වුනා දැනට අවුරුදු 8-10කට වගේ කලින්. මම ඉස්සර ඩී.ජේ සීන් එකේ හිටිය. පාටි කියන්නෙ ඉතින් නතින්. දවසක් වෙඩින්, ඊලඟ දවසෙ ගෙට් ටුගෙදර්, ඊට පස්සෙ දවසෙ බර්ත්ඩේ පාටි ඔහොම තමයි ලයිෆ් එක. ගෙදරින් කන්නෙම නැති තරම්. බිව්වට වැටෙන්න බොන්නෙ නෑ කවදාවත්. මේ සීන් එක වෙච්ච දවසෙ මම හෙන අප්සට් පිට හිටියෙ මොකද කෙල්ල එක්ක බැනගෙන ආස්‍රය ඉවර කරපු නිසා. එදාම රෑ හෝම්කමින් එකකට ඩී.ජේ කරන්න කතා කරල තිබ්බ, මමයි යාලුවයි ගියා, මම තමයි ඉස්සෙල්ලම සෙට් එක ප්ලේ කරන්නෙ පැය 2ක් විතර. ඊට පස්සෙ අරූ ටේක් ඕවර් කරල ඉතුරු ටික ප්ලේ කරනව. අපි සවුන්ඩ් සෙට් කරල ඉවර වෙනකොට ඒ අදාල පුද්ගලයො බෝතල්, බයිට් එහෙම ගෙනල්ල ඉතින් "අයියෙ, මදි වුනොත් කියන්න අපි එහා පැත්තෙ ඉන්නෙ කියල" කියල චිකන් ඩෙවල්, කඩල, මුරුක්කු, බියර්, කොකා කෝල මෙගා (ශීත කල.) එහෙම දෙනව. කොහෙ වුනත් ඕක සම්ප්රදාය. එහෙම නැතත්, අපි කලින්ම අදාල අංශ දැනුවත් කරනව මේව තමා මැන්ඩටරි කියල, හිකිස්..
ඔන්න ඉතින් මෙතනත් සුපුරුදු පරිදි මගේ සෙට් එක ප්ලේ කරල ඉවර වෙලා සෙට් වුනා මම තනියම. අරූ නම් අරික් කාලක් විතර ගහල 750මි.ලී බෝතලෙන්. දේශීය දේ නෙ, අපරාදෙ. මගෙ හිතේ අමාරුවටත් එක්ක බීගෙන බීගෙන ගියා, වෙනදට තැපෑලෙ යන එක මෙදා එක්ස්ප්‍රස් වැඩුන කියහන්කො බීපු තරමට. බයිටුත් නෑ අරූ කාල චිකන්,මම කටු කන්න යැ.. ලොකු ටෝක්ස් දුන්නට ගේන එවුනුත් හොයාගන්න නෑ.. බයිටුත් ඕන නෑ කියල ගහගෙන ගහගෙන ගියා.. අරූ කිව්ව ලාවට ගහපන් මට බඩු තනියම උස්සන්න බෑ කියල, මම ඇහුනෙ නෑ වගෙ බිව්ව.. හෆ්ෆට මට එහා පැත්තෙ තියල තිබ්බෙ රවුම් මේසයක් අයිස් ක්‍රීම් කෝප්ප තිබ්බ. (අයිස් ක්‍රීම් නෑ, හිස් එව්ව.) මම ගහල ගහල අර කෝප්ප පිරෙන්න කබරය දාල. මට මෙලෝ දෙයක් මතක නෑ.. කොහොමහරි මගෙ යාලුව එහා පැත්තෙ හිටපු කොල්ලො 2,3දෙනෙකුට කියල මාව එලියෙන් දාල ඒ මේසෙ අයින් කරන්න කියල. මුන් මාව තාප්පයක් කොනක තිබ්බ පුටුවකින් වාඩි කරවල ඔලුව බිමට හරවල. මම දාල හොඳට. ඊට පස්සෙ මට මතකයි තව උන් 3,4දෙනෙක්ම සෙට් වුනා මගෙ එහා පැත්තට. ඔක්කොම මට වෙච්ච සීන් එක තමා. කබරය. මම බාත්රූම් එක අහගෙන ඒක ඇතුලට ගියා විතරයි මතක, බොකකුත් සෙට්. ඒකත් දාන ගමන් ඉන්නකොට කවුද හුයන්නෙක් දොරට ගහනව ගහනව ඉවරයක් නෑ.. මම මොන හු..යකොව් හිටපියව් එනකන් කිය කිය තව ටිකක් හිටිය, ඊට පස්සෙ ආයෙ වෙන එකෙක් අහනව හු.. වරෙන් යන්න ගෙදර වැඩේ ඉවරයි, කියල, මම ඇහුව කවුද ප.. උඹ මාව ගෙදර ගෙනියන්න කියල. හෆ්ෆ දොර ඇරන් එලියට බහිනකොට මගෙ යාලුව, පිස්සු හැදෙනව, මූ කොල්ලො එක්ක එකතුවෙලා වයර්, ඈම්ප්,කොන්සෝල්, ස්පීකර් ගලවන් වාහනේටත් දාල මම එලියට එනකන් දොරට තඩි බාල පැය බාගයක් විතර. මම මෙව්ව දන්නෙ පස්සෙ දවසෙ : කබරය අයිස් ක්‍රීම් කෝප්ප, මම බාත් රූම් එකේ පැය 2කටත් වැඩි කාලයක් ගත කල බව.. අරූ පැය බාගයක් දොරට තඩි බබා මට කුනුහරපෙන් සන්ග්‍රහ කරමින් අම්ම මුත්ත මතක් කරපු බව.. බඩ ගාගෙන වාහනේට නැගපු හැටි. මුකුත් වුනේ නෑ වගේ ගෙදරට ගෙනත් බස්සපු හැටි-මාලබේ පැත්තෙ වගේ තමා ඕක තිබ්බෙ මතක හැටියට (දෙල්කඳ ගෙදරට එන්න විනාඩි 2ක් ගියෙත් නෑ වගේ බං) , මම මීය වගේ ගේ ඇතුලට ගිය හැටි.. ඌ ඒව මතක් කරනව අදටත් හිටපු ගමන්.. හැබැයි දැන් නම් මම ඩී.ජේ සීන් එකේ නැති තරම්..
මම එදායින් පස්සෙ හිතාගත්ත ආයෙ බිව්වත්, මෙච්චර චාටර් වෙන්න නොබොන බව.
[/SIZE]