කණ්ඩායම් මානසිකත්වය
කණ්ඩායමක් විදිහට හැසිරෙනවිට, තනි තනිව සිටියදී හැසිරෙන විදිහට වඩා වෙනස් අන්දමින් තමයි අපි හැසිරෙන්නෙ. මේ ගැන ගොඩක් මනෝ විද්‍යාත්මක පර්යේෂන කරල තියෙනවා.
මේ ඉන් කරුණු කීපයක්.
කණ්ඩායමක් ලෙස අපි එකතු වෙන්නෙ යම් කිසි පොදු ලක්ෂණයක් අප අතර ඇති නිසා. පටන් ගැනීමෙදි එහෙම උණත්, සමහර දේවලදි අපි විවිධ මත දරන්න පුළුවන්. නමුත් කණ්ඩායමක සාර්ථක සාමාජිකයෙක් වෙන්නනම්, පොදු මතයෙ ඉන්න වෙනවා. සාමාජිකයන් බහුතර මතය පිළි ගන්නෙ පැහැදිලිව පෙනෙන සත්‍යයට පවා පටහැනිව. විශේෂයෙන්, තමන්ට පෙර සාමාජිකයන් ඉදිරිපත් කර ඇත්තේ යම් අදහසක්ද, ඊට පටහැණි අදහස් ඉදිරිපත් කිරීම ඉතා අඩුයි. බොහෝවිට එසේ විරුද්ධ මතයක් ඉදිරිපත් කරන්නා කොන් වෙනවා. (පොඩ්ඩක් හිතන්නකො අතුල ගැන.
) නමුත් යම් කෙනෙක් පොදු මතය තමන් ඉදිරියෙ තිබියදීත් තමන්ට පැහදිලිව පෙනෙන සත්‍යය ප්‍රකාශ කළානම්, ඊට පසු අදහස් ප්‍රකාශ කරන අය, මේ දෙවන මතය හෝ, තමන්ගේම අදහසක් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව වැඩියි.
තවත් දෙයක් තමයි කණ්ඩායමක් විදිහට හිතනකොට ඇති වන ධෛර්යය. තනිව සිටියදී කිරීමට ඉදිරිපත් නොවන දේ කරන්නෙ කිසි පැකිළිමක් නැතිව. අහල ඇති මැර කණ්ඩායම් ගැන; නැත්නම් ත්‍රස්ත ක්‍රියා ගැන.ඒත් නැත්නම් බිග් මැච් දවස්වල, අපි තනියෙන්නම් නොකරන කොච්චර දේවල් කරනවද කල්ලි හැදිල? ඒ වගේම, කරන්න බැරි බව හිතන් ඉන්න ගොඩක් දේවල් කරන්න පුළුවන් කණ්ඩායමකට. අසාධාරනයකට එරෙහිව සටන් කිරීම ඒ වගේ තැනක්.
කණ්ඩායමේ අදහස් වලට විරුද්ධ මත දරන පිටස්තර කාණ්ඩ සමග ඇති වන වලි තවත් පැත්තක්. පිටස්තරයන් ව සාම්ප්‍රදායික රාමුවක් තුළ දැකීම වැඩියි, කණ්ඩායමක් විදිහට එකතු උණාම. ඇතැම්විට, යම් කරුණක් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාවක් නොගන්නා කණ්ඩායමක් උණත්, තම මතයට පටහැණි අදහසක් වෙන කවුරු හරි ඉදිරිපත් කළාම වලියට යන්නෙ බොක්කෙන්මයි. පොඩ්ඩක් හිතන්නකො අපේ ආගම් ප්‍රශ්න ගැන. වෙන ආගමක මතය සමග හැප්පෙන්න, නැත්තම්, අපේ ආගමට අපහාස කළ කෙනෙක් එක්ක වලියක් ඇද ගන්න තියෙන උනන්දුව, ආගම ගැන අනික් වෙලාවට නැහැනෙ.
ඒ වගේම කණ්ඩායම් හැඟීම ශක්තිමත් වෙනවා බාහිර බලපෑමක් එනකොට. ඇතැම් සුලු ජාතික පිරිසක් එකිනෙකා කෙරෙහි සහෝදර බැම්මෙන් බැඳී යන්නෙ, ජාතියක් හැටියට තමුන්ට ප්‍රශ්න එනකොට. එහෙම ප්‍රශ්න නැත්නම් ඒ අය අතර බැඳීමත් අඩුයි.
ඔන්න ඔහොමයි කණ්ඩායම් මානසිකත්වය අප කෙරෙහි බල පාන්නෙ. එය හොඳ වෙන්නත් පුළුවන්; නරක වෙන්නත් පුළුවන්. නරක පැත්තකට නොයන ලෙස පරිස්සම් වෙන්නත් ක්‍රම තියෙනවා.
හැම දෙනාටම අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දීම, පොදු මතයට විරුද්ධ මත ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් පත් කිරීම, පිටස්තරයන්ගෙන් කණ්ඩායම පිළිබඳ වාර්තාවක්/විවේචනයක් ලබා ගැනීම ඒ ක්‍රම අතරින් කිහිපයක්.
මොකද ඔබ මේ ගැන හිතන්නෙ? අපේ එළකිරි ගැන මේ දේවල් ඇත්තද? මේ දේවල් අපිට එළකිරි තව උසස් කර ගන්න පාවිච්චි කරන්න පුළුවන්ද?
කණ්ඩායමක් විදිහට හැසිරෙනවිට, තනි තනිව සිටියදී හැසිරෙන විදිහට වඩා වෙනස් අන්දමින් තමයි අපි හැසිරෙන්නෙ. මේ ගැන ගොඩක් මනෝ විද්‍යාත්මක පර්යේෂන කරල තියෙනවා.
මේ ඉන් කරුණු කීපයක්.
කණ්ඩායමක් ලෙස අපි එකතු වෙන්නෙ යම් කිසි පොදු ලක්ෂණයක් අප අතර ඇති නිසා. පටන් ගැනීමෙදි එහෙම උණත්, සමහර දේවලදි අපි විවිධ මත දරන්න පුළුවන්. නමුත් කණ්ඩායමක සාර්ථක සාමාජිකයෙක් වෙන්නනම්, පොදු මතයෙ ඉන්න වෙනවා. සාමාජිකයන් බහුතර මතය පිළි ගන්නෙ පැහැදිලිව පෙනෙන සත්‍යයට පවා පටහැනිව. විශේෂයෙන්, තමන්ට පෙර සාමාජිකයන් ඉදිරිපත් කර ඇත්තේ යම් අදහසක්ද, ඊට පටහැණි අදහස් ඉදිරිපත් කිරීම ඉතා අඩුයි. බොහෝවිට එසේ විරුද්ධ මතයක් ඉදිරිපත් කරන්නා කොන් වෙනවා. (පොඩ්ඩක් හිතන්නකො අතුල ගැන.
) නමුත් යම් කෙනෙක් පොදු මතය තමන් ඉදිරියෙ තිබියදීත් තමන්ට පැහදිලිව පෙනෙන සත්‍යය ප්‍රකාශ කළානම්, ඊට පසු අදහස් ප්‍රකාශ කරන අය, මේ දෙවන මතය හෝ, තමන්ගේම අදහසක් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව වැඩියි.තවත් දෙයක් තමයි කණ්ඩායමක් විදිහට හිතනකොට ඇති වන ධෛර්යය. තනිව සිටියදී කිරීමට ඉදිරිපත් නොවන දේ කරන්නෙ කිසි පැකිළිමක් නැතිව. අහල ඇති මැර කණ්ඩායම් ගැන; නැත්නම් ත්‍රස්ත ක්‍රියා ගැන.ඒත් නැත්නම් බිග් මැච් දවස්වල, අපි තනියෙන්නම් නොකරන කොච්චර දේවල් කරනවද කල්ලි හැදිල? ඒ වගේම, කරන්න බැරි බව හිතන් ඉන්න ගොඩක් දේවල් කරන්න පුළුවන් කණ්ඩායමකට. අසාධාරනයකට එරෙහිව සටන් කිරීම ඒ වගේ තැනක්.
කණ්ඩායමේ අදහස් වලට විරුද්ධ මත දරන පිටස්තර කාණ්ඩ සමග ඇති වන වලි තවත් පැත්තක්. පිටස්තරයන් ව සාම්ප්‍රදායික රාමුවක් තුළ දැකීම වැඩියි, කණ්ඩායමක් විදිහට එකතු උණාම. ඇතැම්විට, යම් කරුණක් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාවක් නොගන්නා කණ්ඩායමක් උණත්, තම මතයට පටහැණි අදහසක් වෙන කවුරු හරි ඉදිරිපත් කළාම වලියට යන්නෙ බොක්කෙන්මයි. පොඩ්ඩක් හිතන්නකො අපේ ආගම් ප්‍රශ්න ගැන. වෙන ආගමක මතය සමග හැප්පෙන්න, නැත්තම්, අපේ ආගමට අපහාස කළ කෙනෙක් එක්ක වලියක් ඇද ගන්න තියෙන උනන්දුව, ආගම ගැන අනික් වෙලාවට නැහැනෙ.
ඒ වගේම කණ්ඩායම් හැඟීම ශක්තිමත් වෙනවා බාහිර බලපෑමක් එනකොට. ඇතැම් සුලු ජාතික පිරිසක් එකිනෙකා කෙරෙහි සහෝදර බැම්මෙන් බැඳී යන්නෙ, ජාතියක් හැටියට තමුන්ට ප්‍රශ්න එනකොට. එහෙම ප්‍රශ්න නැත්නම් ඒ අය අතර බැඳීමත් අඩුයි.
ඔන්න ඔහොමයි කණ්ඩායම් මානසිකත්වය අප කෙරෙහි බල පාන්නෙ. එය හොඳ වෙන්නත් පුළුවන්; නරක වෙන්නත් පුළුවන්. නරක පැත්තකට නොයන ලෙස පරිස්සම් වෙන්නත් ක්‍රම තියෙනවා.
හැම දෙනාටම අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දීම, පොදු මතයට විරුද්ධ මත ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් පත් කිරීම, පිටස්තරයන්ගෙන් කණ්ඩායම පිළිබඳ වාර්තාවක්/විවේචනයක් ලබා ගැනීම ඒ ක්‍රම අතරින් කිහිපයක්.
මොකද ඔබ මේ ගැන හිතන්නෙ? අපේ එළකිරි ගැන මේ දේවල් ඇත්තද? මේ දේවල් අපිට එළකිරි තව උසස් කර ගන්න පාවිච්චි කරන්න පුළුවන්ද?
ආණ්ඩුව මාරු උනත් වැඩක් නැහැ.