කණ්ඩායම් මානසිකත්වය

sudunone

Member
May 23, 2009
3,781
121
0
කණ්ඩායම් මානසිකත්වය

කණ්ඩායමක් විදිහට හැසිරෙනවිට, තනි තනිව සිටියදී හැසිරෙන විදිහට වඩා වෙනස් අන්දමින් තමයි අපි හැසිරෙන්නෙ. මේ ගැන ගොඩක් මනෝ විද්‍යාත්මක පර්යේෂන කරල තියෙනවා.

මේ ඉන් කරුණු කීපයක්.

කණ්ඩායමක් ලෙස අපි එකතු වෙන්නෙ යම් කිසි පොදු ලක්ෂණයක් අප අතර ඇති නිසා. පටන් ගැනීමෙදි එහෙම උණත්, සමහර දේවලදි අපි විවිධ මත දරන්න පුළුවන්. නමුත් කණ්ඩායමක සාර්ථක සාමාජිකයෙක් වෙන්නනම්, පොදු මතයෙ ඉන්න වෙනවා. සාමාජිකයන් බහුතර මතය පිළි ගන්නෙ පැහැදිලිව පෙනෙන සත්‍යයට පවා පටහැනිව. විශේෂයෙන්, තමන්ට පෙර සාමාජිකයන් ඉදිරිපත් කර ඇත්තේ යම් අදහසක්ද, ඊට පටහැණි අදහස් ඉදිරිපත් කිරීම ඉතා අඩුයි. බොහෝවිට එසේ විරුද්ධ මතයක් ඉදිරිපත් කරන්නා කොන් වෙනවා. (පොඩ්ඩක් හිතන්නකො අතුල ගැන. :rofl: ) නමුත් යම් කෙනෙක් පොදු මතය තමන් ඉදිරියෙ තිබියදීත් තමන්ට පැහදිලිව පෙනෙන සත්‍යය ප්‍රකාශ කළානම්, ඊට පසු අදහස් ප්‍රකාශ කරන අය, මේ දෙවන මතය හෝ, තමන්ගේම අදහසක් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව වැඩියි.

තවත් දෙයක් තමයි කණ්ඩායමක් විදිහට හිතනකොට ඇති වන ධෛර්යය. තනිව සිටියදී කිරීමට ඉදිරිපත් නොවන දේ කරන්නෙ කිසි පැකිළිමක් නැතිව. අහල ඇති මැර කණ්ඩායම් ගැන; නැත්නම් ත්‍රස්ත ක්‍රියා ගැන.ඒත් නැත්නම් බිග් මැච් දවස්වල, අපි තනියෙන්නම් නොකරන කොච්චර දේවල් කරනවද කල්ලි හැදිල? ඒ වගේම, කරන්න බැරි බව හිතන් ඉන්න ගොඩක් දේවල් කරන්න පුළුවන් කණ්ඩායමකට. අසාධාරනයකට එරෙහිව සටන් කිරීම ඒ වගේ තැනක්.

කණ්ඩායමේ අදහස් වලට විරුද්ධ මත දරන පිටස්තර කාණ්ඩ සමග ඇති වන වලි තවත් පැත්තක්. පිටස්තරයන් ව සාම්ප්‍රදායික රාමුවක් තුළ දැකීම වැඩියි, කණ්ඩායමක් විදිහට එකතු උණාම. ඇතැම්විට, යම් කරුණක් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාවක් නොගන්නා කණ්ඩායමක් උණත්, තම මතයට පටහැණි අදහසක් වෙන කවුරු හරි ඉදිරිපත් කළාම වලියට යන්නෙ බොක්කෙන්මයි. පොඩ්ඩක් හිතන්නකො අපේ ආගම් ප්‍රශ්න ගැන. වෙන ආගමක මතය සමග හැප්පෙන්න, නැත්තම්, අපේ ආගමට අපහාස කළ කෙනෙක් එක්ක වලියක් ඇද ගන්න තියෙන උනන්දුව, ආගම ගැන අනික් වෙලාවට නැහැනෙ.

ඒ වගේම කණ්ඩායම් හැඟීම ශක්තිමත් වෙනවා බාහිර බලපෑමක් එනකොට. ඇතැම් සුලු ජාතික පිරිසක් එකිනෙකා කෙරෙහි සහෝදර බැම්මෙන් බැඳී යන්නෙ, ජාතියක් හැටියට තමුන්ට ප්‍රශ්න එනකොට. එහෙම ප්‍රශ්න නැත්නම් ඒ අය අතර බැඳීමත් අඩුයි.

ඔන්න ඔහොමයි කණ්ඩායම් මානසිකත්වය අප කෙරෙහි බල පාන්නෙ. එය හොඳ වෙන්නත් පුළුවන්; නරක වෙන්නත් පුළුවන්. නරක පැත්තකට නොයන ලෙස පරිස්සම් වෙන්නත් ක්‍රම තියෙනවා.

හැම දෙනාටම අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දීම, පොදු මතයට විරුද්ධ මත ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් පත් කිරීම, පිටස්තරයන්ගෙන් කණ්ඩායම පිළිබඳ වාර්තාවක්/විවේචනයක් ලබා ගැනීම ඒ ක්‍රම අතරින් කිහිපයක්.

මොකද ඔබ මේ ගැන හිතන්නෙ? අපේ එළකිරි ගැන මේ දේවල් ඇත්තද? මේ දේවල් අපිට එළකිරි තව උසස් කර ගන්න පාවිච්චි කරන්න පුළුවන්ද?
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතා පැහැදිලි , අදහස් ඉදිරිපත් කිරීමක්,
    බොහෝ දෙනෙක් එකට රොක් වී සිටින්නේ සමාන අදහස් දරන නිසා තමයි,
    නමුත් ඒ අතර ඉදන් , හොද බුද්ධියකින් , අනිත් මත තර්කානුකූලව වෙනස් කරන අයත් ඉන්නවා ,ඒ කියන්නේ , විරුද්ධ මතයක් ඉදිරිපත් කර , ඒ මතය පැහැදිලිව ඔප්පුකලොත් අනිත් පුද්ගලයනුත් ඒ මතයට එන්න පුලුවන් , බොහෝ අවස්තාවල මා විසින් එසේ තර්ක එදිරිපත් කර , මත වෙනස් කල අවස්ථාද තිබෙනවා , සාමූහික බැදීම බොහෝම වැදගත් , හොද නුවණක් ලබා ගන්නනම් එසේ සිටීම ඉතා වැදගත්.
    නමුත් බොහෝ අවස්ථාවල දකින දෙයක් තමයි, සාමූහික බැදීම නරක අතට යොමුවීම

    අන්තර්ජාලය හරහා සාමාන‍ය්‍ය දුරකට ඔය කියන කරුණු සිදුවිය හැකි බවයි , මගේ හැඟීම
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව්, ඔයා හරි. තනි පුද්ගලයකුට, නැත්නම් කුඩා පිරිසකට පුළුවන් බහුතරයෙ ආකල්ප වෙනස් කරන්න. තනි පුද්ගලයා තම මතයෙ ස්ථාවරනම්, නම්‍යශීලීනම්, නිහතමානීනම්, ආත්ම විශ්වාසයෙන් යුතුනම් පුළුවන්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉ‍තා‍ම‍ත්‍ කා‍ලෝ‍චි‍ත‍ මා‍තෘ‍කා‍ව‍ක්‍ සං‍වා‍ද‍ය‍ට බ‍ඳු‍න්‍ කි‍රී‍ම‍ ගැ‍න ප‍ල‍මු‍ව‍ sudunone ඔ‍බ‍ට‍ ම‍ගේ‍ ආ‍චා‍ර‍ය‍...

    ක‍න්‍ඩා‍ය‍ම්‍ මා‍න‍සි‍ක‍ත්‍ව‍ය‍ හා‍ ක‍න්‍ඩා‍ය‍ම‍ක්‍ තු‍ල‍ ත‍ම‍න්‍ ගො‍ඩ‍ නැ‍ඟී‍ම ඉ‍තා‍ හො‍ඳ රු‍කු‍ල‍ක්‍ වෙ‍න‍වා‍ හැ‍කි‍යා‍ව‍න්‍ හා‍ කු‍ස‍ල‍තා‍ව‍න්‍ චි‍ත්‍ත අ‍භ්‍යන්‍ත‍ර‍යේ‍ම ප‍ම‍නක්‍ ර‍ඳ‍වා‍ ගෙ‍න‍ ඒ‍ත්‍ ස‍මා‍ජයේ‍ ඔ‍හු‍ හෝ‍ ඇ‍ය ව‍ටා‍ සි‍ටි‍නා‍ අ‍ය‍ අ‍ත‍ර‍ට කෙ‍ලි‍න්‍ම‍ එ‍න්න හි‍තේ‍ වි‍ස්‍වා‍ස‍ය‍ක්‍ නැ‍ති‍ අ‍ය‍ට‍...

    ක‍න්‍ඩා‍ය‍ම‍ක්‍ ස‍මඟ ක්‍රි‍යා‍ කි‍රී‍මේ‍දී‍ ඒ‍ ප්‍ර‍වේ‍ශය‍ නි‍රන්‍ත‍ර‍යෙ‍න්‍ ලැ‍බෙ‍න‍ නි‍සා‍...තම‍න්‍ ත‍නි‍යෙ‍න්‍ ක්‍රි‍යා‍ නො‍ක‍ර‍න බ‍ව‍ත්‍, මෙ‍ය‍ සා‍මූ‍හි‍ක‍ ප්‍ර‍ය‍ත්‍න‍ය‍ක්‍ බ‍ව‍ත්‍ සි‍ත‍ තු‍ල‍ නි‍ද‍න්‍ ග‍ත‍ වු‍ වි‍ට‍ ත‍ව‍ දු‍ර‍ට‍ත්‍ අ‍නි‍සි‍ බි‍ය‍ සි‍ත‍ අ‍භ්‍යන්‍ත‍ර‍යෙ‍න්‍ ව‍හා‍ ගි‍ලි‍හී‍ ගො‍සි‍න්‍ දි‍ය‍ ය‍ට‍ එ‍බූ‍ ර‍බර් බෝ‍ල‍ය‍ක්‍ මෙ‍න්‍ එ‍ය‍ ම‍තු‍ පි‍ට‍ට‍ ප්‍ර‍වි‍ෂ්‍ඨ වෙ‍න්නේ‍ ඔ‍හු‍ට‍ හෝ‍ ඇ‍ය‍ට‍ත්‍ නො‍දැ‍නි‍ම‍ හො‍රෙ‍න්‍ම‍..

    එ‍ත‍නදී‍ එ‍ම‍ පු‍ද්‍ග‍ල‍යා‍ තු‍ල‍ ඇ‍ති‍ වෙ‍න‍ ආ‍ත්‍ම වි‍ශ්‍වා‍ශය‍ එ‍ම‍ තැ‍නැ‍ත්‍තා‍ගේ‍ අ‍නා‍ග‍ත‍යට සා‍පේ‍ක්‍ෂව‍ ඉ‍තා‍ දි‍ගු‍ දු‍ර‍ ග‍ම‍න‍ක සා‍ධනී‍ය‍ ල‍ක්‍ෂන ම‍තු‍ ක‍ර ග‍න්නට පු‍ළු‍ව‍න්‍ අ‍වස්‍ථා‍ හා‍ ඉ‍ඩ ක‍ඩ සී‍මා‍ ර‍හි‍ත‍ වෙන්න පු‍ළු‍ව‍න්‍...

    එ‍ය‍ ආ‍දේ‍ශ ක‍ර‍න්න පු‍ළු‍වන්‍ අ‍පේ‍ එ‍ළකි‍රි‍ එ‍කේ‍ ඉ‍න්න ත‍රු‍න‍ ප‍ර‍පු‍ර‍ට..

    ඔ‍වු‍න්ගෙ‍ අ‍ද‍හ‍ස්‍ හා‍ කු‍ස‍ල‍තා‍ ම‍තු‍ ක‍ර‍ ගැ‍නී‍ම‍ට‍...ඔ‍ප්‍ නං‍වා‍ ගැ‍නී‍ම‍ට අ‍පි‍ කං‍ඩා‍ය‍ම‍ක්‍ ව‍ස‍යෙ‍න්‍ ඔ‍වු‍න්‍ තෝ‍රා‍ බේ‍රා‍ගෙ‍න‍ ව‍රි‍න්‍ ව‍ර‍ ඔ‍හු‍න්‍ව ක්‍ර‍මා‍නු‍කූ‍ලව‍ හා‍ සැ‍ල‍සු‍ම්‍ ස‍හ‍ග‍ත‍ ලෙ‍සි‍න්‍ දි‍රි‍ ගැ‍න්‍වී‍ම්‍ ක‍ල යු‍තු‍යි‍‍...උ‍දා‍හ‍ර‍න‍ය‍ක්‍ ව‍ශයෙ‍න්‍ දේ‍ශපා‍ලනි‍ක‍ හා‍ ජා‍ති‍ක‍ ප්‍ර‍බෝ‍ද‍ය‍ක්‍ ඇ‍ති‍ කො‍ට‍ස්‍...සා‍හි‍ත්‍යම‍ය‍ අ‍ව‍බෝ‍ධ‍ය‍ක්‍ ඇ‍ති‍ ක‍වි‍, නි‍ස‍දැ‍ස්‍, කෙ‍ටි‍ ක‍ථා‍ ව‍ගේ‍ ලි‍ය‍න්න හැ‍කි‍යා‍ව‍ ඇ‍ති‍ පි‍රි‍ස්‍... වේ‍දි‍කා‍ නා‍ට්‍ය‍ය‍ හා‍ සි‍නමා‍ අ‍ව‍බෝ‍ධය‍ ඇ‍ති‍ පි‍රි‍ස්‍.....වි‍වි‍ධ භාෂා‍ දැ‍නු‍ම‍ හා‍ තා‍ක්‍ෂණි‍ක දැ‍නු‍මි‍න්‍ මු‍හු‍කු‍රා‍ ගි‍ය‍ කො‍ට‍ස්‍ ඔ‍ය‍ ක‍ට්‍ටි‍ය‍ ඒ‍කරා‍ශී‍ ක‍ර‍ල‍ ඔ‍හු‍න්‍ට නි‍සි‍ ම‍ග‍ පෙ‍න්‍ව‍න‍ බු‍ද්‍ධි‍ම‍ත්‍ නා‍ය‍ක‍ත්‍ව‍ය‍ක්‍ අ‍පි‍ සැ‍ප‍යි‍ය‍ යු‍තු‍යි‍.....
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම ස්තුතියි ron silva සහෝදරයගෙ වැදගත් අදහස් වලට.
    ක‍න්‍ඩා‍ය‍ම්‍ මා‍න‍සි‍ක‍ත්‍ව‍ය‍ හා‍ ක‍න්‍ඩා‍ය‍ම‍ක්‍ තු‍ල‍ ත‍ම‍න්‍ ගො‍ඩ‍ නැ‍ඟී‍ම ඉ‍තා‍ හො‍ඳ රු‍කු‍ල‍ක්‍ වෙ‍න‍වා‍ හැ‍කි‍යා‍ව‍න්‍ හා‍ කු‍ස‍ල‍තා‍ව‍න්‍ චි‍ත්‍ත අ‍භ්‍යන්‍ත‍ර‍යේ‍ම ප‍ම‍නක්‍ ර‍ඳ‍වා‍ ගෙ‍න‍ ඒ‍ත්‍ ස‍මා‍ජයේ‍ ඔ‍හු‍ හෝ‍ ඇ‍ය ව‍ටා‍ සි‍ටි‍නා‍ අ‍ය‍ අ‍ත‍ර‍ට කෙ‍ලි‍න්‍ම‍ එ‍න්න හි‍තේ‍ වි‍ස්‍වා‍ස‍ය‍ක්‍ නැ‍ති‍ අ‍ය‍ට‍...

    මෙන්න මේ දෙයනම් හරිම ඇත්ත. සමහරවිට සැබෑ ජීවිතයෙදි, අප කියන දෙයක් අහන්නවත් අප වටේ ඉන්න පිරිස සූදානම් නැති වෙන්න පුළුවන්. එතකොට ආත්ම විශ්වාසයකින් තොර කෙනෙක්, ලජ්ජාශීලි කෙනෙක්, නිකම්ම යට යනවා. අන්තර්ජාලයෙදි මේ තත්ත්වය වෙනස්. ඇහුවත් නැතත් අඩු ගානෙ අදහස ප්‍රකාශ කරන්නවත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමන් මෙන් හිතන තව අය සමග කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට ලැබෙනවා.

    හැබැයි, මෙහෙම දෙයකුත් මට වෙලාවකට එළකිරි තුළ පෙනෙනවා. සමහර කෙනෙක් උත්සහ කරනවා අනෙක් අය සමග මිත්‍ර වීමට. හරියටම කොහොමද කාගෙවත් හිත දිනා ගන්නෙ, අනෙක් අය කතා කරන්න කැමති මොනවද කියල අපි ගොඩක් දෙනෙක් දන්නෙ නැහැනෙ. ඉතින් සමහර අය මොනව කිව්වත්, තව පිරිසක් ඒ අයව කපන්න උත්සහ කරනවා. උදාහරනයක් විදිහට අතුල හොඳ දෙයක් කියාගෙන ආවත් අපි ගොඩක් දෙනෙක් උත්තර දෙන්නෙ වලියෙන්. කෙනෙක් හොඳ විදිහට කණ්ඩායමේ අවධානය දිනා ගන්න බැරි උණාම ඊලගට බලන්නෙ නරකින් හරි අවධානය ගන්න. සැබෑ ජීවිතයෙටත් පසු බෑමකට ලක් වූ කෙනෙක් එහෙම කරන්න අවස්ථාව වැඩියි.

    අපි කොහොමද හැම දෙනෙක්වම දිරි ගන්වන්නෙ?

    ඔ‍වු‍න්ගෙ‍ අ‍ද‍හ‍ස්‍ හා‍ කු‍ස‍ල‍තා‍ ම‍තු‍ ක‍ර‍ ගැ‍නී‍ම‍ට‍...ඔ‍ප්‍ නං‍වා‍ ගැ‍නී‍ම‍ට අ‍පි‍ කං‍ඩා‍ය‍ම‍ක්‍ ව‍ස‍යෙ‍න්‍ ඔ‍වු‍න්‍ තෝ‍රා‍ බේ‍රා‍ගෙ‍න‍ ව‍රි‍න්‍ ව‍ර‍ ඔ‍හු‍න්‍ව ක්‍ර‍මා‍නු‍කූ‍ලව‍ හා‍ සැ‍ල‍සු‍ම්‍ ස‍හ‍ග‍ත‍ ලෙ‍සි‍න්‍ දි‍රි‍ ගැ‍න්‍වී‍ම්‍ ක‍ල යු‍තු‍යි‍‍...උ‍දා‍හ‍ර‍න‍ය‍ක්‍ ව‍ශයෙ‍න්‍ දේ‍ශපා‍ලනි‍ක‍ හා‍ ජා‍ති‍ක‍ ප්‍ර‍බෝ‍ද‍ය‍ක්‍ ඇ‍ති‍ කො‍ට‍ස්‍...සා‍හි‍ත්‍යම‍ය‍ අ‍ව‍බෝ‍ධ‍ය‍ක්‍ ඇ‍ති‍ ක‍වි‍, නි‍ස‍දැ‍ස්‍, කෙ‍ටි‍ ක‍ථා‍ ව‍ගේ‍ ලි‍ය‍න්න හැ‍කි‍යා‍ව‍ ඇ‍ති‍ පි‍රි‍ස්‍... වේ‍දි‍කා‍ නා‍ට්‍ය‍ය‍ හා‍ සි‍නමා‍ අ‍ව‍බෝ‍ධය‍ ඇ‍ති‍ පි‍රි‍ස්‍.....වි‍වි‍ධ භාෂා‍ දැ‍නු‍ම‍ හා‍ තා‍ක්‍ෂණි‍ක දැ‍නු‍මි‍න්‍ මු‍හු‍කු‍රා‍ ගි‍ය‍ කො‍ට‍ස්‍ ඔ‍ය‍ ක‍ට්‍ටි‍ය‍ ඒ‍කරා‍ශී‍ ක‍ර‍ල‍ ඔ‍හු‍න්‍ට නි‍සි‍ ම‍ග‍ පෙ‍න්‍ව‍න‍ බු‍ද්‍ධි‍ම‍ත්‍ නා‍ය‍ක‍ත්‍ව‍ය‍ක්‍ අ‍පි‍ සැ‍ප‍යි‍ය‍ යු‍තු‍යි‍....

    මෙන්න මේ සැලසුම් සහගත බව ඉතා වැදගත් කියල මට හිතෙනව.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි එදිනෙදා දකින හා පවතින සමාජ රටාව තුල බල ඒකක කියල කොටසක් තියෙනව.

    අපි හිතමු කාලයක් තිස්සේ පවත්වාගෙන එන මහා පරිමානයේ කන්ඩායමක් කියල..ඔය කන්ඩායම තුල අර මම මුලින් කියපු බල ඒකක තමයි තීරන ගැනීමේදී මුලිකත්වය ගන්නේ..

    බල ඒකක ගොඩ නැගිල තියෙන්නේ පැරණි ප්‍රබල සාමාජිකයින්ගේ එකතුවකින්..

    එතනදී කන්ඩායමක් තුල වුවත් අර කුලු ගැන්වුන කූලෑටි පුද්ගලයාට තම අදහස් එඩිතරව ප්‍රකාශ කරන්න ඔය මම කියපු බල ඒකක ප්‍රබල බාධකයක් හා සිත් පසුබෑමක් අනිවාර්යෙන්ම ඇති කරනවා..

    ඒක තමයි මේ රාමුවේ එදත් වුන අදටත් වෙමින් පවතින සමාජ භාවිතය..

    මෙතැනටයි මුලින්ම විසදුම් හා පිඹුරු පත් සකස් කොට මාර්ගය ඔවුනට අපි එලි පෙහෙලි කර දිය යුත්තේ..

    එහෙම ඇති කරන ප්‍රබෝදයකින් හා සමානාත්මතාවයකින් අර අපේ ඉදිරියට එන්න ඉන්න අයගේ මනස පිරිපහදු කොට විශ්වාශය ඔවුන්ගේ සිත් තුල ජනිත කරවන්නට අපට හැකි වෙනවා.

    එතනින් පසු තමයි ඔවුන් කාලාන්තරයක් තිස්සේ සිත් තුල හිර කරන් සිටි සිතුවිලි නිදහසේ ඔහු හෝ ඇය අවට ඇති සමාජයට හා කන්ඩායමට මුදවා හැරීම කරන්න පටන් ගන්නේ...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එහෙමනම් පවත්නා බල ඒකකවලට අයත් සාමාජිකයන් අතේ ලොකු වගකීමක් තියෙනව, එහෙම නේද?
    මට හිතෙනව අපි අතර බල ඒකක කීපයක් තියෙනව කියල. විනෝදාස්වාදය පිණිස එක් වන අය අතරෙ 'ප්‍රබලයො' පිරිසක් ඉන්නව; බුද්ධිමය සංවාද වලට ඉදිරිපත් වන්නන් අතරෙ තවත් ඒකකයක්; කලා අංශයෙන් තව පිරිසක්.... ඔය ආදී වශයෙන්.

    තම තමාගේ අංශයෙන් නවකයකුට, නැත්නම් කුලෑටි සාමාජිකයකුට ඉදිරියට ඒමට උදව් කළ හැක්කේ ඔවුන්ටයි.

    එතකොට මොකක්ද ප්‍රථම පියවර විය යුත්තේ? බල ඒකක හඳුනා ගැනීමද? තීරක බලය පිළිබඳව එකගත්වයකට පැමිණිමද?
     

    OptiplexFx

    Member
    May 29, 2009
    2,568
    44
    0
    cyberspace
    කණ්ඩායම් මානසිකත්වයෙ මම නම් බොහො දුරට දැකල තියෙන්නෙ නරක පැත්ත. ගොඩක් වෙලාවට කල්ලි ගහිල සිදු කරන ක්‍රියා දැක්කහම මෙ බව පෙනව. නමුත් එකෙ හොද පැතිත් තියනවා. උදාහරනයක් විදියට රටක් ගොඩ නගන්න්න එකමුතු වීම හරි අනෙකාට උදව් කරමින් ජීවත්වීම වගෙ දෙවල් එකෙ හොද පැති. නමුත් මම කියවල තියන විදිහට මිනිස්සු සමාන්යෙන් කල්ලි ගහුනහම නරකට පෙලබීම වැඩියි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුලින්ම විය යුත්තේ බල ඒකක අතරේ කාලාන්තරයක් තිස්සේ අතින් අත මාරු වෙමින් රඳවාගෙන තිබෙන බලය හැමෝ අතරෙම බෙදා හැරිය යුතුයි..ඒක කල යුත්තේ ඉතාමත් පිරිසුදු හා අවංක චේතනාවෙන්..

    එහෙම නොකරන තුරාවට අර පෙර කී නවක පිරිස ඔවුන්ගේ අදහස් හා යෝජනා පිටතට නොදී තම සිත් තුල දැඩි පාලනයකින් යටපත් කර ගන්නවා. මොකද ඔවුන්ට පැහැදිලි නායකත්වයක් හා අවසාන ප්‍රතිඵලයක් විනිවිද දකින්න නොලැබෙන නිසා...

    අනික් කරුන මෙම බල ඒකක වලින් නායකත්වයට තෝරාගන්නා පිරිස්වල මුලික සුදුසුකම විය යුත්තේ මෙම හූයේ හෝ කංඩායමේ සිටිය කාලයවත් .. පැරණි කමවත් (seniority) නොවේ.. නායකත්වයට අලුත් පරපුරේ කෙනෙක් උනත් සුදුසු වෙන්න පුළුවන්..හැබැයි අලුත් කෙනෙක් පත් කරගනිද්දී අත්දැකීම් බහුල කෙනෙක් වෙන්න ඕනෙමයි...

    මුලිකම සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය කෙතරම් ජනතාවාදීද....ජනතාව හා උරෙන් උර ගැටී පොලොවේ පය ගසා සිටිය හැකි කෙනෙක්ද කියන එකයි හුඟාක්ම වැදගත් වෙන්නෙ..

    මෙතැනදී උගතුන්ට වඩා බුද්ධිමතුන් තෝරා පත් කර ගත යුතුයි..

    උගතුන් බිහිවෙන්නේ පොත පතින් නමුත් බුද්ධිමතුන් ඊට වඩා හාත්පසින් වෙනස් ඔවුන්ට පොත පතේ මෙන්ම සමාජ ඇසුරිනුත් පන්නරය ලැබී තියෙන නිරන්තරව ජනතාව අතරේම සිටිනා පිරිසක්.. අපි කට වහරට කියන්නෙ "people person" කියල.......

    ඔතනදී තව දෙයක් තමයි ඒ නායකත්වයට තෝරාගන්නා කෙනා අව්‍යාජ... ජනතාවගේ සිතුම් පැතුම් මෙතනදී නම් අපේ හූයෙ තරුන පරපුරේ හද ගැහෙනා රිද්මය හොඳින් හඳුනා සිටිය යුතු කෙනෙක් වීම..

    ඔහුට හෝ ඇයට "පපුව අතට අරන්" පෙන්නන්න පුළුවන් කම තියෙන්න ඕනෙ.. මං ඒකෙන් අදහස් කලේ ගොඩාක් විවුර්ත වෙන්න ඕනෙ කියන එකයි

    එතකොටයි අර පෙර කී පිරිස තුල සැඟවී හා උවමනාවෙන් සඟවා සිටි සාමූහිකකම ස්වයංක්‍රියව කරලියට බහින්නේ......මොකද නායකත්වය ගැන විශ්වාශයක් හා මේ අපේම කෙනෙක්නෙ කියන බැඳීම ගොඩ නැගෙන්න ගන්න නිසා...

    මේක මෙතැනට විතරක් නෙවෙයි රටක සංවර්ධනයට වුනත් ගැලපෙන ප්‍රායෝගික ආකෘතියක්....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කණ්ඩායම් මානසිකත්වයෙ මම නම් බොහො දුරට දැකල තියෙන්නෙ නරක පැත්ත. ගොඩක් වෙලාවට කල්ලි ගහිල සිදු කරන ක්‍රියා දැක්කහම මෙ බව පෙනව. නමුත් එකෙ හොද පැතිත් තියනවා. උදාහරනයක් විදියට රටක් ගොඩ නගන්න්න එකමුතු වීම හරි අනෙකාට උදව් කරමින් ජීවත්වීම වගෙ දෙවල් එකෙ හොද පැති. නමුත් මම කියවල තියන විදිහට මිනිස්සු සමාන්යෙන් කල්ලි ගහුනහම නරකට පෙලබීම වැඩියි.

    ඔබ හරි..එහෙම වෙන්න වැඩිපුරම ඉඩ තියෙන්නේ නායකත්වයේ දුර්වල කම නිසා. අන්න ඒ නිසයි කංඩායමක් වසයෙන් ගොඩ නැගෙන්න නම් එතැනට අවංක ජනතාවාදී නායකත්වයක් නැතුවම බැරි වෙන්නේ...

    නැත්නම් වෙන්නේ හැමෝම බලය අතට අරන් තමන්ට රිසි සේ කංඩායම ඒ මේ අතට කැරකවීම හා භේද භින්න ඇතිකරන කල්ලිවාද පිහිටුවා ගැනීම හා ජනතාව ප්‍රකෝප කරනා අමන ක්‍රියා කිරීමත් විතරයි..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒකනෙ කවුරුත් අදහස් නැති ගානට ඉන්නෙ...අර මං කිව්වා වගේ අලුත් අදහස් නැති නායකයින්ගේ හිඟයක්ද දන්නෙ නැහැ නේද??
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒකනෙ කවුරුත් අදහස් නැති ගානට ඉන්නෙ...අර මං කිව්වා වගේ අලුත් අදහස් නැති නායකයින්ගේ හිඟයක්ද දන්නෙ නැහැ නේද??

    අලුත් නායකයෝ ඉන්නව , නොහොබිනා වැඩ වලට
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපි මෙතන්දි බලය සාමාජිකයන් අතරෙ බෙදී යාමක් ගැන කතා කළා. ඒ එක්කම ජනතාවාදී නායකත්වයක් ගැනත් කතා කළා. සාමාන්‍යයෙන් අපි දකින්නෙ, නායකයා කියන්නෙ වැඩිපුරම බලයක් හිමි කෙනා කියන එක. මෙතනදි නායකයා කියන්නෙ බලය හිමි තැනැත්තා කියන එකම නොවෙයි නේද? මට හිතෙනව නායකයා කියන කෙනාට බලයකට වඩා තියෙන්නෙ වගකීමක් කියලා.

    නමුත් කණ්ඩායමක නායකයකු කියන්නෙ කණ්ඩායම මත යම් පාලනයක් ඇති පුද්ගලයෙක්. අන් අයට වඩා වැඩි බලයක් නයකයා සතු විය යුතුද? නායකත්වය, බලය සහ පාලනය කියන මේ දේවල් ගැනත් වගකීම් ගැනත් අපි සාකච්ඡා කරමුද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අලුත් නායකයෝ ඉන්නව , නොහොබිනා වැඩ වලට

    අපොයි ඔව්. කාට හරි බනින්න පටන් ගත්තනම් ඕනෙ තරම් කට්ටිය ඉන්නව. සමහරවිට මේ වගේ දේවල් කතා කරනකොට තමන්ගෙ අදහස්වලට තැනක් නොලැබෙයි කියල හිතන නිසාද, නැත්නම් මේ වගේ දේවල් ගැන හිතන්න අකමැති නිසාද දන්නෙ නැහැ මේවට එක් නොවෙන්නෙ.
    මෙතෙන්දි මට මතක් වෙනව පෞරුෂ වර්ධනය ගැන ඉගෙන ගත් දෙයක්: සමහරු ප්‍රශ්න කිරීමකින් තොරව කිසි දෙයක් පිළි ගන්නෙ නැහැ. සමහරු කිසි දෙයක් ප්‍රශ්න කරන්නෙ නැහැ. පවත්නා දේ ප්‍රශ්න නොකරන අයට අලුත් දේවල් පෙනෙන්න ඉඩක් නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කණ්ඩායමක් තුළ සිටිය දී වුවත් තමන්ගේ අනන්යතාවය රැක ගැනිමට කටයුතු කිරීම ඉතා වැදගත්. බහුතර මතය නැවැරදි නම් ඒ මතය පිළිගැනීමට හා බහුතර මතය වැරදිනම් ඒ මතයට එරෙහිව කරුණු ප්‍රකාශ කිරීමට මහඟු රුකුලක් ලැබෙනව එසේ තමන් ගේ අනනයතාවය රැක ගතහොත්. කණ්ඩායමක් තුළ සිටිය දී එකී කණ්ඩායමේ සාමූහික වගකීමට බැදීමක් ඇති වෙනව. හැබැයි එකී කණ්ඩාය ම වැරදි මගක ගමන් කරනවා නම් නැවත නිසි මඟක ගමන් කරවීමේ වගකීම තමා සතුවත් තිබෙනවා. හැම විට ම කණ්ඩායම නිසි මඟක හා වැඩදායක කාර්යයක යෙදවීම සියලුම සාමාජිකයන් ගේ වගකීමක්. එසේ නිසි මඟ නොයන කණ්ඩායම් තුළ රැදී සිටීම තමන් ගේ අනනයතාවයට හානියක් ගෙන දීමක් වෙනව. කණ්ඩායම නිසි මඟට යොමු කළ ‍නොහැකි නම් හා ඒ සඳහා තමාට ශක්තියක් නොමැති බව හැඟී ගියහොත් හොඳම දේ වන්නේ ඒ වැරදි ක්‍රියාවට තමාගේ දායකත්වය නොසපයා සිටීමයි. ඊට පළමු ව තමන් එවැනි තීරණයක් ගන්නේ මන් ද යන කරුණු කණ්ඩායමට පැහැදිලි කිරීම ඉතා වැදගත්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි මෙතන්දි බලය සාමාජිකයන් අතරෙ බෙදී යාමක් ගැන කතා කළා. ඒ එක්කම ජනතාවාදී නායකත්වයක් ගැනත් කතා කළා. සාමාන්‍යයෙන් අපි දකින්නෙ, නායකයා කියන්නෙ වැඩිපුරම බලයක් හිමි කෙනා කියන එක. මෙතනදි නායකයා කියන්නෙ බලය හිමි තැනැත්තා කියන එකම නොවෙයි නේද? මට හිතෙනව නායකයා කියන කෙනාට බලයකට වඩා තියෙන්නෙ වගකීමක් කියලා.

    නමුත් කණ්ඩායමක නායකයකු කියන්නෙ කණ්ඩායම මත යම් පාලනයක් ඇති පුද්ගලයෙක්. අන් අයට වඩා වැඩි බලයක් නයකයා සතු විය යුතුද? නායකත්වය, බලය සහ පාලනය කියන මේ දේවල් ගැනත් වගකීම් ගැනත් අපි සාකච්ඡා කරමුද?

    ඔතනදී අපි මුලින්ම සැලකිල්ලට ගත යුත්තේ නායකයා සතු බලයද එහෙමත් නැත්නම් වගකීමද කියන එක නෙවෙයි..

    පත්වෙන නායකයාට කෙතරම් දුරට කංඩායම ජනතාවාදීව අවනත කර ගත හැකිද හා ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාවන් හා ගනු ලබන තීරනවලට අනිත් සාමාජිකයින් ප්‍රතික්‍රියා දක්වන්නේ කොයි අන්දමින්ද කියන එකයි..

    power කියන්නෙ එකක් authority කියන්නෙ තව එකක්....

    ඔය දෙක තමයි නායකයින් හා කංඩායම් පටලවාගෙන ඉන්නේ...සමහර නායකයින්ට power එක තියෙනවා නමුත් අනිත් අය වෙනුවෙන් සාධාරණ තීන්දු ගන්න ඉහල මංඩලයක authority එක ලබා ගන්න වෙනවා..එතනදී බුද්ධිමත් නායකයින් එම ඉහල මංඩල හා ගැටී හරි දේ තම කංඩායමට ලබා දෙන්න දිනා දෙන්න අවංකව සටන් කරනවා..සමහරු ඉහල මංඩලයේ සුරතලුන් වෙනවා තමන්ගේ පෞද්ගලික වාසි තකා..අන්න එතනදී කංඩායම නායකත්වය කොහෙත්ම විශ්වාශ නොකරන තැනට එනවා..

    සරලව නායකයෙකු සතු බලය හා වගකීම දෝලනය වන්නේ ඔය විදිහටයි.....වචන දෙකක වෙනසක් නමුත් ක්‍රියාව හා චේතනාව අවංක නම් නොසැලෙන අධිෂ්ඨානයෙන් තම පිරිස ගැන හිතන කෙනෙක් නම් ඔය දෙකම සමබරව එක් කෙනෙකුටම පාවිච්චි කල හැකි අවස්ථා එමට ඇති වෙනවා..
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අනන්‍යතාවයත් අපි කතා කරන්න ඕනෙ මාතෘකාවක්. අපි කණ්ඩායමක් තෝර ගන්නෙත් අපේ අනන්‍යතාවය සමග එහි ඇති ගැලපීම ගැන හිතලනෙ. සමහරුන්ගෙ අනන්‍යතාවය කණ්ඩායම තුළ දිය වී ගියත්, තමන්ගෙ පුද්ගල අනන්‍යතාවය රැක ගැනීම Malinga සහෝදරය කියනව වගේ වැදගත්. එය කණ්ඩායමේ උන්නතියට හේතු වෙනවා. නැත්නම් අර ඇමෙරිකාවෙ වගෙ හැම නායකයම එකම අච්චුවෙ වේවි. :lol:ආණ්ඩුව මාරු උනත් වැඩක් නැහැ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය දෙක තමයි නායකයින් හා කංඩායම් පටලවාගෙන ඉන්නේ...සමහර නායකයින්ට power එක තියෙනවා නමුත් අනිත් අය වෙනුවෙන් සාධාරණ තීන්දු ගන්න ඉහල මංඩලයක authority එක ලබා ගන්න වෙනවා..එතනදී බුද්ධිමත් නායකයින් එම ඉහල මංඩල හා ගැටී හරි දේ තම කංඩායමට ලබා දෙන්න දිනා දෙන්න අවංකව සටන් කරනවා..සමහරු ඉහල මංඩලයේ සුරතලුන් වෙනවා තමන්ගේ පෞද්ගලික වාසි තකා..අන්න එතනදී කංඩායම නායකත්වය කොහෙත්ම විශ්වාශ නොකරන තැනට එනවා..

    හරියට ඇමතිගෙ වචනෙට යට වෙන වෘත්තිය සමිති නායකයෙක් වගේ.:)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පවත්නා නායකත්වයෙන් ජනතාවාදී නායකත්වයකට මාරු වීම ලෙහෙසි නැහැ නේද? කණ්ඩායමට හොඳ දෙයෙහි සහ කණ්ඩායම කැමති දෙය අතරෙ වෙනසක් තියෙනවනෙ.
    යහපත් දේ කියන එකත් අපි එක් එක්කෙනා අර්ථ දක්වන්නෙ විවිධ ආකාරයට. කණ්ඩායමක් යායුතු මග තීරණය කරන්නෙ කවුද?