කණ්ඩායම් මානසිකත්වය

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පවත්නා නායකත්වයෙන් ජනතාවාදී නායකත්වයකට මාරු වීම ලෙහෙසි නැහැ නේද? කණ්ඩායමට හොඳ දෙයෙහි සහ කණ්ඩායම කැමති දෙය අතරෙ වෙනසක් තියෙනවනෙ.
යහපත් දේ කියන එකත් අපි එක් එක්කෙනා අර්ථ දක්වන්නෙ විවිධ ආකාරයට. කණ්ඩායමක් යායුතු මග තීරණය කරන්නෙ කවුද?

පවත්නා නායකත්වය දුර්වල නම්....පිට කොන්දක් නැති, බහුතරයක්ගේ කීමට ඇහුම්කන් නොදෙන ඒකාධිපති, රළු ගොරෝසු නායකත්වයක් නම් ඔය කියන ජනතාවාදී නායකත්වයට මාරු වන්නට කිසිම ගැටලුවක් කණ්ඩායම තුලින් මතු වෙන්නේ නැහැ.. මොකද ඔවුන් ඇඟිලි ගනිමින් මග බලා සිටින්නේ පවතින නායකත්වය පලවා හැර තමන්ට හිතකර තමන් ගැන සොයා බලන නායකත්වයක් වැලඳ ගැනීමටයි....

කණ්ඩායමක් කියන්නේ විවිධ බුද්ධි මට්ටම්වලින් හා හැකියාවන්ගෙන් පරිපෝශිත වෙච්ච පිරිසක්නේ...මෙතනදී ඔබ හොඳ ප්‍රශ්නයක් නගල තියෙනවා..

කණ්ඩායමට හොඳ දෙයයි... කණ්ඩායම කැමති දෙයයි....
මේ දෙක ඇත්ත වශයෙන්ම එකකට එකක් ඉඳුරාම වෙනස්..

මෙතනදී තමයි අර සුක්ෂම නායකත්වයේ පරිනතභාවය උර ගා බලන්න පුළුවන් වෙන හොඳම අවස්ථාව එළැඹෙන්නේ.. කණ්ඩායමට හොඳ දේ දෙනවද...නැත්නම් කණ්ඩායමේ වැඩි පිරිස කැමති දේ දෙනවද..නායකයෙක් පත්වෙන අසීරුම තැන ඔතන තමයි...

නායකයෙකුට හොඳ පුළුල් දැක්මක් (vision) තිබිය යුතුයි.....

එතනදි තමන්ගේ පෞද්ගලිකත්වයට වඩා කණ්ඩායමේ උන්නතිය නිතර අපේක්ෂා කරන බුද්ධිමත් නායකයෙකු වශයෙන් කණ්ඩායමේ අනාගතය දෙස නුවණැසින් බලා හැමෝම නියෝජනය වන හැමෝටම සෙතක් වෙන සේ 'කණ්ඩායමට හොඳ දෙයයි" කල යුත්තේ... "කණ්ඩායම කැමති දෙය" තාවකාලික දෙයක් වෙන්න පුළුවන්..එය සියල්ලන්ගේම එකම කැමැත්ත නොවෙන්නත් පුළුවන්..එයින් අනාගතයේ කණ්ඩායමට අවැඩක් වෙන්නත් පුළුවන්..මේ සාධනීය ලක්ෂණ තමයි එහිදී ගැඹුරින් විමසුමට බඳුන් කල යුත්තේ...

කණ්ඩායම යා යුතු මග තීරනය කල යුත්තේ එහි නීති රීති පිඹුරු පත් සකස් කරනා විධායක මංඩලයක් විසිනුයි...එහීදී අනිවාර්යෙන්ම කණ්ඩායමේ නායකයාට ඔහුගේ අදහස් හා යෝජනා බලපෑමකින් තොරව හා අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුමයි..... ඔහුටත් ඒ මංඩලය තුල සුවිශේෂ නියෝජනයක් ලබා දිය යුතුයි..
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පවත්නා නායකත්වයෙන් ජනතාවාදී නායකත්වයකට මාරු වීම ලෙහෙසි නැහැ නේද? කණ්ඩායමට හොඳ දෙයෙහි සහ කණ්ඩායම කැමති දෙය අතරෙ වෙනසක් තියෙනවනෙ.
යහපත් දේ කියන එකත් අපි එක් එක්කෙනා අර්ථ දක්වන්නෙ විවිධ ආකාරයට. කණ්ඩායමක් යායුතු මග තීරණය කරන්නෙ කවුද?

අපේ මේ සංවාදයට තවත් පිරිස ඈඳා ගන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රතිඵලදායක වෙන්න තිබුනා... විවිධ වු මති මතාන්තර හා ඊට ලැබෙන පිලිතුරු අනුව ගොඩක් දේවල් සාකච්ජාවට බඳුන් කරන්න තිබුනා...

මොකද කවුරුත් කැමති නැති විෂයයක්ද දන්නෙ නෑ අපි මේ කතා කරන්නේ නේද???

අඩු ගානේ නිකමට හරි මේ මාතෘකාවේ ඉස්සරහට ක්‍රිකට් කණ්ඩායම කියලවත් දාගත්ත නම් බලන්න තිබුනා වැල නොකැඩී එන සහභාගිත්වය.... ඒකෙත් හැටි නේද???
 
Last edited:

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
මුලින්ම sudunone අයියටයි සාකච්ඡාව කරන් ගිය රොන් අය්යාටයි කූල් කසුන් අය්යාටයි මාලින්ග අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕන.

...................
බල ඒකක ගොඩ නැගිල තියෙන්නේ පැරණි ප්‍රබල සාමාජිකයින්ගේ එකතුවකින්..

එතනදී කන්ඩායමක් තුල වුවත් අර කුලු ගැන්වුන කූලෑටි පුද්ගලයාට තම අදහස් එඩිතරව ප්‍රකාශ කරන්න ඔය මම කියපු බල ඒකක ප්‍රබල බාධකයක් හා සිත් පසුබෑමක් අනිවාර්යෙන්ම ඇති කරනවා..
...................

ඒක ඇත්ත. කණ්ඩායමේ ප්‍රබලයින් නවකයිටත් ඉදිරියට එන්නට උදව් කරන්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි ඒ වගේම අලුත් අයට තමන්ගෙ අදහස් දක්වන්න අනිත් අය කොච්චර උදව කරත් ඒ ගොල්ලන්ගෙ කිසි ඕන කමක් නෑත්තම් (හෝ ඕන කමක් තිබ්බත් ගොඩාක් ලැජ්ජයි නම්) අනිත් අය කොච්චර උඩට තල්ලු කරත් වැඩක් වෙන්නෙ නෑ නේද? ඒක නිසා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් අලුත් අයට අවස්ථාව සලසා දෙන අතරම ඒ ලබා දෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න අදාළ සාමාජිකයින් ද උනන්දු විය යුතුයි.

කණ්ඩායමක් තුළ සිටිය දී වුවත් තමන්ගේ අනන්යතාවය රැක ගැනිමට කටයුතු කිරීම ඉතා වැදගත්. බහුතර මතය නැවැරදි නම් ඒ මතය පිළිගැනීමට හා බහුතර මතය වැරදිනම් ඒ මතයට එරෙහිව කරුණු ප්‍රකාශ කිරීමට මහඟු රුකුලක් ලැබෙනව එසේ තමන් ගේ අනනයතාවය රැක ගතහොත්. කණ්ඩායමක් තුළ සිටිය දී එකී කණ්ඩායමේ සාමූහික වගකීමට බැදීමක් ඇති වෙනව. හැබැයි එකී කණ්ඩාය ම වැරදි මගක ගමන් කරනවා නම් නැවත නිසි මඟක ගමන් කරවීමේ වගකීම තමා සතුවත් තිබෙනවා. හැම විට ම කණ්ඩායම නිසි මඟක හා වැඩදායක කාර්යයක යෙදවීම සියලුම සාමාජිකයන් ගේ වගකීමක්. එසේ නිසි මඟ නොයන කණ්ඩායම් තුළ රැදී සිටීම තමන් ගේ අනනයතාවයට හානියක් ගෙන දීමක් වෙනව. කණ්ඩායම නිසි මඟට යොමු කළ ‍නොහැකි නම් හා ඒ සඳහා තමාට ශක්තියක් නොමැති බව හැඟී ගියහොත් හොඳම දේ වන්නේ ඒ වැරදි ක්‍රියාවට තමාගේ දායකත්වය නොසපයා සිටීමයි. ඊට පළමු ව තමන් එවැනි තීරණයක් ගන්නේ මන් ද යන කරුණු කණ්ඩායමට පැහැදිලි කිරීම ඉතා වැදගත්.

අය්යා හරි. කට්ටියක් සෙට් වෙලා මොකක් හරි කිව්වොත් තමන් ඒකට කොහෙත්ම එකග නැති උනත් වැඩි පිරිසක් ඊට විරුද්දව යමක් ප්‍රකාශ කරන්න යොමු වෙනවා අඩුයි. ඒ එහෙම කරන්න ගියොත් තමන් කණ්ඩායමෙන් කොන් වෙයි කියලා හිතලා. ඒ විතරක් නෙමෙයි තමන් ලග කොච්චර සාධාරණ හේතු තිබ්බත් තමන්ම ඒවා වැරදියි කියලා හිතන තත්වයට යොමු වෙනවා බොහෝ විට. ඉතින් එවැනි අවස්ථාවලදි තමන්ගෙ අනන්‍යතාවයට හානි කරගෙන අනිත් අයගෙ තීරණයට එකග වීම කිසිසේත්ම කණ්ඩායමේ අභිවෘදියට හේතු වෙන්නෙ නෑ.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුලින්ම sudunone අයියටයි සාකච්ඡාව කරන් ගිය රොන් අය්යාටයි කූල් කසුන් අය්යාටයි මාලින්ග අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕන.
ඒක ඇත්ත. කණ්ඩායමේ ප්‍රබලයින් නවකයිටත් ඉදිරියට එන්නට උදව් කරන්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි ඒ වගේම අලුත් අයට තමන්ගෙ අදහස් දක්වන්න අනිත් අය කොච්චර උදව කරත් ඒ ගොල්ලන්ගෙ කිසි ඕන කමක් නෑත්තම් (හෝ ඕන කමක් තිබ්බත් ගොඩාක් ලැජ්ජයි නම්) අනිත් අය කොච්චර උඩට තල්ලු කරත් වැඩක් වෙන්නෙ නෑ නේද? ඒක නිසා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් අලුත් අයට අවස්ථාව සලසා දෙන අතරම ඒ ලබා දෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න අදාළ සාමාජිකයින් ද උනන්දු විය යුතුයි.

ඒක ඇත්ත...කන්ඩායමක ඔය වගේ සාමාජිකයින් කීප දෙනක් ඉන්න පුළුවන්..

මෙතනදී අර මම මුලින් සඳහන් කලා වගේ නායකත්වයට විශාල වගකීමක් හා භාරදුර කර්තව්‍යයක් පැවරෙනවා...මුලින්ම එම නායකත්වය විසින් එවැනි සාමාජිකයින්ගේ දුර්වලතා හොඳින් නිරීක්ෂනය කල යුතුයි.. එහෙම ඉන්නවනම් ඉන්නෙ ඉතා සුළු සංඛ්‍යාවක්..එතැනදී නායකත්වය විසින් කල යුත්තේ ඔවුන් හා ධනාත්මක සන්නිවේදනය (positive communication) වඩවා ගැනීමයි..

මෙහිදී පාවිච්චි කල හැකි ප්‍රායෝගික ක්‍රම කීපයක් තියෙනවා:

අ) සන්නිවේදනය දිය හැකි මෙන්ම.. ගත හැකි අයුරින් (two way communication) පවත්වා ගත යුතුයි..

අපි කතා කරනවා වගේම ඔහුට හෝ ඇයටත් කියන්න කතා කරන්න අවස්ථාව සම සමව ලබා දිය යුතුයි..

ආ) 80%-20% නීතිය පිලිපැදිය යුතුයි.. තමන් නායකයා වශයෙන් අරඹන කතා බහකදී තමන් අහන ප්‍රශ්න ඔහුන්ට වැඩි පුර ඔවුන්ගේ පැත්තෙන් උත්තර දිය හැකි හා කථා කල හැකි ඒවා විය යුතුයි..

ඒකයි 80%-20% නීතිය කිව්වේ.. නායකයා කථාකරන්න වග බලා ගත යුත්තේ 20% ක් හා අනෙක් සාමාජිකයා 80% ක් කථා කිරීමට පොලඹවා ගත යුතුයි..එහෙම කරන්න නම් අනිත් පාර්ශ්වයට විවුර්තව තම අදහස් ප්‍රකාශ කල හැකි ප්‍රශ්න (open ended questions) මතු කිරීමේ දක්ෂතාවය නායකයා සතුව අනිවාර්යෙන්ම තිබිය යුතුයි..

ඇ) ඔය ඉහත කී ක්‍රමවේද දෙකින් යම් කිසි නියමිත සාධාරණ කාල වකවානුවක් තුල එම සාමාජිකයා ප්‍රගතියක්(progress) හෝ ප්‍රගමනයක් ලබා නැත්නම් ඊලඟ පියවර විය යුත්තේ ඔහුට හෝ ඇයට හොඳ පිලිගත් පාඨමාලාවක් (professional training) හැදෑරීමට අවස්ථාව ඔහුගෙන් හෝ ඇයගෙන් කන්ඩායමට ඉදිරියේදී වෙන්නට තිබෙනා සේවයේ වටිනාකම මත සලකා කංඩායමේ අනුග්‍රහය පෙරදැරිව ලබා දීමයි...
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0

කණ්ඩායම යා යුතු මග තීරනය කල යුත්තේ එහි නීති රීති පිඹුරු පත් සකස් කරනා විධායක මංඩලයක් විසිනුයි.

රටක් ගත්තොත්, විධායකය වෙන්නෙ පාර්ලිමේන්තුව, එහෙම නේද? එතකොට විධායක මංඩලය හැදෙන්නෙ කණ්ඩායමේ සාමාජිකයන් විසින්ම තෝරා ගත් පිරිසකගෙන්. හැබැයි, එහෙම උනොත් ප්‍රශ්නයක් එනව අර කණ්ඩායමට හොඳම දෙයෙහි සහ කණ්ඩායම කැමති දෙයෙහි වෙනස නිසා-වැඩිය දුර යන්න ඕනෙ නෑ, අපේ පාර්ලිමේන්තුව දිහා බලන්නකො. මොකද, තමන්ව මෙතනට එවපු අයගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරන්න බලන නිසාත්, සාමාජිකයන්ගේ කැමැත්ත විධායකයට පත් වන්නන්ගේ බුද්ධිය මත රඳා නොපවතින නිසාත්.

එහෙම බැලුවොත් කණ්ඩායමට සුදුසු දෙය තීරණය කරන විධායක මංඩලය සැදිය යුත්තේ කණ්ඩායමේ බුද්ධිමතුන්ගෙන්. එහෙම අයව තෝරන්නෙ කොහොමද?:baffled: මම යන්නෙ වැරදි පැත්තකනම් හරි පැත්තට ගන්න.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අර positive communication කතාවට මම තව ටිකක් එකතු කරන්නම්. එකක් තමයි සාමාජිකයාව හෝ ඔහු/ඇය ගේ මතය පහතට හෙළා කතා කිරීමෙන්, නැත්තම් විවේචනය කිරීමෙන් වැළකී ඒ තැනැත්තාට සවන් දීම. විවේචනය නොකර ඉන්නව කිව්වෙ මොක කිව්වත් පිළි ගන්නවට නොවෙයි; පටන් ගන්නකොටම අපි ඒකෙ අඩු පාඩු කියන්න ගත්තොත්, නැත්තම් කට කොණකට සවුත්තු හිනාවක් දාගෙන හිටියොත් අර මනුස්සයට හිතේ තියෙන ඔක්කොම කියන්න හිතෙන්නෙ නැහැනෙ. ඒ වගේම, ඒ මතය ප්‍රතික්ෂේප කරනවනම් එහි හොඳ නරක සළකා බලා, සාමාජිකයාට ඒ බව තේරුම් කර දිය යුතුයි. අනික ප්‍රතික්ෂේප වෙන්නේ මේ මතය මිස සාමාජිකයාවත්, ඔහුගේ සියලු මතයන්වත් නොවන බව ඒත්තු ගැන්විය යුතුයි.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    අපේ රටේ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගියේ බොහෝ ඉස්සර , ආසන මට්ටමින් වගේ තිබුණු අවදියේ , නමුත් දැන් සමානුපාතික , විශාල ප්‍රදේශයකින් පත් වෙන නිසා බල අරගලය , මුදල් මත තීරනය වේලා , පාර්ලිමේන්තු යන්නේ මුදලාලිලා , හොද බුද්ධිමතුන් පත් වෙන්නනම් , නැවත ආසන ක්‍රමයත් , කුඩා පාලන ප්‍රදේශ හරහා රට පාලනයට දායක වීමත් , ඒ කියන්නේ ප්‍රාදේශීය සභා , පළාත් සභා අහෝසි කර , ඒවා ගම් මට්ටමින් පවත්වාගෙන යාමට බලය පැවරීමයි..ඒ කියන්නේ ගම් සභා ක්‍රමය..
     
    මෙතනදී අපේ මේ ආකෘතිය විධායකයට හා ව්‍යවස්ථාදයකයට අනුරූප උප සංකල්පනයක හැඩයෙන් තමයි භාවිතාවට ගත යුත්තේ..මොකද අපේ රටේ පවතින සමාජ ක්‍රමය තමන්ගේ ලාභ ප්‍රයෝජනම තකා නීති රීති කෙටුම් පත් වෙනස් කරලා හදාගෙන තියෙන හින්දා..

    එහෙම නැතුව සාධරණය ඉටු කරන සමාජීය දේශපාලනික ව්‍යුහයක නම් විය යුත්තේ අර මං මුලින් සඳහන් කරපු විදිහට රටේ පොදු යහපත තකා (කංඩායම කැමැති දෙය නොව කංඩායමට හොඳම දෙය) රට නැඟීමට කල හැකි හොඳම දේ කිරීම සඳහා පොදු තීරන ගැනීමයි...

    පොදු තීරනය තුල වෙන් වෙන් වශයෙන් ආසන මට්ටමින් ඔහුන්ට විධායකයට පත්වී එන්නට මග පාදා දුන් ජනතාවගේ අවශ්‍යතාවයන් එම පලාතේ නියෝජිතයා විසින් බුද්ධිමත් දේශපාලන මංඩලය වෙත කරුනු කාරණා සහිතව පෙන්වා දිම තුලින් පලාතට ජනතාවට හොඳම දෙය ලබා දීමේ ශක්‍යතාවය එම ජනතා නියෝජිතයා..නායකයා සතු විය යුතුයි..නමුත් මීට හාත්පසින් විරුද්ධ ක්‍රම වේදයන් තමයි අද අපේ රට තුල භාවිතා වෙන්නේ..

    බුද්ධිමත් විධායක මංඩලය තෝරා ගත යුත්තේ දේශපාලන විධායකයේදී නම් මුලිකවම ඔහුන් රටට... ජනතාවට කර ඇති සේවය හා පෘථුල දැනීම් හා අත්දැකීම් සම්භාරය මත...කංඩායමක නම් වෙනත් කංඩායම්වලට කල සේවය හා එහිදී අනුගමනය කල ක්‍රියා පරිපාලනයන් හා ලැබු ප්‍රතිඵලයන් හොඳින් නිරීක්ෂනය කිරීමකින් අනතුරුවයි...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අර positive communication කතාවට මම තව ටිකක් එකතු කරන්නම්. එකක් තමයි සාමාජිකයාව හෝ ඔහු/ඇය ගේ මතය පහතට හෙළා කතා කිරීමෙන්, නැත්තම් විවේචනය කිරීමෙන් වැළකී ඒ තැනැත්තාට සවන් දීම. විවේචනය නොකර ඉන්නව කිව්වෙ මොක කිව්වත් පිළි ගන්නවට නොවෙයි; පටන් ගන්නකොටම අපි ඒකෙ අඩු පාඩු කියන්න ගත්තොත්, නැත්තම් කට කොණකට සවුත්තු හිනාවක් දාගෙන හිටියොත් අර මනුස්සයට හිතේ තියෙන ඔක්කොම කියන්න හිතෙන්නෙ නැහැනෙ. ඒ වගේම, ඒ මතය ප්‍රතික්ෂේප කරනවනම් එහි හොඳ නරක සළකා බලා, සාමාජිකයාට ඒ බව තේරුම් කර දිය යුතුයි. අනික ප්‍රතික්ෂේප වෙන්නේ මේ මතය මිස සාමාජිකයාවත්, ඔහුගේ සියලු මතයන්වත් නොවන බව ඒත්තු ගැන්විය යුතුයි.

    ඒක ඇත්ත.. ඔය positive communication කියන එක අතුරේ යනව වගේ අවදානම් වැඩක්. හරි හමන් පුහුනුවක් නැති අයට ආවට ගියාට ඕක කරන්න බැහැ.

    මුලින්ම හොඳට පුරුදු පුහුනු කල සාවධානව හා ඉවසිමෙන් අහන් ඉන්න පුළුවන් කන් දෙකක් සහ මුලු කතිකාවත පුරාම පැහැදිලි body language එකක් පාලනය කර ගත හැකි කෙනෙක් විය යුතුමයි..

    සරලව කිව්වොත් අනිත් පාර්ශ්වයට විනිවිද දැකිය හැකි ධනාත්මක අංඟ චලනයක් පවත්වා ගෙන යා යුතුමයි..උදාහරනයක් වශයෙන් එක එල්ලේ අනිත් පාර්ශවයේ ඇස් තමන්ගේ ඇස් හා එකට ගැටෙන අයුරින් (eye contact) ඔහුන්ට විවුර්තව සවන් දෙනවා කියන හැඟීම ඔහුන් තුල ගොඩ නංවන්නට චලනයන්හී සියුම් භාවිතයන් උපයෝගී කොට ගත යුතුයි.. මුහුණින් පල කල යුතු අභිනය අංගන ඔය වගේ තවත් නම් ගොඩක් තියෙනවා..ඒ හැම දෙයම මෙතන ලියන්න බැහැනේ....
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපේ රටේ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගියේ බොහෝ ඉස්සර , ආසන මට්ටමින් වගේ තිබුණු අවදියේ , නමුත් දැන් සමානුපාතික , විශාල ප්‍රදේශයකින් පත් වෙන නිසා බල අරගලය , මුදල් මත තීරනය වේලා , පාර්ලිමේන්තු යන්නේ මුදලාලිලා , හොද බුද්ධිමතුන් පත් වෙන්නනම් , නැවත ආසන ක්‍රමයත් , කුඩා පාලන ප්‍රදේශ හරහා රට පාලනයට දායක වීමත් , ඒ කියන්නේ ප්‍රාදේශීය සභා , පළාත් සභා අහෝසි කර , ඒවා ගම් මට්ටමින් පවත්වාගෙන යාමට බලය පැවරීමයි..ඒ කියන්නේ ගම් සභා ක්‍රමය..
    ඔව්, කණ්ඩායමක් සාර්ථක වෙන්නනම්, මූලික ඒකකවල අවශ්‍යතා හොඳින් දැනෙන අය අදාල තීරණ ගන්න තැනට යායුතුයි. දැන් අපේ රටේ තියෙන විදිහට මංත්‍රීලට වගකීමක් නැහැනෙ නිශ්චිත ගමක් ගැන.
    අනික යම් කාර්යයක් පවත්වාගෙන යන්න හුඟක් උපකාරී වෙනව ඒ සඳහා තීරණ ගන්නා කමිටුවක ඒ කණ්ඩායමේම අය ඉන්නවනම්. ඒ කියන්නෙ, කොළඹ කට්ටිය කණ්ඩායමක් එකතු වෙලා පිට ගමක් දියුණු කරන්න අමාරුයි ගමේම අය එකතු නොවුණොත්. මෙතෙන්දි මට මතක් වෙනව සර්වෝදය ව්‍යාපාරය. අනික් බොහෝ සංවිධාන කොලඹ පය තියාගෙන ගමට අත වැනුවට, සර්වෝදය පදනම තියෙන්නෙ ගමේ; ගමේ පිළිගත් පුද්ගලයින් තමයි මූලික කමිටුවල ඉන්නෙ; ගමේ නැත්නම් අදාල තනතුරට සුදුසුකම් සහිත කෙනෙක්, ඔවුන් තෝර ගන්නව ගමේ කෙනෙක් පිටස්තරින් ලැබෙන සහයට වග කියන්න. උදාහරණයක් විදිහට මානසික උපදේශනය සඳහා සුදුසුකම් ලත් අය ගමේ නැත්නම්, ඔවුන් පුහුණු කරනව ගමේ කෙනෙක් ඒ සඳහා අවශ්‍යතා ඇති අය හඳුනාගන්න. ඉන් පසු සුදුසුකම් ඇති පිටස්තරයා වෙත යොමු කරනවා.

    රටක් විදිහට බැලුවොත්, වෙන රටවලට තේරෙන්නෙ නැහැ අපේ අවශ්‍යතා. ඒ අය අවංකව අපට උදව් කරන්න ආවත් අපේ අයයි දන්නෙ අපට ඕනෙ දේ; අප යායුතු මග.