පවත්නා නායකත්වයෙන් ජනතාවාදී නායකත්වයකට මාරු වීම ලෙහෙසි නැහැ නේද? කණ්ඩායමට හොඳ දෙයෙහි සහ කණ්ඩායම කැමති දෙය අතරෙ වෙනසක් තියෙනවනෙ.
යහපත් දේ කියන එකත් අපි එක් එක්කෙනා අර්ථ දක්වන්නෙ විවිධ ආකාරයට. කණ්ඩායමක් යායුතු මග තීරණය කරන්නෙ කවුද?
පවත්නා නායකත්වය දුර්වල නම්....පිට කොන්දක් නැති, බහුතරයක්ගේ කීමට ඇහුම්කන් නොදෙන ඒකාධිපති, රළු ගොරෝසු නායකත්වයක් නම් ඔය කියන ජනතාවාදී නායකත්වයට මාරු වන්නට කිසිම ගැටලුවක් කණ්ඩායම තුලින් මතු වෙන්නේ නැහැ.. මොකද ඔවුන් ඇඟිලි ගනිමින් මග බලා සිටින්නේ පවතින නායකත්වය පලවා හැර තමන්ට හිතකර තමන් ගැන සොයා බලන නායකත්වයක් වැලඳ ගැනීමටයි....
කණ්ඩායමක් කියන්නේ විවිධ බුද්ධි මට්ටම්වලින් හා හැකියාවන්ගෙන් පරිපෝශිත වෙච්ච පිරිසක්නේ...මෙතනදී ඔබ හොඳ ප්රශ්නයක් නගල තියෙනවා..
කණ්ඩායමට හොඳ දෙයයි... කණ්ඩායම කැමති දෙයයි....
මේ දෙක ඇත්ත වශයෙන්ම එකකට එකක් ඉඳුරාම වෙනස්..
මෙතනදී තමයි අර සුක්ෂම නායකත්වයේ පරිනතභාවය උර ගා බලන්න පුළුවන් වෙන හොඳම අවස්ථාව එළැඹෙන්නේ.. කණ්ඩායමට හොඳ දේ දෙනවද...නැත්නම් කණ්ඩායමේ වැඩි පිරිස කැමති දේ දෙනවද..නායකයෙක් පත්වෙන අසීරුම තැන ඔතන තමයි...
නායකයෙකුට හොඳ පුළුල් දැක්මක් (vision) තිබිය යුතුයි.....
එතනදි තමන්ගේ පෞද්ගලිකත්වයට වඩා කණ්ඩායමේ උන්නතිය නිතර අපේක්ෂා කරන බුද්ධිමත් නායකයෙකු වශයෙන් කණ්ඩායමේ අනාගතය දෙස නුවණැසින් බලා හැමෝම නියෝජනය වන හැමෝටම සෙතක් වෙන සේ 'කණ්ඩායමට හොඳ දෙයයි" කල යුත්තේ... "කණ්ඩායම කැමති දෙය" තාවකාලික දෙයක් වෙන්න පුළුවන්..එය සියල්ලන්ගේම එකම කැමැත්ත නොවෙන්නත් පුළුවන්..එයින් අනාගතයේ කණ්ඩායමට අවැඩක් වෙන්නත් පුළුවන්..මේ සාධනීය ලක්ෂණ තමයි එහිදී ගැඹුරින් විමසුමට බඳුන් කල යුත්තේ...
කණ්ඩායම යා යුතු මග තීරනය කල යුත්තේ එහි නීති රීති පිඹුරු පත් සකස් කරනා විධායක මංඩලයක් විසිනුයි...එහීදී අනිවාර්යෙන්ම කණ්ඩායමේ නායකයාට ඔහුගේ අදහස් හා යෝජනා බලපෑමකින් තොරව හා අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුමයි..... ඔහුටත් ඒ මංඩලය තුල සුවිශේෂ නියෝජනයක් ලබා දිය යුතුයි..
Last edited:
මම යන්නෙ වැරදි පැත්තකනම් හරි පැත්තට ගන්න.