කතගේ නිතඹ අඩි හතයි

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    කතගේ නිතඹ අඩි හතයි


    අඩි 7 ක් පළළ නිතඹක හිමිකාරිනියකි ඇමරිකා ජාතික සාරා මෙසි.
    වාර්තා වලට අනුව ඇය ලොව විසල් නිතඹවල් හිමි කාන්තාවන් අතුරින් මුල් තැන පසුවන්නියකි.
    සාරාගේ වයස අවුරුදු 33 කි.විවාහක ඇය දරු දෙදෙනෙකුගේ මවකි.
    ‘‘මේක කුඩා කාලයේ ඉදලම පැවතිච්ච දෙයක්.මම වයසින් වැඩෙද්දී ඒ හා සමානවම මගේ නිතඹත් ප‍්‍රමාණයෙන් වැඩෙන්නට ගත්තා.වෛද්‍යවරුන් කියන්නේ මෙය ප‍්‍රවේණිගත දෙයක් කියලා.මගේ පවුලේ ඇතැම් සාමාජිකයින්ගේත් මේ තත්ත්වය දැකිය හැකියි.නමුත් මගේ තරම් විශාලවට නම් නොවේ‘‘ සාරා පවසන්නේ සිනාමුසුවය.
    විසල් නිතඹක් තිබීමේන් ඇයට අහිමි වී ඇති දේ බොහෝය.
    ‘‘මට ගොඩක් දොරවල් වලින් ඇතුල් වෙන්න බැහැ.හරහට හැරිලා තමයි මම ඇතුල් වෙන්නේ.වාහන පදවන්න බැහැ.ලොකුම ගැටළුව තමයි ඇදුම්.මොකද මගේ ප‍්‍රමාණයට හරියන ඇදුම් කොහේවත් ගන්න නැහැ.ඒවා වෙනම මහන්න වෙනවා‘‘ ඇය කියයි.
    පාසැල් සමයේදී නිරන්තර උසුළු විසුළු වලට ලක්වීමට ඇයට සිදුව ඇත.
    ‘‘ඒ අයට බනින්න බැහැ.මං වගේ කෙනෙක් දැක්කම කවුද විහිලූ නොකර සිටින්නේ.මුලදී මමම මානසිකව ගොඩක් වැටුණා.මොකද මගේ වැරැද්දක් නිසා නෙවේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ.ඉතින් ඒක මුල් කරගෙන මිනිස්සු විහිළු කරද්දී මට දැනුනේ පුදුම දුකක්‘‘
    නමුත් කාලයත් සමග ඇය දුක ජයගෙන ඇත්තීය.
    ‘‘මම හිතුවා මොකද මම අනිත් අය ගැන සිතන්නේ කියලා.මොකද මට ආදරය කරන පිරිසකුත් හිටියා.අවසානයේ මම විවාහ වුනා.දැන් දරු දෙදෙනෙකුත් සිටිනවා.මගේ ජීවිතය සම්පූර්ණයි.‘‘ ඇය කියයි.
    තරබාරු බව අඩුකරගැනීමට ප‍්‍රතිකාර ගැනීමද ඇය මේ දිනවල සිදුකරයි.
    තම පෙනුම ගැන කරදර වන කාන්තාවන්ටද ඇය උපදෙස් දේ.
    ‘‘මම කියන්නේ තමන්ගේ පෙනුම ගැන වදවෙන්න එපා කියලා.ඔක්කොමලා තමුන් ගැන වර්ණනා කිරීම අනවශ්‍ය සැළකිල්ලක් දිනා ගැනීමක්.මගේ හැටි බලන්න.ගොඩක් අය මට වඩා හොද පෙනුමක් තබාගෙන වදවෙන හැටි මම දැකලා තිබෙනවා.අනිත් අය කියන දේවල් මත යැපෙන්න එපා.තමුන්ට ආදරය කරන්න.එතකොට ජීවිතය ජයගන්න පිළිවන්‘‘ ඇය කියන්නීය


    13(28).gif


    14(26).gif


    12(36).gif

    http://www.lankadeepa.lk/index.php/articles/198868
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ අයට බනින්න බැහැ.මං වගේ කෙනෙක් දැක්කම කවුද විහිලූ නොකර සිටින්නේ.මුලදී මමම මානසිකව ගොඩක් වැටුණා.

    මොනවා වුනත් හිත හොඳ මනුස්සයෙක්.