කතරගම දෙවියන්ගේ උප්පත්ති කතාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතරගම දෙවි හාමුදුරුවන්ගේ උප්පත්ති කතාව - 1

    දැන් එලකිරි එකේ කතරගම දෙවියො ගැන කතා වෙනෙවනෙ.එක හින්ද හිතුව කතරගම දෙවියන්ගෙ රසවත් උප්පත්ති කතාව,හින්දු ආගමේ තියෙන විදිහට දාන්ඩ.කතරගම දෙවියන්ගෙ තව උප්පත්ති කතාවක් තියෙනව ඒකත් වෙලාවක දාන්නම්කො.:yes::yes:

    ඔන්න මචල හින්දු ආගමේ හැටියට තිමුර්තිය තමයි බ්‍රහ්ම,විශ්ණු, ඊශ්වර කියන දෙවිවරු තුන් දෙනා.ඒ කියන්නෙ බලගතුම දෙවිවරු තුන් දෙනා.
    Lord%2BShiva%2BPhoto.jpg

    ඔය තුන් දෙනාගෙන් ඊශ්වර දෙවියො සුවෙන් කාලය ගත කරන ගමන් ගෙදර වැඩට බෂ්ම කියන අසුරයෙක් තියාගෙන හිටිය.මේ බෂ්ම අසුරය දෙවියන්ට යටහත් පහත්ව සේවය කරගෙන හිටපු හින්ද ඊශ්වර දෙවියො කල්පනා කරා මේ අසුරයට වරයක් දෙන්ඩ.එහෙම හිතල අසුරයට කියුව" බෂ්ම කමති දෙයක් ඉල්ලන්ඩ ඔයාට වරයක් දෙනව" කියල.:D

    ඉතින් මේ බෂ්ම අසුරය ඊශ්වර දෙවියන්ව රවටගෙන හිටියට මොකද, ඊශ්වර දෙවියන්ගෙන් පලි ගන්ඩ බලාගෙන හිටියෙ කාලයක ඉදන්.:yes:

    ඔන්න බෂ්මට වෙලාව ආව,අසුරය ඉල්ලුව ඊශ්වර දෙවියො ගාව තිබ්බ වටිනාම මන්ත්‍රය.(ඒක අතට ජප කරල කාගෙ හරි ඔලුවෙන් තියපු ගමන් අලු වෙලා යනව,ඔලුව අයිති කාරයව.කොහොමද පවර් එක.:D)

    ඔන්න ඊශ්වර දෙයියොත් දුන්න මන්ත්‍රය,වෙන මොනව කරන්ඩද ඇයි ඉතින් තමන් දුන්න වරයනෙ.ඔන්න ඔතනදි තමයි අසුරයගෙ බලු ගතිය එලියට ආවෙ.මේක මොකද කරේ දන්නවද,මන්තරේ උගෙ අතට මතුරගෙන මන්තරේ ටෙස්ට් කරන්ඩ ඊශ්වර දෙවියන්ගෙ ඔලුවෙ තියන්ඩ ආවෙ නැතෑ,:lol::lol::lol: එතනදි ඊශ්වර දෙවියොත් අම්ම මුත්ත සිහිවෙලා වගෙ පන කඩාගෙන දුවන්ඩ පටන් ගත්ත.:lol::lol::lol: අසුරය පන්නනව ඊශ්වර දෙවියො දුවනව.දුවන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමේ ඔන්න ඊශ්වර දෙවියො,තිමුර්තුයෙන් එක් කෙනෙක්.:lol: මොන අයියට උනත් වැඩ වරදින වෙලාවල් තියෙනව කියනවනෙ :yes::lol:


    ඔන්න ඔය වෙලාවෙ විෂ්නු දෙවියො මේ සිදුවිම දැකල,
    368vishnu-wallpaper989.jpg


    ඊශ්වර දෙවියො බේර ගන්ඩ උපායක් හිතල සුරුපි කාන්තා වේසයක් මවාගෙන ඊශ්වර දෙවියො සහ අසුරය දුවගෙන එන පාරේ ඔන්චිල්ලවක් මවාවෙන පැද පැද හිටිය.ඉස්සල්ලම දුවගෙන ආපු ඊශ්වර දෙවියො මේ දේවිය දැකල නැවතුනා,ආයෙම පස්සෙන් එන අසුරයව දැකල දුවන්ඩ පටන් ගත්ත.:lol:

    ඉලගට මේ සුරුපි දෙවියාගනාව ලගට අසුරය ආව,අසුරයට ආපුකාරනේ අමතක වෙලා මේ සුරුපිනියට විවාහ යොජනාවක් කරා.(ගෑණු දැක්කම ඔක්කොම අමතකයි:lol:) එතකොට දෙවියාගනාව කියුපි වෙන ස්ත්‍රින් ලගට යන්නෙ නැ කියල,ඔයගෙ ඔලුවෙ තියල අත තියල දිවුරුවොත් විවාහ‍යට කැමතියි කියල. අසුරයට මන්තරේ මැතිරුව කියල අමතකවෙලා දිවුරුම දෙන්ඩ තමගෙ ඔලුවට අත තියාගත්ත විතරයි අලු වෙලා ගියා.:lol::lol:

    ඉතින් අසුරය තමන් පස්සෙන් එන්නෙනැ සැක හැර දැනගත්තට පස්සෙ ඊශ්වර දෙවියො අපහු ඇවිත් අර දෙවතා වේසයෙන් ඉන්න විශ්ණු දෙවියන්ට විවාහ යොජනාවක් කරා.:P එතකොට දේවතාවිය කියාපි ඔබතුමාට දැන්ටත් උමයන්ගනා දේවිය ඉන්නවනෙ එයාගෙන් අහල එන්න,එයා කැමතිනම්,මම කැමතියි කියල .:D (විශ්ණු දෙවියො උමයන්ගනා දේවගනගෙ සහොදරයෙක්ලු)
    vishnu_as_mohinism.jpg

    ඒක ඇහුව විතරයි ඊස්වර දෙවියො උඩ පැනගෙන ගිහින්,නා නා විදි වැදුම් වැදල තමන්ගෙ බාර්යාවගෙන් කැමැත්ත ගත්ත කාන්තා වේසයෙන් ඉන්න විශ්ණු දෙවියන්ව විවාහ කර ගන්ඩ.(ඊස්වර දෙවියො දන්නෙ නැ මේ සෙල්ලම් දාන්නෙ විශ්ණු දෙවියො කියල).

    ඔන්න කැමැත්ත ගත්තට පස්සෙ දුවගෙන ගියා අර කාන්තාව ලගට,යද්දි තමයි ඊස්වර දෙවියන්ට තරු විසි උනේ,මෙන්න අර කාන්තාව කුඩා කුමරගෙක් එක්ක ඉන්නව,බලද්දි ඒ දෙවිය අම්ම කෙනෙක්, එක දරුවෙකුත් ඉන්න.:lol::lol: ඊස්වර දෙවියන්ට එත් කමක් නැ,දැන් ලමයයි අම්මයි දෙන්නම බාර ගන්ඩ මනාපයි.:D:D ඒත් කාන්තා වේශයෙන් ඉන්න විශ්ණු දෙවියො කියපි ගෙදරින් අහල එන්ඩ ලමයයි මාවයි දෙන්නම ගන්ඩ නම් කියල.:yes::lol:

    ඔන්න ඊස්වර දෙවියො ගෙදර දුවල නා නා විදි වැදුම් වැදල තමන්ගෙ බාර්යාවගෙන් කැමැත්ත ගත්ත කියමුකො,මෙන්න අනිත් පාර එද්දි ළමයි දෙන්නෙක්.:lol::shocked: ඔය විදිහට 6 දෙනෙක් වෙනකන් ගෙදර දුවනව,කැමැත්ත ගන්නව එනව,ගෙදර දුවනව,කැමැත්ත ගන්නව එනව.අන්තිම පාර ඊස්වර දෙවියන්ගෙ බාර්යාව උමා දේවියටත් හිතුන මේ අරුම පුදුම කාන්තාව බලන්ඩ යන්ඩ.දෙන්නම එද්දි අර කාන්තාව ළමයි 7 දෙනෙක් එන්න ඉන්නව,ඔන්චිලි පැද පැද :lol:

    ඉතින් මේ උමයන්ගනා දේවතාව අර ළමයි 7 දෙනාව දැක්කම ආදරයෙන් ළමයි 7 දෙනාව තුරුලු කර ගත්තලු.ඒ එක්කම කුමාරවරු 7 දෙනා එකතු වෙලා එක කුමරයෙක් හැදුන කියල කියනව,ඒ තමයිලු ස්කන්ධ කුමාර නොහොත් කතරගම දෙවියො.:yes::)

    ඒ හිටියෙ විශ්ණු දෙවියො කියල දැන ගත්තම ඊශ්වර දෙවියන්ට මොනව හිතුනද කියලනම් දන්නෙ නැ.:P:lol::lol:

    හොදයිනම් rep+ ක් එක්කම,bump එකක් දාගෙනම යන්ඩ එහෙනම්.:yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    2050 වෙනකොට ඉතිං කොහොමත්.. ඕව වලපල්ලට යනව බං.. තාම මිනිස්සුන් ගෙ මනස සූදානම් නැහැ ඕව බැහැර කරන්න..
    6417_zps66a31b58.png

    පවර් ඔෆ් බ්‍රේන් වොෂ්

    gPuCpCR.png
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඊශ්වර දෙවියොත් ෆට්ට චරිතයක්නේ:rofl:.කි_බක් නිසා ගෙම්බෙක් වෙලා දෙයියෙක් උනත්.:eek:අපි නම් තව කමක් නෑ:lol:
     
    • Like
    Reactions: erozan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    elz :D ඔන්න ඕක තමා මචෝ "කතරගම මිත්‍යාව" වෙන්න පුලුවන් කතාව. :yes::yes:
     
    • Like
    Reactions: B_i_n_g_o

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2050 වෙනකොට ඉතිං කොහොමත්.. ඕව වලපල්ලට යනව බං.. තාම මිනිස්සුන් ගෙ මනස සූදානම් නැහැ ඕව බැහැර කරන්න..
    6417_zps66a31b58.png

    පවර් ඔෆ් බ්‍රේන් වොෂ්

    gPuCpCR.png
    :yes::yes:
    ඊශ්වර දෙවියොත් ෆට්ට චරිතයක්නේ:rofl:.කි_බක් නිසා ගෙම්බෙක් වෙලා දෙයියෙක් උනත්.:eek:අපි නම් තව කමක් නෑ:lol:
    :yes:
    BUMP REP+
    thanks.:cool:

    elz :D ඔන්න ඕක තමා මචෝ "කතරගම මිත්‍යාව" වෙන්න පුලුවන් කතාව. :yes::yes:
    :yes::yes: