කතරගම දේවදත්ත දෙමාපියෝ

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කතරගම දේවදත්ත දෙමාපියෝ

කතරගම පුදබිම යනු ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්‌ථානය වන අතර කතරගම පුදබිම දැක බලා ගැනීම පිණිස ලෝකයේ විවිධ රටවල්වලින් විදේශීය ජනයා පැමිණෙන අතර දේශීය බැතිමතුන් ද අතිවිශාල පිරිසක්‌ කතරගම පුදබිම වෙත පැමිණෙති.
katara1.jpg

සිය දරුවන් හා බිරින්දෑවරුන් යාචකයන් ලෙස සි`ගමන් යෑදීවීමට පිරිසක්‌ ක්‍රියා කර තිබේ. මෙම පිරිස්‌ අතරින් වයස අවුරුදු 05 සිට අවුරුදු 16 දක්‌වා වූ ගැහැනු පිරිමි ළමුන් රැසක්‌ කතරගම පුදබිමේ සිඟමනේ යෙදවීමට කටයුතු කරන අතර මෙම පිරිස්‌වලින් වැඩිම ප්‍රමාණයක්‌ සිටිනුයේ කතරගමින් පිටස්‌තර තිස්‌සමහාරාම, බෙරලිහෙළ, වීරවිල වැනි පළාත් වල වන අතර තවත් පිරිසක්‌ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සති අන්ත හා දීර්ඝ නිවාඩු දිනයන් වලදී කතරගමට පැමිණ වන්දනා කරුවන්ගේ අනුකම්පාව ලබා ගැනීමට හැකි වන පරිදි සිය ඇඳුම් වැරහැලි ලෙස සකසාගෙන සමන්විතව කතරගම කිරිවෙහෙර මාර්ගයේ හා පූජා භූමියේ විවිධ ස්‌ථාන තුළ රැෙ`දමින් සිය මව පියා මියගිය බව පවසා හෝ නැත්නම් පාසල් යැමට පොත් ගන්න බව පවසා මුදල් සි`ගමනේ යෙදෙන ළමුන් 70 කට ආසන්න පිරිසක්‌ මෙම ජාවාරමේ නිරතව සිටිති.

මෙම ළමුන් අතරින් නිතරම කතරගම අංක 02 පාලම අසල සිටින අවුරුදු 15 ක්‌ පමණ වූ දැරියකි. ඇයගේ මව නාගහවීදිය ගමේ ජීවත් වෙන අතර යම් රෝගයක්‌ නිසා මෙම දැරිවියගේ පියයුරු ආසන්නයේ සැත්කමක්‌ කර කොටසක්‌ කපා දමා තිබේ. ඇයගේ දෙමාපියන් මෙම රෝගී දැරිය සිය ජීවන කාර්යය ලෙස යොදවාගෙන ඇත්තේ දැරිවියගේ කුසට නිසි ආහාරයක්‌වත් සුදුසු වෙලාවට ලබා නොදීමෙන්ය.

උදෑසන තණ කෑමට එළදෙනක්‌ ගසක බැ`ද නැවත උදෑසන කිරිටික දොවා ගන්නා පරිදි මෙම අසරණ දැරිය සෑම උදෑසනකම කතරගම අංක 02 පාලම අසලට සිය මව විසින් රැගෙන එනු ලබන්නේ උදෑසන 04 ට පමණය. නිදිමත ගතියෙන් හ`ඩා වැළපෙන දැරියට සිය මව පහර දෙමින් "යමං අද සෙන`ග ඉන්නවා" කියමින් මෙම දැරිය කතරගම අංක 02 පාලම අසල පැදුරු කඩක වාඩි කරවා මුදල් ඉපැයීමට ටින් එකක්‌ ද ළ`ග තබා ඇයගේ සැත්කම කරන ලද පපු ප්‍රදේශය විවර කර සිය මව නිවෙස වෙත යනු ලබයි. දහවල් වන විට දී සිය මව පැමිණෙන අතර දැරියගේ ටිංඑකේ පිරී ඇති මුදල් ද ලබාගෙන දැරියට කෑමට ලැබුණු බත් පැකට්‌ ටිකත් රැගෙන නිවසට යන මව නැවත විටින් විට පැමිණ සිඟමන් යෑදීමට සැලසූ දැරියගේ මුදල් ලබා ගැනීම හැර ඇගේ අවශ්‍යතාවන් සපුරන්නේ නැත.

මේ තවත් අවුරුදු 13 ක පමණ වූ දැරියකි. ඇයද ස`sගමන් යෑදීමට යොදවා ඇත්තේ කතරගම අංක 02 පාලම අසල නගරයට ආසන්නයේ බැතිමතුන් පැමිණෙන මාර්ගය තුළයි. මෙම දැරිවියගේ කොන්දේ වූ ආබාධයක්‌ මත ඇයට නැගිටීමට නොහැකිය. රෝද පුටුවක සිටින මෙම දැරිවිය මව හා පියා විසින් උදෑසනම රැගෙනැවිත් මෙම ස්‌ථානයේ දමා යනු ලබන්නේ අබාධිත දැරිය සිටින රෝද පුටුවේ මුදල් එකතු වීමට ටින් එක එල්ලා තැබීමෙන්ය. පියා නිතරම බීමත්ව සිටින අතර දැරියට ලැබෙන මුදල් උපයෝගී කරගෙන පියා මත්පැන් පානය කිරීමට පෙළඹී සිටී. සිය පවුලේ ප්‍රධාන ආදායම වන්නේ මෙම දැරියට ලැබෙන මුදල්ය. මෙම දැරිය මුත්‍රා කිරීම මළ පහ කිරීම ආදී සියල්ලම සිදුවන්නේ ඇය හිඳුවා ඇති රෝද පුටුවේය. බැතිමතුන් දේවාලයට ගොස්‌ පැමිණෙන විට දී කෑමට ලබාදෙන පලතුරු කැල්ලක්‌ හෝ කෑම පැකට්‌ එකක්‌ හෝ බීම බෝතලයක්‌ පානය කිරීම හැර මේ දැරිවියට සිය දෙමාපියන්ගෙන් පිහිටක්‌ නොමැත.

මෙවැනි අයුරින් කතරගම පුදබිමේ අමානුෂිකව පීsඩා විඳිනු ලබන දරුවන් අතර මාස 06 සිට අවුරුද්ද දක්‌වා වූ කුඩාම දරුවන් පිරිසක්‌ ද සිටිති. මෙම දරුවන්ගේ මවුවරුන් කතරගම පුදබිමෙ දිවා රාත්‍රිය පුරා දරුවන් උකුලේ තබාගෙන ඔවුන්ට වද දෙමින් නිතරම හැඬීමට සලස්‌වා මුදල් ඉපැයීsම සිදු කරති. දැඩි අව්රශ්මියද උදෑසන පින්න ද හමන සුළඟින් දැඩි දූවිල්ලෙන් ද මෙම දරුවන් දැඩි ලෙස පීඩනයට ලක්‌ වෙයි.

මෙම දරුවන් රැසකට මේ වනවිට ඇදුම රෝගය සැදී ඇත්තේ දරුවන්ට නිසි අයුරින් නිවසක නිදා ගැනීsමවත් ඉඩක්‌ නොතබා මාර්ගයේ ර`දවා ගැනීමේ හේතුව මතය.

මේ වන විටදී කුඩා දරුවන් උපයෝගි කරගෙන මුදල් ඉපයිම් සිදුකරනු ලබන කාන්තාවන් 25 කට ආසන්න ප්‍රමාණයක්‌ කතරගම පුදබිම මුල් කරගෙන දිවි ගෙවයි. මොවුqන් අතරින් සමහරක්‌ ගැහැනුන් විසින් සිය දරුවා වයස්‌ගත කාන්තාවන් වෙත ලබාදී මුදල් ඉපැයීsම සිදු කරනුයේ වන්දනාකරුවන්ට විවිධ අයුරින් මුසා බස්‌ පවසා අනුකම්පාව ලබා ගැනීමෙන්ය.

"සිය දියණිය පිළිකාවකින් මිය ගියා ඇයගේ දරුවා තමයි, මේ දරුවට පිටි දෙන්න විදිහක්‌ නැහැ" කියා වන්දනාකරුවන්ගේ අනුකම්පාව ලබා ගන්නා මෙම කූට කාන්තාව මෙම අසරණයන් ස`දහා වතුර උගුරක්‌වත් ලබා දෙන බවක්‌ නොපෙනේ. හ`ඩමින් සිටින දරුවන් තවත් හ`ඩවා වන්දනා කරුවන්ගේ අනුකම්පාව ලබාගෙන දිනකට රුපියල් 5000 ක පමණ මුදලක්‌ උපයා ගන්නා කාන්තාවන්ද කතරගම පූජා භුමියේ සිටී. කුඩා දරුවා වෙනුවෙන් ලැබෙන මුදලින් දරුවා පෙන්වා මුදල් උපයා ගන්නා කාන්තාවට ද ඉන් කොටසක්‌ ලබා දීsමට දරුවාගේ මව ක්‍රියා කරයිs.

මේ වැනි අයුරින් කුඩා දරුවන් උපයෝගි කර ගන්නා කාන්තාවන් පිරිසක්‌ ද පූජා භුමියේ සිටියත් මෙම කාන්තාවන් කිසිවකු කතරගමට අයත් පිරිස්‌ නොවේ.

මෙයට අමතරව කතරගම දේවාලයට පූජාවට්‌ටි සිය ඔලුවේ තබාගෙනැවිත් වන්දනා කරුන්ට සේවා සපයා මුදල් උපයන පිරිමි ළමුන් පිරිසක්‌ ද කතරගම සිටිති. මෙම දරුවන් ඇතැම් පූජා වට්‌ටි කඩ තුළ බැල මෙහෙවරකම් කරනු ලබන අතර ඉතාම අඩු මුදලකින් සේවාවක්‌ ලබා ගැනීමට හැකි නිසා කතරගම ඇතැම් පිරිස මෙම දරුවන් සිය අත් උදවුකරුවන් ලෙස රඳවා ගෙන වැඩ කරගනු ලබයි.

පුංචි හිසට ඔරොත්තු නොදෙන බරක්‌ උසුලමින් මෙම අසරණ දරුවන් පූජා වට්‌ටි දේවාලයට රැගෙනැවිත් බැතිමතුන් ලබා දෙන මුදල් ද භාවිත කරනුයේ සිගරට්‌ බීමටත් විවිධ කඩයප්පං කෑම සඳහාත්ය.

දිනක්‌ අවුරුදු 09 ක්‌ පමණ වයසින් යුතු දැරියක්‌ වන්දනාවේ පැමිණි යුවළකට අතපා මුදල් ඉල්ලනු ලැබීය. ඇයි දුව ඔයාගේ තාත්තා අම්මා නැද්දැයි යුවළ විමසනු ලැබීය. "තාත්තා මැරිලා අම්මා විතරයි ඉන්නේ. මට ඉස්‌කෝලේ යන්න පොත් නැහැ පොත් ගන්න සල්ලි දෙන්න නෝනා" කියලා දැරිය මුදල් ඉල්ලා පසුපස යුවළ සමඟ පැමිණියාය පසුව වන්දනාවේ පැමිණි යුවළ කතරගම කඩයකට ගොස්‌ පොත් අරන් දෙනු ලැබීය. දැරිය පැවසුවේ මට සල්ලි දෙන්න මම පොත් ගන්නම් කියායි. එයට අකැමැති වූ යුවළ දරුවාට පොත් රැසක්‌ අරන් දී බිස්‌කට්‌ පැකට්‌ කීsපයක්‌ද ලබාදී හො`දින් ඉගෙන ගන්නා ලෙස දරුවාට අවවාද කර පිටත්විය.

පැයක්‌ පමණ ගෙවුණු පසුව කාන්තාවක්‌ අදාළ දැරිය සමඟ පොත් කඩයට පැමිණ "අනේ අයියේ දුවට පොත් ගොඩක්‌ තියෙනවා පංතියට දෙන්න සල්ලි නැහැ මේ පොත් ටික තියාගෙන සල්ලි දෙන්න" කියලා පොත්වලට මුදල් කඩ කරුවාගෙන් ඉල්ලා ඇවිටිලි කරන්නට වූවාය.

කඩකරුවා ද මුදල් දීම ප්‍රතික්‌ෂේප කර පැවසුවේ අර මහත්තයයි නෝනයි මේ ළමයට පොත් අරන් දුන්නේ ඉගෙන ගන්න. පොත් ආයි මට ගන්න බෑ. ඔය ළමයා ඉස්‌කෝලේ යන නිසා පොත් වුවමනානේ යනුවෙනි. පොත් එවිට කාන්තාව පැවසුවේ "මේකි යන ඉස්‌කෝලයක්‌ නැහැ" කියාය.

පසුගිය ඔක්‌තෝබර් මාසයේ දී කතරගම පුදබිම තුළ කුඩා දරුවන් රැසකගේ ගෙල බැඳි රන් මාල 04 ක්‌ පමණ විටින් විට කඩා තිබිණි. මෙම නිසා කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති උපාලි කාරියවසම් මහතා සූක්‍ෂ්ම ලෙස පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ යොදවා අඳුරු වූ ප්‍රදේශයක දී කුඩා දරුවෙකුගේ ගෙල බැඳි මාලයක්‌ කඩාගෙන යන විටදි අදාළ මාලයත් සමඟ මාල සොරා අල්ලා ගනු ලැබීය. මෙම මාල සෝරා වූයේ පිළියන්දල ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 13 ක කුඩා පිරිමි ළමයෙකිs. සිය මව හා ඥාතීන් දෙදෙනෙකු සමඟ සති අන්ත නිවාඩු දින වලදී පිළියන්දල සිට පැමිණ වන්දනා කරුවන්ගේ මාල කඩාගෙන ගොස්‌ විකුණා මුදල් උපයන පිරිසක්‌ බවට පොලිසිය අනාවරණය කර ගැනීමෙන් පසුව දරුවන් දෙදෙනා පරිවාසයටත් දරුවන් සොරකමට යෙදවූ කාන්තාවන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් අධිකරණය නියෝග කරනු ලැබීය.

කතරගම පුදබිමේ සිටින වීදි ළමුන් පිළිබඳව අදහස්‌ දක්‌වමින් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් පැවසුවේ "මේ එක ළමයෙක්‌වත් කතරගම ප්‍රදේශයේ ජීවත් වෙන ළමන් නොවෙයි. විවිධ ප්‍රදේශවලින් නිවාඩු දිනයන්වල දී එන පිරිස්‌ ඇතැම් දෙමාපියන් ඉතාම අන්තගාමි ලෙස දරුවන්ගේ අනාගතය විනාශ කර තිබෙනවා. ළමුන්ට ලබා දිය යුතු අධ්‍යාපනය නිසි අයුරින් ලබා නොදී ඔවුන්ගෙන් මුදල් හම්බ කර ගැනීමට පෙළඹිලා.

මේ දරුවන් අනුකම්පාව ලබා ගෙන මුදල් ඉපැයීsමට යොදවලා තියෙනවා. පාසල් යායුතු වයසේ ළමුන් රැසක්‌ පාසල් නොයවා මුදල් ඉපයීsමට යොදවා තිබෙනවා. මේ දරුවන් වන්දනා කරුවන්ගේ පාවහන්, ගමන්මළු, පැහැරගන්නවා. වන්දනා බැතිමතුන්ට නිසි අයුරින් දේවාලයවත් වන්දනා කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඇතැම් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා සොරකම් කිරීමට පවා පෙළඹී තිබෙනවා. ඒ නිසා මේ ළමුන් අල්ලා අධ්‍යාපනයක්‌ ලබාදීsමට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒවගේම මේ ළමුන් මේ අයුරින් සි`ගමනට යොදවා ඇති ළමුන්ගේ දෙමාපියන්ටද නීsති මගින් ද`ඩුවම් කර මෙම ළමුන් යහමගට ගන්නා ලෙස ළමුන් පිළිබඳව සොයා බලන ආයතන වලින් ඉල්ලා සිටිනවා යෑයි ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියෝ අදහස්‌ දක්‌වා සිටියහ.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කතරගම ඉන්න ගොඩක් උන් ලෝක හොරු බන්, කඩේකට ගියොත් ,පැකට් එකේ ගහල තියෙන ගානට වඩා ගාන වැඩියි, කෑම උනත් එහෙමමයි ,තනිකර ගාසාකෑම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    කතරගම ඉන්න ගොඩක් උන් ලෝක හොරු බන්, කඩේකට ගියොත් ,පැකට් එකේ ගහල තියෙන ගානට වඩා ගාන වැඩියි, කෑම උනත් එහෙමමයි ,තනිකර ගාසාකෑම

    oya hutte ringanneth apema un ne ban