කතාකරන තල්මසෙක්

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කතාකරන තල්මසෙක්

    මිනිස් හඩින් කතාකරන තල්මසෙක්

    188.jpg
    [/IMG]

    කතා කල හැක්කේ මනුෂ්‍යයාට පමනක්ද? උගුරෙන් හඩක් නිකුත් කළ හැකි සැම තිරිසන් සත්වයකුටම තමන්ට ආවේණික සහ කිසියම් සිමාවක් තුළ පමනක් පවතින භාෂාවක් තිබෙනවා. කුසගින්න, රාගය, අනතුරැ වැනි මුලික සංඥා යැවිමට ඒ භාෂාව ප්‍රමාණවත්. සමහරවිට ඒ භාෂාවේ අඩංගු වෙන්නට ඉඩ තිබෙන්නේ එකම වචනයක් විය හැකියි. එය හසුරැවන ආකාරය හෝ හඩ අඩු වැඩි කරන ආකාරයට අවශ්‍ය පණිවුඩය හැඟෙන පරිදි දැනුම් දිම් කරන්නට සතුන්ට හැකිවනවා

    මනුෂ්‍යයාගේ භාෂාවේ එන වචන ඉතා සිමා සහිත ලෙස යම් ප්‍රමාණයකට අනුකරණය කරන්නට ගිරවුන්ට සහ ගිරා පන්තියේ තවත් පක්ෂියකු වන කොකටුවාට පුලුවන්. ඒ අතර කොරියානු භාෂාවේ වචන අනුකරණය කිරිමට හැකි අලියකු ගැන පසුගියදා කොරියාවෙන් වර්තා වුණා.

    මේ අතර පසුගියදා ඇමරිකානු විද්‍යඥයන් විසින් කෙරුනු පර්යේෂණයකදි අපුරු කාරනයක් හෙළි වුනා. එනම් බ්ලුගා හෙවත් ස්ටර්ජන් වර්ගයේ සුදු තල් මසුන්ට මනුෂ්‍ය හඩ ඉතා හොදින් අනුකරනය කළ හැකි බවයි. මනුෂ්‍ය හඩක් නැගිමට නම් මනුෂ්‍යයාට සමාන ස්වරාලයක් සහ දිවක් තල්මසාට ද තිබිය යුතුයි.

    තල්මසාට සාමාන්‍යයෙන් කියන්නේ සාගරයේ කැනරි කුරුල්ලා කියලයි. කැනරි කුරුල්ලාත් මනුෂ්‍ය හඩට සමාන විවිධ ශබ්ද නගනවා. කොහොම වුනත් තල්මසකු කතා කරන හඩ පටිගත කල බවට කිසිදු වාර්තාවක් නැහැ.

    කැලිෆෝර්නියාවේ තිබෙන ඇමරිකානු ජාතික ක්ෂිරපායි සාගර ජිවි පදනම කියන පරිදි NOC නැමති 9 හැවිරිදි සුදු තල්මසෙක් මිනිස් හඩින් කතා කරනවා එය පටිගත කර පවා තිබෙනවා NOC මිනිස් හඩ නිකුත් කරන්නේ තමන්ගේ නාසයෙන්. නාසය තුළ පිඩනය එහා මෙහා කරමින් හඩ පාලනය කර වචන සැදිම තමයි NOC ගේ ක්‍රමවේදය.




    :):):):):):):):):):):):):):):):):):)

    හොදනම් BUMP එකක් දෙන්න මෙවා ++ එකක් උනත් කමක් නැ
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You must spread some Reputation around before giving it to D.shan again. :/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එල එල

    අපේ උන් නම් ඉතිං කුණු හබ්බ ටිකක් පුරුදු කරයි