කතා කරන්නේ නැත්තේ ඇයි ?

plant

Member
Oct 23, 2016
123
10
0
කතා කරන්නේ නැත්තේ ඇයි ?

සුනාමි ගැන කතා කරන්නේ නැද්ද අද:(:(:(:(


සුනාමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

2004 ආසියා සුනාමි බලපෑම
ඇබොට් (Abbott) 1996දී දක්වන ආකාරයට "සුනාමි" යනු ජපන් වචනයක් වන අතර එහි අඳහස "විශාල වරාය රළ යන්නයි." ඈත මුහුදේ පවතින උඩින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උඩින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ "සුනාමි" ලෙස හදුන්වති.

රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ උදම් රළ වශයෙනි.
ටෙල්ෆර්ඩ්ට අනුව සුනාමියක් යනු දිගින් වැඩි උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකගත හැකි තරංග විශේෂයකි.
සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දියරැල්ල්ක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග වේ.


සුනාමි ඇතිවීමට බලපාන සාධක
සාගර පතුලේ ඇතිවන භූමිකම්පා
නායයාම් ඇතිවීම ( උදා: 1958 ඇලස්කාවේ ලිතියාවේ වල කඳු නායයෑමක් නිසා සුනාමි තරංග ඇතිවිය.)
යමහල් විදාරණය වීම හේතු‍කොටගෙන පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත්වීම
උල්කාපාත කඩාවැටීම හා විශාල හිම කඳු සාගරයට කඩාවැටීමෙන්


සුනාමි පෙරනිමිති
සුනාමියක් පැමිණීමට පෙර බොහෝ විට අනතුරු ඇඟවීම් නොලැබේ. නමුත් සුනාමි සාමාන්‍යනේ හටගන්නේ ජලය ආශ්‍රිත සිදුවන භූමිකම්පාවකින්ය. නොගැඹුරු දියේ හට ගැනීම, වැඩි ප්‍රබලත්වය, ජලයේ ගැඹුර හා ප්‍රමාණවත් ජල ස්කන්ධයක් යන කරුණු සම්පූර්ණ නම් සුනාමියක් ඇති වීමට පුළුවන. ප්‍රබලත්වය 4.2 වූ භූමිකම්පාවක් ඇතිවී විනාඩි 15 තුළ සාමාන්‍යයෙන් ජපානයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ හැකි සුනාමියක් ඇති විය හැකිය.


ගොඩබිමට ලඟාවන පළමු සුනාමි තරංගය නිම්නයක් (දෙකිඳ) ආකාර නම් වෙරළාශ්‍රීත ජලය පැහැදිලි ලෙස අඩුවී සාමානයෙන් දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය වේ. මෙය උවදුරෙන් දුරස්වයාමට පෙර කඩා වදින සුනාමියක පෙරනිමිත්තකි. වෙරළාශ්‍රිතව සිටින පුද්ගලයෙකුට හදිසියේම මුහුද පසුපසට ගමන් කිරීමක් දක්නට ලැබුණොත් (මේ සමඟම චූෂණ ශබ්දයක්ද ඇසුණු බව බොහෝ නොමැරී බේරුණු පුද්ගලයෝ වාර්තා කර ඇත) ඔහුට ගැලවීමට ඇති එකම අවස්ථාව වන්නේ උස් ප්‍රදේශයකට පළා යාම හෝ උස් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැගීමයි.


2004 දී ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමියේදී නැගෙනහිරින් සුනාමි රළවලින් යටවුණු අප්‍රිකානූ හෝ අනෙක් බටහිර වෙරළ වලින් මුහුද පසුපසට යාමක් වාර්තා නොවිණි. එයට හේතුව එම රැල්ලේ ස්වාභාවයයි. එය නැගෙනහිර දෙසින් විභේද රේඛාවට පහළින් ගමන් කළ අතර බටහිරදී විභේද රේඛාවට ඉහළින් ගමන් කළේය. අප්‍රිකාව හා අනෙක් බටහර වෙරළ ගොදුරු වූයේ බටහිරින් ඇතිවූ රළ පහරිනි.


සාගරයේ හටගන්නා සුනාමි තත්ත්වයන්ගෙන් 80% ක්ම ඇතිවන්නේ පැසිෆික් සාගරයේය. නමුත් අභ්‍යන්තර විල් වැනි විශාල ජල ස්කන්ධයක් පවතින ඕනෑම ස්ථානයක සුනාමි ඇතිවිය හැකිය. නායයාම, ගිනිකදු පිපිරීම් හා භූ කම්පන මගින් මේවා ඇතිවිය හැකිය. ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමිය පිළිබඳව 2008 අප්‍රේල් පළවූ Geogrophical සඟරාවට අනුව 2004 දෙසැම්බර් 26 දින ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමිය කලාපයකට බලාපොරොත්තු විය හැකි දරුණුතම සුනාමිය නොවේ. Geophysical journal Juternation හි සම ලේඛක දකුණු කැලිෆෝනියා සරසවියේ සුනාමි පර්යේෂණ ආයතනයේ මහාචාර්ය Cosrs synolakis ට අනුව අනාගතයේ ඇතිවන සුනාමියකින් ඉන්දියන් සාගර කලාපයේ මැඩගස්කරය, සිංගප්පූරුව, සෝමාලියාව,බටහිර ඔස්ට්‍රේලියාව යන රටවලට හානි පැමිණය හැකිය. නත්තල් දිනයට පසුදා සුනාමියෙන් 30,000 පමණ පුද්ගලයන් මියගිය අතර බොහෝ සිරුරු හඳුනාගැනීමට නොහැකි වූ අතරතවත් බොහෝ දෙනෙක් අතුරුදහන් විණි. නිල නොවන වාර්තා වලට අනුව මිලියනයකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් සෘජුවම හෝ වක්‍රව සුනාමිය හේතුවෙන් මියගොස් ඇත.

සුනාමි ක්‍රියාකාරිත්වයේ ඓතිහාසික තොරතුරු
ලෝකයේ පැරණිම ගොඩගැලීම ලෙස සදහන් වන්නේ මීට වසර 2500 කට පෙරය.රාම-රාවණා යුද්ධයේදී ඳරුණු යුධ උපකරණ භාවිත කිරීමෙන් හිම දියවී යාම නිසා මුහුද ගොඩගැලීමක් සිදු වු බව සදහන් වේ.මෙම මුහුද ගොඩගැලීම නිසා ධීවර ගම්මාන 470 ක්ද,වරායවල් 970 ක්ද විනාශ වු බව රාජාවලියේ සදහන් වේ.මීට වසර 2000 කට පෙර කැළණි තිස්ස රජ විසින් භික්ෂුවක් මරාදැමු ශාපය නිසා මුහුඳ ගොඩගැලීම සිදු වු බව මහාවංශයේ සඳහන් වේ.සුනාමි පිළිබඳ අන්තර්ජාල‍යෙහි සඳහන් කරන ආකාරයට ක්‍රි:පු:500දී ස්කොට්ලන්තයේ සුනාමි තරංග වල බලපෑමක් සිදු වී අත.අත්ලන්තික් සාගරයේ ඇති වු හදිසි භූ චලනයක් මෙම සුනාමි තරංග නිර්මාණය වීම කෙරෙහි ඉවහල් වී ඇත.

ශ්‍රි ලංකාවට ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වය

2004 දෙසැම්බර් 26 වන දින සිදු වු භූමි කම්පාවට ඉවහල් වුයේ ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යාමයි.මෙම ලිස්සා යාමේදී භූතලය මීටර් 30ක් පමණ ඉහළට එසවී ඇත.භූතැටි සිරස්ව චලනය වීමෙන් නිර්මාණය වන සුනාමි තරංගයක නිම්න කොටස පෙරමුණ ගනී.මෙම නිම්න කොටස වෙරළ තීරයට ලගා වු විට ජල මට්ටමේ පහළ යාමක් සිදු වේ.එවිට මුහුදු පත්ල විශාල ප්‍රමාණයකින් නිරාවරණය වේ.තරංගයේ නිම්න කොටස පැමිණීම නිසා ජල තීරය පහළ බැස ගියඳ සුළු මොහොතකින් ඊලග තරංගයේ ශීර්ෂ කොටස පැමිණේ.එවිට සුනාමි තරංගය විශාල ජල කඳක් සහිතව ඉහළ නැග ඉතා වේගයෙන් වෙරළ දෙසට ගමන් කරයි.මෙම ක්‍රියාකාරිත්වය සුනාමියක් ඇති වීමයි.

2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි රළ හේතුකොට ගෙන ජිවිතක්ෂයට පත් වු ජන සංඛ්‍යාව
 

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මහින්ද ඉන්න කොට නම් බන් සුනාමිය දවස්ට ඒ අය සිහි කරා

    හිටං ට නම් ඒව මතක නෑ වගේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    srilanka_qbd_2004361.jpg