කතිකාව වෙනස් කරමු..
කතිකාව වෙනස් කරමු..
පවතින සමාජ ,සංස්කෘතික, දේශපාලනික හෝ ආර්ථික ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිහිබුද්ධිය ඇති කිසිවකුට හෝ පැවසිය නොහැක. මේ ක්‍රමයේ යැපෙන්නවී සිටිනවුන්ට හැර වෙන කිසිවකුට මේ ක්‍රමය පවත්වාගත යුත්තේ නැති බවද අප දනිමු. එහෙත් ක්‍රමය වෙනස් කළ යුතු යැයි කී පමණින්වත් ඒ සඳහා අපගේ කැමැත්ත තිබූ පමණින්වත් ඒ වෙනස් වන්නේ නැත. ඒ සඳහා න්‍යායක්, වැඩපිළිවෙලක් ,සංවිධානයක් ;නායකත්වයක්, බලවේගයක් අවශ්‍යය.
එසෙනම් ඒ කළ යුත්තේ කෙසේද? සමාජය වෙනසක් සඳහා අරගල කරන කණ්ඩායම් පක්ෂ සංවිධාන අධ්‍යයන කව හා පුද්ගලික මැදිහත්වීම් විශාල ප්‍රමාණයක් මේ වන විට රටේත් විදේශගතවත් ක්‍රියාත්මකව පවතී. මේ සියල්ලන් අතර ඒ සඳහා වූ මතිමතන්තර වාද විවාද තිබෙන බවද දනිමු . ඒත් කුමක්ද නිවැරදි යෝජනාව.? තැනැක කෙරෙන හුදකලා සංවාදයකට වඩා ඒ සියලු සංවාදයන් එක් තැනැකට ගෙන එමින් සමාජ වෙනසක් සඳහා වන කතිකාව වඩා පැහැදිලි වඩා නිවැරදි වඩාත් සක්‍රීය ඉසව්වක් කරා ගොඩ නැංවීමේ වුවමනාව මූලික අරමුණ කොට ගෙන මේ ලංකා ෆෝරමය ඇරැඹුවෙමු.
මෙහි ඕනැම මතවාදයකට ඉඩ ඇත. ඕනෑම සංවාදයකට ඉඩ ඇත. අවශ්‍ය වන්නේ ඔබගේ සාධනීය මැදිහත් වීමය. පුද්ගලික මඩ ගැසීම්. අසභ්‍ය ආකාරයේ කුලල් කාගැනීම් වලට පමණක් ඉඩ ලබාදිය නොහැක.එමෙන්ම පවත්නා නීතිය යටතේ අධිකරණය, විධායකය හා ව්‍යවස්ථාදායකය විවේචනය කිරීමේ හැකියාව ඇතිමුත් ඊට අපහාසාත්මක වන කරණු දැක්වීමෙන් වලකින ලෙසද ඉල්ලා සිටිමු. ලංකා ෆෝරමය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින අතර ඔබගේ මැදිහත් වීම ඒ වෙනුවෙන්ම පමණක් විය යුතුය.
www.lankaforum.lk