කතුන්ට කෙසෙල් ගෙඩියෙන් පිහිටක්

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
කතුන්ට කෙසෙල් ගෙඩියෙන් පිහිටක්

http://tinyurl.com/njpwfxo
:dull:වයස්ගත වීමේ දී ජනන ශක්තිය අහිමි වූ කාන්තාවන්ගේ ආඝාතය වැළදීමට ඇති අවදානම ඉදුනු කෙසෙල් අනුභවයෙන් පහළ දැමිය හැකි යැයි අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබේ.එමපර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ පොටෑසියම් අධික ආහාර මගින් මෙම රෝගි තත්වය හතරෙන් එකක් දක්වා අඩු කර ගතහැකි බවයි.

වයස අවුරුදු 50 සිට 79 දක්වා වු කාන්තාවන් 90,137 ක් මේ පර්යේෂණය සඳහා වසර 11 ක කාලයක් තිස්සේ සහභාගී කරගෙන ඇත.මෙම අධ්‍යනය සහභාගිවුවන් ආරම්භයේදි ආඝාත තත්වයෙන් මිදි සිට ඇති අතර ඔවුන්ගේ සාමාන්‍ය පොටෑසියම් අනුභවය දිනකට මිලි ග්රූම් 2611 ක් විය.

කාන්තාවකට දිනකට පොටෑසියම් මිලිග්රූම් 3510 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරට එක්කර ගතයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. මෙම අධ්‍යනයට සහභාගිවුවන් ගෙන් සියයට 16.6 ක් පමණක් මෙම ප්‍රමාණය ලබාගෙන හෝ ඊට වැඩි ප්‍රමාණයක් පොටෑසියම් සහිත ආහාර තම දෛනික ආහාරවේලට එක්කැරගෙන තිබිණි.

මෙම අධ්‍යනයේ ප්‍රතිළුල ඇමරිකානු හෘද සංවිධානයේ ජර්නලයේ සඳහන් කර ඇත්තේ ආහාර මගින් පොටෑසියම් ශරීරයට එක් කර ගන්නා ආකාරයයි. එම පර්යේෂකයන් පවසන්නේ මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක පොටෑසියම් මිලි ග්රෑම් 430 ක් අඩංගුව පවතී.

මේ පර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ පොටෑසියම් බහුල ලෙස ආහාරට එක් කර ගත් කාන්තාවන් ගේ අකල් මරණ ප්‍රමාණය පොටෑසියම් ආහාරයට එක් කර නොගත් අයට වඩා සියයට දහයකින් අඩුවු බවයි.

අධ්‍යනයේ ප්‍රධානි නිව්යෝර්ක්හි ඇල්බර්ට් අයින්ස්ටන් වෛද්‍ය විද්‍යාලයේ සිල්වියා වොසර්තෙල් ස්මෝලර් පවසන්නේ අපේ සොයා ගැනීම් මගින් කාන්තාවන් වැඩි වශයෙන් පොටෑසියම් අධික ආහාර අනුභවය අවශ්‍ය බවයි. ක්ෂණික ආහාර වල පොටෑසියම් අඩංගු නැත.


අර්තාපල්, බතල, කෙසෙල් සහ කොළ පැහැති බෝංචි යන ආහාරවල පොටෑසියම් බහුලව ඇත.මේ නිසා කෙසෙල් ආහාරයට එක්කැර ගැනීමෙන් වයස්ගත වීමත් සමග ජනන ශක්තිය අහිමි වූ කාන්තාවන්ට ආඝාතය වළක්වා ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. :P

source http://tinyurl.com/njpwfxo
 
Last edited: