කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය ගිවිසුම් දෙකම ඔගොල්ලෝ අනුගමනය කරනවද ? අනෙක් එක මම අහලා තියනව මුස්ලිම් අය අදහන්නේ පැරණි ගිවිසුම කියලා එහම කතාවක් එ කියන විදිහට ඔගොල්ලො අතර සම්භන්දයක් තියද ?

    පැරණි ගිවිසුම කියන්නේ මචන් ජේසු තුමා ඉපදෙන්න කලින්. ගොඩක්ම තියෙන්නේ ජේසු තුමාගේ ආගම යුදෙව් ආගමේ උන දේවල්. මුස්ලිම් අය පැරණි ගිවිසුම කියවන්නේ නැහැ. සමහර අංශ එයාලා එක්ක සම්බන්ධයක් තිබුනට එයාලා බයිබලේ කියවන්නේ නැහැ මචන්.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් වෙලා ගියා කිව්ව විදියට උඹේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම් යුදෙව් ආගමට අනුව හිටපු කෙනෙක්. එයාගෙයි මෙයාගේ බිරියටයි සැහෙන කාලයක් යනකන් ළමයි හම්බුනේ නැහැ. මේ හේතුවෙන් මෙයාගේ බිරිය තමාගේ සේවිකාවක් වන "හැගර්" සමග යහන් ගත වෙලා එයාල වෙනුවෙන් හැගර්ට දාව දරුවෙක් ලබා දෙන්න කියලා එබ්‍රහම්ට කිවවා. බිරියට අවනත උන ආබ්‍රහම් මගින් හැගර් ට පුතෙක් හම්බුනා. එයාගේ නම තිබ්බේ "ඉස්මයිල්" කියලා. ටික කාලයක් යනකොට අබ්‍රහම්ගේ නෝනටත් දරුවෙක් හම්බුනා. එයාගේ නම "ඊසාක්". තමාගේ දරුවයි සේවිකාවගේ දරුවයි දැකපු අබ්‍රහම්ගේ නෝනා හැගර්ට තමාගේ දරුවා අරගෙන පිට වෙන්න කිව්වා. අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.

    ඊසාක් තමයි යුදෙව් නව පරපුර බිහිකරන්නේ. ඊසාක් ගේ පුතුන් වන ජාකොබ් හා එසව් ගෙන් ඊළඟ පරපුර හැදෙනවා. ජාකොබ් ගෙන් ජෝශප්, ජෝශප් ගෙන් පසු මෝසස්. මෝසස් තමයි යුදෙව් ජනතාව ඊජිප්තුවේ වහල් බවෙන් නිදහස් කරගෙන දෙවියන් විසින් පොරොන්දු උණු දේශය වෙත රැගෙන යන්නේ. ඒ දේශය තමයි ජුදෙව් දේශය නොහොත් අද කාලේ පලස්තීනය. මේ අතර තුර තමයි ජනතාවට දස පනත දෙන්නේ. යුදෙව් ජනතාව පලස්තීනය වෙත ඇවිත් එහෙ පදිංචි වෙමින් ව්‍යාප්ත උනා අද තියන ඉශ්‍රයලයට. මේ පලස්තීන ජාතිකයන් ඉස්මයිල්ගෙන් පැවත එන ජනතාව. දැන් තේරෙනවනේ දෙගොල්ල අතර රණ්ඩු සරුවල් අදටත් වෙන්නේ ඇයි කියලා. යුදෙව් ජනතාවගේ දෙවියන්ගේ නීතිය තදයි. නමුත් ඒ කලේ වෙනකොට ජුදයාව පාලනය කලේ රෝමෙන්. මේ අතරතුරේදී තමයි දෙවියන් වහන්සේගේ එකම පුතා වන ජේසු තුමා ඉපදෙන්නේ. එතුමත් යුදෙව් ජාතිකයෙක්. එතුමාවත් යදෙව්, මුස්ලිම් චාරිත්‍රයට අනුව චර්මද්චේදනය කරා. අවුරුදු 30 දී එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට ගෙනාවා. නමුත් මේ ඉගැන්වීම් යුදෙව් ඉගැන් වීම් වලට වඩා හත් පසින්ම වෙනස් නිසා යුදෙව් ආගමික නායකයන් ජේසු තුමාව රෝම නීතිය අනුව කුරුසයේ ඇන ගහලා මැරුවා. දවස් තුනකින් ජේසු තුමා සඳහන් කල පරිදිම මරණෙන් නැගිටීමෙන් තමයි ජේසු තුමාටම වෙන් උන ආගම් හැදුනේ. නමුත් ජේසු තුමා කිව්වේ නැහැ මම අවේ මේ ආගම පතුරුවන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. එක කාලයත් එක්කම හැදුන එකක්. එතුමාට ඕනේ උනේ ප්‍රේමයේ පණිවුඩය ජනතාව අතරේ පතුරුවන්න.

    කතෝලික, රෝමානු කතෝලික කියන්නේ දෙකම එකයි. කොන්ස්ටන්ටින් කියන රෝම අධිරාජ්‍යයා තමයි රෝමානු කතෝලික පල්ලිය හැදුවේ. අද වතිකානුව ඒ ප්‍රතිපලයක්. අපේ රෝමානු කතෝලික ආගම පාලනය කරන්නේ රෝමේ වතිකානුවෙන් පාප් තුමාගේ නායකත්වයෙන්. ක්‍රිස්තියානි ආගම වෙනමම බයිබලය මත හා දෙවියන් ජේසු තුමා අතර ගොඩ නැගුන ආගමක්. අපි රෝමානු කතෝලිකයන් හැටියට සාන්තු වරයන් මාර්ගයෙන් දෙවියන් යදිනවා. කෙලින්ම දෙවියනුත්, ජේසු තුමත්, ජේසු තුමාගේ මව වන මරිය තුමියවත් අදහනවා.
    :)

    ගොඩක් ස්තුතියි යාලුවා ගොඩක් පැටලැවිලි වගයක් ලෙහුණා
     
    • Like
    Reactions: rochel1977

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නිකම් කුරුසය ඇදහිම හා යේසුස් වහන්සෙ ඇන ගැසු කුරුසය ඇදහිමක් කියලා මොකක් හරි වෙනසක් තියනවද ? මම දන්න කෙනෙකුගෙන් ඇහුවාම කිවෙ කුරුසය ඇදහිමක් කරන්නේ නැ කියලා. එක සංකෙතයක් පමණලු. නමුත් මම අහලා තියනවා නිකම් කුරුසය හා ‍යේසුස් වහන්සෙ ඇනගැසු පසු කුරුසය අතර මොකද්ද වෙනසක් තියනවා කියලා. ඔය ක්‍රිස්තියානි හා කතොලික අය අතර එක ගැන කියන්න පුලුවන්ද ?

    මචන් ජේසු තුමා මේ ලෝකෙට ආවේ, මරුනේ අපේ පව් නිසා. එක නිසා අපි කුරුසය ජේසු තුමා අපිව පාපයෙන් මුදවගන්න ගත්තු කුසලානයට ඒ කියන්නේ කුරුසයට ගරු කිරීමක් කරනවා මචන්. අනික කුරුසේ තමයි කතෝලික / ක්‍රිස්තියානි ආගමේ සංකේත වෙලා තියෙන්නේ.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    පැරණි ගිවිසුම කියන්නේ මචන් ජේසු තුමා ඉපදෙන්න කලින්. ගොඩක්ම තියෙන්නේ ජේසු තුමාගේ ආගම යුදෙව් ආගමේ උන දේවල්. මුස්ලිම් අය පැරණි ගිවිසුම කියවන්නේ නැහැ. සමහර අංශ එයාලා එක්ක සම්බන්ධයක් තිබුනට එයාලා බයිබලේ කියවන්නේ නැහැ මචන්.

    එතකොට කුරාණය කියන්නේ පැරණි ගිවිසුම හා බද්ධ වුන එකක් නෙමෙද ?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එතකොට කුරාණය කියන්නේ පැරණි ගිවිසුම හා බද්ධ වුන එකක් නෙමෙද ?

    බද්ද උනාම කියන්න බැහැ. මුස්ලිම් ආගමත් යුදෙව් ආගමෙන්ම කලින්ම කැඩිලා ගිය කොටසක්. මේ දෙගොලොත් දෙවියන් වහන්සේගේ පිවිතුරු බවේ සංකේතය වන චර්මච්චේදනය අදටත් කරනවා. මොකද ජේසු තුමාට පස්සේ තමයි මොහොමඩ් නබි තුමා අවේ. අපේ ආගම හැටියට ජේසු තුමා තමයි අවසාන පුද්ගලයා අපේ පව් වෙනුවෙන් මේ ලෝකෙට අවේ. නමුත් මුස්ලිම් ආගමේ නබි තුමා ඉන්නවා. ඔහු තමයි මුස්ලිම් ආගම දෙවියන් ඔහු වෙත දුන්න විදියට ප්‍රචාරය කරන්නේ. කුරානය මෑතකදී අපු එකක් මුස්ලිම් ආගමත් එක්කම. නමුත් කුරානයේත් කියල තියෙන්නේ ලෝකේ අන්තිම වෙනකොට ජේසු තුමා මේ ලෝකෙට ආයෙත් වැඩම කරනවා කියලයි.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් වෙලා ගියා කිව්ව විදියට උඹේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම් යුදෙව් ආගමට අනුව හිටපු කෙනෙක්. එයාගෙයි මෙයාගේ බිරියටයි සැහෙන කාලයක් යනකන් ළමයි හම්බුනේ නැහැ. මේ හේතුවෙන් මෙයාගේ බිරිය තමාගේ සේවිකාවක් වන "හැගර්" සමග යහන් ගත වෙලා එයාල වෙනුවෙන් හැගර්ට දාව දරුවෙක් ලබා දෙන්න කියලා එබ්‍රහම්ට කිවවා. බිරියට අවනත උන ආබ්‍රහම් මගින් හැගර් ට පුතෙක් හම්බුනා. එයාගේ නම තිබ්බේ "ඉස්මයිල්" කියලා. ටික කාලයක් යනකොට අබ්‍රහම්ගේ නෝනටත් දරුවෙක් හම්බුනා. එයාගේ නම "ඊසාක්". තමාගේ දරුවයි සේවිකාවගේ දරුවයි දැකපු අබ්‍රහම්ගේ නෝනා හැගර්ට තමාගේ දරුවා අරගෙන පිට වෙන්න කිව්වා. අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.

    ඊසාක් තමයි යුදෙව් නව පරපුර බිහිකරන්නේ. ඊසාක් ගේ පුතුන් වන ජාකොබ් හා එසව් ගෙන් ඊළඟ පරපුර හැදෙනවා. ජාකොබ් ගෙන් ජෝශප්, ජෝශප් ගෙන් පසු මෝසස්. මෝසස් තමයි යුදෙව් ජනතාව ඊජිප්තුවේ වහල් බවෙන් නිදහස් කරගෙන දෙවියන් විසින් පොරොන්දු උණු දේශය වෙත රැගෙන යන්නේ. ඒ දේශය තමයි ජුදෙව් දේශය නොහොත් අද කාලේ පලස්තීනය. මේ අතර තුර තමයි ජනතාවට දස පනත දෙන්නේ. යුදෙව් ජනතාව පලස්තීනය වෙත ඇවිත් එහෙ පදිංචි වෙමින් ව්‍යාප්ත උනා අද තියන ඉශ්‍රයලයට. මේ පලස්තීන ජාතිකයන් ඉස්මයිල්ගෙන් පැවත එන ජනතාව. දැන් තේරෙනවනේ දෙගොල්ල අතර රණ්ඩු සරුවල් අදටත් වෙන්නේ ඇයි කියලා. යුදෙව් ජනතාවගේ දෙවියන්ගේ නීතිය තදයි. නමුත් ඒ කලේ වෙනකොට ජුදයාව පාලනය කලේ රෝමෙන්. මේ අතරතුරේදී තමයි දෙවියන් වහන්සේගේ එකම පුතා වන ජේසු තුමා ඉපදෙන්නේ. එතුමත් යුදෙව් ජාතිකයෙක්. එතුමාවත් යදෙව්, මුස්ලිම් චාරිත්‍රයට අනුව චර්මද්චේදනය කරා. අවුරුදු 30 දී එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට ගෙනාවා. නමුත් මේ ඉගැන්වීම් යුදෙව් ඉගැන් වීම් වලට වඩා හත් පසින්ම වෙනස් නිසා යුදෙව් ආගමික නායකයන් ජේසු තුමාව රෝම නීතිය අනුව කුරුසයේ ඇන ගහලා මැරුවා. දවස් තුනකින් ජේසු තුමා සඳහන් කල පරිදිම මරණෙන් නැගිටීමෙන් තමයි ජේසු තුමාටම වෙන් උන ආගම් හැදුනේ. නමුත් ජේසු තුමා කිව්වේ නැහැ මම අවේ මේ ආගම පතුරුවන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. එක කාලයත් එක්කම හැදුන එකක්. එතුමාට ඕනේ උනේ ප්‍රේමයේ පණිවුඩය ජනතාව අතරේ පතුරුවන්න.

    කතෝලික, රෝමානු කතෝලික කියන්නේ දෙකම එකයි. කොන්ස්ටන්ටින් කියන රෝම අධිරාජ්‍යයා තමයි රෝමානු කතෝලික පල්ලිය හැදුවේ. අද වතිකානුව ඒ ප්‍රතිපලයක්. අපේ රෝමානු කතෝලික ආගම පාලනය කරන්නේ රෝමේ වතිකානුවෙන් පාප් තුමාගේ නායකත්වයෙන්. ක්‍රිස්තියානි ආගම වෙනමම බයිබලය මත හා දෙවියන් ජේසු තුමා අතර ගොඩ නැගුන ආගමක්. අපි රෝමානු කතෝලිකයන් හැටියට සාන්තු වරයන් මාර්ගයෙන් දෙවියන් යදිනවා. කෙලින්ම දෙවියනුත්, ජේසු තුමත්, ජේසු තුමාගේ මව වන මරිය තුමියවත් අදහනවා.
    :)
    :) :) :)
    @ rovin - machan muslim aya enne ishmayel gen nemei. ishamayel gen ena paramparawa adatah innawa eth e muslim nemei. oka waradi iganwimak
    මම එහෙම කියලා නෑනෙ බොස් :eek: :baffled:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    @ rovin - sry machan uba nemei rochel kiyala thiyenne

    නෑ නෑ මචන්. එහෙම නෙමේ. මම එහෙම ලිව්වේ සාරාංශයක් විදියට. ඉස්මයිල් ඇවිත් මුස්ලිම් ආගමේ අපේ ආබ්‍රහම් වගේම ආදී පියෙක්. එයාගෙන් නෙමේ හැබැයි මුස්ලිම් ආගම හැදුනේ. එකයි මම කිව්වේ. එයාගෙන් පස්සේ පැවත එන පරම්පරාවෙන්.
    :)

    And as for Ishmael, I have heard you: I will surely bless him; I will make him fruitful and will greatly increase his numbers. He will be the father of 12 rulers, and I will make them into a great nation.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නෑ නෑ මචන්. එහෙම නෙමේ. මම එහෙම ලිව්වේ සාරාංශයක් විදියට. ඉස්මයිල් ඇවිත් මුස්ලිම් ආගමේ අපේ ආබ්‍රහම් වගේම ආදී පියෙක්. එයාගෙන් නෙමේ හැබැයි මුස්ලිම් ආගම හැදුනේ. එකයි මම කිව්වේ. එයාගෙන් පස්සේ පැවත එන පරම්පරාවෙන්.
    :)

    And as for Ishmael, I have heard you: I will surely bless him; I will make him fruitful and will greatly increase his numbers. He will be the father of 12 rulers, and I will make them into a great nation.

    ela machan godak aya oka waradiyata therum aran thiyenne nodanna kamata. oya kathawa kurusa yuddedi pavichchi karapu satan paatayak witharai.
     
    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    බොහොම අගේ කරනවා මේ ත්‍රේඩ් එක ඇතුලේ ඉතාම සමගියෙන් අදහස් හුවමාරු කර ගැනීම ගැන.... මගේ දෙමාපියන්ගෙන් මට ලැබුනු ආගම රෝමානු කතෝලික... හැබැයි මම ඒ වගේම බුද්ධ දර්ශනයට ගොඩක් ගරු කරනවා.... පුංචි කාරණා කීපයක් කියන්න හිතුනා මට...

    1) පළවෙනි කාරණාව තමයි ක්‍රිස්තියානි සහ කතෝලික කියලා හැන්දින්වීමේ පහසුව තකා සඳහන් කලත්, ක්‍රිස්තියානි යන වචනයේ තේරුම, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සියල්ලෝ යන්නයි... වෙනත් වචන වලින් කියනවා නම්, රෝමානු කතෝලික ආගමත් ක්‍රිස්තියානි ධර්මයටම තමයි අයිති... ක්‍රිස්තුස්වහන්සේව මේ සියලු දෙනා විශ්වාස කරනවා... විකිපීඩියා වෙබ් අඩවියට ගිහින් Christianity කියලා search කරල බලුවොත් මේ කරුණ තවදුරටත් තහවුරු කරගන්න පුලුවන්... ඉතින් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන ආගමික සභාවන් ගොඩක එකතුවක් තමයි ක්‍රිස්තියානි ආගම.... මේ අතරට, කතෝලික, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වගේ සභාවන් ගනණාවක් විතරක් නෙමෙයි ඊයේ පෙරේදා බිහි වුන සභාවන් පවා අයත්....

    ජේසු තුමා උකුත්වී උත්ථානවීමට පෙර, ශාන්ත පීටර් තුමාට කිතුනු සුභාරංචිය ලොව පුරා පතුරුවන්න කියලා කිව්වා.. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානවීමෙන් පසුව එතුමා ඒ සඳහා නායකත්වය ලබා දුන්නා කියන්න පුලුවන්.. මේ අය ලෝකේ තැන් තැන් වලට ගියා.. ගොඩාක් කරදර හිරිහැර වලට මුහුන පෑවා.. කොහොමහරි, විශාලතම පරිවර්ථනය වුනේ රෝම අධිරාජ්‍යය කිතුදහම වැලඳ ගැනීමත් එක්කයි.. රෝමානු කතෝලික කියන යෙදුම බිහිවෙන්නත් හේතුව ඒකයි...... ඉතින් මුල්ම සහ වඩාත් ප්‍රධානතම ලෙස ලොව පුරා පැතිර තියෙන්නේ වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ,මේ අතරින් කතෝලික සභාවයි... සියල්ලම නොවුනත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් බොහොමයක්, නොයෙකුත් හේතූන් සහ කතෝලික සභාවේම ගැටලු නිසා බෙදී වෙන් වී ගිය කොටස්.. කතෝලික සභාව ක්‍රිස්තියානියේ දැනට ශේෂ වෙලා තියන ප්‍රදානතම සහ මුල්ම පුරුකක් කියලා හැඳින්වුවාට වරදක් නැහැ.. මුල් පුරුක නිසා කතෝලික සභාව වෙනමත් අනෙකුත් සියලු සභාවන් ක්‍රිස්තියානි ලෙසත් බොහොමයක් දෙනා හඳුන්වනවා...
     
    Last edited:

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    2)නමුත් මේ සභාවන් අතර වෙනස, බුදු දහමේ නිකාය අතර වෙනස වගේ නෙමෙයි... එක්තරා විදියකට, ථෙරවාදය සහ මහායානය අතර වෙනස වගේ, සමහරවිට ඊටත් වඩා ගොඩක් වෙනස්කම් තියනවා මේවා අතර... කතෝලික පියතුමන්ලා විවාහ වෙන්නේ නැහැ, ලෞකික ජීවිත ගත කරන්නේ නැහැ.. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල පාදිලිතුමන්ලා විවාහ වීම සිදු කරනවා... පල්ලියට වෙලා ඉන්නෙ නැතුව සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුන දෙනවා... මම සඳහන් කලා වගේම කතෝලික පූජක තුමන්ලා "පියතුමා" ලෙසත් අනෙකුත් බොහොමයක් ක්‍රිස්තියානි පූජකතුමන්ලා "පාදිලිතුමා" ලෙසත් හඳුන්වනවා...

    3)කතෝලික ධර්මයේ සාන්තුවරු කියලා කොටසක් ඉන්නවා... ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඔයගොල්ලො අහල ඇති... මේ අය සාමාන්‍ය මනුෂ්‍යයො අපි වගේම... හැබැයි ඒ අය තමන්ගෙ ජීවිත බොහොම ආදර්ශමත් විදියට දෙවියන්ට ප්‍රසන්නව ගත කරපු නිසා ඒ අය ස්වර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ ලඟට ගිය බව කතෝලික අපි විශ්වාස කරනවා.. ඒ නිසා ඒ අයටත් විශේෂ තැනක් දීලා තියනවා, දේවස්ථාන කැප කරලා තියනවා මේ අයගෙ නමට... හැබැයි මේ අයට අපි යාච්ඥා කරන්න පුලුවන් අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා පමනයි... මොකද මේ අයත් විශේෂ වුවත් මනුෂ්‍යයන් නිසා.. මේ කාරණාව ප්‍රධානතම බෙදීමක් ඇති කලා කතෝලික සභාවේ... අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සභාවක් මේ සාන්තුවරු කියන සංකල්පය පිලිගන්නේ නැහැ...

    4)ඊලඟට රූප වන්දනාව කියන කරුණ ගැන ගොඩක් දෙනෙක් කියල තිබුනා.... කතෝලික පල්ලි වල, ක්‍රිස්තුස්වහන්සේගෙ සහ මරියතුමියගේත් සාන්තුවරුන්ගේත් සුරුවම් තියනවා... නමුත් අනෙක් ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වල නැහැ... රූප වලට වැඳීම ක්‍රිස්තු ධර්මයේ සපුරා තහනම්.... නමුත් කතෝලිකයන්ගේ අදහස මේ සුරුවම් පිහිටුවා තිබුනත් ඒවාට වන්දනා කිරීමක් නොවේ, ඒ චරිත සිහි කිරීමක් ඒ අයට ගරු කිරීමක් පමණක් සිදු කරන බවයි... නමුත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් මීට කිසිසේත්ම එකඟ නැහැ... අපි ඉතා පාපකාරී දෙයක් සිදු කරන බවයි ඔවුන්ගේ අදහස.... මේ කරුනත් විශාල බෙදීමක් ඇති කලා....

    5)ඊලඟට මරියතුමිය, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව, කතෝලික අපි විශේෂ කොට සිහිපත් කරනවා.. එතුමිය ගැන බොහොමයක් ආගමික කරුණු විශ්වාස කරනවා(අපි ඒ දේවල් හඳුන්වන්නේ අභිරහස් ලෙසයි... මෙතන සඳහන් කරන්න ගියොත් සංකීර්ණ වේවි පැහැදිලි කිරීම.. ඒ නිසා මම මෙතනින් නවතිනවා).. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් එතුමියත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පමණයි සලකන්නේ...
     
    Last edited:

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    ප්‍රධානතම කැපී පෙනෙන වෙනස්කම් කීපයක් තමයි මම ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කලේ... ඉතින් මේ වගේ කරුනු රාශියක් මුල් කරගෙන සහ, සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් ගොඩක් එක්ක අලුත් සභාවන් ගොඩක් නිර්මාණය වෙලා තියනවා.. අදටත් නිර්මාණය වෙනවා... මේ දේ පැහැදිලි කර ගන්න එක ගොඩක් වැදගත්... මම කියන්නම් ඒ ඇයි කියලා....

    පහුගිය කාලයේ ලොකු ආන්දෝලනයක් ඇති වුනා අන්‍යාගමීකරණය ගැන..... අපි ඇත්ත කතා කලොත් සමහර ඊයෙ පෙරේදා බිහි වුන,කිතුණු යැයි කියාගන්න ආගමික කල්ලි කීපයක් ඉතාම සදාචාර විරෝධී විදියට,කිතු දහමටත් විරෝධී විදියට කටයුතු කලා ආගම ප්‍රචාරයට ආපු බව සඳහන් කරමින්... නමුත් ඉතාම කණගාටුවට කරුණ,අද මේ රටේ බෞද්ධ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සහජීවනයෙන් ජීවත් වෙන, පරණම කිතුණු සභාවන් වන කතෝලික, මෙතෝදිස්ත වගේ සභාවන් පවා මේ නිසා නිරපරාදයේ බැනුම් ඇහුවා...ගොඩක් දෙනෙක් තවමත් දන්නේ නැහැ මේ ඩොලර් කාක්කන් සහ මේ රටේ පාරම්පරික, ක්‍රිස්තියානි/ කතෝලික ජනතාව අතර වෙනස... අද වෙනකොට මේ අයගෙන් ප්‍රධානතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ, මේ රටේ පාරම්පරික කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් වලටයි... අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාත් මේ ගැන මෑතකදි සඳහන් කරල තිබුනා.. ඉතින් මම කියන්නේ, මේ ආගමික ආයතන අතර වෙනස් කම් පැහැදිලි කරගන්න එක අපේ අපේ කිතුනු නොවන සහෝදර සහෝදරියන්ටත් ඉතා වැදගත්... අනවබෝධය නිසා ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... ගොඩක් ස්තුතියි මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයාට...ආගමික සහජීවනය ගැන ඔයත්, ඔයාගෙ පෙම්වතියත් අපි හැමෝටම ආදර්ශයක්... :)
     
    Last edited:
    • Like
    Reactions: randext86 and shenu

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කලින් අහලා තිබුණ විදියට යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම් ආගම් තුනේම අදහන දෙවියන් (පදනම කිව්වොත් හරිද දන්නෙ නැහැ) එකම කෙනෙක් වුනාට දුතයා (messenger) නිසා මෙලෙස බෙදී තිබෙනවා කියලයි.

    Mona walida ban..All are Sri Lankan ne..ආගම් අතින් වෙනස් වෙන්න කලින් මිනිස්සු වෙලානෙ උපදින්නෙ..:D

    මේක ඇත්ත උනාට අන්තගාමිකයන් නිසා මෙතන සමහර වෙලාවට හරියට ඇන කොටා ගන්නවා. ඇත්තෙන්ම ලංකාවෙ ඉපදෙන කෙනෙකුට ගොඩක් ආගම් හා සංස්කෘතින් පිලිබද දැනුම නිතැතින් ලැබෙනවා. ඒක හරිම වාසනාවක්.

    හැමෝටම ස්තුතියි මේකෙන් තව ගොඩක් විස්තර දැනගත්තා. තව එක ප්‍රශ්නයක් මොක්කද මේ 'වැස්ලියන්/වෙස්ලියන්' පල්ලිය කියලා හදුන්වන්නේ?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අපත දේශපාලනයට සම්බන්ද ත්‍රෙඩ් අතරට...
    කාලෙකින් එලකිරියෙ හොඳ ත්‍රෙඩ් එකක්...............
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං
    thanx machan
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ප්‍රධානතම කැපී පෙනෙන වෙනස්කම් කීපයක් තමයි මම ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කලේ... ඉතින් මේ වගේ කරුනු රාශියක් මුල් කරගෙන සහ, සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් ගොඩක් එක්ක අලුත් සභාවන් ගොඩක් නිර්මාණය වෙලා තියනවා.. අදටත් නිර්මාණය වෙනවා... මේ දේ පැහැදිලි කර ගන්න එක ගොඩක් වැදගත්... මම කියන්නම් ඒ ඇයි කියලා....

    පහුගිය කාලයේ ලොකු ආන්දෝලනයක් ඇති වුනා අන්‍යාගමීකරණය ගැන..... අපි ඇත්ත කතා කලොත් සමහර ඊයෙ පෙරේදා බිහි වුන,කිතුණු යැයි කියාගන්න ආගමික කල්ලි කීපයක් ඉතාම සදාචාර විරෝධී විදියට,කිතු දහමටත් විරෝධී විදියට කටයුතු කලා ආගම ප්‍රචාරයට ආපු බව සඳහන් කරමින්... නමුත් ඉතාම කණගාටුවට කරුණ,අද මේ රටේ බෞද්ධ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සහජීවනයෙන් ජීවත් වෙන, පරණම කිතුණු සභාවන් වන කතෝලික, මෙතෝදිස්ත වගේ සභාවන් පවා මේ නිසා නිරපරාදයේ බැනුම් ඇහුවා...ගොඩක් දෙනෙක් තවමත් දන්නේ නැහැ මේ ඩොලර් කාක්කන් සහ මේ රටේ පාරම්පරික, ක්‍රිස්තියානි/ කතෝලික ජනතාව අතර වෙනස... අද වෙනකොට මේ අයගෙන් ප්‍රධානතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ, මේ රටේ පාරම්පරික කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් වලටයි... අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාත් මේ ගැන මෑතකදි සඳහන් කරල තිබුනා.. ඉතින් මම කියන්නේ, මේ ආගමික ආයතන අතර වෙනස් කම් පැහැදිලි කරගන්න එක අපේ අපේ කිතුනු නොවන සහෝදර සහෝදරියන්ටත් ඉතා වැදගත්... අනවබෝධය නිසා ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... ගොඩක් ස්තුතියි මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයාට...ආගමික සහජීවනය ගැන ඔයත්, ඔයාගෙ පෙම්වතියත් අපි හැමෝටම ආදර්ශයක්... :)

    sahathika aththa machan +REP