බොහොම අගේ කරනවා මේ ත්‍රේඩ් එක ඇතුලේ ඉතාම සමගියෙන් අදහස් හුවමාරු කර ගැනීම ගැන.... මගේ දෙමාපියන්ගෙන් මට ලැබුනු ආගම රෝමානු කතෝලික... හැබැයි මම ඒ වගේම බුද්ධ දර්ශනයට ගොඩක් ගරු කරනවා.... පුංචි කාරණා කීපයක් කියන්න හිතුනා මට...
1) පළවෙනි කාරණාව තමයි ක්‍රිස්තියානි සහ කතෝලික කියලා හැන්දින්වීමේ පහසුව තකා සඳහන් කලත්, ක්‍රිස්තියානි යන වචනයේ තේරුම, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සියල්ලෝ යන්නයි... වෙනත් වචන වලින් කියනවා නම්, රෝමානු කතෝලික ආගමත් ක්‍රිස්තියානි ධර්මයටම තමයි අයිති... ක්‍රිස්තුස්වහන්සේව මේ සියලු දෙනා විශ්වාස කරනවා... විකිපීඩියා වෙබ් අඩවියට ගිහින් Christianity කියලා search කරල බලුවොත් මේ කරුණ තවදුරටත් තහවුරු කරගන්න පුලුවන්... ඉතින් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන ආගමික සභාවන් ගොඩක එකතුවක් තමයි ක්‍රිස්තියානි ආගම.... මේ අතරට, කතෝලික, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වගේ සභාවන් ගනණාවක් විතරක් නෙමෙයි ඊයේ පෙරේදා බිහි වුන සභාවන් පවා අයත්....
ජේසු තුමා උකුත්වී උත්ථානවීමට පෙර, ශාන්ත පීටර් තුමාට කිතුනු සුභාරංචිය ලොව පුරා පතුරුවන්න කියලා කිව්වා.. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානවීමෙන් පසුව එතුමා ඒ සඳහා නායකත්වය ලබා දුන්නා කියන්න පුලුවන්.. මේ අය ලෝකේ තැන් තැන් වලට ගියා.. ගොඩාක් කරදර හිරිහැර වලට මුහුන පෑවා.. කොහොමහරි, විශාලතම පරිවර්ථනය වුනේ රෝම අධිරාජ්‍යය කිතුදහම වැලඳ ගැනීමත් එක්කයි.. රෝමානු කතෝලික කියන යෙදුම බිහිවෙන්නත් හේතුව ඒකයි...... ඉතින් මුල්ම සහ වඩාත් ප්‍රධානතම ලෙස ලොව පුරා පැතිර තියෙන්නේ වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ,මේ අතරින් කතෝලික සභාවයි... සියල්ලම නොවුනත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් බොහොමයක්, නොයෙකුත් හේතූන් සහ කතෝලික සභාවේම ගැටලු නිසා බෙදී වෙන් වී ගිය කොටස්.. කතෝලික සභාව ක්‍රිස්තියානියේ දැනට ශේෂ වෙලා තියන ප්‍රදානතම සහ මුල්ම පුරුකක් කියලා හැඳින්වුවාට වරදක් නැහැ.. මුල් පුරුක නිසා කතෝලික සභාව වෙනමත් අනෙකුත් සියලු සභාවන් ක්‍රිස්තියානි ලෙසත් බොහොමයක් දෙනා හඳුන්වනවා...