මචන් වෙලා ගියා කිව්ව විදියට උඹේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම් යුදෙව් ආගමට අනුව හිටපු කෙනෙක්. එයාගෙයි මෙයාගේ බිරියටයි සැහෙන කාලයක් යනකන් ළමයි හම්බුනේ නැහැ. මේ හේතුවෙන් මෙයාගේ බිරිය තමාගේ සේවිකාවක් වන "හැගර්" සමග යහන් ගත වෙලා එයාල වෙනුවෙන් හැගර්ට දාව දරුවෙක් ලබා දෙන්න කියලා එබ්‍රහම්ට කිවවා. බිරියට අවනත උන ආබ්‍රහම් මගින් හැගර් ට පුතෙක් හම්බුනා. එයාගේ නම තිබ්බේ "ඉස්මයිල්" කියලා. ටික කාලයක් යනකොට අබ්රහම්ගේ නෝනටත් දරුවෙක් හම්බුනා. එයාගේ නම "ඊසාක්". තමාගේ දරුවයි සේවිකාවගේ දරුවයි දැකපු අබ්රහම්ගේ නෝනා හැගර්ට තමාගේ දරුවා අරගෙන පිට වෙන්න කිව්වා. අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.
ඊසාක් තමයි යුදෙව් නව පරපුර බිහිකරන්නේ. ඊසාක් ගේ පුතුන් වන ජාකොබ් හා එසව් ගෙන් ඊළඟ පරපුර හැදෙනවා. ජාකොබ් ගෙන් ජෝශප්, ජෝශප් ගෙන් පසු මෝසස්. මෝසස් තමයි යුදෙව් ජනතාව ඊජිප්තුවේ වහල් බවෙන් නිදහස් කරගෙන දෙවියන් විසින් පොරොන්දු උණු දේශය වෙත රැගෙන යන්නේ. ඒ දේශය තමයි ජුදෙව් දේශය නොහොත් අද කාලේ පලස්තීනය. මේ අතර තුර තමයි ජනතාවට දස පනත දෙන්නේ. යුදෙව් ජනතාව පලස්තීනය වෙත ඇවිත් එහෙ පදිංචි වෙමින් ව්‍යාප්ත උනා අද තියන ඉශ්‍රයලයට. මේ පලස්තීන ජාතිකයන් ඉස්මයිල්ගෙන් පැවත එන ජනතාව. දැන් තේරෙනවනේ දෙගොල්ල අතර රණ්ඩු සරුවල් අදටත් වෙන්නේ ඇයි කියලා. යුදෙව් ජනතාවගේ දෙවියන්ගේ නීතිය තදයි. නමුත් ඒ කලේ වෙනකොට ජුදයාව පාලනය කලේ රෝමෙන්. මේ අතරතුරේදී තමයි දෙවියන් වහන්සේගේ එකම පුතා වන ජේසු තුමා ඉපදෙන්නේ. එතුමත් යුදෙව් ජාතිකයෙක්. එතුමාවත් යදෙව්, මුස්ලිම් චාරිත්‍රයට අනුව චර්මද්චේදනය කරා. අවුරුදු 30 දී එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට ගෙනාවා. නමුත් මේ ඉගැන්වීම් යුදෙව් ඉගැන් වීම් වලට වඩා හත් පසින්ම වෙනස් නිසා යුදෙව් ආගමික නායකයන් ජේසු තුමාව රෝම නීතිය අනුව කුරුසයේ ඇන ගහලා මැරුවා. දවස් තුනකින් ජේසු තුමා සඳහන් කල පරිදිම මරණෙන් නැගිටීමෙන් තමයි ජේසු තුමාටම වෙන් උන ආගම් හැදුනේ. නමුත් ජේසු තුමා කිව්වේ නැහැ මම අවේ මේ ආගම පතුරුවන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. එක කාලයත් එක්කම හැදුන එකක්. එතුමාට ඕනේ උනේ ප්‍රේමයේ පණිවුඩය ජනතාව අතරේ පතුරුවන්න.
කතෝලික, රෝමානු කතෝලික කියන්නේ දෙකම එකයි. කොන්ස්ටන්ටින් කියන රෝම අධිරාජ්‍යයා තමයි රෝමානු කතෝලික පල්ලිය හැදුවේ. අද වතිකානුව ඒ ප්‍රතිපලයක්. අපේ රෝමානු කතෝලික ආගම පාලනය කරන්නේ රෝමේ වතිකානුවෙන් පාප් තුමාගේ නායකත්වයෙන්. ක්‍රිස්තියානි ආගම වෙනමම බයිබලය මත හා දෙවියන් ජේසු තුමා අතර ගොඩ නැගුන ආගමක්. අපි රෝමානු කතෝලිකයන් හැටියට සාන්තු වරයන් මාර්ගයෙන් දෙවියන් යදිනවා. කෙලින්ම දෙවියනුත්, ජේසු තුමත්, ජේසු තුමාගේ මව වන මරිය තුමියවත් අදහනවා.![]()
බොහොම ස්තූතියි සහෝ comment එකට.ගොඩාක් මහන්සිවෙලා ටයිප් කරල තියෙනවා.ඒ වගේම පැහැදිලිව.මම දන්නේ නැති ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා.

සොරි මචං රෙප් දෙන්න බෑලු...
Thanx again..





