කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචන් වෙලා ගියා කිව්ව විදියට උඹේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම් යුදෙව් ආගමට අනුව හිටපු කෙනෙක්. එයාගෙයි මෙයාගේ බිරියටයි සැහෙන කාලයක් යනකන් ළමයි හම්බුනේ නැහැ. මේ හේතුවෙන් මෙයාගේ බිරිය තමාගේ සේවිකාවක් වන "හැගර්" සමග යහන් ගත වෙලා එයාල වෙනුවෙන් හැගර්ට දාව දරුවෙක් ලබා දෙන්න කියලා එබ්‍රහම්ට කිවවා. බිරියට අවනත උන ආබ්‍රහම් මගින් හැගර් ට පුතෙක් හම්බුනා. එයාගේ නම තිබ්බේ "ඉස්මයිල්" කියලා. ටික කාලයක් යනකොට අබ්‍රහම්ගේ නෝනටත් දරුවෙක් හම්බුනා. එයාගේ නම "ඊසාක්". තමාගේ දරුවයි සේවිකාවගේ දරුවයි දැකපු අබ්‍රහම්ගේ නෝනා හැගර්ට තමාගේ දරුවා අරගෙන පිට වෙන්න කිව්වා. අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.

    ඊසාක් තමයි යුදෙව් නව පරපුර බිහිකරන්නේ. ඊසාක් ගේ පුතුන් වන ජාකොබ් හා එසව් ගෙන් ඊළඟ පරපුර හැදෙනවා. ජාකොබ් ගෙන් ජෝශප්, ජෝශප් ගෙන් පසු මෝසස්. මෝසස් තමයි යුදෙව් ජනතාව ඊජිප්තුවේ වහල් බවෙන් නිදහස් කරගෙන දෙවියන් විසින් පොරොන්දු උණු දේශය වෙත රැගෙන යන්නේ. ඒ දේශය තමයි ජුදෙව් දේශය නොහොත් අද කාලේ පලස්තීනය. මේ අතර තුර තමයි ජනතාවට දස පනත දෙන්නේ. යුදෙව් ජනතාව පලස්තීනය වෙත ඇවිත් එහෙ පදිංචි වෙමින් ව්‍යාප්ත උනා අද තියන ඉශ්‍රයලයට. මේ පලස්තීන ජාතිකයන් ඉස්මයිල්ගෙන් පැවත එන ජනතාව. දැන් තේරෙනවනේ දෙගොල්ල අතර රණ්ඩු සරුවල් අදටත් වෙන්නේ ඇයි කියලා. යුදෙව් ජනතාවගේ දෙවියන්ගේ නීතිය තදයි. නමුත් ඒ කලේ වෙනකොට ජුදයාව පාලනය කලේ රෝමෙන්. මේ අතරතුරේදී තමයි දෙවියන් වහන්සේගේ එකම පුතා වන ජේසු තුමා ඉපදෙන්නේ. එතුමත් යුදෙව් ජාතිකයෙක්. එතුමාවත් යදෙව්, මුස්ලිම් චාරිත්‍රයට අනුව චර්මද්චේදනය කරා. අවුරුදු 30 දී එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට ගෙනාවා. නමුත් මේ ඉගැන්වීම් යුදෙව් ඉගැන් වීම් වලට වඩා හත් පසින්ම වෙනස් නිසා යුදෙව් ආගමික නායකයන් ජේසු තුමාව රෝම නීතිය අනුව කුරුසයේ ඇන ගහලා මැරුවා. දවස් තුනකින් ජේසු තුමා සඳහන් කල පරිදිම මරණෙන් නැගිටීමෙන් තමයි ජේසු තුමාටම වෙන් උන ආගම් හැදුනේ. නමුත් ජේසු තුමා කිව්වේ නැහැ මම අවේ මේ ආගම පතුරුවන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. එක කාලයත් එක්කම හැදුන එකක්. එතුමාට ඕනේ උනේ ප්‍රේමයේ පණිවුඩය ජනතාව අතරේ පතුරුවන්න.

    කතෝලික, රෝමානු කතෝලික කියන්නේ දෙකම එකයි. කොන්ස්ටන්ටින් කියන රෝම අධිරාජ්‍යයා තමයි රෝමානු කතෝලික පල්ලිය හැදුවේ. අද වතිකානුව ඒ ප්‍රතිපලයක්. අපේ රෝමානු කතෝලික ආගම පාලනය කරන්නේ රෝමේ වතිකානුවෙන් පාප් තුමාගේ නායකත්වයෙන්. ක්‍රිස්තියානි ආගම වෙනමම බයිබලය මත හා දෙවියන් ජේසු තුමා අතර ගොඩ නැගුන ආගමක්. අපි රෝමානු කතෝලිකයන් හැටියට සාන්තු වරයන් මාර්ගයෙන් දෙවියන් යදිනවා. කෙලින්ම දෙවියනුත්, ජේසු තුමත්, ජේසු තුමාගේ මව වන මරිය තුමියවත් අදහනවා.
    :)

    බොහොම ස්තූතියි සහෝ comment එකට.ගොඩාක් මහන්සිවෙලා ටයිප් කරල තියෙනවා.ඒ වගේම පැහැදිලිව.මම දන්නේ නැති ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා.:):) සොරි මචං රෙප් දෙන්න බෑලු...:oo: Thanx again..:)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බොහොම අගේ කරනවා මේ ත්‍රේඩ් එක ඇතුලේ ඉතාම සමගියෙන් අදහස් හුවමාරු කර ගැනීම ගැන.... මගේ දෙමාපියන්ගෙන් මට ලැබුනු ආගම රෝමානු කතෝලික... හැබැයි මම ඒ වගේම බුද්ධ දර්ශනයට ගොඩක් ගරු කරනවා.... පුංචි කාරණා කීපයක් කියන්න හිතුනා මට...

    1) පළවෙනි කාරණාව තමයි ක්‍රිස්තියානි සහ කතෝලික කියලා හැන්දින්වීමේ පහසුව තකා සඳහන් කලත්, ක්‍රිස්තියානි යන වචනයේ තේරුම, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සියල්ලෝ යන්නයි... වෙනත් වචන වලින් කියනවා නම්, රෝමානු කතෝලික ආගමත් ක්‍රිස්තියානි ධර්මයටම තමයි අයිති... ක්‍රිස්තුස්වහන්සේව මේ සියලු දෙනා විශ්වාස කරනවා... විකිපීඩියා වෙබ් අඩවියට ගිහින් Christianity කියලා search කරල බලුවොත් මේ කරුණ තවදුරටත් තහවුරු කරගන්න පුලුවන්... ඉතින් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන ආගමික සභාවන් ගොඩක එකතුවක් තමයි ක්‍රිස්තියානි ආගම.... මේ අතරට, කතෝලික, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වගේ සභාවන් ගනණාවක් විතරක් නෙමෙයි ඊයේ පෙරේදා බිහි වුන සභාවන් පවා අයත්....

    ජේසු තුමා උකුත්වී උත්ථානවීමට පෙර, ශාන්ත පීටර් තුමාට කිතුනු සුභාරංචිය ලොව පුරා පතුරුවන්න කියලා කිව්වා.. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානවීමෙන් පසුව එතුමා ඒ සඳහා නායකත්වය ලබා දුන්නා කියන්න පුලුවන්.. මේ අය ලෝකේ තැන් තැන් වලට ගියා.. ගොඩාක් කරදර හිරිහැර වලට මුහුන පෑවා.. කොහොමහරි, විශාලතම පරිවර්ථනය වුනේ රෝම අධිරාජ්‍යය කිතුදහම වැලඳ ගැනීමත් එක්කයි.. රෝමානු කතෝලික කියන යෙදුම බිහිවෙන්නත් හේතුව ඒකයි...... ඉතින් මුල්ම සහ වඩාත් ප්‍රධානතම ලෙස ලොව පුරා පැතිර තියෙන්නේ වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ,මේ අතරින් කතෝලික සභාවයි... සියල්ලම නොවුනත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් බොහොමයක්, නොයෙකුත් හේතූන් සහ කතෝලික සභාවේම ගැටලු නිසා බෙදී වෙන් වී ගිය කොටස්.. කතෝලික සභාව ක්‍රිස්තියානියේ දැනට ශේෂ වෙලා තියන ප්‍රදානතම සහ මුල්ම පුරුකක් කියලා හැඳින්වුවාට වරදක් නැහැ.. මුල් පුරුක නිසා කතෝලික සභාව වෙනමත් අනෙකුත් සියලු සභාවන් ක්‍රිස්තියානි ලෙසත් බොහොමයක් දෙනා හඳුන්වනවා...
    2)නමුත් මේ සභාවන් අතර වෙනස, බුදු දහමේ නිකාය අතර වෙනස වගේ නෙමෙයි... එක්තරා විදියකට, ථෙරවාදය සහ මහායානය අතර වෙනස වගේ, සමහරවිට ඊටත් වඩා ගොඩක් වෙනස්කම් තියනවා මේවා අතර... කතෝලික පියතුමන්ලා විවාහ වෙන්නේ නැහැ, ලෞකික ජීවිත ගත කරන්නේ නැහැ.. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල පාදිලිතුමන්ලා විවාහ වීම සිදු කරනවා... පල්ලියට වෙලා ඉන්නෙ නැතුව සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුන දෙනවා... මම සඳහන් කලා වගේම කතෝලික පූජක තුමන්ලා "පියතුමා" ලෙසත් අනෙකුත් බොහොමයක් ක්‍රිස්තියානි පූජකතුමන්ලා "පාදිලිතුමා" ලෙසත් හඳුන්වනවා...

    3)කතෝලික ධර්මයේ සාන්තුවරු කියලා කොටසක් ඉන්නවා... ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඔයගොල්ලො අහල ඇති... මේ අය සාමාන්‍ය මනුෂ්‍යයො අපි වගේම... හැබැයි ඒ අය තමන්ගෙ ජීවිත බොහොම ආදර්ශමත් විදියට දෙවියන්ට ප්‍රසන්නව ගත කරපු නිසා ඒ අය ස්වර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ ලඟට ගිය බව කතෝලික අපි විශ්වාස කරනවා.. ඒ නිසා ඒ අයටත් විශේෂ තැනක් දීලා තියනවා, දේවස්ථාන කැප කරලා තියනවා මේ අයගෙ නමට... හැබැයි මේ අයට අපි යාච්ඥා කරන්න පුලුවන් අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා පමනයි... මොකද මේ අයත් විශේෂ වුවත් මනුෂ්‍යයන් නිසා.. මේ කාරණාව ප්‍රධානතම බෙදීමක් ඇති කලා කතෝලික සභාවේ... අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සභාවක් මේ සාන්තුවරු කියන සංකල්පය පිලිගන්නේ නැහැ...

    4)ඊලඟට රූප වන්දනාව කියන කරුණ ගැන ගොඩක් දෙනෙක් කියල තිබුනා.... කතෝලික පල්ලි වල, ක්‍රිස්තුස්වහන්සේගෙ සහ මරියතුමියගේත් සාන්තුවරුන්ගේත් සුරුවම් තියනවා... නමුත් අනෙක් ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වල නැහැ... රූප වලට වැඳීම ක්‍රිස්තු ධර්මයේ සපුරා තහනම්.... නමුත් කතෝලිකයන්ගේ අදහස මේ සුරුවම් පිහිටුවා තිබුනත් ඒවාට වන්දනා කිරීමක් නොවේ, ඒ චරිත සිහි කිරීමක් ඒ අයට ගරු කිරීමක් පමණක් සිදු කරන බවයි... නමුත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් මීට කිසිසේත්ම එකඟ නැහැ... අපි ඉතා පාපකාරී දෙයක් සිදු කරන බවයි ඔවුන්ගේ අදහස.... මේ කරුනත් විශාල බෙදීමක් ඇති කලා....

    5)ඊලඟට මරියතුමිය, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව, කතෝලික අපි විශේෂ කොට සිහිපත් කරනවා.. එතුමිය ගැන බොහොමයක් ආගමික කරුණු විශ්වාස කරනවා(අපි ඒ දේවල් හඳුන්වන්නේ අභිරහස් ලෙසයි... මෙතන සඳහන් කරන්න ගියොත් සංකීර්ණ වේවි පැහැදිලි කිරීම.. ඒ නිසා මම මෙතනින් නවතිනවා).. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් එතුමියත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පමණයි සලකන්නේ...

    ප්‍රධානතම කැපී පෙනෙන වෙනස්කම් කීපයක් තමයි මම ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කලේ... ඉතින් මේ වගේ කරුනු රාශියක් මුල් කරගෙන සහ, සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් ගොඩක් එක්ක අලුත් සභාවන් ගොඩක් නිර්මාණය වෙලා තියනවා.. අදටත් නිර්මාණය වෙනවා... මේ දේ පැහැදිලි කර ගන්න එක ගොඩක් වැදගත්... මම කියන්නම් ඒ ඇයි කියලා....

    පහුගිය කාලයේ ලොකු ආන්දෝලනයක් ඇති වුනා අන්‍යාගමීකරණය ගැන..... අපි ඇත්ත කතා කලොත් සමහර ඊයෙ පෙරේදා බිහි වුන,කිතුණු යැයි කියාගන්න ආගමික කල්ලි කීපයක් ඉතාම සදාචාර විරෝධී විදියට,කිතු දහමටත් විරෝධී විදියට කටයුතු කලා ආගම ප්‍රචාරයට ආපු බව සඳහන් කරමින්... නමුත් ඉතාම කණගාටුවට කරුණ,අද මේ රටේ බෞද්ධ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සහජීවනයෙන් ජීවත් වෙන, පරණම කිතුණු සභාවන් වන කතෝලික, මෙතෝදිස්ත වගේ සභාවන් පවා මේ නිසා නිරපරාදයේ බැනුම් ඇහුවා...ගොඩක් දෙනෙක් තවමත් දන්නේ නැහැ මේ ඩොලර් කාක්කන් සහ මේ රටේ පාරම්පරික, ක්‍රිස්තියානි/ කතෝලික ජනතාව අතර වෙනස... අද වෙනකොට මේ අයගෙන් ප්‍රධානතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ, මේ රටේ පාරම්පරික කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් වලටයි... අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාත් මේ ගැන මෑතකදි සඳහන් කරල තිබුනා.. ඉතින් මම කියන්නේ, මේ ආගමික ආයතන අතර වෙනස් කම් පැහැදිලි කරගන්න එක අපේ අපේ කිතුනු නොවන සහෝදර සහෝදරියන්ටත් ඉතා වැදගත්... අනවබෝධය නිසා ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... ගොඩක් ස්තුතියි මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයාට...ආගමික සහජීවනය ගැන ඔයත්, ඔයාගෙ පෙම්වතියත් අපි හැමෝටම ආදර්ශයක්... :)

    okkoma kiyala thiyenawa methana :cool::yes::)
     
    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    මචන් මම බෞද්ධ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ගාව බයිබලේ සිංහල ඇන්ඩ් එන්ග්ලිෂ් වෙරිසන්ස් දෙකක් තියෙනවා. මේවයේ ගහල තියෙන්නේ කතෝලික කියල හැබැයි දස පනතේ අර කොටස් ඔක්ක්කොම තියෙනවා. මට පේන විදිහට පරණ තෙස්ටමෙන්ටුවේ සහ නව තෙස්ටමෙන්ටුවේ පිළිම අදහන්න එපා කියල තියෙනවා. එතකොට ප්රෝතෙස්ටන්ත බයිබලය මීට වෙනස්ද?

    කතෝලික ක්‍රිස්තියානි සහ ප්‍රොතෙස්තන්ත (රෙපරමාදු) අයගෙ වෙනස මොකක්ද?

    අවවාදයයි: යුරෝපෙ මිනිස්සු ලක්ශ ගනන් නිකන් මැරුනා මේව ගැන වාද කරන්න ගිහින් .... මෙතන ඒක කරන්න එපා

    ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි කියන්නෙ මචන් කතෝලික සභාවෙන් 16 වෙනි සියවසේදි වෙන් වුන, අදටත් විශාල අනුගාමිකයන් ප්‍රමාණයක් ඉන්න ප්‍රධානතම ක්‍රිස්තියානි සභාවක්... මේ අය සාම්ප්‍රදායික කතෝලික වත් පිලිවෙත් සහ ඇදහීම් වලට විරෝධය පෑවා... ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් protest කලා... මේ protest කියන වචනයෙන් තමයි Protestant එහෙමත් නැත්තම් ප්‍රොතෙස්තන්ත කියන නම පවා හැදුනේ... ප්‍රොතෙස්තන්ත බයිබලය ගත්තොත් කතෝලික බයිබලයේ පරණ ගිවිසුමේ තියන සමහර කොටස් ඔවුන් ඉවත් කරලා තියනවා, ඒවායේ අධිකාරී ස්වරූපයක් තියන බව සඳහන් කරමින්.. ඊට අමතරව මරියතුමිය, සාන්තුවරුන්, සමහර ගැලවීමේ අභිරහස් වගේ සමහර කතෝලික සංකල්ප ඔවුන් දැඩිව ප්‍රතික්ශේප කරනවා.. මේ අයගේ උත්සාහය වුනේ කතෝලික සභාවට ප්‍රතිසංස්කරන ඇති කරන්න... අර මුලින් කියපු විවාදාත්මක කාරණා සම්බන්ධව.. නමුත් ඒක අසාර්ථක වුන නිසා ඔවුන් බෙදී වෙන් වුනා(පසුකාලීනව ප්‍රොතෙස්තන්ත සභාවත් ගොඩක් කොටස් වලට බෙදී ගියා)... කතෝලිකයන්ව ඔවුන් හැඳින්වුවේ ක්‍රිස්තු ධර්මය විකෘති කරගත්ත පිරිසක් විදියට තමයි... නමුත් කතෝලිකයන් අනිත් අතට මේ අය වැරදි බව ප්‍රකාශ කලා.. මේ විවාදය බොහොම ධරුනු වුනා යුරෝපයේ... ලංකාව සම්බන්ධව ගත්තොත්, පෘතුගීසීන් කතෝලික ආගමිකයන්... නමුත් ඔවුන්ට පසුව ආපු ලන්දේසීන් ප්‍රොතෙස්තන්ත අය... මේගොල්ලො මෙහෙ ආවට පස්සේ,ලංකාවේ කතෝලික ජනතාව සමූල ඝාතනය කලා... පල්ලි විනාශ කරලා කතෝලික ආගම ඇදහීම තහනම් කලා.. පෘතුගීසීන් මේ රටට අවේ 1505 දි නේ.. මුල්ම ලන්දේසි සෙනෙවියා අවේ 1602 දි.. 1796 ඉන්ග්‍රීසීන් රට අල්ල ගන්නකම් ඔවුන් මේ කතෝලික ආගම මර්ධනය කලා... පියතුමන්ලා හිටියේ නැහැ දිව්‍ය පූජාව වත් පවත්වන්න... ඒ අයව මරා දැම්මා.. ජුසේ වාස් කියන පියතුමා ඉන්දියාවේ ඉඳන් ඇවිත් හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන රට පුරා ගිහින් දිව්‍ය පූජාව පවත්වන්න ලොකු වෙහෙසක් ගත්තා... මේ දුෂ්කර කාල සීමවේදි කතෝලිකයන්ට ජීවිත ආරක්ෂා කරගන්න පිහිට වුනේ, මේ රටේ බෞද්ධ ජනතාවයි... විමලධර්මසූරිය රජතුමා පවා අන්තිමේදි ජුසේ වාස් පියතුමාගේ සහයට ඉදිරිපත් වුනා.. තව අපි තෙරුම් ගන්න ඕනා එක කාරණාවක් තමයි,පෘතුගීසීන්ගේ කාලයේදි තාන්න මාන්න වලට ආගම මාරු කරපු අය හිටියා නම් ඒ අය මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදි පැහැදිලිවම හැලිලා ගියා කියන එක... ආගම අදහන්න පූජකයෙක්වත් නොසිටි අවුරුදු 150 ක විතර මේ කාල පරිච්ඡේදයේදි බොහොම අමාරුවෙන් සහ කතෝලික සභාව ගැන සැබෑ ලෙසම විශ්වාසයෙන්,ජීවිත පරිත්‍යාගයෙන් සිටි අය පමණක් ඉතුරු වුනා කියල කිව්වොත් මම හිතන්නෙ ඕගොල්ලොත් එකඟ වේවි.. ඒ නිසා වර්තමාන ශ්‍රී ලාංකික කතෝලික ජනතාව පැවත එන්නේ සැබෑ ලෙසම ආගම විශ්වාස කළ පිරිසකගෙන්... ලාංකීය බෞද්ධ ජනතාව ඒ වෙලාවේදි, කතෝලිකයන්ට ලබා දුන් සහය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයයි.. අදටත් ලංකාවේ ආගමික සහජීවනයට ඊට වඩා හොඳ උදාහරණයක් නැහැ... එතකොට පසුකාලීනව ආව ඉංග්‍රීසීන් වුනත් කතෝලිකයන් නොවෙයි... ඔවුන් බොහොමයක් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානින්.. නමුත් අදටත් ලංකාවේ වැඩිම පිරිසක් ඉන්නේ කතෝලිකයන්,මේ අය රටේ සංස්කෘතියත් එක්ක බොහෝ දුරට බද්ධ වෙලා ඉන්නවා අදටත්... ඒත් ප්‍රොතෙස්තන්ත සහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අනුගාමිකයන් මේ රටේ ඇත්තේම නැති තරම්.. ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි ඉන්නේ... මම හිතනවා මේ කරුණ පැහැදිලි ඇති කියලා.. :cool:
     
    Last edited:
    • Like
    Reactions: L KNG and cnf271

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    බොහොම අගේ කරනවා මේ ත්‍රේඩ් එක ඇතුලේ ඉතාම සමගියෙන් අදහස් හුවමාරු කර ගැනීම ගැන.... මගේ දෙමාපියන්ගෙන් මට ලැබුනු ආගම රෝමානු කතෝලික... හැබැයි මම ඒ වගේම බුද්ධ දර්ශනයට ගොඩක් ගරු කරනවා.... පුංචි කාරණා කීපයක් කියන්න හිතුනා මට...

    1) පළවෙනි කාරණාව තමයි ක්‍රිස්තියානි සහ කතෝලික කියලා හැන්දින්වීමේ පහසුව තකා සඳහන් කලත්, ක්‍රිස්තියානි යන වචනයේ තේරුම, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සියල්ලෝ යන්නයි... වෙනත් වචන වලින් කියනවා නම්, රෝමානු කතෝලික ආගමත් ක්‍රිස්තියානි ධර්මයටම තමයි අයිති... ක්‍රිස්තුස්වහන්සේව මේ සියලු දෙනා විශ්වාස කරනවා... විකිපීඩියා වෙබ් අඩවියට ගිහින් Christianity කියලා search කරල බලුවොත් මේ කරුණ තවදුරටත් තහවුරු කරගන්න පුලුවන්... ඉතින් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන ආගමික සභාවන් ගොඩක එකතුවක් තමයි ක්‍රිස්තියානි ආගම.... මේ අතරට, කතෝලික, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වගේ සභාවන් ගනණාවක් විතරක් නෙමෙයි ඊයේ පෙරේදා බිහි වුන සභාවන් පවා අයත්....

    ජේසු තුමා උකුත්වී උත්ථානවීමට පෙර, ශාන්ත පීටර් තුමාට කිතුනු සුභාරංචිය ලොව පුරා පතුරුවන්න කියලා කිව්වා.. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානවීමෙන් පසුව එතුමා ඒ සඳහා නායකත්වය ලබා දුන්නා කියන්න පුලුවන්.. මේ අය ලෝකේ තැන් තැන් වලට ගියා.. ගොඩාක් කරදර හිරිහැර වලට මුහුන පෑවා.. කොහොමහරි, විශාලතම පරිවර්ථනය වුනේ රෝම අධිරාජ්‍යය කිතුදහම වැලඳ ගැනීමත් එක්කයි.. රෝමානු කතෝලික කියන යෙදුම බිහිවෙන්නත් හේතුව ඒකයි...... ඉතින් මුල්ම සහ වඩාත් ප්‍රධානතම ලෙස ලොව පුරා පැතිර තියෙන්නේ වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ,මේ අතරින් කතෝලික සභාවයි... සියල්ලම නොවුනත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් බොහොමයක්, නොයෙකුත් හේතූන් සහ කතෝලික සභාවේම ගැටලු නිසා බෙදී වෙන් වී ගිය කොටස්.. කතෝලික සභාව ක්‍රිස්තියානියේ දැනට ශේෂ වෙලා තියන ප්‍රදානතම සහ මුල්ම පුරුකක් කියලා හැඳින්වුවාට වරදක් නැහැ.. මුල් පුරුක නිසා කතෝලික සභාව වෙනමත් අනෙකුත් සියලු සභාවන් ක්‍රිස්තියානි ලෙසත් බොහොමයක් දෙනා හඳුන්වනවා...

    2)නමුත් මේ සභාවන් අතර වෙනස, බුදු දහමේ නිකාය අතර වෙනස වගේ නෙමෙයි... එක්තරා විදියකට, ථෙරවාදය සහ මහායානය අතර වෙනස වගේ, සමහරවිට ඊටත් වඩා ගොඩක් වෙනස්කම් තියනවා මේවා අතර... කතෝලික පියතුමන්ලා විවාහ වෙන්නේ නැහැ, ලෞකික ජීවිත ගත කරන්නේ නැහැ.. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල පාදිලිතුමන්ලා විවාහ වීම සිදු කරනවා... පල්ලියට වෙලා ඉන්නෙ නැතුව සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුන දෙනවා... මම සඳහන් කලා වගේම කතෝලික පූජක තුමන්ලා "පියතුමා" ලෙසත් අනෙකුත් බොහොමයක් ක්‍රිස්තියානි පූජකතුමන්ලා "පාදිලිතුමා" ලෙසත් හඳුන්වනවා...

    3)කතෝලික ධර්මයේ සාන්තුවරු කියලා කොටසක් ඉන්නවා... ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඔයගොල්ලො අහල ඇති... මේ අය සාමාන්‍ය මනුෂ්‍යයො අපි වගේම... හැබැයි ඒ අය තමන්ගෙ ජීවිත බොහොම ආදර්ශමත් විදියට දෙවියන්ට ප්‍රසන්නව ගත කරපු නිසා ඒ අය ස්වර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ ලඟට ගිය බව කතෝලික අපි විශ්වාස කරනවා.. ඒ නිසා ඒ අයටත් විශේෂ තැනක් දීලා තියනවා, දේවස්ථාන කැප කරලා තියනවා මේ අයගෙ නමට... හැබැයි මේ අයට අපි යාච්ඥා කරන්න පුලුවන් අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා පමනයි... මොකද මේ අයත් විශේෂ වුවත් මනුෂ්‍යයන් නිසා.. මේ කාරණාව ප්‍රධානතම බෙදීමක් ඇති කලා කතෝලික සභාවේ... අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සභාවක් මේ සාන්තුවරු කියන සංකල්පය පිලිගන්නේ නැහැ...

    4)ඊලඟට රූප වන්දනාව කියන කරුණ ගැන ගොඩක් දෙනෙක් කියල තිබුනා.... කතෝලික පල්ලි වල, ක්‍රිස්තුස්වහන්සේගෙ සහ මරියතුමියගේත් සාන්තුවරුන්ගේත් සුරුවම් තියනවා... නමුත් අනෙක් ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වල නැහැ... රූප වලට වැඳීම ක්‍රිස්තු ධර්මයේ සපුරා තහනම්.... නමුත් කතෝලිකයන්ගේ අදහස මේ සුරුවම් පිහිටුවා තිබුනත් ඒවාට වන්දනා කිරීමක් නොවේ, ඒ චරිත සිහි කිරීමක් ඒ අයට ගරු කිරීමක් පමණක් සිදු කරන බවයි... නමුත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් මීට කිසිසේත්ම එකඟ නැහැ... අපි ඉතා පාපකාරී දෙයක් සිදු කරන බවයි ඔවුන්ගේ අදහස.... මේ කරුනත් විශාල බෙදීමක් ඇති කලා....

    5)ඊලඟට මරියතුමිය, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව, කතෝලික අපි විශේෂ කොට සිහිපත් කරනවා.. එතුමිය ගැන බොහොමයක් ආගමික කරුණු විශ්වාස කරනවා(අපි ඒ දේවල් හඳුන්වන්නේ අභිරහස් ලෙසයි... මෙතන සඳහන් කරන්න ගියොත් සංකීර්ණ වේවි පැහැදිලි කිරීම.. ඒ නිසා මම මෙතනින් නවතිනවා).. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් එතුමියත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පමණයි සලකන්නේ...

    ප්‍රධානතම කැපී පෙනෙන වෙනස්කම් කීපයක් තමයි මම ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කලේ... ඉතින් මේ වගේ කරුනු රාශියක් මුල් කරගෙන සහ, සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් ගොඩක් එක්ක අලුත් සභාවන් ගොඩක් නිර්මාණය වෙලා තියනවා.. අදටත් නිර්මාණය වෙනවා... මේ දේ පැහැදිලි කර ගන්න එක ගොඩක් වැදගත්... මම කියන්නම් ඒ ඇයි කියලා....

    පහුගිය කාලයේ ලොකු ආන්දෝලනයක් ඇති වුනා අන්‍යාගමීකරණය ගැන..... අපි ඇත්ත කතා කලොත් සමහර ඊයෙ පෙරේදා බිහි වුන,කිතුණු යැයි කියාගන්න ආගමික කල්ලි කීපයක් ඉතාම සදාචාර විරෝධී විදියට,කිතු දහමටත් විරෝධී විදියට කටයුතු කලා ආගම ප්‍රචාරයට ආපු බව සඳහන් කරමින්... නමුත් ඉතාම කණගාටුවට කරුණ,අද මේ රටේ බෞද්ධ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සහජීවනයෙන් ජීවත් වෙන, පරණම කිතුණු සභාවන් වන කතෝලික, මෙතෝදිස්ත වගේ සභාවන් පවා මේ නිසා නිරපරාදයේ බැනුම් ඇහුවා...ගොඩක් දෙනෙක් තවමත් දන්නේ නැහැ මේ ඩොලර් කාක්කන් සහ මේ රටේ පාරම්පරික, ක්‍රිස්තියානි/ කතෝලික ජනතාව අතර වෙනස... අද වෙනකොට මේ අයගෙන් ප්‍රධානතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ, මේ රටේ පාරම්පරික කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් වලටයි... අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාත් මේ ගැන මෑතකදි සඳහන් කරල තිබුනා.. ඉතින් මම කියන්නේ, මේ ආගමික ආයතන අතර වෙනස් කම් පැහැදිලි කරගන්න එක අපේ අපේ කිතුනු නොවන සහෝදර සහෝදරියන්ටත් ඉතා වැදගත්... අනවබෝධය නිසා ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... ගොඩක් ස්තුතියි මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයාට...ආගමික සහජීවනය ගැන ඔයත්, ඔයාගෙ පෙම්වතියත් අපි හැමෝටම ආදර්ශයක්... :)

    බොහොම ස්තූතියි සහෝ comment වලට. අනික් කරුණ තමයි මම ගොඩාක් සතු‍ටුවෙනවා මේ වගේ ත්‍රෙඩ් එකක් දැමීම ගැන.ඇත්තටම මම බලාපොරුත්තු නොවුණ විදියට ගොඩාක් ප්‍රතිචාර මේ ත්‍රෙඩ් එකට ලැබෙනවා.ඒ වගේම තමයි අපේ ක්‍රිස්තියානි ක‍තෝලික සහෝදරවරු මගේ ප්‍රශ්න වලට ඉතාම විස්තර සහිතව උත්තර දීල තියෙනවා.ඒ අයට ගොඩාක් ස්තූතියි.මචං හැම ආගමකම ඉන්නවා ඒ ආගමට අපහාස වෙන අයුරින් කටයුතු කරන පිරිසක් .ඒ ස්වල්ප පිරිස නිසා මුලු ආගමම නිගාවට පත්වෙන එක කනගා‍ටුවට කරුණක්.තමන් විශ්වාස කරන ගරුකරන ආගමට අනුකූලව ජීවත්වන කවුරුවත් අනික් ආගමවලට අපහාස කරන්න පෙළබෙන්නෙ නෑ.ඒක නිසා ඒක තේරුම් අරන් කටයුතු කරනවානම් මේ ආගම් අතර ප්‍රශ්න මොනවත් නෑ.රෙප්++
     
    • Like
    Reactions: dj gamaya

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Machan mulinma kiyanna one mama Roman Catholic........ Christian kiyanne ape Roman Catholic walin kadila giya Kotasak...... Bible, Yehowas Witness,etc....... wage thawa hugal ewa tiyenawa machan......

    Hugak welawata Roman catholic arenna anith ewa Money based karagena hugak Campaigns yanawa...... Hugak mama adurana kattiyath Salli walata me religion walata giya

    Eka parak ape gedaratath Bible kattiyak awilla Api oyagollanta Udau karannam salli dennam Bible walata enna kiyala kiwwa....eth Api e agamata harune na......eth samahara aya haruna

    ithin me wage hugak kanagatu dayaka siddi tiyenawa......Thawath thiyenawa me wage siddi....eth kiyanna bayai machan mekatath anith Thread walata wechcha dema wei kiyala

    Mama danna widiyata onna comment eka damma.......

    thanx for the comment bro..rep++:D
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    dont trust any god on this earth, there is no god on this earth, be atheist

    You Wrong Dude!!
    Nobudy can live without a trust!
    we must trust somebdy to make our lives feel better.
    thats y we belive in our parents sometimes freinds, adults etc..

    so try to under stand!!
    Peace be with u all!!
    and happy new year! :yes::yes:
    (teach me if there's something wrong in my speech )
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....01.නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..02.ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ 03.බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං

    මම කතෝලික. මේ විස්තරේ තියෙන සමහර දේවල් ගැන එකග වෙන්න අමාරුයි මචං...

    පළමු කාරණාව.
    රූප වන්දනාව කතෝලිකයන් කරන්නේ නෑ මචං...
    පිළිම භාවිතා කරන්නේ සිහි කරගන්න තියෙන උපකාරකයක් විදියට පමණයි මචං...
    නැතුව මැටි පිළිමය දේවත්වයෙන් අපි සලකන්නේ නෑ..

    දෙවන කාරණාව.
    අපි කෙලින්ම දෙවියන් වහන්සේට යැදුම් ඔප්පු කරනවා... (ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාවේ දි වගේ)

    තෙවන කාරණාව.
    කතෝලික ශුද්ධවූ බයිබලයේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරන්න කියලා තියෙනවා.

    කතෝලික දහම ක්‍රිස්තුන් වහන්සේගේ හොදම ගෝලයෙක් වන පේදුරු තුමා මුල් තැන ගෙන ව්‍යාප්ත කරපු මුල්ම දහමයි ක්‍රිස්තු අනුගාමික දහමයි..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා අයිති‍වෙන්නෙ මොන නිකායටද? :rolleyes:
    එතකොට එතුමා ඉන්න නිකාය නේද හරි එක?:rolleyes::rolleyes:
     
    100 % true!
    api machng mati roopa adahanne neha!!
    api mati roopa gawata gihilla ethana ema santhuwaraya ho shashthuwaraya innawa kiyala mathak kara gannawa!(hariyata kage hari photo ekak ape purse eke hari kohi hari gahala thibunama api mokada karanne,a photo eka beluwama a thulin apita a pudgalayawa mathak wenawa pamanai) a wage thama mati roopath!!
    meka thamai matath oya doubt eka thibunama ape farthergen ahuwama ahanna labune!!
    I think im correct!!
    am i ????
    peace be with u all! :):)
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා අයිති‍වෙන්නෙ මොන නිකායටද? :rolleyes:
    එතකොට එතුමා ඉන්න නිකාය නේද හරි එක?:rolleyes::rolleyes:
    Ethuma machng ape agame!! a kiyanne Catholic!!
    Loke wadiyenma adahana agama thama Catholic!!
    chrstian walin 78% ma wage inne cathoic aya!
    even pope also!!!
    Wathikanuwa (rome) thama catholic wala head!
    u ok now?? :yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් ජේසු තුමා මේ ලෝකෙට ආවේ, මරුනේ අපේ පව් නිසා. එක නිසා අපි කුරුසය ජේසු තුමා අපිව පාපයෙන් මුදවගන්න ගත්තු කුසලානයට ඒ කියන්නේ කුරුසයට ගරු කිරීමක් කරනවා මචන්. අනික කුරුසේ තමයි කතෝලික / ක්‍රිස්තියානි ආගමේ සංකේත වෙලා තියෙන්නේ.
    :yes::yes::yes:
    හරියට අපේ බෞද්ධ සහෝදරයන් බුදු රජාණන් වහන්සේට බුදු වීමට පිට දුන් බෝ ශාකයට ගෞරව කරනවා වගේ..
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    :yes::yes::yes:
    හරියට අපේ බෞද්ධ සහෝදරයන් බුදු රජාණන් වහන්සේට බුදු වීමට පිට දුන් බෝ ශාකයට ගෞරව කරනවා වගේ..

    aniwa machng!!!
    hema agamakatama sathya washayenma shakshi thiyena!!
    buddhislata damadiwa,kelaniya nagadeepya
    wahe catholics lata jerusalama!!
    thats y me agam thamath pewatha enne!!
    am i crct??
    :):)
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    මචන් උබ ක්‍රිස්තියානි නිසා වෙන්න ඇති මෙහෙම කියන්න අත්තෙ...
    නමුත් මෙතන වරදි 3ක් තියෙනව..

    1- "නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා."
    කතොලිකයන් කවදාවත් ‍රැප වන්දනාව කරන්නෙ නැ, කරන්න ගරු කිරිමක් විතරයි
    (අපි අපේ නැතිවුන කෙනෙක්ගෙ පින්තුරයක් ලග තියගන්නෙ... අන්න ඒ වගේ...
    ‍ රැපයට වන්දනා කිරිමක් නෙමෙයි සිද්ද වෙන්නෙ...)

    2- "කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි"

    ඔතනදි මචන් මම දන්න තරමින් එක කතොලිකයෙක්වත් දෙවියන්ගෙන් හැරෙන්න වෙන කාගෙන්වත් පිහිටක් ඉල්ලන්න නැ... නමුත් සන්තුවරයන්ගෙන් දෙවියන් වහන්සෙ ඉදිරියෙ අපි වෙනුවන් මැදහත් වෙන ලෙසට ඉල්ලනව.

    3-"ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා......."

    මචන් ඔය කියන්නෙ "සැබැවු එකම දෙවියන් වහන්සේට පමනක් වන්දනා කරව" කියන පනත වෙන්න ඇති... අනෙ මේක ගෙඩි පිටින්ම දස පනතෙ තියෙනව..

    මචන් මම කතොලිකයෙක්. මට මෙක දැකල ඉන්නම බැරි තැන තමයි ලිව්වෙ...

    මම මෙතන කිසිම වෙනත් ආගමක් ගැන කතා කලෙවත්, බැන්නෙවත් නැ. නිවැරදිව තෙරුම් කල පමනයි. මොකද මෙවගේ එව දකින වෙනත් ආගම් වල කට්ටිය ක‍තෝලික ආගම ගැන වරදියට තෙරුම් ගන්න නිසා,

    ඉතින් අදින් පස්සෙවත් හොද යාලුවෙක් වගේ වෙනත් ආගමක් ගැන ප්‍රසිද්දියේ කතා කරද්දි ටිකක් වගකීමෙනෙන් කතා කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනව.

    :yes::yes::yes::yes::yes:

    +3 :yes::yes::yes:
     
    khanjin

    Member
    Jul 14, 2008
    599
    21
    0
    milan, italy
    You Wrong Dude!!
    Nobudy can live without a trust!
    we must trust somebdy to make our lives feel better.
    thats y we belive in our parents sometimes freinds, adults etc..

    so try to under stand!!
    Peace be with u all!!
    and happy new year! :yes::yes:
    (teach me if there's something wrong in my speech )

    mage mee petiya have entered many holes, sum belong to christian, sum belong to muslim, sum belong to hindu, sum belong to buddhsit, nowhere i find any different, only one different,

    the different is CEYLINCO (big or small) :lol::lol::lol::lol: