ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි කියන්නෙ මචන් කතෝලික සභාවෙන් 16 වෙනි සියවසේදි වෙන් වුන, අදටත් විශාල අනුගාමිකයන් ප්‍රමාණයක් ඉන්න ප්‍රධානතම ක්‍රිස්තියානි සභාවක්... මේ අය සාම්ප්‍රදායික කතෝලික වත් පිලිවෙත් සහ ඇදහීම් වලට විරෝධය පෑවා... ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් protest කලා... මේ protest කියන වචනයෙන් තමයි Protestant එහෙමත් නැත්තම් ප්‍රොතෙස්තන්ත කියන නම පවා හැදුනේ... ප්‍රොතෙස්තන්ත බයිබලය ගත්තොත් කතෝලික බයිබලයේ පරණ ගිවිසුමේ තියන සමහර කොටස් ඔවුන් ඉවත් කරලා තියනවා, ඒවායේ අධිකාරී ස්වරූපයක් තියන බව සඳහන් කරමින්.. ඊට අමතරව මරියතුමිය, සාන්තුවරුන්, සමහර ගැලවීමේ අභිරහස් වගේ සමහර කතෝලික සංකල්ප ඔවුන් දැඩිව ප්‍රතික්ශේප කරනවා.. මේ අයගේ උත්සාහය වුනේ කතෝලික සභාවට ප්රතිසංස්කරන ඇති කරන්න... අර මුලින් කියපු විවාදාත්මක කාරණා සම්බන්ධව.. නමුත් ඒක අසාර්ථක වුන නිසා ඔවුන් බෙදී වෙන් වුනා(පසුකාලීනව ප්‍රොතෙස්තන්ත සභාවත් ගොඩක් කොටස් වලට බෙදී ගියා)... කතෝලිකයන්ව ඔවුන් හැඳින්වුවේ ක්‍රිස්තු ධර්මය විකෘති කරගත්ත පිරිසක් විදියට තමයි... නමුත් කතෝලිකයන් අනිත් අතට මේ අය වැරදි බව ප්‍රකාශ කලා.. මේ විවාදය බොහොම ධරුනු වුනා යුරෝපයේ... ලංකාව සම්බන්ධව ගත්තොත්, පෘතුගීසීන් කතෝලික ආගමිකයන්... නමුත් ඔවුන්ට පසුව ආපු ලන්දේසීන් ප්‍රොතෙස්තන්ත අය... මේගොල්ලො මෙහෙ ආවට පස්සේ,ලංකාවේ කතෝලික ජනතාව සමූල ඝාතනය කලා... පල්ලි විනාශ කරලා කතෝලික ආගම ඇදහීම තහනම් කලා.. පෘතුගීසීන් මේ රටට අවේ 1505 දි නේ.. මුල්ම ලන්දේසි සෙනෙවියා අවේ 1602 දි.. 1796 ඉන්ග්‍රීසීන් රට අල්ල ගන්නකම් ඔවුන් මේ කතෝලික ආගම මර්ධනය කලා... පියතුමන්ලා හිටියේ නැහැ දිව්‍ය පූජාව වත් පවත්වන්න... ඒ අයව මරා දැම්මා.. ජුසේ වාස් කියන පියතුමා ඉන්දියාවේ ඉඳන් ඇවිත් හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන රට පුරා ගිහින් දිව්‍ය පූජාව පවත්වන්න ලොකු වෙහෙසක් ගත්තා... මේ දුෂ්කර කාල සීමවේදි කතෝලිකයන්ට ජීවිත ආරක්ෂා කරගන්න පිහිට වුනේ, මේ රටේ බෞද්ධ ජනතාවයි... විමලධර්මසූරිය රජතුමා පවා අන්තිමේදි ජුසේ වාස් පියතුමාගේ සහයට ඉදිරිපත් වුනා.. තව අපි තෙරුම් ගන්න ඕනා එක කාරණාවක් තමයි,පෘතුගීසීන්ගේ කාලයේදි තාන්න මාන්න වලට ආගම මාරු කරපු අය හිටියා නම් ඒ අය මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදි පැහැදිලිවම හැලිලා ගියා කියන එක... ආගම අදහන්න පූජකයෙක්වත් නොසිටි අවුරුදු 150 ක විතර මේ කාල පරිච්ඡේදයේදි බොහොම අමාරුවෙන් සහ කතෝලික සභාව ගැන සැබෑ ලෙසම විශ්වාසයෙන්,ජීවිත පරිත්‍යාගයෙන් සිටි අය පමණක් ඉතුරු වුනා කියල කිව්වොත් මම හිතන්නෙ ඕගොල්ලොත් එකඟ වේවි.. ඒ නිසා වර්තමාන ශ්‍රී ලාංකික කතෝලික ජනතාව පැවත එන්නේ සැබෑ ලෙසම ආගම විශ්වාස කළ පිරිසකගෙන්... ලාංකීය බෞද්ධ ජනතාව ඒ වෙලාවේදි, කතෝලිකයන්ට ලබා දුන් සහය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයයි.. අදටත් ලංකාවේ ආගමික සහජීවනයට ඊට වඩා හොඳ උදාහරණයක් නැහැ... එතකොට පසුකාලීනව ආව ඉංග්‍රීසීන් වුනත් කතෝලිකයන් නොවෙයි... ඔවුන් බොහොමයක් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානින්.. නමුත් අදටත් ලංකාවේ වැඩිම පිරිසක් ඉන්නේ කතෝලිකයන්,මේ අය රටේ සංස්කෘතියත් එක්ක බොහෝ දුරට බද්ධ වෙලා ඉන්නවා අදටත්... ඒත් ප්‍රොතෙස්තන්ත සහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අනුගාමිකයන් මේ රටේ ඇත්තේම නැති තරම්.. ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි ඉන්නේ... මම හිතනවා මේ කරුණ පැහැදිලි ඇති කියලා..![]()
Correction:
නිවැරදි කිරීමක්: විමළධර්මසූරිය රජතුමා නොවේ, දෙවැනි රාජසින්හ රජතුමා ... එතුමා කතෝලික අයට විතරක් නෙමෙයි මුස්ලිම් අයටත් උදව් කරා ... එතුමා තමයි මුස්ලිම් අයව නැහෙනහිර පදින්චි කලේ

... ඔවුන්ගෙ ජීවිත බේරගන්න ...
ඒත් මුස්ලිම් අයට දැන් හිතන්නෙ නිජභූමි කියල ... 





