කථා කරන පින්තූර
වචන දාහකින් වුවත් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඉතාම පහසුවෙන් ඡායාරූපයකට කියන්න පුලුවන් කියලා බොහොම ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. ඒ කාරණය සත්‍යයක් බව ඔබට මේ ඡායාරූප කීපය දැක්කාම නිසැකවම හිතේවි.
1.කොන්ස්තන්තින් ප්‍රෝනින් කියන්නෙ දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් සම්භාරයක් ඇති වයස අවුරුදු 86 ක් වන විශ්‍රාමික යුධ සෙබලෙක්. දෙවැනි ලෝක යුද්ධයේ මතකයන් එක්ක බෙලරුසියාවෙ ඉදන් රුසියාවේ මොස්කව් නුවර වාර්ෂිකව පැවැත්වෙන ජයග්‍රහණයේ දිනය සමරන්න සෑම වසරකදීම ඔහු පැමිණෙනවා. නමුත් මේ වසරෙදි (2011 මැයි 9) ඔහු නියෝජනය කල යුධ හමුදා ඒකකයෙන් ඔහු පමණයි පැමිණ සිටියෙ. ඔහුගේ ඒකකයේ අනිත් අය හැමෝම දිවි ගමනෙන් සමු අරගෙන. ඔහුගේ මුහුණේ තියෙන ඉරියව් කෙතරම් දේ අපිට කියනවද ?
2.හබල් දුරෙක්ෂය මගින් ලබාගත්ත මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ සිය ගනනක් වන තාරකා මණ්ඩල...එහෙමත් නැත්තං මන්දාකිණි. මේවායේ ඉතිහාසය අවුරුදු බිලියන 10 ක් පමණ ඈතට දිවෙනවා. මේ පෙනෙන ග්‍රහ වස්තු අතරෙ තවත් ජීවී විශේෂ ඉන්න බැරිද...ඒ දිහා බලාන ඉද්දි මට එහෙම හිතුනා. විශ්වය කියන්නෙ මොන තරම් නම් අභිරහසක්ද. කවදා සොයාගන්න පුලුවන් සත්‍යයක්ද.
3.උතුරු අයර්ලන්තයේ ජන ශූන්‍ය බවට පත් කල වීදියක වාහන බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්න දිගු ගමනක තනිවම යෙදී සිටිනා යුධ සෙබලෙක්. මේ කාර්යය කරන අතර තුර සුළු හෝ අත්වැරදීමක් උනොත් ඔහුගේ ජීවිත ගමන එතැනින් නිම වෙනවා. මේ පියවර අතර තුර ඔහුට මොන තරම් දේ හිතෙනවා ඇතිද.
4.1945 අප්‍රියෙල් මාසයෙදි දුම්රිය මගින් රැගෙන පැමිණි යුදෙව් සිරකරුවන් එම දුම්රිය වලින් පිටතට පැමිණියේ තමන් දැන් නිදහස් යන හැගීමෙන්..නමුත් මේ පැමිණ තිබෙන්නේ ජීවිතයේ අවසාන දුම්රිය ගමන බව ඔවුන් දැන සිටියේ නෑ. හිට්ලර්ගේ සිර කදවුරු වල ගාල්වෙලා විවිධ ක්‍රම වලට මියැදෙන්න මේ අයගෙන් අති මහත් බහුතරයකට පසුව සිදුවුනා.
5.ඇමරිකාවෙ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි නගරයේදි ගත්ත ඡායාරූපයක්. හිසට සෙවනක් නැති උනත් මේ මහලු මිනිසාගේ සිත ප්‍රීතියෙන් යුතු වෙන්න පුලුවන්. චිත්ත ප්‍රීතිය ඇති කරන්න හැම විටම ධනයට සහ බලයට බෑ.
6.1937 වසරේදි පැවැත්වුනු නාසි රැලියක්. මේ තරම් ජන ගංගාවක් එකම තැනක ඉන්නවා මම නම් දැකලාම නෑ
7.තම රථයේ හැපී මිය ගිය 8 හැවිරිදි දරුවෙකුගේ දේහය අසල කම්පාවන ලිතුවේනියානු රියදුරෙක්.
8.1915 දි සිදුවුන ආමේනියාවේ මහා ජන සංහාරය අතරතුර කුසගින්නේ සිටින ආමේනියානු දරුවන් පිරිසකට පාන් කැබැල්ලක් පෙන්වමින් ඔච්චම් කරනා තුර්කි නිලධාරියෙක්.
9.පිලිපීනයේ දේශපාලකයෙක් තම පවුලේ සාමාජිකයන් ඡායාරූපයකට නැගුවෙ මෙන්න මේ විදියට. නමුත් ඔහුගේ ඝාතකයාත් මේ ඡායාරූපයේම සටහන් වේවි කියලා නම් ඔහු කිසි විටෙකත් හිතන්න නැතුව ඇති.
10.ඔහු පැමිණියේ දුම්රියක් බලාපොරොත්තුවෙන්...නමුත් නොසිතූ දෙයක් සිදු වූයේ. ස්වභාවික හේතුන් මත චීනයේ Shanxi Taiyuan දුම්රිය ස්ථානයේදි හදිසියේ මිය ගිය මගියෙකුගේ අත අල්ලාගෙන ඔහුගේ මරණින් මතු ජීවිතය යහපත් වෙන්නට ප්‍රාර්ථනා එක් කරනා බෞද්ධ භික්ෂුවක් ඡායාරූපයට හසුවී තියෙන්නෙ මේ විදියට, මරණය......කවදා කොයි විදියට අපිව හොයාගෙන ඒවිද...මේ ඡායාරූපය ඊට හොදම උදාහරණයක්.
mail එකකින් ආවේ හොදයි නම් සලකල යන්න..