අවුරුදු 19 කියන්නේ කොල්ලෙක්ට විරුද්ධ ලිංගික ආකර්ෂණය හොඳින්ම දැනෙන, ලස්සනට ඉන්න කැමති, දෙමාපියන්ගේ සල්ලි වලින් හරි හොඳට අඳින්න, හොඳම ෆෝන්, කාර් ගන්න කැමති වයස.
අනෙක් පැත්තෙන් අවුරුදු 19 කියන්නේ දෙමාපියන් වුනත් දරුවෙකුගේ අනාගතය හදලා දෙන්න මූල්‍යයමය පැත්තෙන් උපරිම උත්සාහ කරන කාලය.
ඉතින් ඒ වයසේ කොල්ලෙක් නගර සභාවක කුනු අස් කරන රස්සාවකට යනවා කියන්නේ ඒ කොල්ලට ආර්ථික ප්‍රශ්න උපරිම තියෙන්න ඕන.
ඒ වගේම පවුලෙන් හෝ ගෙදරක කිසිම පිළිසරණක් නැති වෙන්න ඕන.
යාලුවො කොන් කරන, කෙල්ලො ගණන් නොගන්නා රස්සාවක් සාමාන්‍ය අවුරුදු 19 ක කොල්ලෙක් තෝරගන්නේ නැහැ.
එහෙම තෝරා ගන්න ජීවිතේ පුදුම තරම් ප්‍රශ්න තියෙන තරුණයෙක් විය යුතුයි.
ඊයේ ගල්කිස්සේ දි වෙඩි තඹා ඝාතනය කළ තරුණයාගේ වයස අවුරුදු 19 යි.
ඔහු සේවය කළේ නගර සභාවේ පිරිසිදු කිරීම් අංශයේ.
ඉතින් ඔහුගේ ආර්ථිකය, පවුල් සබඳතා ගැන අපිට අමුතුවෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ.
ඔහු ජීවිතය ගැට ගහගන්න මහන්සි වෙච්ච තරුණයෙක්.
හැබැයි පලිගැනීමක් විදියට ඔහු ඝාතනය වෙනවා.
එහිදී ඝාතනය වෙන තරුණයා සිදු කළ එකම වරද, ඝාතනය මෙහෙයවන පාතාල සමාජිකයාගේ විරුද්ධවාදියෙකුගේ පවුලේ සාමාජිකයෙක් වීම පමණයි.
ඔහු වෙනත් කිසිඳු නීති විරෝධි ක්‍රියාවක් හෝ කර නැහැ (එවැනි ක්‍රියාවක් කිරීම පවා ඔවැනි මරණයකට හේතුවක් නෙවෙයි).
ඔහු අහිංසකයෙක්. පාර අතු ගාලා ජීවත් වෙච්ච අහිංසකයෙක්.
පාතාලයන් තමන්ගේ තුවක්කු පත්තු කිරීමට බිය නොවන සංස්කෘතියක් නිසා ඇතිව තිබෙන නිසා වන්දි ගෙවූ අහිංසකයෙක්.
නමුත් ඒ අහිංසකයා පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ මොකක්ද ?
ඔහු කිව්වේ මේ තරුණයාගේ මව කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බව. එය සත්‍යක් විය හැකියි.
නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉන්පසුව කිව්වා මේ මියගිය තරුණයාත් මවගේ කුඩු ව්‍යාපාරයට සහය දුන් පුද්ගලයෙක් බව.
කුඩු ව්‍යාපාරය කියන්නේ ගෑවුනු ගෑවුනු කෙනා කොටිපතියන් කරන ව්‍යාපාරයක්.
එහෙම ව්‍යාපාරයක ගෑවුනු තරුණයෙකුට රුපියල් දෙදාහේ දෛනික වැටුපකට නගර සභාවේ කුණු අස් කළ යුතු නැහැ.
අවම වශයෙන් ඔහු මෙවැනි රැකියාවක් කිරීම තුළ මවගේ මුදල් පවා ඔහු ප්‍රතික්ෂේප කළා හෝ නොලැබුනා විය යුතුයි.
මෙහිදී පොලීසිය සිදු කළේ මිය ගිය තරුණයාගේ මරණයේ පොලීසියට එල්ල වූ කලු පැල්ලම සෝදා ගැනීමට ඔහුට කුඩු චෝදනාවක් එල්ල කිරීම.
මිය ගිය අහිංසකයා පාතාලයෙක්, කුඩු ව්‍යාපාරිකයෙක් කිරීම.
මේ අහිංසකයා දෙවතාවක් මරා දැමීමට පොලීසිය කටයුතු කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන මෙන්ම පොලීසිය ගැනත් ලැජ්ජයි.
ඔහුට වෙඩි තබද්දී ඔහු ජීවිතය අයැදමින් කෑ ගැසු අකාරය තවමත් මතක් වෙනවා.
සැබැවින්ම මෙය දැන් චෞර සහ පාතාල රාජ්‍යයක් වෙමින් තිබෙනවා.