කථා කරන පින්තූර
ඡායාරූප ශිල්පී Evan Schiller සහ ඔහුගේ බිරිද Lisa Holzwarth වන සතුන්, විශේෂයෙන් බිළාල පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීම උදෙසා තම ජීවිතයෙන් වැඩි කාලයක් ඡායාරූපකරණය සහ ඔවුන් පිළිබද ලිපි සම්පාදනය සදහා වැය කල යුවලක්. මේ සතුන්ගේ වටිනාකම ලෝකයටම වටහා දෙන්න මේ දෙන්නට අවශ්‍යයි.
බොට්ස්වානා රටේ සෙලින්ඩා කියන පළාතෙ වනෝද්‍යානයක මේ දෙදෙනා සංචාරයක නිරතව සිටියදී දැක්කෙ පොළවෙ තියෙන විශාල පදුරු වලට මුවාවෙලා බලාන ඉන්න බැබුන් රංචුවක්...ඊට මදක් ඔබ්බට වෙන්න සිංහයන් කීපදෙනෙකුත් සිටිය නිසා කුමක් හෝ යමක් සිදුවන බවක් ඔවුනට ඒත්තු ගියා. ඒ විපරම අනුව කාචයට හසුකරගත්ත ඡායාරූප පෙළ තමයි මේ.
තමාගේ ජීවිතය අවසන් වන්නට මොහොතක් තිබියදීත් තම දරුවා අත් නොහැර සුරැකිව තබාගෙන සිටින මේ බැබුන් මව මිය ගිය කල අතරමංව සිටි බැබුන් පැටියෙකු සහ සිංහයන් අතර ඇතිවුන අසාමාන්‍ය හැසිරීමත්, දරු පෙමින් ඔද වැඩී ගිය බැබුන් පියා නැවත තම දරුවා තමා භාරයට ගත් ආකාරයත් මේ ඡායාරූප දකින විට ඇතිවන සිතුවිලි හරිම සංවේදියි.
මේ තැනැත්තිය කවුදැයි නොදැන කෙළිදෙලෙන් පසුවන අසරණ බැබුන් පැටියා.
බැබුන් පැටියාගේ ආරක්ෂාවටදෝ පිරිමි සිංහයකු එළවා දමනා සිංහ ධේනුවක්.
තම රැළෙන් වෙන් වී සෑහෙන වේලාවක් අසල වූ දිරාගිය ගසක් මත සිට පැටියා බේරාගැනීමට මාන බලමින් සිටි දරු පෙමින් නැහැවී ගිය බැබුන් පියා අවසානයේ කෙසේ හෝ තම බලාපොරොත්තුව සඵල කරගන්නට සමත් වූවේය.
ඉස්සුවේ මෙතැනින්
http://siragekamare.blogspot.com

Last edited: