කදු වැටියක් මුදුනේ දිදුළන - හිඳගල රජමහා විහාරය ☸️🙏😇 ( Hindagala Rajamaha Viharaya )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කදු වැටියක් මුදුනේ දිදුළන - හිඳගල රජමහා විහාරය ☸️🙏😇 ( Hindagala Rajamaha Viharaya ) - Your Choice Way
    අද අපි කතා කරන්නේ හන්තාන කඳු වැටියේ දකුණු බැවුමේ පිහිටි හිඳගල රජමහා විහාරය ගැනයි...

    මේ රජ මහා විහාරය වළගම්බා රජ සමයේ ගොඩනැගූ බව සැලකේනවා..

    සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම වීමේදී මේ විහාරස්ථානයේද දිනක් වඩාහිඳුවා තිබු බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා..

    මෙහි නුවර යුගයට අයිති සුවිශේෂී චිත්‍ර තොගයකින් පිරුනු ගොඩක් වටින කියන පන්සලක් කිව්වොත් නිවැරදි..

    ඒවගේම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සිතුවමට නගා ඇති බුදුරජාණන් වහන්සේගේ පැරණිතම සිතුවම් දෙක මෙහිදී දැකගන්න ලැබෙනවා...

    ඒ විතරක් නෙවෙයි පන්සල පිටිපස්සෙ තියෙන උස ගල් තලාවට නැග්ගාම ගතට හිතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ..

    මේ පන්සලට හිඳගල කියන නම වැටුනේ මෙහි ඇති පර්වතය දණගසා සිටින අලියෙකුගේ හැඩය ගන්නා නිසා හිඳගල ලෙස හැඳින්වූ බවටද මතයක් පවතිනවා...

    විහාරයට පිවිසීමට ඇත්තේ අලංකාර මකර තොරණකින් සමන්විත දොරටුවකින් දොරටුව දෙපස සක් පිඹින්නන්ගේ රූප හා දොරෙහි මල් මෝස්‌තර සිතුවම් තිබෙනවා..

    හිඳගල පන්සල පිහිටල තියෙන්නෙ පේරාදෙණිය, ගලහ පාරෙ පේරා කැම්පස් එකට ගොඩක් කිට්ටුව.නුවර යන ඔබ මෙහි ගිහින් බලන්න..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here