සිත් සුවපත් වන - වාරණ රජමහා විහාරය ☸️🙏❤️ ( Warana Rajamaha Wiharaya )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිත් සුවපත් වන - වාරණ රජමහා විහාරය ☸️🙏❤️ ( Warana Rajamaha Wiharaya ) - Your Choice Way
    අද අපි කතා කරන්නේ තවත් සිත් පහන්වෙන තැනක් ගැන...

    "පායන පුන්සඳ සේ බැබළෙන්ඩයි - වාරණ ගල යට බුදුන් වඳින්ඩයි”

    සොබා දහමේ ඇතැම් නිමැවුම් පුදුමාකාරයි...

    සැණෙකින් සිත් සතන් නිවා සනහාලන පරිසරයක් නිර්මාණය කිරීමට සොබාදහමට හැකි යි..

    එවන් පරිසරයක තියෙන පුදබිමක් තමා වාරණ රජමහා විහාරය...

    මේ විහාරයේ පිහිටීම හරි සුවිශේෂි..

    ස්වභාවිකවම වෙල් යායක් වටකොට පිහිටි භූමියක් මතින් නැඟී සිටිනා ගල් පර්වතයක

    තල හතරකට පමණ වෙන්ව ඒ මත ගොඩනැගෙන විහාරාරාමය ස්වභාව ධර්මය තැනූ අපූර්ව නිර්මාණයක් බව නො කියා බැරියි...

    මේ විහාරයට මේ නම ලැබීම සම්බන්ධයෙන් ජනප්‍රවාද කිහිපයක් පවතිනවා..

    වාරණ කියන්නේ හස්තියාට කියන නමක්. මේ පර්වතය ඈතට හස්තියකු සේ පෙනෙන හින්දා ‘වාරණ’ කියලා පටබැඳුණා වන්නටත් පුළුවන්.

    තවත් ජනප්‍රවාදයක් තමයි ‘වා’ නැමැති වෘක්ෂයන්ගෙන් බහුල වූ අරණක් වූ නිසා ‘වා අරණ’ වාරණ වූවා කියන කාරණය.”

    කටාරම් කොටපු ගල් ලෙන් 32ක් මෙහි තියෙනවා.

    ඒ වගේම මෙහි වළගම්බා රජතුමාගේ සම්බන්ධතාවයකුත් තියෙනවා.

    අනුරාධපුරෙන් මායා රටට පළා ආපු වට්ඨගාමණී අභය රජතුමාට මේ ලෙන් ආශ්‍රිත ස්වභාවික පිහිටීම ආරක්ෂාවට කදිම ස්ථානයක් කරගත් බවත් සදහන් වෙනවා...

    වාරණ රජමහා විහාරය මෙරට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුල අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මංගලතිරිය ග්‍රාමයේ තමා තියෙන්නේ...

    ඔයාලත් පීඩාකාරී මානසිකත්වයෙන් මිදී සිත් පහන් කරගන්න මෙහි යන්න..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here