"ඉසිවරුන් බැස්ස" - ඉසින්බැස්සගල රජමහා විහාරය ☸️🙏😇 ( Isinbassagala Rajamaha Viharaya )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉසිවරුන් බැස්ස - ඉසින්බැස්සගල රජමහා විහාරය ☸️🙏😇 ( Isinbassagala Rajamaha Viharaya ) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ සුවිශේෂි ගල්තලාවක පිහිටලා තියෙන විහාරයක් ගැන...

    ඒ නමින් ඉසින්බැස්සගල රජමහා විහාරයයි..

    මේ සුවිශේෂි නම මේ භූමියට ලැබුනු එක ගැන ජනප්‍රවාදයේ මෙහෙම සදහන් වෙනවා..

    ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය “ඍෂීන් බැස්ස ගල” ලෙස ද හඳුන්වා තිබෙනවා..

    පසු කලක දී “ඍෂීන් බැස්ස ගල” ලෙසත්..

    පසුව ” ඉසිවරුන් බැස්ස ගල” ලෙසත්, එය ව්‍යවහාරයේ දී “ඉසින්බැස්සගල” බවට පත්ව ඇති බවත් විශ්වාස කෙරෙනවා..

    මේ විහාරය පිහිටලා තියෙන්නේ අඩි 530කටත් වඩා උස, විශාල ගල් තලාවක් උඩයි.

    ඒත් මේ ගල් තලාව නගින්න ඒ තරම්ම අමාරු නෑ. මොකද ගල් තලාව නැගගෙන යනකොට ටික දුරක් යද්දී තායිලන්ත බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරපු, කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා ගෘහයක් හම්බ වෙනවා.


    මේ ප්‍රතිමාවත් පහු කරගෙන තවත් ඉස්සරහට යනකොට ගල් පඩිපෙලක් හම්බ වෙනවා. මේ ගල් පඩිපෙල නැග්ගම තමයි මේ විහාරස්ථානයට පිවිසෙන්න ලැබෙන්නේ..

    මේ විහාරය මහින්දාගමනය සිද්ධ වුණු කාලයේ නිර්මාණය වුණු විහාරයක්.

    මහින්දාගමනයෙන් පස්සෙ ලංකාවේ නිර්මාණය වුණු දෙවෙනි චෛත්‍යය තියෙන්නේ මේ විහාරයේ.

    මේ විහාරයට ඉසින්බැස්සගල, ඉසිපතනාරාමය කියලා කියන්නේ ඈත අතීතයේ ඉදන්ම මේ ගල් තලාවේ ඍෂීන් සහ මහරහතන් වහන්සේලා වැඩ හිටපු නිසා.

    මිහිදු හාමුදුරුවන් අපේ රටට වැඩම කළායින් පස්සෙ මුලින්ම ආවේ මෙතනට කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

    ඒ වෙලාවෙ මෙතන හිටපු ඍෂීන් සහ මහරහතුන් එක්ක කතා බහ කරලා තමයි මිහින්තලාවට වැඩියේ කියලා සදහන් වෙනවා...

    පුරාවිද්‍යාත්මක සධක පිරි භූමියක්...

    කොළඹ - සිට යාපනය මාර්ගයේ මැදවච්චියට ගොස් එතැනින් වමට හැරී පදවි ශ්‍රී පුර මාර්ගයේ ගමන් කළ විට නෙත ගැටෙන වම් පසින් ඉතා උස් ගල් තලාවක් මත පිහිටි සුදෝ සුදු පාටින් බබළන දර්ශනීය චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් ලෙස අපිට මෙය හදුන්වන්න පුලුවන්...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here