කනකෑ_පුතුගේ_තතු
සම්භාවනාවට ලක්වන්නට තරම් යහපත් චරිතයක් ඔහුට තිබුනේ නැති බව ඇත්තකි. නමුත් අංගුලිමාලලා බිහිකරන කරන සමාජයක් බිහිවන තෙක් දෑස් පියා බලා සිටියවුන් ඔහුට චරිත සහතික දෙන්නට යාම නොවටී. ලෝකයට පුවත් මැවූ, නරඹන්නන්ගේ ඇහිබැමි ඉහල යවන්නට සමත් වූ මේ ක්‍රීඩකයා ගැන සමහර විට ඔබ අසා ඇත්තේ එකම එක පුවතක් වන්නට පුළුවන්. නමුත් ඒ එකම එක පුවත මතක් කළ සැනින් ඔබට මේ ක්‍රීඩකයාගේ නම මතක් වේවි. ඔබට මතකද ක්‍රීඩාකරමින් සිටියදී ප්‍රතිවාදියාගේ කන සපා කෑ ඔහුගේ නම. බොක්සින් යන නාමය ඇසු පමණින් ඔබට ඔහුගේ නම මතක් වේවි. ඔහු නමින් මයික් ටයිසන්.
ටයිසන් කුඩා අවධියේ බොහෝ තරබාරු ශරීරයක් තිබූ, ඇස් කන්නාඩි දෙකක් දමාගත්, හරියට කතාබහ කිරීමට පවා නොහැකි, අසල්වැසි කොලු ගැටවුන්ගේ හිංසාවන්ට නිතර ලක්වූ නෝංජල් කොලුවෙකි. ඔහුට වයස අවුරුදු 7ක් වන විට ඔහුගේ මවට තම රැකියාව අහිමි වුවාය. ඉන්පසු ඔවුන් එවකට මත්ද්‍රව්‍ය සහ විවිධ ප්රචණ්ඩ ක්‍රියාවලින් ගහණ ප්‍රදේශයක් වූ Brooklyn හි පදිංචියට පැමිණියෝය. එහිදී ඔහුට මුහුණ දීමට සිදුවූ අමිහිරි මතකයක් තවමත් ඔහුගේ සිතේ තැන්පත්ව ඇත.
ඔහු පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබන සමයෙහි එක් වැඩිමහලු කොලුවෙක් ටයිසන්ව කොල්ලකෑමට උත්සහ කළා. කොල්ලකෑමට තරම් මුදලක් ටයිසන් වෙතින් නොලද කොල්ලා ඉන්පසු ටයිසන්ගේ දිවා ආහාරය බලහත්කාරයෙන් ලබාගැනීමට තැත් කළා. නමුත් තමුන්ගේ දිවා ආහාරය කොල්ලාගෙන් ආරක්ෂා කරගන්නට ටයිසන් සමත් වුනා. අවසානයේදී කෝපයට පත් කොල්ලා ටයිසන්ට පහර දී, ඔහුගේ ඇස්කන්නාඩිය උදුරාගෙන අසල තිබූ මෝටර් රියක ගෑස් ටැංකියක් තුලට දැමුවා.
"එදා මා හිරිහැරයට පත් වූ දවස සිහිවන විට මම මහා බයගුල්ලෙක් කියා සිතෙනවා. එලෙස අසරණ තත්වයකට පත්වූ විට දැනෙන හැඟීම ඔබට කවදාවත් අමතක නොවන එකක් වේවි"
වැඩිවියට පත් ටයිසන් පසු කාලයේ සටන් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කිරීමෙන් පසුව තමුන්ට කුඩා අවධියේදී හිංසා කළ කොල්ලන්ගෙන් පළිගන්නට පටන්ගත්තා.
"මගේ ඇස්කණ්නාඩි උදුරා විසිකළ එකාව මම පාරෙදී අල්ලගෙන බල්ලෙක්ට වගේ ගැහුවා. ඌට දැන් ඒවා අමතක වෙලා ඇති. ඒත් මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නෑ."
ලෝකයේ බොහෝ නගර වල පරවියන් කරදරකාරී සත්ව විශේෂයක් ලෙස හඳුන්වනවා. වසුරු හලමින් නගර අපවිත්‍ර කරන මෙම පක්ෂින්ව ඔවුන් පියාපත් ඇති මීයන් නමින් හඳුන්වයි. නමුත් කුඩා මයික් ටයිසන් නම් කුරුල්ලන්ව බොහෝ සේ ප්රියකළා. ටයිසන් අවුරුදු 10 වන විට සිදුකල ගෙවල් බිඳීමෙන් ඒ දිනවල ඔහුගේ අතමිට බොහෝ සරු වුනා. තමුන්ගේ පරවී රංචුව වෙනුවෙන් ඔහු එම මුදල් ඩොලර් සියගණනින් වියදම් කළා. වරකට පරවියන් කිහිපදෙනෙකු වහලය මතට යවා උන් දෙස බලමින් ඔහු සතුටු වුනා. අවාසනාවකට අහල පහල කොල්ලො කුරුට්ටන් ටයිසන් පරවියන් සඟවා තබාගෙන සිටි තැන සොයාගත්තා. ඔවුන් ටයිසන්ගේ පරවියන් සොරකම් කිරීමට උත්සාහ ගත්තා. හොරුන් ටයිසන්ගේ අතටම අසුවුනා. කුඩා හොර කල්ලිය අතර සිටි Gary Flowers නම් කොලුවා පරවී රංචුවෙන් එක් පරවියෙක් අතට ගෙන උගේ ගෙල කඩා ලේ පෙරෙන මළ පරවියා ටයිසන් දෙසට විසිකලා. යහළුවන්ගේ අනුබලය මත ටයිසන් එල්ල කළ පළමු ප්‍රහාරයෙන්ම පරවියා මැරූ කොලුවා බිම ඇදගෙන වැටුනා. ලොවම කැළඹු දරුණු ක්‍රීඩකයාගේ ඇරඹුම මෙය විය හැකියි.
ඉතා ඉක්මනින් අසල්වැසියන් සහ තමුන්ට අභියෝග කරන්නට ආ සමවයස් මිතුරන් අතර ටයිසන් ජනප්‍රිය පුද්ගලයෙක් උනා. තවම ඔහුට අවුරුදු 11යි. නමුත් ඒ වන විට ඔහු රස්තියාදුකාර මැරවරයෙක් වී හමාරයි. පසුකාලීනව ඔහුගේ ජිවිතයේ මොනතරම් වෙනස්කම් ඇතිවුණත් පරවියන් කෙරෙහි තිබූ ඔහුගේ ඇල්ම නම් බිඳක්වත් අඩුවුණේ නැහැ. ඔහු Animal Planet නාලිකාවෙන් Taking On Tyson නමින් කුරුල්ලන් සම්බන්ධ ඔහුගේම වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.
මීට වසර ගණනාවකට පෙර බොක්සින් ක්‍රීඩාව ඇත්තෙන්ම මාරාන්තික ක්‍රීඩාවක්. ක්‍රීඩා කිරීමේදී සමහර ක්‍රීඩකයින් බරපතල ලෙස තුවාල ලැබූ අතර තවත් සමහරුන්ට මරණය පවා හිමි උනා. උදාහරණයක් ලෙස 1947 දී Sugar Ray Robinson නම් ක්‍රීඩකයා තම ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු වූ Jimmy Doyle බොක්සින් වළල්ල තුලදී මරණයට පත්කරන අයුරු සිහිනයෙන් දුටුවා. සිහිනයෙන් මනස ව්‍යාකුල වූ Robinson, ඊළඟට පැවැත්වීමට නියමිතව තිබූ Doyle සමග තරඟය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් තරඟාවලියේ අනුග්‍රාහකයින් එයට කැමති වුයේ නැහැ. ඔවුන් කතෝලික පුජකයෙකු ගෙන්වා Robinson ගේ සිත අස්වසා තරඟය නියමිත පරිදි පවත්වන්නට කටයුතු සුදානම් කළා. නමුත් ඇත්තෙන්ම එළඹී තරඟයේදී Robinson අතින් Doyle මරණයට පත් වුනා.
එම සිදුවීම Robinson තම ජිවිතකාලය පුරා පසුතැවෙන සිදුවීමක් බවට පත් වුනා. නමුත් මයික් ටයිසන් නම් වරෙක පැවසුවේ ඔහුට බොක්සින් වළල්ල තුල ප්‍රතිවාදියෙකු මරා දැමීමට අවස්ථාවක් නොලැබීම පිලිබඳ කණගාටු වන බවත්, එසේ කළ ක්‍රීඩකයන් ගැන තමුන්ට ඊර්ෂ්‍යා සහගත හැඟීමක් ඇතිවන බවත්ය. කෙසේ හෝ ඔහු මෙලෙස දරුණු හැඟීමකින් ක්‍රීඩා කළ නිසාම, ටයිසන් කිසිවෙකුට හෝ අනතුරක් කරන්නට පෙරම තත්පර කිහිපයකින් බොහෝ තරඟ අවසන් උනා. කවුරුන් හෝ බොක්සින් වළල්ල තුල මනුෂ්‍ය ඝාතනය අරමුණු කරගෙන ක්‍රීඩාකර ඇතිනම් ඒ ටයිසන්ම වියයුතුය.
තම ජිවිත කාලය තුලදී මේ මිහිතලය මත සිටි ඉතා දරුණු ක්‍රීඩකයින්ගේ සිහිකල්පනාව නැතිවන ප්‍රහාර එල්ල කර බිමට හෙලූ මයික් ටයිසන්ව මෙල්ල කරන්නට 77 හැවිරිදි පුද්ගලයෙකුට වරක් හැකිවුනා. හැබැයි ඒ අතින් පයින් නම් නෙමෙයි. වචන වලින්. නිව්යෝර්ක් නගරයේ තිබූ උත්සවයකට සහභාගී වී සිටි ටයිසන් එහිදී ඔහුගේ පෙම්වතියව සිටි එවකට සුපිරි නිරූපිකාවක් වූ නයෝමි කැම්බල් සමග කළහයක් ඇතිකර ගත්තා. තත්වය වඩාත් දරුණු වන බව දුටු නයෝමිගේ මිතුරියන් උදව් සොයා ඒ මේ අත දිව්වා. මේ සිදුවීමට පාලනය කිරීමට මැදිහත් වුනේ හැඩිදැඩි ආරක්ෂක නිලධාරීන් නම් නොවෙයි. 77 හැවිරිදි මහල්ලෙක්. ඔහු නමින් A.J Ayer.මහල්ලාගේ අනවශ්‍ය මැදිහත් වීම නිසා දැඩි ලෙස කෝපයට පත් වූ ටයිසන් සහ මහලු මිනිසා අතර ඇති වුයේ මෙවැනි දෙබසක්.
"උඹ දන්නවද මම කවුද කියල? මම තමයි කි.ග්රෑ 91 බරපන්තියේ බොක්සිං ලෝකශුරයා."
"හොඳයි, මම තමයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ තර්කශාස්ත්‍රය පිලිබඳ හිටපු ප්‍රධාන මහාචාර්යවරයා(Wykeham Professorship in Logic). අපි දෙදෙනාම අපේ ක්ෂේත්‍ර වල කිර්තිමත් පුද්ගලයින්. මා ඔබට යෝජනා කරනවා මේ ප්රශ්නය ගැන අපි බුද්ධිමත් මිනිසුන් ලෙස කතා කරමු කියා."
ටයිසන්ගේ ඉක්මන් කෝපය සහ කලහකාරී හැසිරීම හොඳින් දන්නා අයට පුදුමයට පත්වීමට හේතුවක් ලබා දෙමින් ඔවුන් දෙදෙනා සාමකාමී ලෙස සාකච්චා කරන්නට පටන්ගත්තා. මේ සාකච්චාව ටයිසන්ගෙන් ගැලවී පලායන්නට නයෝමිට හොඳ අවස්ථාවක් ලබාදුන්නා.
ටයිසන්ගේ ධනවත් බවේ සහ පුදුමාකාර හැසිරීමේ සංකේතයක් ලෙස ඔහු ඇතිකල ව්‍යාග්‍රයින් හැඳින්විය හැකියි. වසර ගණනාවක් පුරාවට ඔහු සතුව බෙංගාල ව්‍යාග්‍රයින් කිහිප දෙනෙකු සිටියා. මෙයින් සමහර ව්‍යාග්‍රයින් ඔහු සමග එකම ඇඳේ නිදාගත්තා. නමුත් 2002 වසර වනවිට ටයිසන්ගේ ආර්ථික තත්වය නරක අතට හැරීමත් සමග ව්‍යාග්‍රයින් වෙනුවෙන් කලයුතු වියදම ඔහුට දරන්නට නොහැකි වුනා. එක් ව්‍යාග්‍රයෙකුගේ ආහාර සඳහා ගතවන වියදම මසකට ඩොලර් 4000ක් පමණ උනා.
අවසානයේ ටයිසන් Storm නම් තම සුරතලාව විකුණා දැමුවා. පසුකාලයේදී රූපවාහිනී වැඩසටහනකට එකතුවෙමින් සිටි ඔහු තමුන් සුරතලුන් සමග ගත කළ කාලය පිලිබඳ මතකයන් අවදිකලා. වරක් තම සුරතල් ව්‍යාග්‍රයාට හාදුවක් දීමට තැත් කිරීමේදී ව්‍යාග්‍රයාගේ කොන්ක්‍රීට් තට්ටුවක් වැනි හිස තමාගේ හිස සමග ගැටී තම මුඛයේ තිබූ රත්රන් දත එලියට විසි වූ අයුරු ඔහු සිහිපත් කළා. නැවතත් ව්‍යාග්‍රයෙකු තමා සතු කරගන්නට ආශාවක් ඇතත් දරුවන් සමග ව්යාග්රයෙක් තබාගන්නට තමුන්ගේ බිරිඳ කිසිවිටක අවසර නොදෙන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ටයිසන්ගේ ජිවිතයට සෞභාග්‍ය උදාකර දෙන්න හේතු වෙච්ච පුද්ගලයා තමයි Don King කියන්නෙ. ඔහු ටයිසන්ට විශාල ලෙස මුදල් සොයා ගතහැකි අවස්ථා සොයාදුන්නා. නමුත් ඔහු ඒ සියල්ල කලේ ටයිසන්ට තිබුන ආදරය නිසා නම් නොවෙයි. Don King ටයිසන්ගේ මුදල් වලින් තම පවුලේ සියලු දෙනාටම ඩොලර් ලක්ෂ ගණනින් වැටුප් ලබාගත්තා. මේ කිසිවක් ටයිසන් දැනසිටියේ නැහැ. උපදේශන සේවාව වෙනුවෙන් සුළු පුත්‍රයාට වැටුපකුත්, ටයිසන්ගේ නිවස අලංකරණය වෙනුවෙන් ඔහුගේ බිරිඳට වැටුපකුත්, ටයිසන් රසික සමාජයක් පවත්වාගෙන යාම වෙනුවෙන් තම දුවටට වැටුපකුත් මෙසේ ලබා දී තිබුනා.
පසු කාලයේ Don Kingගේ මෙම වංචාවන් දැනගත් ටයිසන් තමා මෙතෙක් කිසිදිනක නොදුටු තම රසික සමාජය බලන්නට ගියා. එහි තිබී ටයිසන් වෙත එවූ තවමත් විවෘත නොකළ ලියුම් දහස් ගණනක් ටයිසන්ට හමුවුනා. කාන්තාවන් එවූ චායාරූප සහ යට ඇඳුම් ද ඒ අතර තිබුනා. ලිපි එකිනෙක වීවෘත කර බලමින් සිටි ටයිසන්ට ඔහුගේ අවධානය වැඩිපුර යොමුවන ලිපියක් හමුවුනා. එම ලිපිය යොමුකර තිබුනේ පිළිකාවක් නිසා මියයමින් සිටි පුංචි කොල්ලෙක්. ඔහු තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන් ටයිසන්ට ආයාචනා කර තිබුනා. වහා ක්‍රියාත්මක වූ ටයිසන් එවෙලේම දුරකථන ඇමතුමක් ලබාගත්තා. නමුත් පිළිකාව කුඩා දරුවාට ටයිසන්ගේ ඇමතුම එනතෙක් වසරක් බලාසිටීමට ඉඩ ලබා දී තිබුනේ නැහැ. දුරකතනයෙන් දැනගැනීමට ලැබුණු පුවත අසා හිත බිඳුණු දාමරිකයාගේ ඇස් වලින් කඳුළු කැට රූරා වැටුනා.....................
පරිවර්තනය හා සංස්කරණය - B_i_n_g_o @ Elakiri.com

* ටයිසන්ට පටබැඳි ඇති නම් - Kid Dynamite, Iron Mike, The Baddest Man on the Planet
* වයස අවුරුදු 13 වන විට ටයිසන් 38 වතාවක් සිර භාරයට පත්වී තිබෙනවා.
* 1992 දී ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වැරදිකරු වූ ටයිසන් වසර 6ක සිර දඬුවමකට ලක්වෙනවා. නමුත් වසර 3කට පසු ඔහුව නිදහස් කරනවා.
* තුන්වරක් විවාහ වී තිබෙනවා, කාන්තාවන් කිහිපදෙනෙකුට ටයිසන්ට දාව උපන් ළමයින් හය දෙනෙක් සිටිනවා.
* කි.ග්‍රෑම් 91 බරපන්තියේ බොක්සින් ලෝකශුරතාව ලබාගත් ලාබාලතම ක්‍රීඩකයාට හිමි ලෝක වාර්තාව ටයිසන් සතුයි. (වයස අවුරුදු 20 දී)
* "මම කවදාවත් දැකල නැහැ මගේ අම්ම මං ගැන සතුටු වෙනව, මං කරපු දෙයක් ගැන ආඩම්බර වෙනව. මා වීදි දිගේ දිවයන අපිරිසිඳු ළමයෙක් කියා පමණයි ඇය මා ගැන දැන සිටියේ. මම අලුත් ඇඳුම් එක්ක නිවසට පැමිණෙනවා. අම්ම දන්නව මම ඒ ඇඳුම් අරගත්තෙ සල්ලි දීල නෙමෙයි කියල. මට අම්ම එක්ක කතා කරල ඇය ගැන දැනගන්න අවස්ථාවක් කවදාවත් ලැබුනේ නැහැ. එය මගේ වෘත්තිමය ජිවිතයට කිසිම බලපෑමක් එල්ල කලේ නැහැ තමයි. නමුත් මගෙ පෞද්ගලික ජීවිතයට එය මහා වේදනාකාරී හැඟීම් ගෙන එනවා." - මයික් ටයිසන්
නෝංජලයා
ටයිසන් කුඩා අවධියේ බොහෝ තරබාරු ශරීරයක් තිබූ, ඇස් කන්නාඩි දෙකක් දමාගත්, හරියට කතාබහ කිරීමට පවා නොහැකි, අසල්වැසි කොලු ගැටවුන්ගේ හිංසාවන්ට නිතර ලක්වූ නෝංජල් කොලුවෙකි. ඔහුට වයස අවුරුදු 7ක් වන විට ඔහුගේ මවට තම රැකියාව අහිමි වුවාය. ඉන්පසු ඔවුන් එවකට මත්ද්‍රව්‍ය සහ විවිධ ප්රචණ්ඩ ක්‍රියාවලින් ගහණ ප්‍රදේශයක් වූ Brooklyn හි පදිංචියට පැමිණියෝය. එහිදී ඔහුට මුහුණ දීමට සිදුවූ අමිහිරි මතකයක් තවමත් ඔහුගේ සිතේ තැන්පත්ව ඇත.
ඔහු පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබන සමයෙහි එක් වැඩිමහලු කොලුවෙක් ටයිසන්ව කොල්ලකෑමට උත්සහ කළා. කොල්ලකෑමට තරම් මුදලක් ටයිසන් වෙතින් නොලද කොල්ලා ඉන්පසු ටයිසන්ගේ දිවා ආහාරය බලහත්කාරයෙන් ලබාගැනීමට තැත් කළා. නමුත් තමුන්ගේ දිවා ආහාරය කොල්ලාගෙන් ආරක්ෂා කරගන්නට ටයිසන් සමත් වුනා. අවසානයේදී කෝපයට පත් කොල්ලා ටයිසන්ට පහර දී, ඔහුගේ ඇස්කන්නාඩිය උදුරාගෙන අසල තිබූ මෝටර් රියක ගෑස් ටැංකියක් තුලට දැමුවා.
"එදා මා හිරිහැරයට පත් වූ දවස සිහිවන විට මම මහා බයගුල්ලෙක් කියා සිතෙනවා. එලෙස අසරණ තත්වයකට පත්වූ විට දැනෙන හැඟීම ඔබට කවදාවත් අමතක නොවන එකක් වේවි"
වැඩිවියට පත් ටයිසන් පසු කාලයේ සටන් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කිරීමෙන් පසුව තමුන්ට කුඩා අවධියේදී හිංසා කළ කොල්ලන්ගෙන් පළිගන්නට පටන්ගත්තා.
"මගේ ඇස්කණ්නාඩි උදුරා විසිකළ එකාව මම පාරෙදී අල්ලගෙන බල්ලෙක්ට වගේ ගැහුවා. ඌට දැන් ඒවා අමතක වෙලා ඇති. ඒත් මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නෑ."
පරවියෝ
ලෝකයේ බොහෝ නගර වල පරවියන් කරදරකාරී සත්ව විශේෂයක් ලෙස හඳුන්වනවා. වසුරු හලමින් නගර අපවිත්‍ර කරන මෙම පක්ෂින්ව ඔවුන් පියාපත් ඇති මීයන් නමින් හඳුන්වයි. නමුත් කුඩා මයික් ටයිසන් නම් කුරුල්ලන්ව බොහෝ සේ ප්රියකළා. ටයිසන් අවුරුදු 10 වන විට සිදුකල ගෙවල් බිඳීමෙන් ඒ දිනවල ඔහුගේ අතමිට බොහෝ සරු වුනා. තමුන්ගේ පරවී රංචුව වෙනුවෙන් ඔහු එම මුදල් ඩොලර් සියගණනින් වියදම් කළා. වරකට පරවියන් කිහිපදෙනෙකු වහලය මතට යවා උන් දෙස බලමින් ඔහු සතුටු වුනා. අවාසනාවකට අහල පහල කොල්ලො කුරුට්ටන් ටයිසන් පරවියන් සඟවා තබාගෙන සිටි තැන සොයාගත්තා. ඔවුන් ටයිසන්ගේ පරවියන් සොරකම් කිරීමට උත්සාහ ගත්තා. හොරුන් ටයිසන්ගේ අතටම අසුවුනා. කුඩා හොර කල්ලිය අතර සිටි Gary Flowers නම් කොලුවා පරවී රංචුවෙන් එක් පරවියෙක් අතට ගෙන උගේ ගෙල කඩා ලේ පෙරෙන මළ පරවියා ටයිසන් දෙසට විසිකලා. යහළුවන්ගේ අනුබලය මත ටයිසන් එල්ල කළ පළමු ප්‍රහාරයෙන්ම පරවියා මැරූ කොලුවා බිම ඇදගෙන වැටුනා. ලොවම කැළඹු දරුණු ක්‍රීඩකයාගේ ඇරඹුම මෙය විය හැකියි.
ඉතා ඉක්මනින් අසල්වැසියන් සහ තමුන්ට අභියෝග කරන්නට ආ සමවයස් මිතුරන් අතර ටයිසන් ජනප්‍රිය පුද්ගලයෙක් උනා. තවම ඔහුට අවුරුදු 11යි. නමුත් ඒ වන විට ඔහු රස්තියාදුකාර මැරවරයෙක් වී හමාරයි. පසුකාලීනව ඔහුගේ ජිවිතයේ මොනතරම් වෙනස්කම් ඇතිවුණත් පරවියන් කෙරෙහි තිබූ ඔහුගේ ඇල්ම නම් බිඳක්වත් අඩුවුණේ නැහැ. ඔහු Animal Planet නාලිකාවෙන් Taking On Tyson නමින් කුරුල්ලන් සම්බන්ධ ඔහුගේම වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.
ම්ලේච්ඡයා
මීට වසර ගණනාවකට පෙර බොක්සින් ක්‍රීඩාව ඇත්තෙන්ම මාරාන්තික ක්‍රීඩාවක්. ක්‍රීඩා කිරීමේදී සමහර ක්‍රීඩකයින් බරපතල ලෙස තුවාල ලැබූ අතර තවත් සමහරුන්ට මරණය පවා හිමි උනා. උදාහරණයක් ලෙස 1947 දී Sugar Ray Robinson නම් ක්‍රීඩකයා තම ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු වූ Jimmy Doyle බොක්සින් වළල්ල තුලදී මරණයට පත්කරන අයුරු සිහිනයෙන් දුටුවා. සිහිනයෙන් මනස ව්‍යාකුල වූ Robinson, ඊළඟට පැවැත්වීමට නියමිතව තිබූ Doyle සමග තරඟය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් තරඟාවලියේ අනුග්‍රාහකයින් එයට කැමති වුයේ නැහැ. ඔවුන් කතෝලික පුජකයෙකු ගෙන්වා Robinson ගේ සිත අස්වසා තරඟය නියමිත පරිදි පවත්වන්නට කටයුතු සුදානම් කළා. නමුත් ඇත්තෙන්ම එළඹී තරඟයේදී Robinson අතින් Doyle මරණයට පත් වුනා.
එම සිදුවීම Robinson තම ජිවිතකාලය පුරා පසුතැවෙන සිදුවීමක් බවට පත් වුනා. නමුත් මයික් ටයිසන් නම් වරෙක පැවසුවේ ඔහුට බොක්සින් වළල්ල තුල ප්‍රතිවාදියෙකු මරා දැමීමට අවස්ථාවක් නොලැබීම පිලිබඳ කණගාටු වන බවත්, එසේ කළ ක්‍රීඩකයන් ගැන තමුන්ට ඊර්ෂ්‍යා සහගත හැඟීමක් ඇතිවන බවත්ය. කෙසේ හෝ ඔහු මෙලෙස දරුණු හැඟීමකින් ක්‍රීඩා කළ නිසාම, ටයිසන් කිසිවෙකුට හෝ අනතුරක් කරන්නට පෙරම තත්පර කිහිපයකින් බොහෝ තරඟ අවසන් උනා. කවුරුන් හෝ බොක්සින් වළල්ල තුල මනුෂ්‍ය ඝාතනය අරමුණු කරගෙන ක්‍රීඩාකර ඇතිනම් ඒ ටයිසන්ම වියයුතුය.
ටයිසන් දමනය
තම ජිවිත කාලය තුලදී මේ මිහිතලය මත සිටි ඉතා දරුණු ක්‍රීඩකයින්ගේ සිහිකල්පනාව නැතිවන ප්‍රහාර එල්ල කර බිමට හෙලූ මයික් ටයිසන්ව මෙල්ල කරන්නට 77 හැවිරිදි පුද්ගලයෙකුට වරක් හැකිවුනා. හැබැයි ඒ අතින් පයින් නම් නෙමෙයි. වචන වලින්. නිව්යෝර්ක් නගරයේ තිබූ උත්සවයකට සහභාගී වී සිටි ටයිසන් එහිදී ඔහුගේ පෙම්වතියව සිටි එවකට සුපිරි නිරූපිකාවක් වූ නයෝමි කැම්බල් සමග කළහයක් ඇතිකර ගත්තා. තත්වය වඩාත් දරුණු වන බව දුටු නයෝමිගේ මිතුරියන් උදව් සොයා ඒ මේ අත දිව්වා. මේ සිදුවීමට පාලනය කිරීමට මැදිහත් වුනේ හැඩිදැඩි ආරක්ෂක නිලධාරීන් නම් නොවෙයි. 77 හැවිරිදි මහල්ලෙක්. ඔහු නමින් A.J Ayer.මහල්ලාගේ අනවශ්‍ය මැදිහත් වීම නිසා දැඩි ලෙස කෝපයට පත් වූ ටයිසන් සහ මහලු මිනිසා අතර ඇති වුයේ මෙවැනි දෙබසක්.
"උඹ දන්නවද මම කවුද කියල? මම තමයි කි.ග්රෑ 91 බරපන්තියේ බොක්සිං ලෝකශුරයා."
"හොඳයි, මම තමයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ තර්කශාස්ත්‍රය පිලිබඳ හිටපු ප්‍රධාන මහාචාර්යවරයා(Wykeham Professorship in Logic). අපි දෙදෙනාම අපේ ක්ෂේත්‍ර වල කිර්තිමත් පුද්ගලයින්. මා ඔබට යෝජනා කරනවා මේ ප්රශ්නය ගැන අපි බුද්ධිමත් මිනිසුන් ලෙස කතා කරමු කියා."
ටයිසන්ගේ ඉක්මන් කෝපය සහ කලහකාරී හැසිරීම හොඳින් දන්නා අයට පුදුමයට පත්වීමට හේතුවක් ලබා දෙමින් ඔවුන් දෙදෙනා සාමකාමී ලෙස සාකච්චා කරන්නට පටන්ගත්තා. මේ සාකච්චාව ටයිසන්ගෙන් ගැලවී පලායන්නට නයෝමිට හොඳ අවස්ථාවක් ලබාදුන්නා.
ව්‍යාග්‍රයින්
ටයිසන්ගේ ධනවත් බවේ සහ පුදුමාකාර හැසිරීමේ සංකේතයක් ලෙස ඔහු ඇතිකල ව්‍යාග්‍රයින් හැඳින්විය හැකියි. වසර ගණනාවක් පුරාවට ඔහු සතුව බෙංගාල ව්‍යාග්‍රයින් කිහිප දෙනෙකු සිටියා. මෙයින් සමහර ව්‍යාග්‍රයින් ඔහු සමග එකම ඇඳේ නිදාගත්තා. නමුත් 2002 වසර වනවිට ටයිසන්ගේ ආර්ථික තත්වය නරක අතට හැරීමත් සමග ව්‍යාග්‍රයින් වෙනුවෙන් කලයුතු වියදම ඔහුට දරන්නට නොහැකි වුනා. එක් ව්‍යාග්‍රයෙකුගේ ආහාර සඳහා ගතවන වියදම මසකට ඩොලර් 4000ක් පමණ උනා.
අවසානයේ ටයිසන් Storm නම් තම සුරතලාව විකුණා දැමුවා. පසුකාලයේදී රූපවාහිනී වැඩසටහනකට එකතුවෙමින් සිටි ඔහු තමුන් සුරතලුන් සමග ගත කළ කාලය පිලිබඳ මතකයන් අවදිකලා. වරක් තම සුරතල් ව්‍යාග්‍රයාට හාදුවක් දීමට තැත් කිරීමේදී ව්‍යාග්‍රයාගේ කොන්ක්‍රීට් තට්ටුවක් වැනි හිස තමාගේ හිස සමග ගැටී තම මුඛයේ තිබූ රත්රන් දත එලියට විසි වූ අයුරු ඔහු සිහිපත් කළා. නැවතත් ව්‍යාග්‍රයෙකු තමා සතු කරගන්නට ආශාවක් ඇතත් දරුවන් සමග ව්යාග්රයෙක් තබාගන්නට තමුන්ගේ බිරිඳ කිසිවිටක අවසර නොදෙන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
මිත්රප්රතිරූපකයෙක්

Last edited: