කනත්ත ළග අකරතැබ්බය

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කනත්ත ළග අකරතැබ්බය

කාන්තා ඇඳුම පිටින් ගෙදර යන්න ආ වේදිකා නළුවෙක් බොරැල්ල කනත්ත අසලදී පැහැරගන්න හදලා



රංගන ශිල්පියකුට සිදුවුණු අපූරු සිදුවීමකි මේ. ඔහු තමාට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බය පිළිබඳව තොරතුරු හෙළි කළේ මෙසේය.
එදා මද වැසි දිනයක්. රෑ 9.30 පහුවෙලා. මම සංගීත වේදිකාවේ විකට නළුවෙක්. සංගීත වැඩසටහන්වලට මං නාට්‍ය කොටසක් ඉදිරිපත් කරනවා. එදා මම එහි රූගත කිරීම් ඉවර වෙලා ගෙදර යන ගමන් හිටියේ.


හොඳට මේකප් කරලා කෙල්ලෙක් වගෙ ඇදලා හිටිය මම ෂූටිං ඉවර වුණ ගමන් පිළියන්දල ඉදලා වාහනයකින් බොරැල්ලට ආවේ ඇඳුම් මාරු කරගන්නේ නැතිව.
බොරැල්ල කනත්ත ළඟින් බැසගත් මම නාරාහේන්පිට පිහිටි මගේ ගෙදරට යන්න සූදානම් වුණා. එතකොටම ත්‍රිරෝද රථයක් ඇවිල්ලා මගෙ ළඟ නතර කළා. ඒකෙ බීලා හිටපු මුස්ලිම් ජාතික තරුණයෝ දෙන්නෙක් ඔළුව දාලා මගෙන් ඇහැව්වා ඔයා කොහෙද යන්නෙ කියලා. මම ටිකක් ඉස්සරහට ගිහින් ආයිත් පාර අයිනේ නැවතුනා. එතකොටම ත්‍රිවිලර් එකේ හිටපු අනෙක් මුස්ලිම් ජාතික තරුණයා කිව්වා අහළ පහළ කවුරුත් නැහැ. ඕකිව ඇදලා ත්‍රිවිලර් එකට දා ගනින් යකෝ කියලා.


මගේ අතින් අදින කොට මම කොණ්ඩය ගලවලා ඇදුම උඩට එසෙව්වා. ඒ පාර ඒ අය කෑ ගැසුවා මේ ගෑණියෙක් නෙමෙයි මිනිහෙක්... මිනිහෙක්.. කියලා. එයාලා දුවගෙන ගිහින් ත්‍රිරෝද රථයට නැගී පලා ගියා.


තරුණියකට මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවුණා නම් ඇයට අත්වෙන ඉරණම ගැන හිතෙන කොටත් දැඩි කනගාටුවක් ඇති වෙනවා.
මේ වගේ ඇතැම් මුස්ලිම් ජාතික තරුණයෝ ගැන පිළිකුලක් ඇති වෙනවා.
කොහොම වුණත් මට මේ සිද්ධියේදී කියන්නම ඕන වැදගත් දේ තමයි මාව වෙස් ගැන්වූ වේශ නිරූපණ ශිල්පියාගේ දක්‍ෂතාව.
පිරිමියෙක් වෙච්ච මාව මොහොතකට හරි තරුණයන්ගේ නෙත් වශී කරන සුරූපී කාන්තාවක් බවට පත් කිරීම නිසා සමාජයේ තනිවූ තරුණියකට අත් විඳින්නට සිදුවන කරදරයකට මුහුණ පාන්නට මටත් සිදු වුණා.


http://www.dinamina.lk/2012/06/04/_art.asp?fn=r1206043

...
 

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    0002018E.gif