කනබොන හැමදේම එකපාරට වස විස ලු නේද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,778
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    කොහොමත් චිකන් ගනන් නිසා දැන් TV එකේ චිකන් රසට පරිප්පු /බොන්චි එහෙම කන හැටි ඇඩ් යනව ගොඩක්. පුරුද්දක් විදියට මම නම් සුප් කැට/ ක්ශනික නූඩ්ලස් / කිරිපිටි භාවිතය නවත්තල දැන් අවුරුදු ගානක්. ඉදල හිටල කන්නෙ නූඩ්ලස් එකක් විතරයි. සමපෝශ කෑවා කාලයක් මහත් වෙන්න කියල. දැන් ඒ කන්නෙත් නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් හිතෙන්නෙම පොලිටිකල් ගේමක් යනවා කියල. මෙච්චරකල් සද්ද නැතිව ඇස් කන් වහගෙන හිටපු එවුන් හිටි ගමන් ත්‍රිපෝෂ වස කියල හොයාගෙන.

    මේ දවස්වල කඩවල් වල කවුපි, කඩල , මුං ඇට, ඉරිඟු, ග්‍රීන් පීස් ඇට හිඟයක් තියෙනවා. මම ඊයේ බොහොම අමාරුවෙන් ඇටවර්ග ටිකක් හොයාගත්තෙ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    ත්‍රිපෝෂ පැකැට් පුපුරන්න හදන්න බැරි ද?

    පැකැට් එක පුපුරනවා.
    ළමයා බය වෙනවා.
    ත්‍රිපෝෂ කන්නෙ නෑ දැක්කත් දුවනවා
    බැරි වෙලා හරි පුපුරද්දි ත්‍රීපෝශ එකේ තියෙන තිරිගු, සහල, සෝයා ඇට ලමයගේ ඇහැට ගියොත්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කන බොන කරන හැමදේම එකපාරට විසයි විසයි ගාලා එනවා පේනවා නේද?
    ගලපිමක් නැති ප්‍රතිශත එහෙමත් එනවා නේද?
    නොකා ඉන්න හිතෙනවා නේද?


    තම කසකරුවන් පමණක් එන සැලැස්මක් නැති මහා ආහාර අර්බුදය ට පැලැස්තර ප්‍රොපගැන්ඩා දුවනවා ගොඩක්.

    නිවිහැනැහිල්ලෙ හිතන්නකෝ.

    බායි.


    අනේ මන්දා ඉතින් නාමල් මාත්‍යා නැති අඩුව දැනෙනවා නේද ? රාජපස්ස කෙනෙක් බලේ නැති උනාම රටම අනාරස්සිත වෙලා කෑම විස වෙලා නේද.. ආඬවඩේ මයින්ද මුරුගා 😭😭😭😭
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බැරි වෙලා හරි පුපුරද්දි ත්‍රීපෝශ එකේ තියෙන තිරිගු, සහල, සෝයා ඇට ලමයගේ ඇහැට ගියොත්
    ත්‍රිපෝස කම්පැනිය අතුගාන එකාගෙ ඉඳලා අගමැති ජනාදිපති වෙනකල් ගස් තමයි.
    දැක්කනේ ගෑස් පුපුරලා ලිට්රෝ එකේ ලොක්කන්ට ගහ පෙන්නුව හැටි.
    ආයේ වෙන රටවල් වාගේ නෙවෙයි මේක.

    :ROFLMAO: :yes: :ROFLMAO: :ROFLMAO: :yes::yes:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ත්‍රිපොශ වල වස කියපු දවසේ ඉන්දල කියනවා කෝ ලැබ් රිපෝර්ට් කිය්ලා..රිපොර්ට් නෑලූ ටෙස්ට් කරන කෙනාලු කිව්වේ... ටෙස්ට් කරන එක්කෙනා සාම්පල් එකේ ඔරුජින් එකක් දන්නේ නෑ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනකරුවන්ගෙන් ලැබුණු බඩඉරිඟු කන්ටේනර 13ක 'ඇෆ්ලටොක්සීන්' නමැති රසායනිකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වීම නිසා එම කන්ටේනර් නැවත හරවා යැවූ බව ලංකා ත්‍රීපෝෂ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. එම කන්ටේනර්වල, බඩඉරිඟු මෙට්‍රික්ටොන් 260 ක් තිබූ බව කී එම නිලධාරියා පසුගිය මාසයක පමණ කාලය තුළ එම කන්ටේනර් 13 හරවා යැවූ බව ද සඳහන් කළේය. ත්‍රිපෝෂ සමාගම පෞද්ගලික ආනයනකරුවන් හරහා බඩඉරිගු ලබාගන්නා බව කී එම නිලධාරියා ප්‍රතික්ෂේප කළ කන්ටේනර් 13 එම ආනයනකරුවන්ට නිල වශයෙන් නැවත බාරදුන් බව ද කීවේය.



    ත්‍රිපෝෂ නිෂ්පාදන සදහා යොදාගන්නා ඕනෑම අමුද්‍රව්‍යයක් එම සමාගමට ලැබුණු පසුව එහි පරික්‍ෂණාගාරයේ දී අනිවාර්යෙන්ම පරික්ෂා කරන බවත් මෙම කන්ටේනර් 13ද එසේ පරීක්ෂා කිරිමේ දී එහි ගබඩාකර තිබූ බඩ ඉරිගුවල ' ඇෆ්ලටොක්සීන්' අධි ප්‍රතිශතය හඳුනා ගැනීමට හැකි වූ බවත් එම නිලධාරියා කීවේය. වරායේදී රේගු සහ සෞඛ්‍ය නිලධාරින් ආහාර ද්‍රව්‍යවල තත්වය පරික්ෂා කර සමත්වීමෙන් පසුව කන්ටේනර් නිදහස් කළ ද ත්‍රිපෝෂ සමාගමේදී ද පරික්ෂා කරන බව කී එම නිලධාරිවරයා තත්ව පරික්‍ෂණය අසමත් වුවහොත් ඒවා ප්‍රතික්ෂේප කරන බව පැවසීය. මීට අමතරව එම බඩඉරිගු ඇතුළු අමුද්‍රව්‍යවල ගුල්ලන් වැනි සතුන් කීපදෙනකු සිටියත් ඒවා නැවත හරවා යවන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

    ත්‍රිපෝෂ සමාගම නිෂ්පාදනය කරන ත්‍රීපෝෂ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් බෙදාරිනු ලබන බව කී එම නිලධාරියා එසේ බෙදාහරිනු ලැබූ ත්‍රිපෝෂවල ප්‍රමිතිය පිළිබඳව කළ පරික්ෂාවක දී ‘ඇෆ්ලටොක්සීන් රසායනිකය අධි සංයුතියෙන් යුත් ත්‍රීපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කිහිපයකින් හඳුනාගෙන ඇති බව ද කීව්වේය.

    එම ත්‍රීපෝෂ පැකට් මව්වරුන්ට බෙදාහැර නොමැති අතර බෙදාහැරිමෙන් ඉවත් කර ඇති බව ද ඔහු චෝදනා කළේය. සායනවලට බෙදීමට පෙර ත්‍රිපෝෂවල ප්‍රමිතිය මහජන සෞඛ්‍ය පරිකවරුන් විසින්ද පරික්ෂා කරනු ලබන බව කී එම නිලධාරියා එම සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ පරික්ෂාවේදී ඇසෛලක්සින් රසායනිකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කිහිපයකින් වාර්තා වී ඇතැයි ද සඳහන් කළේය. මේ අතර ත්‍රිපෝෂ ආදේශක ලෙස වෙළෙඳපොළේ අලෙවි වන පෝෂ්‍ය වර්ග කිහීපයකද ඇෆ්ලටොක්සින් රසායනිකය අධි ප්‍රතිශතයකින් පැවැති බවට තහවුරු වීම නිසා මේ වනවිට නඩු පවරා ඇති බව ද වාර්තා විය.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    e3d995a152e18bb86fa197fdc98b26b8_XL.jpg
    මුගේ මුණ බලපන්කො පිස්සෙක් වගේ නේද ?
    මේකා රටේ ජ්හනධිපති කරලා වෙන රටකට යවන්නවත් පුළුවන් ද ? පල ගොනෙක්
     
    • Love
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කන බොන කරන හැමදේම එකපාරට විසයි විසයි ගාලා එනවා පේනවා නේද?
    ගලපිමක් නැති ප්‍රතිශත එහෙමත් එනවා නේද?
    නොකා ඉන්න හිතෙනවා නේද?


    තම කසකරුවන් පමණක් එන සැලැස්මක් නැති මහා ආහාර අර්බුදය ට පැලැස්තර ප්‍රොපගැන්ඩා දුවනවා ගොඩක්.

    නිවිහැනැහිල්ලෙ හිතන්නකෝ.

    බායි.
    https://elakiri.com/threads/🔴ප්‍රවේසමෙන්🔴-පෝෂ-වර්ග-3-ක්-මාතර-තහනම්.2079174/