කනවනම්_මෙන්න_මඟුල්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කනවනම්_මෙන්න_මඟුල්

    කසාද බඳින එකත් ලේසි පහසු දෙයක් නෙමේ. පණ යන වැඩක්. විවිධ රටවල්වල පවතින අමුතු විදියේ විවාහ චාරිත්‍ර ගැන දැනගත්තම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් කියල හිතෙනවා.

    2c657423cf87cc677c9986ceb9cdc574_L.jpg


    මනාලිය කළු කිරීම

    wedding1.jpg


    සකොට්ලන්තයේදී මනාලිය වීමට සිටින යුවතිය කළු පැහැති ජලයකින් නාවනු ලබනවා. මෙම වතුර හදාගන්නේ මැරුණු මාළු, බිත්තර, තාර, සෝස්, පිටි, මඩ එකතු කරලා. මේ වතුර ප්‍රහාරයෙන් පස්සෙ ඇයව ගහක ගැට ගහනවා. මේ සියල්ල දරාගැනීමට ඇයට ශක්තිය තිබුනොත් ඇයට ඕනෑම දෙයක් දරාගැනීමට හැකි බවයි විශ්වාසය.


    මාසයක් හඬා වැටීම

    wedding2.jpg


    චීනයේ Tujia ගෝත්‍රිකයන් අතර පවතින චාරිත්‍රයක් වන්නේ මනාලිය වීමට සිටින යුවතිය මසකට පෙර සිට සෑම දවසකම එක් පැයක් හඬමින් කාලය ගත කළ යුතු වේ. දහවෙනි දිනයේදී මනාලියගේ මව මේ සඳහා සම්බන්ධ වේ. ඉන්පසු ආච්චි අම්මාත් මෙයට සම්බන්ධ වීම සිරිතකි. පුදුමෙ කියන්නෙ මේක සතුට පල කිරීමේ චාරිත්‍රයක්ලු.

    මනාලයාගේ කකුල් වලට පහරදීම

    wedding3.jpg


    බොහෝවිට මේ විවිධ චාරිත්‍ර නිසා කරදර විඳින්න සිදුවෙන්නෙ මනාලියන්ටනේ. නමුත් කොරියාවේදීනම් මේ කරදර ඉවසන්න වෙනනේ මනාලයාට. නිකම් කරදරයක් නෙමේ. මනාලයාව බැඳ දමා කකුල් වලට කොටු වලින් තදින් පහරදීම මෙහිදී සිදු කරනවා. මෙහෙම කරන්න හේතුව වශයෙන් සඳහන් වෙන්නෙ කසාදයෙන් පසු මනාලිය සමඟ ගෙවන පළමු රාත්‍රියේදී මනාලයා නොසන්සුන් වීම වළක්වීමයි.

    කුකුළු පැටියෙකුගේ හදවත පරීක්ෂා කිරීම

    wedding4.jpg


    මොන්ගෝලියානු වැසියන් අතර විවාහයට දින නියම කර ගැනීමේදී හරි අපූරු චාරිත්‍රයක් තියෙනවා. ඒ තමයි විවාහයට ලෑස්ති වී සිටින මනාල යුවල විසින් කුකුළු පැටියෙකු මරා උගේ අක්මාව පරික්ෂා කළ යුතුයි. අක්මාව හොඳ තත්ත්වයේ පවතීනම් ඔවුන්ට ඉක්මනින් විවාහ විය හැක. එය හොඳ තත්ත්වයේ නොපවතිනම් නැවතත් කුකුළු පැටියෙකු මරා අක්මාව පරික්ෂා කළ යුතු වෙනවා.

    විවාහයෙන් පසු වැසිකිළි යාම තහනම්

    wedding5.JPG


    ඉන්දුනීසියාවේ හරි අපූරු චාරිත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. විවාහයෙන් පසසේ දවස් තුනක් මනාලියට හා මනාලයාට වැසිකිළි යාම තහනම්. ඒ විතරක් නෙමේ කන්න දෙන්නෙත් කුඩා ප්‍රමාණයක් පමණයි. මේක අධීක්ෂණය කරන්නේ දෙපැත්තේම වැඩිහිටියන් විසින්. මේ චාරිත්‍රය ඉටුකිරීමේ අරමුණ වෙන්නෙ විවාහක යුවළට නිරෝගී දරුවන් ලබාගැනීමයි.

    සිප ගැනීමේ උත්සවය

    wedding6.jpg


    ස්වීඩනයේ පවත්වන මේ චාරිත්‍රයේදී නම් කාටවත් කිසිම හිංසාවක් වෙන්නෙ නෑ. විවාහ උත්සවයේදී මනාලිය හා මනාලයා වෙනුවෙන් සිප ගැනීමේ උත්සවයක් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් වැසිකිළියට යාමට හෝ නැගී සිටියොත් පවුලේ නෑදෑයන් සහ මිතුරු මිතුරියන් එක්ව සිප ගැනීම සිරිතක්.

    මනාලිය පැහැර ගැනීම

    wedding7.jpg


    රොමානි ගෝත්‍රිකයන් අතර අමුතු ආකාරයේ චාරිත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. තමන්ට විවාහ වීමට අවශ්‍යයයි සිතන යුවතිය දෙමව්පියන්ගේ හෝ එම යුවතියගේ කිසිදු අනුදැනුමකින් තොරව පැහැර ගන්නවා. පැහැර ගත්තට පස්සෙ ඒ යුවතිය සමඟ දින දෙක තුනක් ගත කිරීමට හැකි උනොත් ඔවුන් දෙදෙනා සැමියා හා බිරිඳ ලෙස පිළිගැනෙනවා.

    වීදුරු පිගන් කෝප්ප බිඳ දැමීම

    wedding8.jpg


    සාමානයෙන් පිඟන් කෝප්ප බිඳින එක සිද්ධ වෙන්නෙ විවාහයෙන් පස්සෙනෙ නමුත් ජර්මනිය තුල ඒක විවාහයට පෙර චාරිත්‍රයක් ලෙස සිදු වෙනවා. විවාහ උත්සවයට සහභාගී වන අමුත්තන් මනාළ යුවලට පිඟන් කෝප්ප තෑගි දීම සිරිතක්. මනාළ යුවළ විසින් විවාහ උත්සවයේදී පිඟන් කෝප්ප සියල්ල බිඳ දමනු ලබනවා. පිඟන් කෝප්ප බිඳෙන ශබ්දයට සියලු යක්ෂ බලවේග විනාශ වී ඔවුන් දෙදෙනාට සතුටින් ජිවත් විය හැකි බව සැළකේ.

    මනාලියට ඊතල වලින් විදීම

    wedding9.jpg


    චීනයේ Yugur ගෝත්‍රිකයන් අතර මනාලයා විසින් තම මනාලිය ට ඊතලවලින් විදීම සිරිතක්. ඒත් මේ ඊතල හානියක් නොවන ලෙස ඊ හිසක් රහිතව සාදා තිබෙනවා. විදීමෙන් අනතුරුව මනාළිය විසින් මෙම ඊතල කඩා දමනවා. මේ චාරිත්‍රයේ අරමුණ වන්නේ දෙදෙනා සදාකල් ආදරයෙන් බැඳී සිටීමයි.

    ගසකට බැන්දවිම

    wedding10.jpg


    විවාහ වීමට සිටින යුවතිය ශාප ලත් තැනැත්තියක් ලෙස සැළකේනම් පළමුව ඇය ගසකට විවාහ කර දීම සිරිතකි. නැත්නම් ඇගේ සැමියා මිය යාහැකි බව විශ්වාස කෙරෙනවා. ඉන්පසු ගස විනාශ කර දැමීම සිරිතකි.

    සතෙකු හා විවාහ වීම

    wedding11.jpg


    ඉන්දියානු වැසියන්ගේ විශ්වාසය වන්නේ සතෙකු හා විවාහ වීම මගින් අවසනාව නැතිවී වාසනාව උදා වන බවයි. මේ හේතුව නිසා බොහෝ ඉන්දියානුවන් සතෙකු සමඟ විවාහ වීමට කැමැත්තක් දක්වනු ලබනවා. ඒ නිසා තමයි අපිට ඉන්දියාවෙන් නිතර අහන්න දකින්න ලැබෙන්නෙ බල්ලන් සමඟ විවාහ වීම් ගැන


    බලලා නිකන්ම යන්න එපා.. අඩු ගානේ බම්ප් එකක් හරි දාගෙනම යන්න :yes::yes:;)
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මනාලිය කළු කිරීම

    wedding1.jpg


    සකොට්ලන්තයේදී මනාලිය වීමට සිටින යුවතිය කළු පැහැති ජලයකින් නාවනු ලබනවා. මෙම වතුර හදාගන්නේ මැරුණු මාළු, බිත්තර, තාර, සෝස්, පිටි, මඩ එකතු කරලා. මේ වතුර ප්‍රහාරයෙන් පස්සෙ ඇයව ගහක ගැට ගහනවා. මේ සියල්ල දරාගැනීමට ඇයට ශක්තිය තිබුනොත් ඇයට ඕනෑම දෙයක් දරාගැනීමට හැකි බවයි විශ්වාසය.

    sathiyak 2kak yanakan ganda nam yan nathuwa athi xD
    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මනාලිය කළු කිරීම

    wedding1.jpg


    සකොට්ලන්තයේදී මනාලිය වීමට සිටින යුවතිය කළු පැහැති ජලයකින් නාවනු ලබනවා. මෙම වතුර හදාගන්නේ මැරුණු මාළු, බිත්තර, තාර, සෝස්, පිටි, මඩ එකතු කරලා. මේ වතුර ප්‍රහාරයෙන් පස්සෙ ඇයව ගහක ගැට ගහනවා. මේ සියල්ල දරාගැනීමට ඇයට ශක්තිය තිබුනොත් ඇයට ඕනෑම දෙයක් දරාගැනීමට හැකි බවයි විශ්වාසය.

    sathiyak 2kak yanakan ganda nam yan nathuwa athi xD
    :baffled::baffled::baffled::baffled:

    :sorry::sorry::sorry: