කසාද බඳින එකත් ලේසි පහසු දෙයක් නෙමේ. පණ යන වැඩක්. විවිධ රටවල්වල පවතින අමුතු විදියේ විවාහ චාරිත්‍ර ගැන දැනගත්තම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් කියල හිතෙනවා.
![]()
මනාලිය කළු කිරීම
![]()
සකොට්ලන්තයේදී මනාලිය වීමට සිටින යුවතිය කළු පැහැති ජලයකින් නාවනු ලබනවා. මෙම වතුර හදාගන්නේ මැරුණු මාළු, බිත්තර, තාර, සෝස්, පිටි, මඩ එකතු කරලා. මේ වතුර ප්‍රහාරයෙන් පස්සෙ ඇයව ගහක ගැට ගහනවා. මේ සියල්ල දරාගැනීමට ඇයට ශක්තිය තිබුනොත් ඇයට ඕනෑම දෙයක් දරාගැනීමට හැකි බවයි විශ්වාසය.
මාසයක් හඬා වැටීම
මනාලයාගේ කකුල් වලට පහරදීම
![]()
බොහෝවිට මේ විවිධ චාරිත්‍ර නිසා කරදර විඳින්න සිදුවෙන්නෙ මනාලියන්ටනේ. නමුත් කොරියාවේදීනම් මේ කරදර ඉවසන්න වෙනනේ මනාලයාට. නිකම් කරදරයක් නෙමේ. මනාලයාව බැඳ දමා කකුල් වලට කොටු වලින් තදින් පහරදීම මෙහිදී සිදු කරනවා. මෙහෙම කරන්න හේතුව වශයෙන් සඳහන් වෙන්නෙ කසාදයෙන් පසු මනාලිය සමඟ ගෙවන පළමු රාත්රියේදී මනාලයා නොසන්සුන් වීම වළක්වීමයි.
විවාහයෙන් පසු වැසිකිළි යාම තහනම්
![]()
ඉන්දුනීසියාවේ හරි අපූරු චාරිත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. විවාහයෙන් පසසේ දවස් තුනක් මනාලියට හා මනාලයාට වැසිකිළි යාම තහනම්. ඒ විතරක් නෙමේ කන්න දෙන්නෙත් කුඩා ප්‍රමාණයක් පමණයි. මේක අධීක්ෂණය කරන්නේ දෙපැත්තේම වැඩිහිටියන් විසින්. මේ චාරිත්‍රය ඉටුකිරීමේ අරමුණ වෙන්නෙ විවාහක යුවළට නිරෝගී දරුවන් ලබාගැනීමයි.
වීදුරු පිගන් කෝප්ප බිඳ දැමීම
![]()
සාමානයෙන් පිඟන් කෝප්ප බිඳින එක සිද්ධ වෙන්නෙ විවාහයෙන් පස්සෙනෙ නමුත් ජර්මනිය තුල ඒක විවාහයට පෙර චාරිත්‍රයක් ලෙස සිදු වෙනවා. විවාහ උත්සවයට සහභාගී වන අමුත්තන් මනාළ යුවලට පිඟන් කෝප්ප තෑගි දීම සිරිතක්. මනාළ යුවළ විසින් විවාහ උත්සවයේදී පිඟන් කෝප්ප සියල්ල බිඳ දමනු ලබනවා. පිඟන් කෝප්ප බිඳෙන ශබ්දයට සියලු යක්ෂ බලවේග විනාශ වී ඔවුන් දෙදෙනාට සතුටින් ජිවත් විය හැකි බව සැළකේ.
මනාලියට ඊතල වලින් විදීම
![]()
චීනයේ Yugur ගෝත්‍රිකයන් අතර මනාලයා විසින් තම මනාලිය ට ඊතලවලින් විදීම සිරිතක්. ඒත් මේ ඊතල හානියක් නොවන ලෙස ඊ හිසක් රහිතව සාදා තිබෙනවා. විදීමෙන් අනතුරුව මනාළිය විසින් මෙම ඊතල කඩා දමනවා. මේ චාරිත්‍රයේ අරමුණ වන්නේ දෙදෙනා සදාකල් ආදරයෙන් බැඳී සිටීමයි.
බලලා නිකන්ම යන්න එපා.. අඩු ගානේ බම්ප් එකක් හරි දාගෙනම යන්න
විවාහයෙන් පසු වැසිකිළි යාම තහනම්
![]()
ඉන්දුනීසියාවේ හරි අපූරු චාරිත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. විවාහයෙන් පසසේ දවස් තුනක් මනාලියට හා මනාලයාට වැසිකිළි යාම තහනම්. ඒ විතරක් නෙමේ කන්න දෙන්නෙත් කුඩා ප්‍රමාණයක් පමණයි. මේක අධීක්ෂණය කරන්නේ දෙපැත්තේම වැඩිහිටියන් විසින්. මේ චාරිත්‍රය ඉටුකිරීමේ අරමුණ වෙන්නෙ විවාහක යුවළට නිරෝගී දරුවන් ලබාගැනීමයි.
එපා වෙනවා .....![]()
එපා වෙන්නෙ නැතිව ඇති බං 4 වෙනි පාරට 5 වෙනි පාරටත් බඳින උන් ඉන්නව ඇති වෙන්න..කලින් එක ඩිවෝස් කරලා..
මේක මට හොය ගන්න බැරිව හිටපු සීන් එකක්..වෙඩින් කාඩ් බෙදුවට මුන් වෙඩිම ගන්නේ කලින් ඒකෙන් පස්සේ දවස් තුනක් මුන් නිවාඩු... පස්සේ සෙනසුරාදාවක හරි ඉරිදාවක හරි වෙඩින් එකේ පාටිය දානවා..මන් ඉන්න ඒරියා එකේ නම් මඟුල් ජෝඩුව දවසට කිට් 4ක් විතර මාරු කරනවා.