කන්එළිය චාරිකාව
ශ්‍රී ලංකාවේ වැසිවනාන්තර අතර අතීතයේ සිට වැදගත් කමක් ගත් නාකියාදෙණිය දෙදියගල වනාන්තරය දිනෙන් දින විනාශවේ. අක්‌කර සිය ගණනක් විශාලව තිබුණ මේ වනපෙදෙස අද අක්‌කර 25 කට පමණ අඩුවී තිබේ.
අතීතයේ සිංහරාජ වනාන්තරය, කන්එලිය වනාන්තරය, කොට්‌ටව කෝඩල වනාන්තරයට සම්බන්ධවී තිබුණ නාකියාදෙණිය වනපෙදෙස අද හුදකලා වී ඇති වන ගොමුවකි.
ලංකාවේ නිවර්තන වනාන්තර බහුලව දක්‌නට තිබුණ යුගයක් විය. ඒ යටත් විජිත සමයට පෙර පැවැති වකවානුවේදීය. තේ රබර් වගාවන් සමග හෙළිපෙහෙළි කළ මේ නිරිතදිග වැසිවනාන්තර අතර නාකියාදෙණිය වනාන්තර ප්‍රදේශයට නරකම දශාවක් උදාවිය.
තේ, රබර්වලට අමතරව මෑතකදී කටුපොල් වගාවටද මේ වනාන්තර ප්‍රදේශ විනාශ වී ඇත.
ගාල්ලේ සිට උඩුගම බස් මාර්ගයේ නාකියාදෙණිය සිට මාමනදොල ප්‍රදේශයට ගියවිට තවමත් ඉතිරිව ඇති රක්‌ෂිත වනාන්තර ප්‍රදේශත් සීතලදොළ ආරන්‍යය මැදිකර අපට දැකිය හැකියි.
මැයි සිට සැප්තැම්බර් දක්‌වා නිරිතදිග ප්‍රදේශයට ඇදහැලෙන මහා වර්ෂාවන්හි ජලය රඳවාගන්නා මෙකී වනාන්තර ප්‍රදේශවල ඇති ඇළ මාර්ග වනාන්තර හෙළිපෙහෙළි කිරීමත් සමග සිඳීයැමේ තත්ත්වයකට පත්වී තිබේ. ජල උල්පත් රාශියක් ඇති නාකියාදෙණිය වන රක්‌ෂිතයේ ශීතල ජලය නිසාම සීතල දොළ ආරන්‍යය සේනාසනයක්‌ද මෙම වන පියසේ ස්‌ථාපිත වී තිබේ.
එහි වැඩවාසය කරන කොට්‌ටව ශීලවංස නාහිමියන් රක්‌ෂිතවනය ගැන මෙසේ කියති.
කොට්‌ටව කෝඹල වනාන්තරයේ ආරණ්‍යයේ සිට 1981 වර්ෂයේ මා මෙහි ආවේ භාවනාක්‍රම ප්‍රගුණ කරන්නයි. මෙහි ගල්ලෙනක ලෑලිමත සැතපෙමින් අවුරුදු තුනක් පමණ අපමණ දුකක් වින්දා. ඒ කාලයේ දැව ජාවාරම්කරුවන් විවිධ බාධා හිරිහැර කළත් ඒවාට මුහුණදී මා මේ කැලේ ආරක්‍ෂා කළා. අසූවේ අගභාගයේ ඇතිවුණ භීෂණ කාලයේ මෙහි ආරක්‌ෂාවට හමුදාවෙන්ද හිටියා. ඒ නිලධාරීන් ආරණයත් දියුණු කළා. ගමේ අය එකතුව දැන් ආරන්‍යයත් කැලයත් ආරක්‍ෂා කරනවා. හුදකලාවී ඇති මේ වනාන්තරයේ ලොකුගස් පසුගිය කාලයේ ඇතිවූ සුළං නිසා බිමට ඇද වැටුණා.
ජෛව විවිධත්වය අතින් මේ වනයට ද ඉතා ඉහළ තැනක් හිමිවෙනවා. ඒක දේශීය ශාක විශේෂ, උරග විශේෂ පක්‍ෂීන්, සමනලයන් ක්‍ෂීරපායි සත්තු මත්ස්‍ය විශේෂ වඳවී යැමේ තත්ත්වයක් දැකිය හැකියි.
පහළ අදායම් ඇති අයගෙන් වනාන්තරයට හානි සිදුව ඇත. වනජ ද්‍රව්‍ය එක් රැස් කිරීම දැව සහ දර එක්‌රැස් කිරීමද සිදුවේ.
අපේ රටේ ඇති ප්‍රධානම නිවර්තන වනාන්තරය වන්නේ සිංහරාජ සංරක්‍ෂිත වනාන්තරයයි. 1990 දී සිදුකළ සමීක්‌ෂණයකට අනුව එහි වපසරිය හෙක්‌ටයාර් 8900 කි. කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය වන සංකීර්ණය බඹර බොටුව, මොරපිටිය, රෑනකන්ද, ගිලීමලේ, එරත්න, සිංහරාජයට යාබදව තිබුණ රක්‌ෂිත වනාන්තරයි. මෙකී වනාන්තර අතර සීතල දොළ වන පෙදෙස වැනසීයැමේ තර්ජනයට ගොදුරුව ඇති බව පෙනේ.
පරිසරයේ සමතුලිත භාවය ආරක්‍ෂා කරන වනාන්තර සංවර්ධන කටයුතු සඳහා හෙළිකිරීමෙන් ජල පෝෂක ප්‍රදේශ අහිමිවෙයි. නාකියාදෙණිය ප්‍රදේශයේ වනාන්තර හෙළිකර කටුපොල් වැනි වගා සිදු කිරිම නිසා මුළු ප්‍රදේශයටම නරක දශාවක් උදාවී තිබේ.
අතීතයේ සෞන්දර්යාත්මක වන පෙදෙසක් වූ නාකියාදෙණිය වනපියස රැකගැනීම මතුසමාගම්වල අයගේ මෙන්ම වන සංරක්‌ෂණ නිලධාරීන්ගේද වගකීමකි.
පසුගිය දිනක අපි කන්එළිය වනාන්තරයේ චාරිකාව නිරත වුනා.මේ එහි ජයාරුපයි
අපි ගිය මග
ආපස්ස වැල්- මෙම වැල අතිශය දුර්ලභ ගනයේ වැලකි.මෙම වැල එක් තැනකින් කැපු පසු ස්වභාවික ජලය බෝතල් 3-4 ලබා ගත හැකි අතර පානය සදහා ඉතා සුදුසුය
මේ මකුලුවාගේ ගැහැණිය මකුලු කෑල්ල
හිරු විකසිත වි
නෙළු. උස ගස් කඩා වැටුණු පසු නිරාවරණය වන පොළොවේ මුළින්ම ඇති වෙන පැලෑටි. මේවා අස්සෙ හබන් කුකුළන් සහ වලි කුකුළන් ඉන්නවා. මේවා ටික් වැඩුණු පසු, ඊට තරමක් උස් ශාක වර්ග හැදෙනවා. ඊටත් පස්සෙ උස් ගස් වර්ග. එතකොට මේවා මැරෙනවා.
අවේනික ගොලුබෙල්ලෙක්
වේවැල් ගස
ආවේනික ඕකිඩ් ගසක්
බාදුරා වැලක්

Last edited:
thnx