කන්එළිය චාරිකාව

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
කන්එළිය චාරිකාව

ශ්‍රී ලංකාවේ වැසිවනාන්තර අතර අතීතයේ සිට වැදගත් කමක්‌ ගත් නාකියාදෙණිය දෙදියගල වනාන්තරය දිනෙන් දින විනාශවේ. අක්‌කර සිය ගණනක්‌ විශාලව තිබුණ මේ වනපෙදෙස අද අක්‌කර 25 කට පමණ අඩුවී තිබේ.

අතීතයේ සිංහරාජ වනාන්තරය, කන්එලිය වනාන්තරය, කොට්‌ටව කෝඩල වනාන්තරයට සම්බන්ධවී තිබුණ නාකියාදෙණිය වනපෙදෙස අද හුදකලා වී ඇති වන ගොමුවකි.

ලංකාවේ නිවර්තන වනාන්තර බහුලව දක්‌නට තිබුණ යුගයක්‌ විය. ඒ යටත් විජිත සමයට පෙර පැවැති වකවානුවේදීය. තේ රබර් වගාවන් සමග හෙළිපෙහෙළි කළ මේ නිරිතදිග වැසිවනාන්තර අතර නාකියාදෙණිය වනාන්තර ප්‍රදේශයට නරකම දශාවක්‌ උදාවිය.

තේ, රබර්වලට අමතරව මෑතකදී කටුපොල් වගාවටද මේ වනාන්තර ප්‍රදේශ විනාශ වී ඇත.

ගාල්ලේ සිට උඩුගම බස්‌ මාර්ගයේ නාකියාදෙණිය සිට මාමනදොල ප්‍රදේශයට ගියවිට තවමත් ඉතිරිව ඇති රක්‌ෂිත වනාන්තර ප්‍රදේශත් සීතලදොළ ආරන්‍යය මැදිකර අපට දැකිය හැකියි.

මැයි සිට සැප්තැම්බර් දක්‌වා නිරිතදිග ප්‍රදේශයට ඇදහැලෙන මහා වර්ෂාවන්හි ජලය රඳවාගන්නා මෙකී වනාන්තර ප්‍රදේශවල ඇති ඇළ මාර්ග වනාන්තර හෙළිපෙහෙළි කිරීමත් සමග සිඳීයැමේ තත්ත්වයකට පත්වී තිබේ. ජල උල්පත් රාශියක්‌ ඇති නාකියාදෙණිය වන රක්‌ෂිතයේ ශීතල ජලය නිසාම සීතල දොළ ආරන්‍යය සේනාසනයක්‌ද මෙම වන පියසේ ස්‌ථාපිත වී තිබේ.

එහි වැඩවාසය කරන කොට්‌ටව ශීලවංස නාහිමියන් රක්‌ෂිතවනය ගැන මෙසේ කියති.

කොට්‌ටව කෝඹල වනාන්තරයේ ආරණ්‍යයේ සිට 1981 වර්ෂයේ මා මෙහි ආවේ භාවනාක්‍රම ප්‍රගුණ කරන්නයි. මෙහි ගල්ලෙනක ලෑලිමත සැතපෙමින් අවුරුදු තුනක්‌ පමණ අපමණ දුකක්‌ වින්දා. ඒ කාලයේ දැව ජාවාරම්කරුවන් විවිධ බාධා හිරිහැර කළත් ඒවාට මුහුණදී මා මේ කැලේ ආරක්‍ෂා කළා. අසූවේ අගභාගයේ ඇතිවුණ භීෂණ කාලයේ මෙහි ආරක්‌ෂාවට හමුදාවෙන්ද හිටියා. ඒ නිලධාරීන් ආරණයත් දියුණු කළා. ගමේ අය එකතුව දැන් ආරන්‍යයත් කැලයත් ආරක්‍ෂා කරනවා. හුදකලාවී ඇති මේ වනාන්තරයේ ලොකුගස්‌ පසුගිය කාලයේ ඇතිවූ සුළං නිසා බිමට ඇද වැටුණා.

ජෛව විවිධත්වය අතින් මේ වනයට ද ඉතා ඉහළ තැනක්‌ හිමිවෙනවා. ඒක දේශීය ශාක විශේෂ, උරග විශේෂ පක්‍ෂීන්, සමනලයන් ක්‍ෂීරපායි සත්තු මත්ස්‍ය විශේෂ වඳවී යැමේ තත්ත්වයක්‌ දැකිය හැකියි.

පහළ අදායම් ඇති අයගෙන් වනාන්තරයට හානි සිදුව ඇත. වනජ ද්‍රව්‍ය එක්‌ රැස්‌ කිරීම දැව සහ දර එක්‌රැස්‌ කිරීමද සිදුවේ.

අපේ රටේ ඇති ප්‍රධානම නිවර්තන වනාන්තරය වන්නේ සිංහරාජ සංරක්‍ෂිත වනාන්තරයයි. 1990 දී සිදුකළ සමීක්‌ෂණයකට අනුව එහි වපසරිය හෙක්‌ටයාර් 8900 කි. කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය වන සංකීර්ණය බඹර බොටුව, මොරපිටිය, රෑනකන්ද, ගිලීමලේ, එරත්න, සිංහරාජයට යාබදව තිබුණ රක්‌ෂිත වනාන්තරයි. මෙකී වනාන්තර අතර සීතල දොළ වන පෙදෙස වැනසීයැමේ තර්ජනයට ගොදුරුව ඇති බව පෙනේ.

පරිසරයේ සමතුලිත භාවය ආරක්‍ෂා කරන වනාන්තර සංවර්ධන කටයුතු සඳහා හෙළිකිරීමෙන් ජල පෝෂක ප්‍රදේශ අහිමිවෙයි. නාකියාදෙණිය ප්‍රදේශයේ වනාන්තර හෙළිකර කටුපොල් වැනි වගා සිදු කිරිම නිසා මුළු ප්‍රදේශයටම නරක දශාවක්‌ උදාවී තිබේ.

අතීතයේ සෞන්දර්යාත්මක වන පෙදෙසක්‌ වූ නාකියාදෙණිය වනපියස රැකගැනීම මතුසමාගම්වල අයගේ මෙන්ම වන සංරක්‌ෂණ නිලධාරීන්ගේද වගකීමකි.


පසුගිය දිනක අපි කන්එළිය වනාන්තරයේ චාරිකාව නිරත වුනා.මේ එහි ජයාරුපයි

390292_2453547336985_1201083467_2184013_1127503934_n.jpg


388364_2453555497189_1201083467_2184017_334589235_n.jpg


388364_2453555657193_1201083467_2184019_240193159_n.jpg


381863_2453569577541_1201083467_2184026_339880466_n.jpg


381863_2453569657543_1201083467_2184028_1009711256_n.jpg


388137_2453580537815_1201083467_2184033_85746464_n.jpg

391867_2453595218182_1201083467_2184039_498598749_n.jpg

අපි ගිය මග
391867_2453595298184_1201083467_2184041_1740288156_n.jpg


ආපස්ස වැල්- මෙම වැල අතිශය දුර්ලභ ගනයේ වැලකි.මෙම වැල එක් තැනකින් කැපු පසු ස්වභාවික ජලය බෝතල් 3-4 ලබා ගත හැකි අතර පානය සදහා ඉතා සුදුසුය

383898_2453604818422_1201083467_2184048_1559895635_n.jpg

383898_2453604858423_1201083467_2184049_1935807588_n.jpg

මේ මකුලුවාගේ ගැහැණිය මකුලු කෑල්ල
383240_2453612138605_1201083467_2184055_1085894244_n.jpg


හිරු විකසිත වි

383240_2453612178606_1201083467_2184056_611657140_n.jpg


383240_2453612218607_1201083467_2184057_461096647_n.jpg


384451_2453624578916_1201083467_2184063_1665453712_n.jpg

නෙළු. උස ගස් කඩා වැටුණු පසු නිරාවරණය වන පොළොවේ මුළින්ම ඇති වෙන පැලෑටි. මේවා අස්සෙ හබන් කුකුළන් සහ වලි කුකුළන් ඉන්නවා. මේවා ටික් වැඩුණු පසු, ඊට තරමක් උස් ශාක වර්ග හැදෙනවා. ඊටත් පස්සෙ උස් ගස් වර්ග. එතකොට මේවා මැරෙනවා.

388852_2453631459088_1201083467_2184069_378268794_n.jpg


අවේනික ගොලුබෙල්ලෙක්
375492_2453637339235_1201083467_2184071_1966788797_n.jpg

වේවැල් ගස
375391_2453639619292_1201083467_2184073_765643487_n.jpg


390636_2455815593690_1201083467_2184434_1590509224_n.jpg



374255_2455895715693_1201083467_2184451_937676706_n.jpg


374255_2455895795695_1201083467_2184453_155177364_n.jpg

ආවේනික ඕකිඩ් ගසක්

166907_2455927916498_1201083467_2184465_1778690029_n.jpg

බාදුරා වැලක්

166907_2455927956499_1201083467_2184466_116505125_n.jpg


166907_2455928156504_1201083467_2184469_1283821563_n.jpg


376098_2455959797295_1201083467_2184485_259035092_n.jpg


383644_2455986317958_1201083467_2184503_2057768737_n.jpg


376098_2455959917298_1201083467_2184487_755649631_n.jpg


376098_2455959957299_1201083467_2184488_172247685_n.jpg


383644_2455986357959_1201083467_2184504_876228482_n.jpg




392043_2456005598440_1201083467_2184510_369867250_n.jpg





photo.php
 
Last edited:

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මෙතනට යන විදිහ ගැන පොඩි විස්තරයක් දාපන්කො මචං.....පාර කොහොමද කියල එහෙම....
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මෙතනට යන විදිහ ගැන පොඩි විස්තරයක් දාපන්කො මචං.....පාර කොහොමද කියල එහෙම....


    ගාල්ලේ සිට උඩුගම බස්‌ මාර්ගයේ නාකියාදෙණිය සිට මාමනදොල ප්‍රදේශයට ගියවිට කන්එලිය රක්ෂිතයේ පිවිසුම් දොරටුව හම්බවනවා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගාල්ලේ සිට උඩුගම බස්‌ මාර්ගයේ නාකියාදෙණිය සිට මාමනදොල ප්‍රදේශයට ගියවිට කන්එලිය රක්ෂිතයේ පිවිසුම් දොරටුව හම්බවනවා.

    Machan Methana Godak "loku" athi neda?

    Ara Ubalath ekka giya "Usa ekage" Photo ekak Nadda??
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    නාකියාදෙණිය සිට මාමනදොල ප්‍රදේශයට ගියවිට දොරටුව හම්බවනවා.

    he he ....ela kiri Machan........