ජලාශයෙන් එක්රැස් කර ගන්නා ජලය, කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලැබෙයි.ජලාශයෙහි උපරිම දිග කිලෝ මීටර 4.8 ක් සහ උපරිම පළල කිලෝ මීටර 2.3 පමණ වන අතර, වර්ග කිලෝමීටර 102 ක පමණ ප්රදේශයක එය පැතිර පවතියි. ජලාශයෙහි සමස්ථ ජල ධාරිතාවය ඝන මීටර 33300000ක් පමණ වෙයි.
ජලාශය අවට වූ සුන්දර වටපිටාව හා වසර පුරාම ජලය රැඳී තිබීම හේතුවෙන්, කණ්ඩලම ජලාශය වත්මන් ශ්රී ලංකාවේ ජනප්රිය සංචාරක කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙයි.
source: https://hiitravellers.com/kandalam-lake-dambulla-sri-lanka/