වවුල්පනේ හිරිගල් ගුහාව - කල්තොට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,548
    113
    Colombo, Sri Lanka
    හුණුගල්වලින් නිර්මාණය වුණු ඉතා අලංකාර සහිත තැනක් ලෙස වවුල්පනේ හිරිගල් ගුහාව ප්‍රකට යි. එයට අමතර ව සොබාදහම හුණුගලින් නිර්මාණය කළ සුන්දර දිය තටාක සහිත තැනක් බලංගොඩ කල්තොටට නුදුරුව වලවේ ගං නිම්නයේ වනගත ව පිහිටා තිබෙනවා.

    YCmcOPD.jpeg


    අප රටේ ද පසට යටින් සමහර ප්‍රදේශවල පොළොවෙන් සියයට 10 ප්‍රමාණයක පිහිටා තිබෙන්නේ හුණුගල තට්ටුවක්. හුණුගල් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට්වලින්. ලංකාවේ හුණුගල් ගුහා රාශියක් විවිධ ඉසව්වල දකින්න ලැබෙනවා.

    YOSijsC.jpeg


    ඒවායින් කිහිපයක් නම් වවුල්පනේ, මාරපන, පන්නිල, සීතාකොටුව, සඳගිරිය, නිල්දිය පොකුණ, ඉදල්ගස්හින්න, රොටුපිහිල්ල, යාපනය පෙරියමන්ඩපම්, මාතලේ, ඕපනායක ඇඳිරිලෙන ආදිය සඳහන් කළ හැකි යි. හුණූගල් ගුහාවලට අමතර ව ඇතිවන තවත් භූ ලක්ෂණයක් ලෙස හුණුගලින් නිර්මිත ජල තටාක දැක ගත හැකි යි. අද අප කතාකරන බලංගොඩ කල්තොට හැරුණු විට‍ හුණුගලින් නිර්මිත ජල තටාක තිබෙන්නේ බුත්තලට ආසන්න මොරටුකන්ද වනාන්තරයේ යි.


    CxvlsFO.jpeg


    ලෝකයේ සංචාරකයන් අතර ප්‍රකට හුණුගල් තටාක රාශියක් ගැන අපට අහන්නට ලැබෙනවා. ලංකාවේ ඇත්තේ කුඩා හුණුගල් තටාක වුවත් චීනය, තුර්කිය, ජෝර්ජියාව, අමෙරිකා එක්සත් ජනපදය. ඉරානය, හංගේරියාව ඇතුළු රටවල විශාල හුණුගල් තටාක සංකීර්ණ දකින්න ලැබෙනවා. ජලයෙන් පිරුණු මේ පොකුණු නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවනවා.

    5PwaSSv.jpeg

    චීනයේ හුවැංලොංහි හුණුගල් පොකුණු- franks-travelbox.

    වලවේ ගඟේ දියඇල්ලක් වන දූවිලි ඇල්ල ආසන්නයේ තමයි මේ අලංකාර පොකුණු දකින්න ලැබෙන්නේ. මේවා පසුගිය කාලයේ දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබුණා. විශාල වශයෙන් සංචාරකයන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් හුණුගල් තටාකවල ඉවුරු පවා විනාශ වන නිසා පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවාට අනවසරයෙන් පිවිසීම නතර කළ බව වාර්තා වුණා.

    O8vc3Wz.jpeg


    මුල්ගම, රජවක මහ වනය මැද හුණුගල් වර්ධනය වී ජලය සමඟ මිශ්‍ර වී හුණුගල් පොකුණු තැනී තිබෙනවා. බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි.

    P9aMnan.jpeg
    XtAmo57.jpeg

    දුහුවිලි ඇල්ල

    ඉද්දගල ආර වනාන්තරයේ දකින්නට ලැබෙන්නේ වියළි මිශ්‍ර කැලයක්. මේ කැලය මැදින් කුඩා දොළක් ගලා බසින්නේ හුණුගල් තට්ටුවක් මතින්. එම දොළ පාර කිලෝමීටර් කිහිපයක් දුරට හුණුගල් තට්ටුව මතින් ගලාගෙන යනවා. අවට හේන් වගා කර තිබුණු ලක්ෂණක් එහි දකින්න ලැබෙනවා. පසුව මෙම ජල මාර්ගය පිවිසෙන්නේ විවිධ වක්‍රාකාර හැඩයෙන් යුත් හුණුගල් පොකුණු වෙතට යි. එහි ජලය පසුව එක්වන්නේ වලවේ ගඟට යි.

    X93GiaO.jpeg


    මෙම රක්ෂිතය වන අලින්ද සිටින පෙදෙසක්. බොහෝවිට උඩවලව හරහා සංක්‍රමණය වන අලින් විවිධ අවස්ථාවල මෙම රක්ෂිතය හරහා ගමන් කරනවා.
    හුණූගල හරහා ගලා එන දොළ පාරෙන් නිර්මිත පොකුණු දකින්නට ලැබෙන්නේ හෙල්මළු ආකාරයට යි. කුඹුක් ගසින් පිරුණු වටපිටාවක ලොකු කුඩා තටාක විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි.


    4LCqmdD.jpeg


    වර්ග අඩි 50-30 වැනි ලොකු තටාකවල සිට වර්ග අඩි 5, 10 දක්වා කුඩා තටාක මෙන්ම ගැඹුරින් අඩි 1, 2 සිට අඩි 12 දක්වා යුතු තටාක ද පිහිටා තිබේ. මෙම හුණුගල් තටාක අඩසඳාකාර ව පවතින අතර එහි දාරය දෘඩව පවතී. තටාකයේ අඩිය ද පැති බිත්ති ද හුණුවලින් ම නිර්මාණය වී පවතී. තටාකවල ජලය සුනිල්වන් පැහැයෙන් යුක්ත වුද පානය කිරීමට නොහැක්කේ හුණු අධික සාන්ද්‍රණයකින් පැවතීමෙන් හටගන්නා කඨින ස්වභාවය නිසාය

    3rqdQzM.jpeg
    n2lK5LM.jpeg


    පොකුණුවලට නුදුරින් වනය මැදින් හුණුගල අතරින් කඩාහැලෙන කුඩා දියඇලි දෙකක් ද පිහිටා තිබෙනවා. ප්‍රධාන හුණුගල් ඇල්ලේ උස මීටර් 40ක්. එය අවට පර්වතවල කොළ පාටින් පාසි බැඳී තවත් සුන්දරත්වය වැඩිවී තිබෙනවා. හුණුගල් තට්ටු හා හිරිලඹ මතින් තමයි ඇල්ල කඩාවැටෙන්නේ.

    IHGWh5N.jpeg


    අවට පැතිර තිබෙන්නේ විශාල හුණූගල් පර්වත යි. මෙම ඇල්ලෙන් වැටෙන ජලය ටික දුරක් ගලාගෙන ගොස් නැවත හුණුගල් තට්ටුවක් මතින් වැටීමෙන් තවත් කුඩා දියඇල්ලක් තනනවා. කළුගල් මතින් කඩා හැලෙන දිය ඇලි දැක ඇති අපට හුණුගල් මතින් වැටෙන දිය ඇලි අපූර්වත්වයක් ගෙනෙනවා. වවුල්පනේ ගුහාව තුළ ද හුණුගල් හරහා වැටෙන දියඇල්ලක් දැකගත හැකි යි.

    ZTgXvsf.jpeg
    uSSpMtQ.jpeg


    මෙය අප රටේ කලාතුරකින් දකින්නට ලැබෙන සොබාදහමේ සුන්දර නිර්මාණයක්. එවැනි දුලබ තැන් රැකබලා ගැනීම අපගේ යුතුකමක් වෙනවා. පසුගිය කාලයේ සමහර සංචාරකයන් අතින් සිදුවුණු විනාශකාරී සිද්ධි සහ වගකීම් විරහිත ක්‍රියා නිසා හුණුගල් පොකුණුවලට සිදුවුණු හානිය ඇති මහත්. එම නිසා එය වැඩි පිරිසකට නැරඹීමේ අවස්ථාව අහිමි වීම කනගාටුවට කරුණක් වෙනවා.




    මුලාශ්‍ර:
    chanu vlogs facebook page
    අසිරිමත් උඩවලව- ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි
    Lankadeepa.lk - ශමින්ද රන්ශාන් ප්‍රනාන්දුගේ ලිපි
    බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    yourchoiceway.com
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    ඔව් මේක ඇත්ත. කට්ටිය ගිහින් වැඩේ හාලා හින්ද දැන් යන්න අවසර ගන්න අමාරුයි :yes:
    මුලින් යන්න දුන්නා.. පස්සෙ අපෙ අයියලා පොලිමෙ නාගන්න ගියා..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,548
    113
    Colombo, Sri Lanka
    මුලින් යන්න දුන්නා.. පස්සෙ අපෙ අයියලා පොලිමෙ නාගන්න ගියා..
    ඔව් ඒක තමයි. නතර කරපු එක හොඳයි. ඉවුරු දිගේ ඇවිදගෙන ගියාම සමහර තැන් වලින් කැඩෙන්න අරගෙන :yes: