කන්ඩලම වැව, දඹුල්ල

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    1697866176602.png
    කණ්ඩලම වැව ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේ කණ්ඩලම පිහිටා ඇති පුරාණ වැවකි. එය උස මීටර 21 (අඩි 69) ක් හා පළල මීටර 1600 (අඩි 5200) ක් පමණ වන වේල්ලකින් සමන්විත වෙයි. දඹුල්ල රජමහා විහාරයේ සැතපෙන බුදු පිලිමයේ කණ් සඟලට පිදූ භූමියක ඉදිකල නිසා කණ්ඩලම නම ලැබී ඇත.

    ජලාශයෙන් එක්රැස් කර ගන්නා ජලය, කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලැබෙයි.ජලාශයෙහි උපරිම දිග කිලෝ මීටර 4.8 ක් සහ උපරිම පළල කිලෝ මීටර 2.3 පමණ වන අතර, වර්ග කිලෝමීටර 102 ක පමණ ප්‍රදේශයක එය පැතිර පවතියි. ජලාශයෙහි සමස්ථ ජල ධාරිතාවය ඝන මීටර 33300000ක් පමණ වෙයි.

    ජලාශය අවට වූ සුන්දර වටපිටාව හා වසර පුරාම ජලය රැඳී තිබීම හේතුවෙන්, කණ්ඩලම ජලාශය වත්මන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙයි.
    🏞
    🏊‍♀️


    source: https://hiitravellers.com/kandalam-lake-dambulla-sri-lanka/