කන්දත්_නැහැ_රස්සාවත්_නැහැ

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
කන්දත්_නැහැ_රස්සාවත්_නැහැ

කන්දත් නැහැ -පොලිසියේ රස්සාවත් නැහැ



_97250733_photo.jpg


දිනේෂ් සහ තරකේශ්වරී රතෝඩ්

එවරස්ට් කන්ද තරණය කළ පළමු ඉන්දියානු ජෝඩුව තමන් යයි කියා ගත් පොලිස් භටයන් යුවළකට එම වාර්තාව පිළිබඳ කීර්තිය පමණක් නොව ඔවුන්ගේ රැකියා ද අහිමි විය.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත පොලිසිය ඔවුන් දෙදෙනා රැකියා වලින් නෙරපා හැර තිබෙන්නේ එවරස්ට් තරණය කළේ යයි පවසමින් පොලිස් යුවළ බොරුවක් කර ඇති බව පවසමිනි.
ඉන්දියානු පොලිසියේ කොස්තාපල් වරුන් වන දිනේෂ් සහ තරකේශ්වරී රතෝඩ් නම් අඹු සැමියන් පසුගිය වසරේ ප්‍රකාශයක් කරමින් තමන් දෙදෙනා සාර්ථකව එවරස්ට් මුදුනට ලඟා වූ බව කියා තිබුණි.


එහෙත් ඔවුන් එවරස්ට් මුදුනේ සිටින ආකාරය දැක්වෙන පින්තූර ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිමවන ලද ඒවා වන බව පරීක්ෂණයක දී හෙළිදරව් වී ඇත.
එවැනි විභාගයක් ආරම්භ කෙරුණේ සෙසු කඳු නගින්නන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි කිරීම්වලින් පසුවයි.


_97250734_fake.jpg


එවරස්ට් කඳු මුදුන - මේ පින්තූරයේ සිටින්නේ දිනේෂ් සහ තරකේශ්වරී රතෝඩ් යුවළ නොවන බව හෙළි වී ඇත.


පොලිස් ජෝඩුවට එවරස්ට් වීර සහතිකය නිකුත් කළ නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුව එම සහතිකය අවලංගු කරමින් ඔවුන් දෙදෙනාට දස වසරක කඳු තහනමක් ද පනවා ඇත.
පසුගිය වසරේ වසන්ත සමයෙහි 450 කට අධික කඳු නගින්නන් එවරස්ට් තරණය කර ඇත.

BBC Sinhala
 
Last edited: