කන්දේ හැපුන මහ වනන්තරේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕකෙ දුර පෙන්නන ගැජට් එක කොම්පැණි දෙකකින් හදන්නෙ එකකට එකක් පෙන්නන විදිය වෙනස්ලු..ඒක ෆයිලට්ලට කලින් කියල නැති නිසා ඔහොම උනා කියන්නෙ..ෆයිලට්ල දෙන්න හදිස්සියෙ ඔය ගමනට දාල තියෙන්නෙ.
    නෑ බං. දුර පෙන්වන එකේ දෝෂයක් තිබිලා. ඒක මේ pilot ලාට report කරලා නෑ කියලා තිබුණා

    මට මතකයි ඉස්සර ඔය කතාව තාත්තා අපට කියනව. තාත්තත් ගියාලු ඒ දවස් වල ඕක බලන්න. අපි අහල තියෙන කතාව පොඩ්ඩක් වෙනස්. අපේ කටුනායකින් වැරදිලා elevation data දුන්න කතාවක් තමයි තාත්ත කිව්වේ. පස්සේ ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඒ ගැන හංගන්න කළු පෙට්ටිය අරන් ගියා හරි විනාශ කලා හරි කියලා. ඒකයි තාමත් ඒක සැකයි කියන්නේ. ඒ කාලේ ඕක ලංකාවේ වැරද්දක් කියල දනගත්තා නම් කෙල වෙන නිසා වෙන්න ඇති මොකද ඔය මැරුණ මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සු නෙවේ elite class එකේ මිනිස්සු කියලා මමත් අහල තියෙනවා. සත්‍ය නොදනිමි ඉතින්.
    දුර වැරදිලා කියපු නිසා air traffic controler උපදෙස් දුන්නලු decend කරන්න කියලා..
    40 miles to airport කියන එක 14 miles to airport කියලා තමයි atc ට ඇහිලා තියනවා.. එක නිසා ඌ කියලා උස වැඩි decend කරන්න කියලා කියන්නේ.. දුර මනින meter එකේ දෝෂයන් තිබුණා කියලා කලින් fly කරපු pilots ලා note එකක් දාලා තියනවා. ඒක මේ pilots ලා දැනුවත් වෙල නෑ..
    හරි නම් 40 miles to airport කියන එක ආරක්ෂිත පියවරක් විදියට repeat කරන්න ඕන I repeat four zero කියලා. ඒක වැරදුනා ද දන්නේ නෑ
    ------ Post added on Oct 14, 2023 at 9:29 AM
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    mam fb eke traveling groups walata join wela innawa... trip planning buwala keepa dekek fb ekata ad karagenath innawa... hebei mam dekala naane un kawuruth sapthya kanya kandu panthiye yanawa...

    ubala dannawada mokak hari reason ekak ee gena?
    ඕක රක්ෂිත යක්. පොලිසියෙන් තව ෆොරස්ත් එකෙන් අවසර ගන්න ඕනි

    හරි හමන් ට්‍රෙල් එකක් නෑ හයික් කරන්න

    කොටි ඉන්නවා. තව හොල්මනුත් ඉන්නවා ලු :P

    ඒ පැත්තේ ඉන්න බුවෙක් එක්ක තමයි යන්න ඕනි පළාත හුරු.

    නිතරම වැසි සහිත කාලගුණය.

    ගියත් රෑට කෑම්පින් කරන්නවත් තැනක් තියෙනවද දාන්නේ නෑ.

    ඔයා හේතු නිසා අපිත් යන්න හිතන් හිටපු ගමන අතැරව්ව.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ලංකාවේ සිදු වූ දරුණුම ගුවන් යානා අනතුර පිළිබඳව කියැවෙන ඇන්ටන් ජෝන්ස් ගායනා කරන ඉහත ගීතය මීට වසර ගණනාවක සිට අද දක්වාම කා අතරත් එක සේ ජනප්‍රිය යි. මේ ගීතය සඳහා පාදක වෙන්නේ 1974 දෙසැම්බර් 4 වැනි දා ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ, මස්කෙළියේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳුවැටියේ (Seven Virgin Hills) හැපුණු මඟී ප්‍රවාහන ගුවන් යානයක් පිළිබඳව යි

    NuFeLuK.jpg

    සප්ත කන්‍යා කඳුවැටිය


    ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොළ බලා ගුවන් ගත වූ මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ ඩී. සී. 8 ගුවන් යානය අතරමඟ දී ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ද තීරණය වී තිබුණා.



    HnL0iGx.jpg

    McDonnell Douglas DC-8 ගුවන් යානය


    මාටින් එයාර් 138 (Martinair Flight 138) පියාසර අංකය යටතේ ගමන් ආරම්භ කළ ගුවන් යානයේ මඟීන් 182ක් වූ අතර කාර්යමණ්ඩලයේ 9 දෙනෙකු සමගින් සියලු දෙනා 191 දෙනෙක් විය. මොවුන් මක්කම වන්දනාවේ යන ඉස්ලාම් භක්තිකයන් ලෙස ද සඳහන් වෙනවා. ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කරන්නේ පළපුරුදු ගුවන් නියමුවෙකු වූ හෙන්ද්‍රික්‌ ලම්මේ (Hendrik Lamme) යි.


    tYPQnrS.jpg




    1974 දෙසැම්බර් 4 වෙනිදා වේලාව රාත්‍රි 10.10ට පමණ සප්ත කන්‍යා කඳුවැටියේ සිව්වන කන්දේ හැප්පෙන ගුවන් යානය පළාතම දෙදුරුම්කමින් විනාශයට පත් වෙනවා. මෙහි දී යානයේ ගමන් කළ සියලුම මඟීන් හා කාර්යමණ්ඩලයේ සියලු දෙනා ඇතුළුව 191 දෙනාම මරණයට පත් වෙනවා.


    zTB4ji5.jpg




    ගුවන් අනතුර පිළිබඳව කොළඹට ආරංචි වීමට ටික කාලයක් ගත වෙන අතර, පසු දා ගුවන් හමුදාවෙන් අනතුර සිදු වූ ස්ථානය වෙත හෙලිකොප්ටරයක් එවනු ලබනවා. මේ වන විටත් ගම්වැසියන් හා පොලීසිය අදාළ ස්ථානයට ළඟා වී සිටිනවා. ගුවන් අනතුරෙන් මරණයට පත් වූ අයගේ හමු වූ සිරුරු කොටස් ඊට පහළින් භූමදානය කරනු ලබනවා. ගුවන් යානයේ සිටි එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුරක් ඇයගේ පෙම්වතා විසින් නැවත නෙදර්ලන්තයට ගෙන ගොස් භූමදානය කර තිබෙනවා. බිමට පතිත වූ ගුවන් යානයේ කොටස් හා මඟීන්ගේ බඩු-බාහිරාදිය අනතුර බැලීමට පැමිණි විවිධ අය විසින් රැගෙන යනවා. පසුව එම කොටස් විශාල මිල ගණන්වලට විකුණා ඇති බවත් සඳහන් වෙනවා.



    GjO3oKp.jpg
    FDDh0u1.jpg




    ගුවන් අනතුර පිළිබඳව පසුව පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර, මාටින් එයාර් DC 8 විශේෂ ජෙට් ගුවන්යානාව නිෂ්පාදිත නෙදර්ලන්ත සමාගමේ විශේෂ පර්යේෂක කණ්ඩායමක් හා මාටින් එයාර් ගුවන් සමාගමේ කණ්ඩායමක් මෙරටට පැමිණෙනවා. ඔවුන් මේ සම්බන්ධව පර්යේෂණවල නියැලෙන අතර, ගුවන් යානයේ අවසන් දත්ත සටහන් වන කළු පෙට්ටිය සොයාගැනීමට එම කණ්ඩායම් විසින් උත්සාහ කරනවා.


    PYzvJUb.jpg




    කළු පෙට්ටියේ යම් කිසි කොටස් කිහිපයක් හමුවෙන නමුත්, ඔවුන්ට අවශ්‍ය වන කොටස් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් අනතුරට පත් වීමට බලපෑ නිවැරදිම හේතුව සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායම්වලට හැකියාව ලැබෙන්නේ නෑ. ඇසින් දුටුවන් ගුවන්යානය වෙනදාට වඩා පහළ මට්ටමකින් ගමන් කරනු දුටු බව සඳහන් කරන අතර, ගුවන්යානයේ ගිනි ගැනීමක් හෝ එන්ජින්වල දෝෂයක් පිළිබඳ සාක්ෂි හමුවන්නේ නෑ.

    KPge0xo.jpg




    ගුවන් යානය අනතුරට ලක් වීමට කලින් අවසාන වශයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා පණිවුඩ හුවමාරු කරගෙන තිබූ අතර, කටුනායකින් ලබාදුන් උපදෙස් නියමුවාට නිසියාකාරයෙන් ග්‍රහණය නොවීම අනතුරට හේතුවක් වනන්ට ඇතැ යි අනුමාන කරනවා. නමුත්, එම අනුමානය නිවැරදි ලෙසම තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ.

    5ZmZeoL.jpg

    අනතුර සිදුවූ ස්ථානය


    කටුනායක ගුවන් තොටුපොළ ලෙස වරදවා වටහාගෙන යානයේ නියමුවා ගුවන් යානය පහත කර ඇති බවත්, එම අවස්ථාවේ දී යානය කන්දේ ගැටුණු බවත් පර්යේෂකයෝ කරන තවත් අනුමානයක්. ලක්ෂපාන ආදී ජල විදුලි බලාගාර ආසන්නයේ පිහිටීම හේතුවෙන් ඒවාගේ විදුලි ආලෝකය කටුනායක ගුවන් තොටුපොල ලෙස ගුවන් නියමුවා විසින් වරදවා වටහාගෙන ඇති බව එම අනුමානවල සඳහන් වෙනවා.

    995sOnr.jpg




    අනතුර සිහි වීම සඳහා සප්ත කන්‍යා කඳු පාමුල කුඩා ස්මාරකයක් තනා තිබෙනවා. ගුවන් අනතුරෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීම සඳහා මෙම ස්මාරකය අසලට විදෙශයේ සිටින ඔවුන්ගේ හිතවතුන් සමහර දිනවල දී පැමිණෙනවා.


    3oMsmwI.jpg




    ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබෙන්නේ එම ගුවන් අනතුර සිහි වීම පිණිස යි. එමෙන්ම, ගුවන් යානයේ දොර කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබෙන ආකාරය අද වුව ද දැකගන්න පුළුවන්.

    bMkssTt.jpg

    අනතුර පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු




    මූලාශ්‍රයයන්:
    lankadeepa.lk
    sundayobserver.lk
    Blogger Lasantha Kularathna
    Roarmedia
    Pictures from Internet
    අදට අවුරුදු 50 ක් වෙනවා.
    අනතුරින් මියගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    Similar threads