කන්ද උඩරටින් හැදෙන හත්මාළුව
හත්මාළුව සාදා ගන්නා ආකාරය ගැන දැන ගැනීමට පෙර හත්මාළුව ආහාරය සඳහා භාවිතා කරන්නේ ඇයි ද යන්න දැන ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම කන්ද උඩරට ආවේනික සිරිත් විරිත් බොහොමයක්ම ඈත අතීතයේ සිටම පැවත එනු ලැබේ. අදට ද එම සිරිත් විරිත් චාරිත්‍ර බොහොමයක් අනුගමනය කරනු ලබන්නේ සිමිත පිරිසකි. එම නිසා මේ පිළිබඳව දැනුම්වත් වීම කාලීන අවශ්‍යතාවකි.
එදා කන්ද උඩරට ජනතාව හත් මාළුව අවස්ථා තුනකදී සාදා ගත්තේය. ඒ අඩුක්කු මංගල්ලයේදී, සිංහල සහ හින්දු අලූත් අවුරුද්දේදී සහ දෙයියන්ගේ ලෙඩ හැදුන අවස්ථාවේදීය. ය. අඩුක්කු මංගල්ලය යනු කන්ද උඩරට ජනතාව ගොවිතැන් කර පළමු අස්වැන්න ලබා ගැනීමෙන් පසු කෙරෙන උත්සවය වේ. මෙහිදී පළමුව සහලෙන් බත පිළියෙල කර දෙවියන්ට පිළිගන්වා දෙවනුව බත හත්මාළුව සමඟ ආහාරයට ලබා ගනී.
දෙවැනි අවස්ථාවට හත් මාළුව සාදා ගනු ලබන්නේ අලූත් අවුරුද්දේ හිස තෙල් ගාන දවසේදී ආහාරයට ගැනීම සඳහාය. ස්නානයෙන් පසු ආහාර අනුභව කිරීමේදී පවුලේ සියලූ දෙන එකතුවබත සමග හත්මාළුව ආහාරයට ගනී. අලූත් අවුරුදු කාලයේදී ලොකු, කුඩා, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විවිධ ආහාර දාව්‍ය තේරීමකින් තොරව ආහාරයට ගනී. එහිදීි ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය වලින් වන හානිය අවම කර ගැනීම සඳහා හත්මාළුව පිළියෙල කර ගනී.
තෙවැනි අවස්ථාව පැපොල වැනි දෙයියන්ගේ ලෙඩ සෑදුණ පසු දින හතක් ඉක්ම යාමෙන් අනතුරුව ස්නානය කරනු ලැබේ. එහිදි හත්මාළුවට කරෝල හෝ හාල්මැස්සන් ද දමා පිළියෙල කර ආහාරයට ලබා දෙයි. එය ගුණදායක ආහාරයකි.
මෙහිදි තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුව තිබේ. එනම් හත්මාළුව සමග බත බෙරි කර සාදා ගනු ලැබේ.
(සාමාන්‍යයෙන් අප බත ආහාරයට ගනු ලබන්නේ බෙරි කරන්නේ නැතුවය.)
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය
පළමුව එළවළු හත සෝදා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. කොල්ලූ පියලි කර කුඩා කැබලි ලෙස පිළියෙල කර ගත යුතුය. ඉන්පසු ලිප උඩ භාජනයක් තබා එයට ජලය අවශ්‍ය ප්‍රමාණයට දමා, කපාගත් එළවළු ද එම භාජනයට දමා තම්බා ගන්න. එයටම කැබලි කර ගත් කොල්ලූද දමන්න.
ඉන්පසු අමු ඉඟුරු සුදුලූනු හොඳින් අඹරා ගුළියක් ආකාරයෙන් සාදා ගන්න. මෙම හත්මාළුම උයා ගැනිම සඳහා මැටි භාජනයක් හෙවත් මුට්ටියක් භාවිතා කළ යුතුව තිබේ.
ඉන්පසු තෙල් ටිකක් ලිපේ තියා, අබ ස්වල්පයක් ගෙන තෙලෙන් බැද ගන්න. රම්පේ, කරපිංචා, ලූනු රන්වන් පාට එනතෙක් බැද ගැනීමත් අවශ්‍ය වේ. එහිදී ඉතා ස්වල්ප වශයෙන් තෙල් භාවිතා කළ හැකි වුවත්, තෙල් භාවිතා නොකර වුවද, බැද ගත හැකිය. තම්බාගත් කිරිඅල පිටි වන ආකාරයෙන් පොඩි කර ගන්න.
අවසානයේදි ඉහත තම්බාගත් එළවළු, අමුඉඟුරු සුදුලූනු අඹරාගත් ගුළිය, රන්වන් පැහැය එනතුරු බැදගත් රම්පේ, කරපිංචා, සියඹලා බොරය, පිටිකර ගත් කිරිඅල සියල්ල මුට්ටියට දමා මිශ්‍ර කර ලිපඋඩ තබා පිසගන්න. අවසානයේ හත්මාළුව ලෙස මෙය ආහාරයට ගත හැකිය. සාමාන්‍ය යෙන් හත් මාළුවට පොල් කිරි දමන්නේ නැත.
ඉහත සඳහන් කළ එළවළු හතෙන් එකක් සොයා ගත නොහැකි නම් ඒ වෙනුවට වට්ටක්කා ද භාවිිතා කිරීමට හැකියාව පවතී.
සටහන සහ ජායාරූප
සිසිර කුමාර බණ්ඩාර
.
lankadeepa

- බටු
- කැකිරි
- මුරුංගා
- මෑ කරල්
- කිරිඅල
- කොස්ඇට
- කොල්ලූ
- තුනපහ කුඩු
- කරපිංචා, අමුමිරිස්, කරල් මිරිස්, අබ
- සියඹලා (සියඹලා බොරය සාදා ගත යුතුයි.)
- අමු ඉඟුරු
- සුදුලූනු
- පොල් තෙල් ස්වල්පයක් (මෙම ද්‍රව්‍ය වල ප්‍රමාණය ඔබ ගේ පවුලේ සාමාජිකයන් ගේ සංඛ්‍යාව හෝ අවශ්‍යතාව අනුව තීරණය කළ යුතුව තිබේ.)