තැම්බුම් හොද්ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    461396144_1087677069466323_1414368080602442158_n.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය
    1. කොත්තමල්ලි මිටක්
    2. සූදුරු තේ හැදි 2ක්
    3. මහදුරු තේ හැදි කාලක්
    4. සුදුලූණු බික් 4 - 5 ක්
    5. ගොරකා කැබලි 3-4 ක්
    6. සියඹලා ස්වල්පයක්
    7. ගම්මිරිස් ඇට ස්වල්පයක්
    8. කරපිංචා ඉති 2ක්
    9. මුරුංගා පොතු කුඩා කැබලි 2ක්
    10. පොත්ත හැර අඟලක පමණ අමු ඉඟුරු කැබැල්ලක්,
    11. කුරුඳු පොතු කැබැල්ලක්
    12. උළුහාල් ස්වල්පයක්
    14. ජලය අඬු කෝප්ප 4ක් පමණ
    සාදන ක්‍රමය ;
    කොත්තමල්ලි, සූදුරු, මහදුරු, සුදුලූනු,ගම්මිරිස්, කරපිංචා, මුරුංගා පොතු, කුරුඳු පොතු අඹරා පිරිසුදු කළ මුට්ටියකට දමා ජලය අඩු කෝප්ප 4ක් දිය කර ගන්න. එයටම උළුහාල් ටිකද දමන්න.
    මීට ලුණු ස්වල්පයක් ද අවශ්‍ය තරමට එක් කරගන්න.
    මිශ්‍රණය සමග මුට්ටිය ලිප තබා හොඳින් තම්බා ගන්න.
    මද වේලාවකට පසුව ද්‍රව්‍ය තැම්බි පදමට ආ පසු ලිපෙන් බා මද උණුසුමින් පානයක් ලෙස කෑමට පෙර ගන්න.
    ආහාර ගන්නා අතරටද පානයක් ලෙස භාවිතා කල හැකිය.
    ✍️
    ප්‍රතිශක්තිය ඇතිකරයි.
    ✍️
    ආහාර අරුචිය නැති කරයි. බඩේ අජීරණයට ද ගුණයි.
    ✍️
    කොලෙස්ටරෝල් හා දියවැඩියාව ඇති අයට ද ඉතාමත් සුදුසුයි.
    ✍️
    හොඳින් මළ පහ වීමද වේ.
    ✍️
    එසේම වාත රෝග වලටත් සුදුසුයි.
    ✍️
    මුත්‍රා පිටවීමද නිසි පරිදි සිදුවේ.
    ✍️
    ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු ක