කන්න නැතෝ තාමත්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කන්න නැතෝ තාමත්

    මේ පෝස්ට් එක මගෙ වෝල් එකෙන් මහගොඩක් දකින එකක් නෑ....
    අද රෑ අපි බරපතළ කෑම හිඟයකට මූණ දුන්නා අංගොඩ දී... නමුත් යකඩ වගේ හිත හයිය කොල්ලො ටිකකුත්, කඩියො වගේ අත් උදව්කාරයො ටිකකුත් නිසා පැයක් ඇතුළත අපි ඒ ප්‍රශ්නෙ විසඳලා 5,000කට රෑ කෑම දුන්නා.... අපිට ඒ කෑම ප්‍රශ්නෙ ගෙනාවෙ එක්තරා ටීවී චැනල් එකක්.... ඔවුන් ටීවී එකේ කිව්වා දැන් කෑම ගේන්න ඕන නෑ කියල....
    අපට කෑම අවශ්‍යයි...! අංගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, ගොඩගම සහ කොටිකාවත්තට තවමත් පිසූ ආහාර අවශ්‍යයි....! විශේෂයෙන් මේ යන විදියට හෙට දවල් ඒ මිනිස්සු බඩගින්නෙ ඉඳීවි.... අද රෑ අපි සීනිසම්බෝල සමග පාන්වලින් පිරිමැහුවා... හෙට මොකද කරන්නෙ....
    කෝච්චියෙන් එකතු කළ කෑම ව්‍යාපෘතිය ආයෙත් අවශ්‍යයි...! Naleen Dilruksha අයියෙ ඉන්න තැනකින් බැහැපන්, උඹව ඕනෙ මේ වෙලාවෙ...
    ගංවතුර ඉවර නෑ... මිනිස්සුන්ට බඩගිනි වෙලා ඉවර වෙන්නෙත් නෑ... එක එක ටීවී සහ රේඩියෝ චැනල්වලට ඒක තේරෙන්නෙ නෑ.... ඒ නිසා වගකීමෙන් කියනවා භූමියෙ විස්තර ගැන එක එක චැනල්වලින් අහන්න එපා හත්තිලව්වේ.......
    via - Chameera Jeewantha Dedduwage

    :baffled::baffled::baffled::baffled:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අපිට ඒ කෑම ප්‍රශ්නෙ ගෙනාවෙ එක්තරා ටීවී චැනල් එකක්.... ඔවුන් ටීවී එකේ කිව්වා දැන් කෑම ගේන්න ඕන නෑ කියල....
    :baffled::baffled::baffled::baffled:
    විඩියෝ එකක් දාපන් තවම වතුර බැහැලැ නැහැ කියලා පෙන්නන
    ඔක්කොම පේජ් වලට යවපන් චැනල් වල උන්ට දුම් විසි වෙන්න
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    විඩියෝ එකක් දාපන් තවම වතුර බැහැලැ නැහැ කියලා පෙන්නන
    ඔක්කොම පේජ් වලට යවපන් චැනල් වල උන්ට දුම් විසි වෙන්න
    වතුර බැස්සට වැඩක් නෑ මචං
    කන්න උයන්න කොච්චර කල් යනවද
    ගෙවල් දොරවල් හොදන්නම සතියක් විතර යයි :baffled::baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වතුර බැස්සට වැඩක් නෑ මචං
    කන්න උයන්න කොච්චර කල් යනවද
    ගෙවල් දොරවල් හොදන්නම සතියක් විතර යයි :baffled::baffled:
    :frown: ow apitath kelawuna :dull:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    වතුර බැස්සට වැඩක් නෑ මචං
    කන්න උයන්න කොච්චර කල් යනවද
    ගෙවල් දොරවල් හොදන්නම සතියක් විතර යයි :baffled::baffled:
    එහෙම තමා බං ලංකාවෙ
    දිගටම ආධාර එන්න නම් දිගටම දුක යන්න ඕන
    දැන් ෆේස්බුක් එකේ මිනිස්සු යට වෙලා දාලා වීඩියෝ එහෙම නැති උනාම මිනිස්සුන්ට නිකම්ම අමතක වෙනවා
    බලපන් තව සතියයි දෙකයි ඔය ආධාර අරන් යන ඒවා

    කොහොම හරි රජයෙන් සහනාධාරයක් ගන්න බලපන් මචන්