කන්‍යාවන්ට පමණක් ඇතුළු විය හැකි ඊජිප්තු ව
කන්‍යාවන්ට පමණක් ඇතුළු විය හැකි ඊජිප්තු විශ්වවිද්‍යාලය
පසුගිය සතියේ ඊජිප්තු පාර්ලිමේන්තුව තුළ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉල්හමි ඇජිනා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ඊජිප්තුවේ කාන්තා අධ්‍යාපනය සහ ඊජිප්තු තරුණියන්ගේ අනාගතය පිළිබඳ කතිකාවයි. ඔහු විසින් මෙසේ ඉදිරිපත් කරන ලද ප්‍රධාන කරුණ වූයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඊජිප්තු විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම සඳහා ඊජිප්තු ජාතික තරුණියන් සිය කන්‍යාභාවය ඔප්පු කළ යුතු බවයි. මෙසේ කන්‍යාභාවය ඔප්පු කිරීම හෙවත් කන්‍යා පරීක්ෂාව සඳහා සිදු කළ යුතු වෛද්‍ය පරීක්ෂණය රජයේ වියදමින් සිදු කරනු ලබන බවත් යම් ආකාරයකින් තරුණියකට සිය කන්‍යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් ඇයට විශ්වවිද්‍යාල වරම් නොලැබෙන බවත් මන්ත්‍රී ඇජිනා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
ඊජිප්තුව යනු අතීතයේ සිටම වරින් වර දැඩි යුදමය වාතාවරණයක් යටතේ පැවති රටකි. මේ නිසාම බොහෝවිට ඊජිප්තුවේ ජන ජීවිතය විශාල ලෙස පසුගාමී රටාවක් ඔස්සේ ගමන් කර ඇති බව සමාජ විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ. මෙම අපගාමී සමාජ රටාව නිසා රටේ ජන ජීවිතයට අමතරව අධ්‍යාපනික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය මෙන්ම මානසික මට්ටමද පහළ බැස ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. 1990 වසරේ සියයට 68ක්ව තිබූ ඊජිප්තුවේ සාක්ෂරතාව 2010 වසරේ සියයට 52ක් දක්වා පහළ බැස තිබිම එයට කදිම නිදසුනකි. මේ නිසා රටේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා විවිධ උපක්‍රම භාවිතයට ගැනීමට රජය ලහිලහියේ කටයුතු කරමින් පවතී.
ඊජිප්තු රජය පවසන ආකාරයට ඊජප්තු ජාතික තරුණයෙකු විවාහ විය යුතු වන්නේ වයස අවුරුදු 20දී වන අතර තරුණියක විවාහ විය යුතු වයස වන්නේ අවුරුදු 18ය. යම් තරුණියක් වයස අවුරුදු 18 ඉක්ම වන්නට පෙර තම කැමැත්ත ඇතිව හෝ නොමැතිව දෙමාපිය කැමැත්ත මත විවාහ වුවහොත් එය නීතියෙන් වරදක් වන අතර එයට දඬුවම් ලෙස එම තරුණිය පරිවාස භාරයට ගන්නා අතර ඇගේ මව්පියන් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය ක්රමවේදයයි. නමුත් පසුගිය යුද සමයේ මෙවැනි නීති ක්‍රියාත්මක නොවූ අතර මේ නිසාම බොහෝ දෙමාපියන් වයස අවුරුදු 12 ඉක්මවූ වැඩිවියට පත් දැරියන් ඉක්මන් විවාහ සඳහා පෙළඹවීමට කටයුතු කරන ලදී. එයට හේතු වූයේ දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කිරීමට දෙමාපියන්ට ආදායමක් නොතිබිමත් ඔවුන්ගේ ජීවන බර තවදුරටත් දැරීමට දෙමාපියන්ට හැකියාවක් නොතිබිමත්ය.
මෙවැනි නීති විරෝධී විවාහ වහා නතර කර උසස් අධ්‍යාපනය වෙත සිසුන් යොමු කිරීමත් රටේ අධ්‍යාපනය නැවත නගා සිටුවීමටත් රජය විසින් ගෙන ඇති පියවරක් ලෙස ඉහත සඳහන් කළ ‘කන්‍යා පරීක්ෂාව’ සිදු කරනු ලබයි. දැරියන්හට උසස් අධ්‍යාපනය ලැබිය යුතු නම් ඔවුන් විවාහ නොවී සිටීම අනිවාර්ය කිරීමට මෙම පියවර ගෙන තිබේ. යම් හෙයකින් ඔවුන් විවාහ වී උසස් අධ්‍යාපනයට යොමු වීමෙන් පසු යම් දිනක ගැබ් ගැනීමේ තත්ත්වයන් මතු වුවහොත් ඔවුන් අධ්‍යාපනය නතර කර දැමීම නිසා ඒ දක්වා ඔවුන් වෙනුවෙන් වැය කළ රජයේ මුදල් අපතේ යන බවත් ඊට පියවරක් ලෙස මෙවැනි දැඩි පියවරක් ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රී ඇජිනා මාධ්‍යයට කරුණු දක්වමින් පවසා තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගෙන් නැගුණු ප්‍රධානම ප්රශ්නය වූයේ කන්‍යාභාවයක් නොමැතිව උපත ලබන දැරියන්ට සහ වෙනත් හේතු මත කන්‍යාභාවය අහිමි වූ දැරියන්ට මෙහිදී යම් අසාධාරණයක් සිදු වන බවයි. ලෝකයේ කන්‍යාභාවය නොමැතිව උපත ලබන දැරියන් ප්‍රමාණය සියයට තුනත් හයත් අතර අගයක් වන අතර අනුරාගී හැසිරීමකින් තොරව කන්‍යාභාවය අහිමි වන පිරිස සියයට එකක් පමණ වේ. එමෙන්ම දූෂණය වීම්, ළමා අපචාර ආදිය නිසා කන්‍යාභාවය අහිමි වන පිරිස සියයට 12ත් 20ත් අතර අගයක පවතී. මෙවැනි තත්ත්වයන් වෛද්‍ය පරීක්ෂණ මගින් පහසුවෙන් ඔප්පු කළ හැකිය. මේ නිසා වෛද්‍ය පර්යේෂණ මගින් එවැනි තත්ත්වයන් ඔප්පු කිරීමෙන් පසු එවැනි දැරියන්ට විශ්වවිද්‍යාලයේ දොරටු විවර කර ගත හැකි බවත් එවැනි තත්ත්වයන් කිසිම ආකාරයකින් ප්‍රසිද්ධියට පත් නොවන ආකාරයට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ඇජිනා පිළිතුරු වශයෙන් පවසා තිබේ.
මේ වනවිට මෙම නව පනත සම්බන්ධයෙන් ඊජිප්තු පාර්ලිමේන්තු සභිකයන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බවට තොරතුරු වාර්තා වී තිබේ. මෙම පනත සම්බන්ධ අවසන් ඡන්ද විමසීම නොවැම්බර් මස මුල් සතිය තුළ සිදු කරන බවත් එය සම්මත වුවහොත් 2017 වසරේ මුල සිටම විශ්වවිද්‍යාලයට අයදුම් කරන තරුණියන් එයට බඳවා ගැනීමට පෙර කන්‍යා පරීක්ෂාවට ලක් කරන්නට පියවර ගන්නා බවත් වැඩිදුරටත් වාර්තා වේ.
දුලංජලී මුතුවාඩිගේ