කනේ කතා 1

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කන අගුල් වැටෙන්නේ ඇයි? (කනේ කතා-1)

    ඔබට විවිධ අවස්ථාවලදි කනේ අවහිරයක්/අගුල් වැටීමක අත්දැකීම ලැබිලා ඇති.කදු නගිද්දි, ගුවන්යානාවල යද්දි හෝ විවිධ ක්‍රියාකරකම් වලදි දැනුන කන අගුල් වැටෙන හැටි ගැන සරලව කතා කරමු!

    මිනිස් කන බාහිර කන, මැද කන හා ඇතුල් කන යන කොටස් තුනකින් සමන්විත වේ.

    බාහිර කන ට බාහිර ශ්‍රවණ නාලය හා කන් පෙත්ත ඇතුලත් ය. මැදකන, කර්ණ අස්ථි සහිත වායු පිරුණු කුටියකි. බාහිර කන හා මැද කන වෙන් කරමින් කර්ණ පටහ පටලය (කන් බෙරය) පවති. කර්ණ පටහ පටලය නිසා බාහිර කන ඔස්සේ මැද කන තුලට වායු ඇතුල්විය නොහැක.
    කර්ණපටහ පටලයේ නිසි ක්‍රියාකාරිත්වයට, බාහිර කනේ හා මැදකනේ වායු පීඩනය එකම මට්ටමේ තබාගැනිම වැදගත්ය.

    එහෙයින් කන්බෙරය දෙපස පීඩන සමාන කිරිම සදහා මැදකන හා නාසා ග්‍රසනිකාව සම්බන්ද කරමින් යුෂ්ටේකිය නාලය පවති. සාමාන්‍ය තත්ත්ව යටතේ යුෂ්ටේකිය නාලයේ ග්‍රසනිකා අන්තය වැසි පවතින අතර ටෙන්සර් වේලි පැටලයින් (පූර්ව-පාර්ශවිකව) හා ලිවේටර් වේලි පැලටයින් (අපර-පාර්ශවිකව) යන පේශි සමග පවතින සහසම්බන්ද හේතුවෙන් ගිලිම,ඇනුම් යෑම, කිවිසිම වැනි ක්‍රියාකාරම් වලදි යුෂ්ටේකිය නාලය විවෘත වේ.

    පෙර සදහන් කල පරිදි සාමාන්‍ය තත්ත්ව යටතේදි බාහිර හා මැද කනේ පීඩන සමානය. කන්දක් නැගිම හෝ ගුවන් යානාවකින් ඉහල යැම වැනි උන්නතාංශය (Altitude) ඉහල පරිසර වල වායුගෝල පීඩනය අඩු ය.

    එනයින් බාහිර පරිසරය හා සෘජුව සම්බන්දිත බාහිර කනෙහිද පීඩනය අඩුවේ. බාහිර පිඩනය අවම හෙයින් මැදකනේ වායුන් කර්ණපටහා පටලය මත තෙරපුමක් ඇතිකරයි. කන්බෙරය නෙරයි. බාහිර ශබ්දය හමුවේ නිසි ලෙස කන් බෙරය කම්පනය වීමට බාධා ඇතිකරයි. මේ හේතුවෙන් කන අගුල් වැටුනු ස්වභාවයක් දැනේ.

    යුෂ්ටේකිය නාලය විවෘත කරගත හැකි ක්‍රියාවක් කිහිපයක නියැලිමෙන් කන අගුල් වැටුනු ස්වභාවය සමනය කරගත හැක. ලේසිම දේ කෙල ගිලිම හෝ ඈනුමක් ඇරිම!

    මෙම ලිපියෙන් මා කතා කලේ, ක්ෂණිකව ඇතිවන කෙටිකාලින කන අගුලු වැටිම පිලිබදව වන අතර රෝග ආසාධන නිසාද යුෂ්ටේකිය නාලය අවහිර විය හැකි බැවින් කනේ දීර්ඝකාලිනව අපහසුතාවක් ඇතිවේ නම් වෛද්‍යවරයකු හමුවන්න.

    - Roshin Fernando

    බ්ලොග් ලිපිය