කනේ_දෝෂය

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    “ඔබ ආවේ ඇයි?” කියා දොස්තරගේ කාර්යාලයේදී ඔවුහු සැම විටම අසති.
    කාරණාව කුමක්ද කියා ඔබට පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය.
    මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ
    පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම
    තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය.
    මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.අවුරුදු 86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.“ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?” කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.“මගේ පුරුෂ ලිංගයේ මොකක්දෝ දෝෂයක් තියෙනවා” මහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.“මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැ” ඇය කියා සිටියාය.“ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වා” යැයි ඔහු කීවේය.එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.
    “ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා.
    ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා.
    ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා.”“පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණා” කියූ මහලු පුද්ගලයා
    එතැනින් පිටව ගියේය.
    මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව “ඔව්!” කීවාය.“මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා” මහළු පුද්ගලයා කීවේය.හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන්
    ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම “ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?” කියා ප්‍රශ්න කළාය.“මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැ” යැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    00020468.gif