කඳුරට ජනතා පෙරමුණේ සහායත් SF ට

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
කඳුරට ජනතා පෙරමුණේ සහායත් SF ට

කඳුරට ජනතා පෙරමුණේ හිටපු නායක අමාත්‍ය පී. චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පසුව එම පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුද රැසක් හටගෙන ඇත. එම පක්ෂයේ බහුතර පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කළ යුතු බවට ප‍්‍රකාශ කිරීමත්, සාමාජිකයන් දෙදෙනෙකු පමණක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළ යුතු බව ප‍්‍රකාශ කිරීමත් මීට හේතුවයි.

මේ වන විට දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ බහුතරයක් සහ උඩරට වතු දෙමළ ජනතාවගෙන් බහුතරයක් ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය පළකිරීමට තීරණය කර ඇති හෙයින් තම පක්ෂය පමණක් වෙනස් තීරණයක් ගැනීම පළක් නොවන බව කඳුරට ජනතා පෙරමුණේ බහුතරයකගේ මතය වී තිබේ.

from :lt