කඳුළු සලා ඇස පෝෂණය කරන්න.

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    කඳුළු සලා ඇස පෝෂණය කරන්න.

    **----නෙට්ටුවෙන් ලබාගත්තකි.---***

    ගෙදර දොරින්, පරම්පරාවෙන්, ජනශ්‍රැතියෙන් අපට උරුම වී තිබූ දැනුම පෑලදොරින් පලා යන යුගයක මෙන්ම යම් යම් සුළු තත්ත්වයන් ගණන් නොගන්නා පරිසරයක අප ජීවත්වන්නෙමු. එහෙත් එවැනි දැනුම හා ව්‍යවාරයන්හී සත්‍ය තත්ත්වය විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණ මඟින් යළි ඉස්මතු කොට දුන් පසුත් අප ඒවා නොසලකා සිටිය යුතුද? මෙම ලිපියෙන් දක්වා ඇත්තේ එවැනි කරුණු කිහිපයක විද්‍යාත්මක සොයාගැනීම් හා හෙළිදරව් කිරීමය. ඒවා සමහරවිට ඔබටත් ප්‍රයෝජනවත් විමට ඉඩ ඇත.

    බෙහෙත් ගත්තත් ලුණු අඩු කිරීම අධික රුධිර පීඩන රෝගීන්ට ගුණදායකයි.

    1.jpg


    “අධික රුධිර පීඩනය පාලනය කිරීමට මා දැන් බෙහෙත් ගන්නවා. ඒ නිසා ලුණු ගැනීමේ වරදක් නැහැ.” ඔබ එසේ සිතීම වැරදි සහගත බව විද්‍යාත්මක පර්යේෂණ හෙළිකර ඇත. ඇමරිකානු හෘද සංගමය සිදුකළ අධ්‍යයනයට අනුව අධික රුධිර පීඩනය පාලනය සඳහා ඖෂධ ගනිත්දීත් රුධිර පීඩනය අඩු නොවේ නම් ඒවා අතරතුර ලුණු ගැනීම අඩු කළහොත් සන්‍යස්ත රුධිර පීඩනය (රුධිර පීඩනය දක්වන විට ඉහළින් දක්වන සංඛ්‍යාව) රසදිය මිමි 5 -10 දක්වාද වින්‍යස්ත (පහළ අගය) රුධිර පීඩනය රසදිය මිමි 2 -6 දක්වාද අඩුකර ගත හැකි බවය.
    මේ අතර ඉතා මෑතකදී සිදුකළ අධ්‍යයනයකට අනුව අධික රුධිර පීඩනය පාලනයට ඖෂධ 3ක් ගන්නා අතරතුර දෛනික ලුණු භාවිතය දිනකට තේ හැඳි 1/2 දක්වා අඩු කර ගතහොත් සාමාන්‍ය වශයෙන් සන්‍යස්ත පීඩනය අංක 22.7 කින්ද, වින්‍යස්ත පීඩනය අංක 9.1 කින්ද අඩුකර ගත හැකි බව හෙළි වූ බවක් ‘හයිපර්ටෙන්ෂන්’ සඟරාව දක්වයි.

    ලුණු වතුරෙන් කට සේදීම උගුර බැරැන්ඩියට හොඳද?
    2m9Dgw.jpg


    උණු ලුණු වතුර පමණක් නොව උණු වතුර හෝ සීනි මිශි‍්‍රත උණු වතුරෙන් කට - උගුර කාරමින් සේදීමෙන් උගුරෙහි වියළි ගතිය ටික වේලාවකට මඟහැර සහනය සැලසීමට පුළුවන. උගුර බැරැන්ඩිය නැති වේ.
    ගිලීමේ අපහසුව ඇති වූයේ වෛරසය හෝ බැක්ටීරියා හෝ ආසාදනයක් නිසා නම් මෙසේ උගුර සේදීම රෝගය සුවපත් කිරීමට සමත් නොවනු ඇත. එහෙත් ඒ වෙනුවට ඔබට කෙටි කාලීන සහනයක් ගෙන දීමට එවිට සමත් වනු ඇත.
    “අමෙරිකන් ජර්නල් ඔෆ් පි‍්‍රවෙන්ටිව් මෙඩිසින්” නම් වෛද්‍ය සඟරාවේ දවසට 3 වරක් උගුර සේදූ ජපන් ජාතිකයන් හට සෙම්ප්‍රතිශාව වැළදීමේ ප්‍රවණතාව, එසේ නොසේදූ අයට වඩා සියයට 40 කින් අඩුවීමක් දින 60ක් තුළ දැකිය හැකිවී ඇත.
    එසේම එසේ උගුර සේදූ අයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනද ආසාදනය ශ්වාසනාල ආසාදන දක්වා ව්‍යාප්ත වීමක් දක්නට ලැබුනේ ද කලාතුරකින් බව අධ්‍යයනය හෙළිකර ඇත. නළ ජලයේ අඩංගු ක්ලෝරීන් මෙහිදී යම් කාර්යභාරයක් ඉටු කරන්නට ඇතැයි පර්යේෂකයන් පිළිගනියි.

    කඳුළු සලා ඇස පෝෂණය කරන්න.
    3hsFMH.jpg


    අපේ ලේ ශරීරයේ වෙනත් පටක තුළ සිදුකරන කාර්යයන්ගෙන් බිඳක් එනම් ඔක්සිජන් හා පෝෂක සැපයීම හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කිරීමට කඳුළු සමත් බව ඔබ දන්නවාද? ඒ කඳුළු වලින් සිදු කරන ප්‍රධාන කාර්යයන් වන ඇස තෙත්ව (ලිහිස්සිව) තැබීම හා ඇසට වැටි ඇති බාහිර ද්‍රව්‍ය පිසදා හැරීමට අමතරවය.
    අක්ෂි ගෝලය මත ඇති අසාමාන්‍යතා ඉවත් කර දෘෂ්ටි විතානයෙහි පැහැදිලි ඡායාවක් මැවීමටද කඳුළු උදව් කරයි. ස්වභාවයෙන් වියළි ඇස් හිමි පුද්ගලයන් හට බොඳවූ පෙනීමක් උරුම කරනුයේ කඳුළු හිඟ පාඩුව යයි සිතීමටද පුළුවන. මේ අතර කඳුළු ආරක්ෂක කාර්යයන්ද ඉටු කරයි. කඳුළු තුළ අඩංගු ප්‍රතිදේහ, එන්සයිම සහ වෙනත් ප්‍රතිශක්තිමය සාමාජිකයන් විසින් ක්ෂුද්‍ර ජිවීන්ගෙන් ඇසට සිදුවන හානිය වැළැක්වීමටද සමත්වේ.
    ගලන කඳුළු හැමවිටම එක හා සමාන නොවේ. දිගින් දිගටම නැතිනම් අඛණ්ඩව ගලන කඳුළුවල කාර්යය ස්නේහක (ඇස තෙත්ව තැබීම) කාර්යය ලෙස සැලකෙයි. අධික ආලෝකයට, ශීතලට, සුළං පහරට ඇස ලක් වූ විට ඇසට බාහිර ද්‍රව්‍යයක් වැටුණු විට සහ උත්කෝපක වායුවක් (ළූණු කපන විට වැනි) ඇතුළු වූ විට ගලන කඳුළු හැඳින්වෙන්නේ ප්‍රනීත කඳුළු ලෙසය. දුක, ශෝකය, සතුට ආදී චිත්වේග ඇති වූ විට ගලන චිත්තවේගී කඳුළු ද අප හැමදෙනාගේම නෙත්වලින් වැගිරෙන්නට ඇත.
    බොහෝවිට අප හඬන්නේ යමක් සංනිවේදනය කිරීමටය. අවශ්‍යතා ඉටුකර ගැනීමට සහ අවධානය යොමුකර ගැනීමට බාල කාලයේදී අප හඬන අතර වැඩුණු විට අප හඬන්නේ ච්ත්තවේගී ආතති පල කිරීමටය. විද්‍යාත්මක අධ්‍යයන්ට අනුව චිත්තවේගී කඳුළු තුළ රසායනික සංයුතිය සාමාන්‍ය කඳුළුවල රසායනික සංයුතියට වඩා වෙනස්ය.
    ශරීරය තුළ ඇතිවන ආවේග හා ආතතිය හේතුවෙන් නිපදවෙන රසායනික මෙම චිත්තවේගී කඳුළු තුළ අඩංගු වන බැවින් එවැනි හැඬීම් මඟින් ශරීරය තුළ නිපදවන ආතති රසායනික ශරිරයෙන් බැහැරවන බව විශ්වාස කෙරේ. පිරිමි සහ ගැහැණු ළමයින්ගේ හැඬීම්වල වෙනසක් නොතිබුණද ගැහැණු පිරිමින්ට වඩා වැඩියෙන් කඳුළු සලන බව පිළිගැනීම කෙසේ වෙතත් චිත්තවේග පිට කිරීම ඒ ඒ සමාජ සංස්කෘතික හා මානසික සාධක මත රැඳෙන බව විද්‍යාඥයන් පිළිගනියි.

    බලන් ඉන්න එපා බළල් දත් භයානකයි
    45efBK.jpg


    බළල් දත් සිහින්ය, තියුණුය. දිගය. මේ නිසා බළලකු සැපූ විට තුවාලය පටක හා පේශි තුළට කා වැදෙයි. එසේම බළල් සපා කෑම් තුවාල වැඩි වශයෙන් ආසාදනයට (පැසවීමට) ද ලක්වෙයි. ගැඹුරු තුවාල තුළට ඇතුළු වන රෝග කාරක බැක්ටීරියාවන්ට මේ නිසා අස්ථි, කණ්ඩරා සහ සන්ධි පේශි වෙත පවා පහසුවෙන් ළඟා වීමට අවස්ථාව සැලසෙයි.
    මේ නිසා බළලා සපා කෑ තුවාලය සම ඇතුළට කා වැදී (ගැඹුරු) ඇත්නම්, පැය 2 -12ක් ඇතුළත ඒ අවට රතු වී ඉදිමී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පතන්න. ඔබට මුඛ මාර්ගයෙන් ප්‍රතිජීවක ඖෂධ ලැබීමට මෙන්ම ටෙටනස් ටොක්සොයිඩ් නික්්ෂේපයක් ලැබීමටද අවශ්‍ය විය හැකිය.
    සමහරවිට ජලභීතිකා සැකයක් ඇත්නම් ඒ සඳහා වන වැළැක්වීමේ එන්නතද ලැබීමට ඔබට සිදුවේවි. බළල් සැපීමක් පමණක් නොව කවර සුරතල් සතෙකු සපා කෑවද ඔබ අනිවාර්යෙන්ම කළ යුතු පියවරක් ද මතක් කරදිය යුතුය. ඒ නම් සපා කෑ ස්ථානය වහාම සබන් දමා ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු රෙදි කඩකින් හෝ ප්ලාස්ටරයකින් හෝ ආවරණය කර ගැනීමටය.

    ඔක්කාරයේ සිට පිළිකා දක්වා උවදුරුවලින් සහනයට ඉඟුරු
    5.jpg


    ඉඟුරු බෙහෙතක් බව නොදන්නා කෙනෙකු නැත. ලොව පුරාම ඖෂධයක් ලෙස මෙන්ම ආහාර පිසීමට යොදා ගන්නා කුළු බඩුවක් ලෙසටද ඉඟුරු භාවිතා කරති. ඉඟුරුවල අඩංගු “ජින්ජරෝල්” ලෙස හඳුන්වන රසායනික සංයෝග හේතුවෙන් එහි සැර, කට පිළිස්සෙන, දන ස්වභාවය ඇති කරයි. එසේම එහි ආවේනික රසයට හා සුවඳටද හේතු කාරක වන්නේද එම රසායනිකමය. මේ අතර ඉඟුරු සතු තවත් හපන්කම් ද රාශියක්ද හෙළිදරව් කර ගැනීමට පර්යේෂකයෝ සමත්ව ඇත.
    ඉඟුරු සතුව ප්‍රති - පිළිකාමය ගුණ අඩංගුය. වීදුරු නළයක් තුළ තිබූ ඩිම්බ කෝෂ පිළිකා සෛල මට්ටු කිරීමට ඉඟුරු සමත් වූ බව ඇමරිකාවේ මිචිගන් සරසවියේ පර්යේෂකයන් හෙළිකර ඇත. මෙම හැකියාව මිනිස් ඩිම්බ කෝෂ පිළිකා සෛලවලට සිරුර තුළදී ද සිදු කළ හැකිද යන්න තවත් පර්යේෂණ රාශියකට යොමුව විමසිය යුත්තකි.
    ආමාශ හා ආන්ත්‍ර පණ නැති කරන එක් ප්‍රධාන හේතුකාරකයක් ලෙස එච්. පයිලොරි හඳුනාගෙන ඇත. මෙම බැක්ටීරියාව ඇතුළු වෙනත් බැක්ටීරියා වර්ග රාශියක් ආමාශ ආන්ත්‍ර තුළ වර්ධනය වීම අඩපණ කිරීමට ඉඟුරු සමත්ය. බඩේ ආමාරුවලට ඉඟුරු ගුණ බව ඒ නිසාම රහසක් නොවේ. තවත් අධ්‍යයනක් පෙන්වා ඇත්තේ පෙනහළු ක්‍රියාකාරීත්වයට බාධා නොකර ‘ඇදුම රෝගීන්ට සහනය සැලසීමටද ඉඟුරු සමත් බවය.
    ඉඟුරු සතු ප්‍රති - ප්‍රදාහමය ගුණය, පර්ව පදාහ (ආර්තරයිටීස්) රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රයෝජනයක් බවටද පිළිගැනෙයි. ගර්භණී සමයේදී මෙන්ම ගමන් අසනීපයේදීද, ඖෂධ ගැනීමේදී ද ඇතිවන ඔක්කාර සහ වමනය ද ඇතුළුව - සමනය කිරීමටද ඉඟුරු සමත් බව විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණ සනාථ කර ඇත.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ හැම කරුණක්ම අපේ එදිනෙද ජීවිතයේදී සාමයෙන් දැනගෙන ඉන්න දේවල් වුනත් එහෙම කරන්නේ ඇයි කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාදීල තියෙනවා
    thanx නොදන්නා කරුණු ගොඩක් අපිටත් දැනගන්න share කරපු එකට :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    වටිනවා මචන්..
    tfs
    rep+++


    මේ හැම කරුණක්ම අපේ එදිනෙද ජීවිතයේදී සාමයෙන් දැනගෙන ඉන්න දේවල් වුනත් එහෙම කරන්නේ ඇයි කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාදීල තියෙනවා
    thanx නොදන්නා කරුණු ගොඩක් අපිටත් දැනගන්න share කරපු එකට :yes::yes::yes::yes::yes:


    tx for all your words and reps friends ! :):):)