කපන්න කලින් හිතන්න (මයිසීලියම්)

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කපන්න කලින් හිතන්න (මයිසීලියම්)

    අපි හැමෝම ජිවිත කාලේ එක ගහක් හරි කපල තියනවනේ
    කවදාවත් මේ වගේ දෙයක් හිතුනද ?
    කියවලම බලන්න

    50226188_1656507641117635_3548040678992773120_n.jpg


    මේ තියෙන්නෙ වීදුරු ටැංකියක වර්ධනය වෙන්නට ඉඩහැර තිබු කුඩා පයින් ශාඛයක්. මෙහි මූල පද්ධතිය වටා සුදු පාටට විහිදෙන්නෙ දිලීර මයීසීලියම. දිලීර සහ ශාඛය අතර තිබෙන්නෙ සහජීවී සම්බන්ධතාවක්. ශාඛයට අවශ්‍ය ජලය, ඛණිජ ද්‍රව්‍ය ආදිය අවශෝෂණය කරගැනීමට මේ මයිසීලියම් වැදගත් මෙහෙයක් ඉටු කරනවා. පෘථෘවියේ පවතින ශාඛ වලින් 95% කම මේ මයිාකා්රයිසල් දිලීර ජීවත් වෙනවා.

    මේ පයින් ගස ස්වාභාවිකව නැරඹුවොත් දකින්න හැකිවෙන්නෙ සෙන්ටිමීටර කිහිපයක් පොලොවෙන් ඉහලට මතුවු කුඩා පැලෑටියක් ලෙස පමණයි. නමුත් පසට යටින් සිදුවන සමස්ථ ක්‍රියාවලිය අතිමහත්. ශාඛයක් යනු සමස්ථ පරිසර පද්ධතියක්. ⁣පාංශ ක්‍රියාවලිය, ශාඛ කඳේ සිදුවන ක්‍රියාවලියන්, අතුපතර අතර වාසය කරන සත්ව විශේෂ සහ මේ සියළු ක්‍රියාවලියන් අතර අන්තර් සබඳාතාවන් ඉතාමත් වැදගත්. ඇතැම් ශාඛ විශේෂ තිබෙනවා කුහුඹුවන් විශේෂ සමඟ සහජීවි සබඳතාවන් ගොඩනගා ගත්. .කුහුඹුවන් ශාඛයට ආරක්ෂාව ලබා දෙන විට ශාඛය විසින් ඔවුනට වාසස්ථාන සපයනවා කඳ සහ අතු තුල කුහුඹුවන්ට වාසය කල හැකි කුහර ලබා දීමෙන්. මෙවැනි පරිණාමික ක්‍රියාවලින අධ්‍යනය ඉතාමත් සිත්ගන්නාසුළු විෂයක්. කුහුඹුවා සහ ශාඛය අතර සබඳාතාව හටගත්තේ කොයි කාලයේද ? එසේ සිදුවුනේ ඇයි ? කොහොමද ? වැනි ගැටළු රාශියකට එමඟින් පිලිතුරු සෙවීම අරමුණ. මේ ඡායාරූපයේ දැක්වෙන දිලීර සහ ශාඛ අතර සම්බන්දයත් එසේමයි. ඇතැම් විට ඔබට සිතෙන්න පුළුවන් එවැනි ප්‍රශ්න වලට පිලිතුරු සෙවීමෙන් ඇති ඵලය කුමක්ද ? මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක්ද කියා. අපි මේ ගත්ත උදාහරණයම සලකා බැලුවොත් දිලීර සහ ශාඛ අතර සහසම්බන්ධය වගා කටයුතු වලදි ඉතාමත් ප්‍රයෝජනවත් ලෙස යොදාගන්න පුළුවන් සංකල්පයක්. දිලීර නොවැඩෙන නිසරු පසකට වඩා දිලීර සඳහා යෝග්‍ය සරු පසක් තුලක් ශාඛ වල කාර්යක්ෂමතාව ඉහලයි. එවැනි දෑ තුලින් පරිණාමික ජීව විද්‍යාව ඉතාමත් ඵලදායි ලෙස මනුශ්‍ය අවශ්‍යතාවන් සඳහා භාවිතා කරන්න පුළුවන්.

    කෙසේ නමුත් ශාඛයක් කියන්නෙ පෙර පැවසු පරිදි සමස්ථ පද්ධතියක්. ඒ නිසා ශාඛයක් පරිසරයෙන් ඉවත් කරද්දි එය හුදෙක් ගසක් කැපීමෙන් හමාර වෙන්නෙ ⁣නෑ. දාමාකාර ප්‍රතික්‍රියාවක් වගේ අන්තර් සබැඳී පද්ධති රාශියකට ඒ හේතුවෙන් අනිටු ඵල හටගන්නවා. සබුද්ධික මිනිසුන් ලෙස වන විනාශයන්, හරිත ආවරණයන් ඉවත් කිරීම වැනි කටයුතු ගැන විමසිලිමත් විය යුත්තෙ, ප්‍රශ්න කල යුත්තේ මේ නිසයි.

    උපුටා ගැනීමකි
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    උඹේ තේ කොල වැඩේ මොකද? අපේ එවුන් කී දෙනෙක් කතා කරලා බඩු ගත්තද?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    :love::love: Good post machn..! jaya..! Rep++ :P

    10.gif


    ගිණ්දර...!!.







    උඹේ තේ කොල වැඩේ මොකද? අපේ එවුන් කී දෙනෙක් කතා කරලා බඩු ගත්තද?

    hodakolla ඕන කිව්ව. තව උදව් කරන්නම් කිව්ව :yes:

    Tfs bro................







    Good post machn..! jaya


    :love:ස්තුතියි :love:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගස් සහ වතුර ලෝකෙ තියන වටිනම දෙවල් ❤️
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    සුදු පාට පිටි මකුණා දිලීරය ඔහොම තියෙන්න තිබ්බොත් හොඳක් වෙයිද නරකක් වෙයිද