ඒක වෙන්න පුලුවන්
මට කොහෙදිද කියලා මතක නෑ. අලියෙක් දෙන්නෙක් හිටියා පාර අයිනේ කොළ කකා. අලි වැටෙන් එහා පැත්තෙ. අපි වාහනේ නතර කළා බලන්න.
මෙන්න එතන එහා පැත්තෙ පළතුරු කඩේ එවුන් අහක හිටපු අලි දෙන්නට පළතුරු දික් කරලා වැට අයින්ට ගෙන්න ගත්තා. ඊටපස්සෙ ඒක කාලා උන් වාහන වලට හොඬ දික් කරන්න ගත්තා. කඩේ එවුන් කියනවා උන් බඩගිනි වෙලා කන්ඩ දෙයක් නැතුව පළතුරු හොයනවලු. පව්ලු.
හරියට අපි දැක්කෙ නෑ වගේ. ඊටපස්සෙ පාරෙ ගියපු වාහන නවත්ත නවත්ත අර කඩෙන් පළතුරු අරන් අලින්ට දෙනවා. අපේ වාහනේ ගිය උනුත් දුන්නා එපා කියද්දි.
දවල්ට අලි වැටේ කරන්ට් එක දාලා නැති හින්දා සෙල්ලම් දාන්න එපා කියලා වන ජීවී එකෙන් කියන්නෙ. අලින්ට ඒක මීටර් උනොත් උන් වැට කඩනවලු.
ඒ පොඩි එකා මෙන්න මූ වගේමයි
ado sirawata mama hithuwe edit ekak kiyala ekek pinthura dala thiyeddi.
------
Post added on Jan 5, 2023 at 12:23 PM