කප්පියං කිරීම ගැන ඔබ දැනුවත්ද???

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?

    යම් යම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥ්ඥාන කෙරෙහි කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
    1. බුදු වෙනවා/ රහත් වෙනවා කියන්නෙ තෘෂ්ණාව නැති කරන අවස්ථාවකට නම්; එහෙම කෙනෙක් සත්වයෙක් නෙවෙයි ද?
    2. අපිට නිදාගෙන ඉන්න බල්ලෙක් කියන්නෙ සත්වයෙක් ද නැද්ද කියල විග්‍රහ කරන්න මේ තියරිය යොදාගන්නෙ කොහොමද? අපිට ඒ බල්ලට රුප, වේදනා ... කෙරෙහි තෘෂ්ණාවක් තියෙනව කියල දැනගන්න විදිහ මොකක්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    1. බුදු වෙනවා/ රහත් වෙනවා කියන්නෙ තෘෂ්ණාව නැති කරන අවස්ථාවකට නම්; එහෙම කෙනෙක් සත්වයෙක් නෙවෙයි ද?

    ඒ බුදුවුන/රහත්වුන කෙනාට තමන් සත්වයෙක් කියන හැඟීම අහෝසි වෙලා.

    2. අපිට නිදාගෙන ඉන්න බල්ලෙක් කියන්නෙ සත්වයෙක් ද නැද්ද කියල විග්‍රහ කරන්න මේ තියරිය යොදාගන්නෙ කොහොමද? අපිට ඒ බල්ලට රුප, වේදනා ... කෙරෙහි තෘෂ්ණාවක් තියෙනව කියල දැනගන්න විදිහ මොකක්ද?

    බුදුහාමුදුරුවො ඉහත විවරණය ලබාදෙන්නේ ශ්‍රමණධර්ම ප්‍රගුණ කරන භික්ෂුවකට. ඒ විවරණය තියෙන්නෙ තම තමන් තෘෂ්ණාව ඉවත් කර ගැනීමට උත්සාහවත් වීමට. ඒ කියන්නේ පරමාර්ථ (නිවනට යාමට උදව්වෙන අර්ථ විවරණ) වශයෙන්. කොල්ලට ඒ ඉගැන්වීම බල්ලට යොදන්න බැහැ.

    එතනදි කොල්ලට යොදන්න පුලුවන් ඉතින් බල්ලා හුස්මගන්නවද, ප්‍රතිචාර දක්වනවාද වගේ සම්මුතියේ පිලිගතත් ක්‍රම. ඒකෙදි බලන්න වෙනවා බල්ලා ඇත්තටම හුස්ම ගන්නවද, මැරිලා බඩේ පණුවෝ නලියෑම නිසා හුස්මගන්නව වගේ පේනවද, සොම්බ් ඉන්ෆෙස්ටේශන් එකක් නිසා ඇත්තටම බල්ලෙක් වගේ හිටියට බල්ලෙක් නෙමෙයිද, රියලිස්ටික් විදිහට හදපු රොබෝ බලලේක්ද යනාදී විදිහට. එහෙම කරගෙන ඒ ඒ විශය පථවල නිර්ණායක (ඒ ඒ සම්මුති) වලට අනුකූලව ගලපලා තීරණය කරගන්න පුලුවන් බල්ලා සතෙක්ද නැත්ද කියලා.
     
    Last edited: