කප්පියං කිරීම ගැන ඔබ දැනුවත්ද???

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පැලවෙන දේවල් උපසම්පදා ස්වාමීන්වහන්සේලාට කප්පියං නොකර වැලඳීම ඇවතකි.( සිල් අපිරිසිදු වීමට හේතුවකි )
    එනිසා කප්පියං කල යුතුය.
    " සබ්බං කප්පියං භන්නේ" යනුවෙන් කියමින්.
    පිහියකින් තෙවරක් ඒ දේ මත ලාවට කැපුම් සිදුවන සේ පිහිය ඇදිය යුතුය.
    ඒසඳහා ස්වාමීන්වහන්සේ කලින්ම
    " සබ්බං කප්පියං කරොහී"
    යනුවෙන් කිව යුතුය.
    බීජ එකක් නම් සබ්බං යන්න ඇවසි නැත.
    නිකම්ම
    " කප්පිං භන්තේ"
    යැයි තෙවරක් කිව යුතුයි
    ☸️
    වැඩි විස්තර.
    කප්පියං කිරීම.
    මේ සිකපදය නිසා භික්ෂූන්ට පළතුරු වැළඳීමට හා මිරිස් ඇට ආදි බීජයන් මිශ්‍ර‍ ආහාරය වැළඳීමටත් අවහිරයක් වෙයි. සිකපදය තිබිය දී ඒ අවහිරය නැති කිරීම පිණිස කප්පියං කිරීම අනුදැන වදාළ සේක. ඒ මෙසේ ය :-
    “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං, අග්ගිපරිචිතං සත්ථපරිචිතං නඛපරිචිතං අබීජං නිබ්බට්ටබීජඤ්ඤේව පඤ්චමං. අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං.” [1]
    ගින්නෙන් ස්පර්ශ කරන ලද්දය, ආයුධයෙන් කැපීම හෝ විදීම කරන ලද්දය, නියෙන් කැපීම හෝ විදීම කරන ලද්දය, බීජ නො වූ ඵලය ය, බීජය උපුටන ලද ඵලය ය යන මේ පඤ්චප්‍ර‍කාර වූ ශ්‍ර‍මණයන්ට කැප වූ ව්‍යවහාරයන් කරණකොට ඵල පරිභෝග කිරීමට අනුදනිමිය යනු එහි තේරුම ය.
    “අබීජ” යනු මෝරා බීජභාවයට නො පැමිණි ඵලයෝ ය. නිබ්බට්ටබීජ යනු අඹ කොස් ආදි ඵලවල බීජයෙන් වෙන් කළ මස ය. ඒවා ස්වභාවයෙන් ම කැප ය. කප්පියං කරවා ගත යුත්තේ බීජ ය. ගිනි ආයුධ නිය යන තුනෙන් ම කප්පියං කිරීම සුදුසු ය. ගින්නෙන් කප්පියං කරන විට භික්ෂුව විසින් “කප්පියං කරෝහි” යි කී කල්හි අනුපසම්පන්නයා විසින් “කප්පියං”යි කියා හෝ “කප්පියං භන්තේ” යි කියා හෝ ගිනි අඟුරකින් හෝ ගිනියම් කළ ලෝහ කැබැල්ලකින් හෝ කප්පියං කරන වස්තුව ස්පර්ශ කළ යුතුය. ගිනි අඟුරක් හෝ ගිනියම් කළ ලෝහ කැබැල්ලක් හෝ කප්පියං කරන වස්තුවේ එක් තැනකට තැබිය යුතු ය. එසේ කප්පියං කළ දෙය වැළඳීමෙන් ඇවැත් නො වේ. මේ කප්පියං කිරීම යම්කිසි බීජයක වැඩෙන බව නැති කිරීමක් නො ව විනය කර්මයක් බව දත යුතු ය. ආයුධයෙන් කප්පියං කිරීමේදී භික්ෂුව විසින් “කප්පියං කරෝහි” යි කී කල්හි අනුපසම්පන්නයා විසින් “කප්පියං භන්තෙ” යි කියා කප්පියං කරන වස්තුවේ යම්කිසි තැනක් කැපීම හෝ විදීම කළ යුතුය. නියෙන් කප්පියං කරන්නේ ද එසේම ය. නියෙන් කප්පියං කරන කල්හි තියුණු නියකින් කප්පියං කළ යුතු බව දක්වා තිබේ. නො කැපෙන නො විදෙන නො තියුණු නිය කප්පියං කිරීමට නුසුදුසු ය. ගවාදීන්ගේ කුරවලින් කප්පියං කළ ද ඒවා නො තියුණු බැවින් කප්පියං කිරීම සිදු නො වේ. තියුණු වුවද ලීයකින් හෝ ගලකින් හෝ කප්පියං කළ ද එය සිද්ධියට නො පැමිණේ. එකින් එක ගැටී ඇති වස්තු රාශියක එකක් කප්පියං කිරීමෙන් සියල්ල ම කප්පියං වේ. උක්ගස් හා වෙනත් ලී ද එක්කොට බඳනා ලද මිටියෙහි උක් කප්පියං කරමියි අන් ලීයක් කැපුව ද සියල්ල කප්පියං කරන ලද්දේ වේ. බතට මිශ්‍ර‍ කර ඇති මිරිස් ඇට ආදිය කප්පියං කිරීමේදී “කප්පියං භන්තෙ”යි කියා බත් ඇටයත් විදින ලද්දේ ද සියල්ල කප්පියං කළේ වේ. කැඳක ඇති ඇට වර්ග එකට බැඳී නැති බැවින් එකතු කොට කප්පියං කළ යුතු ය. කටුවෙන් ගැළවී කටුව තුළ එහා මෙහා යන ඵල කප්පියං කිරීමේදී කටුව බිඳ කප්පියං කළ යුතු ය. මදය කටුව හා බැඳී ඇති ඵලයේ කටුව කැපීමෙන් ම කප්පියං කිරීම සිදුවේ. කප්පියං කොට තුබූ ඉඟුරු ආදියෙහි මුල් කොළ හටගත හොත් ඒවා නැවත කප්පියං කරවා ගත යුතු ය.
     
    • Like
    Reactions: Tz4400

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    " සබ්බං කප්පියං භන්නේ" යනුවෙන් කියමින්.
    පිහියකින් තෙවරක් ඒ දේ මත ලාවට කැපුම් සිදුවන සේ පිහිය ඇදිය යුතුය.
    මේක බෙලිකපනකොට බිස්මිල්ලා අල්ලාහු අක්බාර් කියල කියනවා වගේ නේද?
    Despicable Me Lol GIF
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,598
    113
    මෙහෙම දෙයක් අදමයි ඇහුවේ. මේක නොකිරීමෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට අගතියක් වෙන්නේ කොහොමද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔන්න ඔය හිංද තමයි දේශීය සූප වේදයෙ ගම්මිරිස් ඉඟුරු පාවිච්චි කරන්නෙ, රතු මිරිස් නැතුව.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මෙහෙම දෙයක් අදමයි ඇහුවේ. මේක නොකිරීමෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට අගතියක් වෙන්නේ කොහොමද?

    සුළු ශික්ෂාපදයක්. ඉස්සර සමහර භාරතීය මිනිස්සු ගස් කොලන් වලට ජීවයක් (සත්ව වශයෙන්) තියනවා කියන විශ්වාසය දරලා තියනවා. ඉතින් සමහර පැවිද්දන් ගස්කොලන් කපලා කුඩා පැලෑටි උදලුගාලා තමන්ට ඉන්න තැන් සකස් කරගන්න කොට ඒ මිනිස්සු "අපෝ මේ ශ්‍රමණයො ප්‍රාණඝාතයෙන් වළකිනවා කිව්වට ගස්කොලන් ප්‍රාණීන් නසනවා ඒවාට හිරිහැර පීඩා කරනවනෙ කියලා.

    ඉතින් එවැනි දොස් අහන්න සිදුවෙන එක වලක්වන්න ගස්කොලන් කැපීම් පැලෑටි ඉගිලීම් ඇවතක් කරලා දේශනා කලා උපසම්පදා භික්ෂූන්ට. ඒ ශික්ෂාපදයේම දිගුවක් තමා ඔය කප්පියං (කැප) කිරීම. ඇට ජාතිවල ගහක් හෝ පැලයක් ඇතිවීමට විභවය තියෙන නිසා, ඒවා එසේ තිබියෙදී වැලඳීම ඒ ජීවය නැසීමක් වෙනවා කියලා හිතලා තියනව.

    සෘජුවම අගතියක් වෙන්නෙ ශාසනයට. ජනයා සංඝ සමාජය කෙරෙහි දක්වන ආකල්පය ප්‍රසන්න සහ යහපත් වෙන එක සික්ශාපදයෙ එක් ප්‍රධාන ප්‍රයෝජනයක්. තවත් අතකට ගත්තම, භික්ශූන් වගා කටයුතු වගේ දේවල් වලට යොමුවෙලා වගා සංග්‍රාම (අපි කන ටික ගිහියන්ට කරදරනොවී අපි වගාකරගන්නවා/රැකියා මට්ටමින් වගාව) කරන්න ගියාම, භාවනාවට කාලය හිඟ වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුළු ශික්ෂාපදයක්. ඉස්සර සමහර භාරතීය මිනිස්සු ගස් කොලන් වලට ජීවයක් (සත්ව වශයෙන්) තියනවා කියන විශ්වාසය දරලා තියනවා. ඉතින් සමහර පැවිද්දන් ගස්කොලන් කපලා කුඩා පැලෑටි උදලුගාලා තමන්ට ඉන්න තැන් සකස් කරගන්න කොට ඒ මිනිස්සු "අපෝ මේ ශ්‍රමණයො ප්‍රාණඝාතයෙන් වළකිනවා කිව්වට ගස්කොලන් ප්‍රාණීන් නසනවා ඒවාට හිරිහැර පීඩා කරනවනෙ කියලා.
    බුදුහාමුදුරුවෝ දැනගෙන හිටිය නම් ගස්කොලන් කියන්නේ සත්ව විශේෂයක් නෙවෙයි කියල ඔහොම ශික්ෂාවක් පනවන්නේ ඇයි? පණ ඇති දේවල් හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන නේද බුදු කෙනෙකුට?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    බුදුහාමුදුරුවෝ දැනගෙන හිටිය නම් ගස්කොලන් කියන්නේ සත්ව විශේෂයක් නෙවෙයි කියල ඔහොම ශික්ෂාවක් පනවන්නේ ඇයි? පණ ඇති දේවල් හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන නේද බුදු කෙනෙකුට?
    Gas walata samagara micro organisms වලට ජීවයක් ප්‍රාණය k තිබ්බට, ewata විඥානය k ne, hithanna be, e hinda ආත්මය saya ඉන්දීය ne , namuth gahak kapuwata prana gathaya sidu nowena atara , පාපයක් siduwe

    @asliyanage hari neda
    ------ Post added on May 2, 2023 at 10:20 AM
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    වස්කාලෙදි මීතිරිගල ආරණ්‍ය සේනාසනයේදි මම කියල තියෙනවා ඔය පාඨය හාමුදුරුවන්ට විට කන්න ඕන වෙලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ඔන්න ඔය හිංද තමයි දේශීය සූප වේදයෙ ගම්මිරිස් ඉඟුරු පාවිච්චි කරන්නෙ, රතු මිරිස් නැතුව.
    එතකොට හෙලයෝ රතු මිරිස් දාලා පොල්සම්බෝල කෑවේ නැද්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බුදුහාමුදුරුවෝ දැනගෙන හිටිය නම් ගස්කොලන් කියන්නේ සත්ව විශේෂයක් නෙවෙයි කියල ඔහොම ශික්ෂාවක් පනවන්නේ ඇයි?

    මේකට පිලිතුරක් දීලා තියනවා කොල්ලා කෝට් කරපු එකේම. බෝල්ඩ් ටික ආයෙ කියවලා බලන්න.

    ඉස්සර සමහර භාරතීය මිනිස්සු ගස් කොලන් වලට ජීවයක් (සත්ව වශයෙන්) තියනවා කියන විශ්වාසය දරලා තියනවා. ඉතින් සමහර පැවිද්දන් ගස්කොලන් කපලා කුඩා පැලෑටි උදලුගාලා තමන්ට ඉන්න තැන් සකස් කරගන්න කොට ඒ මිනිස්සු "අපෝ මේ ශ්‍රමණයො ප්‍රාණඝාතයෙන් වළකිනවා කිව්වට ගස්කොලන් ප්‍රාණීන් නසනවා ඒවාට හිරිහැර පීඩා කරනවනෙ කියලා.

    ඉතින් එවැනි දොස් අහන්න සිදුවෙන එක වලක්වන්න ගස්කොලන් කැපීම් පැලෑටි ඉගිලීම් ඇවතක් කරලා දේශනා කලා උපසම්පදා භික්ෂූන්ට. ඒ ශික්ෂාපදයේම දිගුවක් තමා ඔය කප්පියං (කැප) කිරීම. ඇට ජාතිවල ගහක් හෝ පැලයක් ඇතිවීමට විභවය තියෙන නිසා, ඒවා එසේ තිබියෙදී වැලඳීම ඒ ජීවය නැසීමක් වෙනවා කියලා හිතලා තියනව.

    සෘජුවම අගතියක් වෙන්නෙ ශාසනයට. ජනයා සංඝ සමාජය කෙරෙහි දක්වන ආකල්පය ප්‍රසන්න සහ යහපත් වෙන එක සික්ශාපදයෙ එක් ප්‍රධාන ප්‍රයෝජනයක්. තවත් අතකට ගත්තම, භික්ශූන් වගා කටයුතු වගේ දේවල් වලට යොමුවෙලා වගා සංග්‍රාම (අපි කන ටික ගිහියන්ට කරදරනොවී අපි වගාකරගන්නවා/රැකියා මට්ටමින් වගාව) කරන්න ගියාම, භාවනාවට කාලය හිඟ වෙනවා.

    පණ ඇති දේවල් හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන නේද බුදු කෙනෙකුට?

    බුද්ධාගම තුල පණ ඇති වලටත් වඩා වැදගත් "සත්ව"යෙක්ද නැත්ද කියන එක. බුදුහාමුදුරුවො සත්වයා නිර්වචනය කරන්නේ තණ්හාව මුල්කරගෙන.

    ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?

    යම් යම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥ්ඥාන කෙරෙහි කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Gas walata samagara micro organisms වලට ජීවයක් ප්‍රාණය k තිබ්බට, ewata විඥානය k ne, hithanna be, e hinda ආත්මය saya ඉන්දීය ne , namuth gahak kapuwata prana gathaya sidu nowena atara , පාපයක් siduwe

    machan umba kiyanne gas kapuwama pawak sidda wenawa kiyalada ?