කපා වෙන් කළ අතක කතාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    කපා වෙන් කළ අතක කතාව

    severed-hand.jpg

    කවරයේ ඡායාරූපය: චීන ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙසේ වෙන් වූ අතක් එහි අනෙක් කොටස බද්ධ කිරීමට සුදුසු තත්වයට පත් කරගන්නා තෙක් ප්‍රාණවත්ව තබාගැනීම පිණිස තාවකාලිකව බත්කෙන්දට බද්ධ කර ඇති අයුරු (AFP/Getty Images)

    සමූහ වශයෙන් සිදුවූ අනතුරු රැසක් දැක ඇති නමුත් තනි අතක් මැණික් කටුවෙන් වෙන්ව බිම වැතිරී සිටිනු දුටුවේ එදාමයි.


    පොළ මැද අතක් තිබෙන බවත්, අත හිමිකරු අත දමා රෝහලට ගොස් ඇති බවත්, මීට විනාඩි 15-20 කට පෙර මේ සිදුවීම වූ බවත් කීවෙ ත්‍රි රෝද රථ රියදුරු දුලන්ත. මං හිටියෙ පරක්කු වෙන එක ගැන දුලන්තත් එක්ක කේන්තියෙන්. වැඩ ඇරිලා ඇවිත් ෆුඩ් සිටියෙන් ගත්ත ගෙදරට අවශ්‍ය කෑම බීම මල්ලක් බරට බරේ උස්සගෙනයි මං හිටියෙ.

    “අනේ මිස් පරක්කු වුණේ මේ වලියක් නිසා. පොළේදි කොල්ලෙකුගෙ අතක් කපලනෙ වෙන් වෙන්න ම. අත එතන දාලා ඌ පැනල ගිහින්,” දුලන්ත කිව්වා.

    මගේ හෙද මනස වැඩ කරන්නට පටන් ගත්තා.

    “අත බේරගන්න පුළුවන් නේ හරි විදියට ඉස්පිරිතාලෙට අරන් ගියොත්,” මං කිව්වා.

    “මොන ගෙන යාමක් ද මිස් අන්න පොළ මැද්දෙ අත. කොල්ල කොහේ ගියාද දන්නෙ නැහැ.”

    මේ අත බේරාගත හැකි නිසා වහාම එතැනට ගිය මා දුටුවේ වට වී අත දෙස බලා සිටින මිනිසුන් සමූහයක්. කිසිවෙක් කළ යුත්ත දැන සිටියේ නෑ.

    වයස 30ට අඩු තවමත් ජවයෙන් පිරි ඒ දකුණු අත තත්පර ගානකදී මට බොහෝ දේ කීවා. වහාම පොලිතීන් උරයකට අයිස් ගෙන එන ලෙස මා කෑ ගැසුවත් කිසිවෙකු කණ් දුන්නේ නෑ. එවෙලේම පොලීසිය පැමිණියත් ඔවුනුත් ඒ පිළිබඳව දැනුවත් බව පෙනුණේ නෑ. කවුදෝ දිගු කළ පොලිතීන් උරයකට අත බහාලන විට අයිස් ගෙනවිත් බෑගයේ බහා ලූ අත අයිස් උරයේ දමා වහාම රෝහලට ගෙන යන ලෙස මා කීප වරක් අවධාරණය කර කීවත් ඔවුන් කණ් දුන්නේ නෑ. යන අතරමග Pharmacyයකට ගොස් අයිස් දමා ගන්නා ලෙසත්, එසේ නොකළහොත් අතේ ජීවය නැති වන බවත් මා ඔවුන්ට දිගින් දිගටම කියා සිටියා. එය එසේම සිදුවූවාදැයි තවම මට සොයාගත නොහැකි වුණා .

    නොයෙක් වැඩසටහන් මගින් පොලිස් නිලධාරින් දැනුවත් කරනවා. ඒත් ඒක වෙලා නෑ

    මෙය වූ වහාම 1990ට කතා කළා නම් ඔවුන් නිවැරදි ක්‍රියා මාර්ගය ගන්නවා. එතැන සිටි මහ සෙනඟ එය නොදනී. ඒ වුණාට එතනත් යම් ගැටලු තිබෙනවා. මං කතා කළාම රෝගියකු නැතිව අතක් පමණක් ගෙන යාමට නොහැකි බව ඔවුන් කිව්වා.

    පැය 5-6ක් ඇතුළත තියුණුව වෙන්වූ (sharp cut) කකුලක්, අතක්, ඇඟිල්ලක් පිරිසිදු පොලිතීන් උරයකට දමා එම උරය අයිස් උරයක දමා රෝහලට රැගෙන ගියොත් බද්ධ කළ හැකියි. එම ශරීර කොටස අයිස්වල සෘජුව නොගැටීම වැදගත්.

    මතුගමදී අනතුරට පත් වුණ මෙම රෝගියා වෑත්තෑව රෝහලට ගෙන ගිය පසු එතැනින් කෙළින් ම කොළඹ මහ රෝහලට පිටත් කර තිබෙනවා. අත රැගෙන යන්නට ඇත්තේ නාගොඩ රෝහලටයි. මූලික වරදක් නිසා මෙම තරුණයාට අත අහිමි වන්නටත් ඇති සමහර විට.

    කොළඹ මහ රෝහලට ගෙන ආ, සැමියා විසින් කකුල් දෙක දනහිසට යටින් වෙන්කළ, එක් අතක් වැලමිටට යටින් වෙන් කළ හය මස් ගැබිණි මවකට ඒ අංග සියල්ල සාර්ථකව බද්ධ කළා. හිතන්න එසේ නූනා නම් ඒ මව ගැන.

    එදා පොලේ සිටි ඒ මිනිසුන් දැනුවත් පොළියට ගන්න, පොළියට දෙන්න,⁣ කට්ටඩින්, හොර වෙදුන් පස්සේ යන්න, සාස්තර අහන්න, පේන බලන්න, නැකතට වැඩ කරන්න, කේන්දර බලන්න, බෝධි පූජා තියන්න, බාරහාර වෙන්න, මේ පසුගාමිත්වයන්ට දිරි දෙන අයට ඡන්දෙ දෙන්න විතර ම ද? කොච්චර ඉගැන්නුවත් අපේ රටේ මිනිසුන් වැදගත් දෙයක් ඉගෙන නොගන්නේ ඇයි?


    ඊශා කප්පරගේ


    source -http://praja.lk/health/%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%AD%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/
     
    • Like
    Reactions: wqe123

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,954
    1
    9,753
    113
    Gampaha
    අයිස් බෑග් වල අත් දාන්න එපා කියලනෙ බන් තියෙන්නෙ. :confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    අයිස් බෑග් වල අත් දාන්න එපා කියලනෙ බන් තියෙන්නෙ. :confused:

    අත මල්ලක දාල අයිස් බෑග් එකක දාන්නනෙ කියන්නෙ
     

    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28
    පැය 5-6ක් ඇතුළත තියුණුව වෙන්වූ (sharp cut) කකුලක්, අතක්, ඇඟිල්ලක් පිරිසිදු පොලිතීන් උරයකට දමා එම උරය අයිස් උරයක දමා රෝහලට රැගෙන ගියොත් බද්ධ කළ හැකියි. එම ශරීර කොටස අයිස්වල සෘජුව නොගැටීම වැදගත්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    පැය 5-6ක් ඇතුළත තියුණුව වෙන්වූ (sharp cut) කකුලක්, අතක්, ඇඟිල්ලක් පිරිසිදු පොලිතීන් උරයකට දමා එම උරය අයිස් උරයක දමා රෝහලට රැගෙන ගියොත් බද්ධ කළ හැකියි. එම ශරීර කොටස අයිස්වල සෘජුව නොගැටීම වැදගත්.

    mamath ahala thiyenne e vidihata thamayi