කපුගේ ‘පිය සටහන්’ 27 දා

Oct 18, 2011
277
124
0
කපුගේ ‘පිය සටහන්’ 27 දා

cc5df9e0.jpg

පරම්පරා ගනණාවක රසික රසිකාවියන් සිය සංගීතවත් හඬින් අමන්දානන්දයට පත්කල ගුණදාස කපුගේ නම් අසහාය ගායකයාගේ හඬ නැවතත් සහෘද රසිකයා වෙත රැගෙන ඒමට ඔහුගේ පුත් මිත‍්‍ර කපුගේ සූදානමින් සිටී. ඒ වෙනුවෙන් සංගීත ප‍්‍රසංගයක් සංවිධානය කර ඇති අතර එය මෙම මස 27 වන දින සවස 6ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

මෙම ප‍්‍රසංගය පිය සටහන් යනුවෙන් නම්කර ඇති අතර මෙහිදී මිත‍්‍ර කපුගේ විසින් ඔහුගේ පියාගේ ගීත 25ක් ගායනා කිරීමට නියමිතය.

අත්වැල් ගායනය සඳහා සංධ්‍යා බුලත්සිංහල මහත්මිය මීට එක්වෙයි.

‘‘යොවුන් සවිය’’ තරුණ එකමුතුව මගින් ක‍්‍රියාත්මක කරනු ලබන සමාජ සේවා ව්‍යාපෘති සඳහා අරමුදල් ලබාගැනීම වෙනුවෙන් මෙම සංගීත ප‍්‍රසංගය පැවැත්වේ.
මෙය සංවිධානය කරනු ලබන්නේ ‘‘යොවුන් සවිය’’ තරුණ එකමුතුව සමග මාලිගාවත්ත එක්සත් තරුණ සංගමයයි.



:yes::yes:
 

Similar threads