කබ්රාල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    COLOMBO (News 1st) – මේ වසරේ දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය ඊයේ(28) නිකුත් කර තිබේ.

    ඒ අනුව ඊයේ දිනය තුළ රුපියල් බිලියන 213.48 ක් නිකුත් කර ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් විය.

    61a9814d-ajith-nivard-cabraal.jpg


    පෙරේදා දිනය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 01 ක විදේශ ණයක් ගෙවීමෙන් පසුව මෙම මුදල් තොගය නිකුත් කර තිබේ.

    මේ අතර රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල් ජසිරා රූපවාහිනි නාලිකාවට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ප්‍රකාශකර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයක පවතින බවයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    පසුගිය මාස 3 තුළදී අපේ රුපියල ස්ථාවර තත්ත්වයක තිබුණේ නැහැ. පොලි අනුපාතයත් එසේමයි. එහෙත් මේ වනවිට එහි යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. රට තුළ පැවති සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව නැවත තම ව්‍යපාරික කටයුතු ආරම්භ කර තිබෙනවා. කොටස් වෙළෙඳපොළ දිනෙන් දින වර්ධනයක් දකින්න පුළුවන්. දෛනික පිරිවැටුම හොඳ තත්ත්වයක තියෙනවා. මීට වඩා දර්ශක අවශ්‍ය ද? අපේ ආර්ථිකය ස්ථාවර බව පෙන්නුම් කරන්න.
     
    • Sad
    Reactions: Die-hard

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේ කබ්බගේ ආර්ථික theory හොදයි erozan වගේ ගොබ්බ බයියන්ට.

    1. පසුගිය මාස 3 තුළදී අපේ රුපියල ස්ථාවර තත්ත්වයක තිබුණේ නැහැ. -> wrong

    පසුගිය මාස 3නේ රුපියල 200 අල්ලන් ඉන්නවා currency swap කරගෙන. swap කරන්න party එකක් නැති වෙච්ච දවසට රුපියල rocket වගේ හදට යන්නේ.

    1627625342069.png



    2. රට තුළ පැවති සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව නැවත තම ව්‍යපාරික කටයුතු ආරම්භ කර තිබෙනවා. -> wrong

    රට තුළ පැවති සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග කොවිඩ් ආසාදිතයින් හා රටේ මැරෙන ගනණ දිනෙන් දින ඉහල යනවා.

    3. කොටස් වෙළෙඳපොළ දිනෙන් දින වර්ධනයක් දකින්න පුළුවන්. -> wrong

    කොටස් වෙළඳපොළේ ඉන්න එවුන් දන්නවා market එක කවුද manipulate කරන්නේ කියලා.

    ---- එක රටක් මෙගා නාට්‍යයක් ----
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    බයවෙන්න එපා කබ්රාල් ස'ර් කිව්වා සල්ලි අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියල .
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ඩොලර් ටිකක් අච්චු ගැහුවනම් ඉවරනේ ( ඕක බැරි වෙන්න විදියක් නෑ එකෙක්ටවත් ලංකාවේ )

    බැරි වෙයි ද රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩේ කර ගන්න
    රටම ගොඩ නේද හරියට කලොත්
     
    • Haha
    Reactions: Die-hard and Idias

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    නන්දසේනයාගේ කාලේ සති තුනෙන් රුපියල් 200 තිබුණු ඩොලර් එක 290 ට ගියපු හැටි ගොඩක් අයට දැන් අමතකකයි නේද 🤷🏽‍♂️ @Kumbhakarna22