කබ්සා රයිස් සාදාගන්නා ආකාරය (Kabsa Rice)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කබ්සා රයිස් සාදාගන්නා ආකාරය (Kabsa Rice) - Your Choice Way
    අවශ්‍ය ද්‍රව්‍ය:
    • බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න )
    • ඔලිව් ඔයිල් 2 tbs
    • බටර් 1 tbs
    • කරාබු නැටි 3-4
    • බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
    • කරදමුංගු ටිකක්
    • පොඩියට කපා ගත් ලුනු කප් 1
    • පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
    • ටොමැටෝ පේස්ට් 2tbs
    • පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
    • කොත්තමල්ලි කුඩු 2tbs
    • සුදුරු 1/2tsp
    • රස අනුව ලුණු
    • චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න )
    • ප්ලම්ස් හා කජු ටිකක්
    • ගම්මිරිස් කුඩු ටිකක්
    • සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ 500g
    සාදන ක්‍රමය:
    1. මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
    2. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
    3. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )
    4. පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
    5. පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
    6. පසු මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
    7. අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.
    සැ.යු.(මේ බත් එක Saudi Arabian රයිස් එකක්.හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා.) ඔයාලාට ඕනේ නම් පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 2කුත් ලුනු බදින කොට මේකට දමා ගන්න පුළුවන්.එ වගේම චිකන් ටික තම්බා ගෙන කේක් ට්‍රේ එකක දමා බේක් කරලා ගන්නත් පුළුවන්..

    මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න

    original Article Click Here
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හැපෙන කෑම හදන විදිහ කියවන්න...අදම kaama lanthaya app එක google play එකෙන් install කරගන්න...
    කාම ලන්තයේ තියෙන්නෙ සෙක්ස් කරන එව්වා නෙමෙයිද
     
    • Like
    Reactions: netudara